( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම මුදාහැරීමට නියෝගය කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වන බව අද දැනුම් දුන්නේය.
ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (04) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
පෞද්ගලික හේතුන් මත තමා මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත්වන බවද විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය .
මෙම පෙත්සම් ඉකුත් 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදී එහි විනිසුරු සාමාජික ජනක් ද සිල්වා මහතා ද පෞද්ගලික හේතුන් මත මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූයේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෝදාගොඩත් රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි
beau Friday, 04 June 2021 09:53 AM
මේ හුඟාක් නඩු කාරයෝ මේ හොරුන් එක්ක භජන පවත්වාගෙන ගියා ඒ වගේ... ඒක තමයි මේ ත්‍රස්තයින් දෙන්නා මෙපමණ උඩඟුවෙන් නටන්නේ...!!!
Rata Perata Friday, 04 June 2021 03:25 PM
නන්දසේන ජවනිකා 02 පටන් අරගෙන වගේ...
BamunuarachchiSunday, 06 June 2021 10:50 AM
අපි රනිල් ජවනිකා දැක්කා. එ් ගොල්ලන්ගේ හොඳම ජවනිකාව තමයි පාස්කු ප්‍රහාර ගැන සෙවූ කාරක සභාව. හොරාගේ තාත්තලාගෙන් නියමෙට පේන ඇසුවා. හොරෙකුගේ තාත්තාට මන්ත්‍රී කමක් දෙන්න ගිය පක්ෂෙක කෙනෙකුත් පාස්කු හොරු අල්ලන්න ඇවිත් හිටියා. නියමයි නේද?
Sri Lanka Friday, 04 June 2021 04:10 PM
අයියා බයවෙන්න එපා.. ළඟදීම එළියට ගන්නවා....
Legal Friday, 04 June 2021 06:01 PM
රිෂාඩ්ට කළ නොහැක්කක් නොමැත...