( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අද(16) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දැමූ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම නඩු විභාගයන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අද (16) කැදවීමට නියමිතව තිබූ නඩු සියල්ල හෙටට කල් තබා ඇතැයි ද උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් කීය.
උපරිමාධිකරණ සංකීර්ණයේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති කාමරයක ඇතිවූ හදිසි ගිනි ගැනීමක් ඊයේ (15) සවස ඇති වූ අතර පැයකට පසුව එම ගින්න මැඩපැවැත්වීමට ගිනිනීවීමේ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකි විණි.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව විභාගය වන අධිකරණ අපහාස නඩුව අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.
මීට අමතරව මෑතකදී නිකුත් කළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ වලට සිසුන් ඇතුලත් කර නොගන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද වැඩිදුර විභාගය සදහා අද කැදවීමට නියමිතව තිබිණි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ නඩු හෙටට