ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර සම්ප‍්‍රදායික කරාටේ ශූරතාවලියෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ඉතාලියේ පදිංචි ශ‍්‍රී ලාංකිකයකු වන ඩබ්ලිව්. ඒ. ඒ සඳුන් ලක්සිරි සමත් විය.
වයස අවුරුදු 18 ත් 35 අතර කිලෝග‍්‍රෑම් 84 අඩු බර පන්තියේ කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත් සඳුන් කාතා ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය.
මෙම තරගාවලියට ප‍්‍රංශය, ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, ස්විස්ටර්ලන්තය, හංගේරියාව, පින්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 900 ක් පමණ සහභාගි වූහ. තරගාවලිය පසුගිය සති අන්තයේදී ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.
සඳුන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කරාටේ ක‍්‍රීඩකයකු වන අතර ඔහු මේ වන විට ජාත්‍යන්තර කරාටේ විනිසුරුවකු සහ පුහණු කරුවකු ලෙස ඉතාලියේ සේවය කරයි. ඔහු වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශී‍්‍ර ලාංකික කරාටේ කී‍්‍රඩකයෙක් ඉතාලියේදී පදක්කම් දිනයි
නදිනි Sunday, 12 May 2013 11:30 PM
අපෙන් සුබ පැතුම් සඳුන්.ඔයා ඉතාලියේ ට්‍රේවිසෝ නගරයේ නේද ඉන්නේ? මම හිතන්නේ ඒ ඔයා වෙන්න ඕනෑ. (නි)
අමිල Sunday, 12 May 2013 11:33 PM
අපෙන් සුබ පැතුම් පුතේ.ඔයා රට විරුවෙක්.ඔයා අපේ රටට ආඩම්බරයක්! (නි)
දිලිනි Sunday, 12 May 2013 11:36 PM
මරේ මරු. අපේ ලංකාවේ මේ මල්ලිට මගෙන් ආදර සුබ පැතුම් ! (නි)
ලක්මාල් වෙරෝන Sunday, 12 May 2013 11:43 PM
වටිනා වස්තුවක් අපේ රටට.අපි වැඩ කරන ඉතාලියටත් අපේ ලාංකිකකමටත් මම ඒ ක්‍රීඩාවට ආස කෙනෙක් (නි)
රෝහොසනි පලේර්මෝ Sunday, 12 May 2013 11:47 PM
ඔයානම් හොද වැඩ කාරයෙක් බව නිසැකයි. අපේ සුබ පැතුම්. අපිටත් බැරිද ඔයාගේ ඕවා ඉගන ගන්න? (නි)
රෝහොශනී ඇමරිකාවේ Sunday, 12 May 2013 11:54 PM
ඔහොම යමු. මරේ මරු. අපෙන් සුබ පැතුම්. ඔයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද ? ඒකත් ලංකාදෙපයේ පල කරන්නකෝ.අපෙන් සුබ පැතුම් ! (නි)
දිනිති අබේසේකර ඕස්ටේලියා Monday, 13 May 2013 01:29 PM
අන්න හරි අපි කැමතියි ඔයාව කන්ටෑක් කරගන්න ක්‍රමයක් දානවා නම්. ලංකාදීපයට , මම වඩාත් කැමතියි දුරකථන අංකය දානවා නම්.මගෙන් ආදරණිය සුබ පැතුම් ඔයාටත් අපේ ලංකාවටත් ලංකාදීප නිව්ස් වලටත්. මොකද මම මෙයාව දන්නා කෙනෙක්. ලංකාවේ තිබුන 10 සාෆ් ගේම් එකේදී හමුවෙලා තියනවා.මම මෙයාගේ කන්ටෑක් නම්බර් එක හොය හොයා හිටියේ. ෆේස් බුක් එකෙත් බැලුවා ඒත් හොයා ගන්න බැරුව ගියා. දැන් තමයි ලංකාදීපෙන් දැක්කේ. ලංකාදීපයට නැවතත් ස්තුතියි. සදුන් ඔයාට මගෙන් සුබ පැතුම්! (නි)
තුසරි නාපොලි Monday, 13 May 2013 12:19 AM
ලස්සන වැඩකාර ක්‍රීඩකයාට අපෙන් සුබ පැතුම් . ඔයා නම් නියම වැඩකාරයෙක්. ආඩම්බරයි ලාංකික අපිට.ඔබට දිගු ගමනකට අපෙන් සුබ පැතුම්! (නි)