IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

 



අදහස් (19)

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

mihira Thursday, 05 August 2021 08:50 PM

ජයවේවා අධිකරණය...!!!

:       0       69

BamunuarachchiSunday, 08 August 2021 07:36 PM

මෙහෙම තීන්දුවක් දීලා නේද එක කාලෙක විනිසුරුවන්ගේ ගෙවල්වලට ගල් ගැහුවේ? දැන් තේරෙනවද වෙනස...?

:       0       4

නිරීක්ෂකයාMonday, 09 August 2021 05:58 AM

ඒ වගේම අධිකරණයේ තීන්දු උඩු යටිකුරු කරමින් ජනාධිපති බලතල යෙදූ අවස්ථාද ඇත...

:       0       1

NishanMonday, 09 August 2021 10:33 AM

වෙනස හොඳටම තේරුණා. අග්‍ර විනිශ්චයකාරවරියව කුණුහරුපෙන් බැනලා රස්සාවෙනුත්, ගෙදරිනුත් දොට්ට දාපු වෙලාවේ...!!!

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 August 2021 08:54 PM

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගය අත්හිටවූවා යැයි කියන්නේ ජනපති නීතියට හා ව්‍යවස්ථාවට පරිබාහිරව කටයුතු කොට ඇති බව නොවේද ? අහෝ .. රටකට ගිය කල ...

:       0       142

මුණසිංහ Thursday, 05 August 2021 09:11 PM

ඒ කියන්නේ අන්තවාදී මත ප්‍රකාශ කරන්න පුළුවන් එතකොට

:       111       26

Abdul Thursday, 05 August 2021 09:21 PM

සර් ලංකාව උතුරු කොරියාවක් කරයි වගේ

:       10       79

තිත්ත ඇත්ත. Thursday, 05 August 2021 09:25 PM

ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැහැ . ඩුබායි,සිංගප්පුරුව , කටාර් , සෞදිය ,හැම රටක්ම මුලිකව දියුණු වුනේ ඒකාධිපත්වයක් එක්ක. බටහිර රටවල් බහුතරයක් එහෙමයි.හැම දේටම කකුලෙන් අදින උන් ඉන්නකල් මේ රටවල් තුන්වෙනි ලෝකයේ රටවල් වෙලා තියේවි....................

:       119       24

sarath Thursday, 05 August 2021 09:55 PM

හොඳ ප්‍රවණතාවක්. ජයවේවා !

:       3       25

විජිත් Thursday, 05 August 2021 11:01 PM

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන්ටත්, ගරු විනිශ්චයකාරවරියන්ටත් මගේ උතුම් ආචාරය...!!! අන්ත දුෂිත, හොර , " රැලට " නොනැමෙන හොඳ කොන්දක් ඇති, අවංක, විනිශ්චයකාරවරුන්, විනිශ්චයකාරවරියන් කිහිප දෙනෙක් හෝ තවමත් අපේ රටේ සිටීම .... අධිකරණයේ පිහිට පතන, නොහික්මුණු පාලකයින්ගේ පීඩනයට ලක්වූ රටවැසියන්ගේ වාසනාවක්...

:       31       89

Perera Friday, 06 August 2021 12:43 AM

ඔය දීලා තියෙන්නේ අතුරු නියෝගයක්... කාටවත් චූන් වෙන්න දෙයක් නෑ. නඩුව සම්පූර්ණයෙන් අහලා දෙන තීන්දුව මොකක්ද කියලා බලමු.

:       60       4

vwasantha Friday, 06 August 2021 04:53 AM

මේවගේ දේවල් තේරෙන කොටසක් රටේ සිටීම සතුටුදායකයි. සාමාන්‍ය මනුස්සයාට මේවා තේරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ එක එක්කෙනාගේ පසුපස යාම සහ කිසිම හේතුවක් නැතිව වුණත් කැමති සහ තමන්ට වැඩක්ගත හැකි අයට බලය ලබාදීමට කතිරය ගැසිම පමණි.

:       6       56

rocky Friday, 06 August 2021 05:06 AM

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව ක්‍රියාකලාපයක් ගන්න බැරි කුමක් නිසාද?

:       0       47

sudu puthaa Friday, 06 August 2021 07:27 AM

බැරිද දැන් නෑ උසාවි නියෝගයකින් ජනාධිපති කම අහෝසි කරලා දෙන්න. දැන්නම් ඇති වගේ

:       654       2560

Vithana Friday, 06 August 2021 12:33 PM

මේ රටේ අධිකරණයක් තියෙනවා කියලා දැන් දැනුණා. ඒත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වත් අත්අඩංගුවට ගනීද දන්නේ නෑ. නැත්නම් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට කරපු දේ කරයිද දන්නේ නෑ. එහෙමත් නැත්නම් විමලේ දම්මලා කුණුහරුපෙන් බන්නයිද දන්නේ නෑ.

:       334       3288

sharm warnFriday, 06 August 2021 04:41 PM

බැරිවෙයි.. විමල් අන්න අරෙහේ ස්වයං නිරෝධායනය වෙනවලු.

:       1       55

gamage Saturday, 07 August 2021 11:02 AM

මේක මානසික රෝගයක්ද කොහෙද .බලය උනාමත් මෙහෙම වෙනවා

:       0       366

rohitha Sunday, 08 August 2021 12:19 PM

ජයවේවා අධිකරණය...!!!

:       0       44

Bamunuarachchi Sunday, 08 August 2021 07:37 PM

ජයවේවා... අධිකරණයට දී ඇති නිදහසට. මෙහෙම තීන්දුවක් දීලා නේද එක කාලෙක විනිසුරුවන්ගේ ගෙවල්වලට ගල් ගැහුවේ? දැන් තේරෙනවද වෙනස...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 31 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 221 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 409 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 370 3

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 538 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 765 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site