IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශ්‍රී ලාංකික ප්‍රජා ක්‍රියාකාරකම් නිරීක්ෂණයට දස පුද්ගල උත්තරීතර කමිටුවක් පත්කෙරේ

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජාව එක්ව කරන සමාජ ක්‍රියාකාරකම් සඳහා වසරක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුතු උත්තරීතර කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා පියවර ගෙන තිබේ. මෙම කමිටුවේ ධුර කාලය 2016 වසරේ ජූනි 20 වැනිදායින් ආරම්භ විය.


මෙම උත්තරීතර කමිටුවේ සාමාජිකයන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම ජූනි 22 වැනිදා සවස 6 ට තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැති චාම් උත්සවයකදී සිදුකෙරෙනු අතර එම අවස්ථාවට තානාපති කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගි විය. එහිදී උත්තරීතර කමිටුවේ සාමාජිකයන් විසින් තමන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පක්ෂපාතී වන බවට වූ දිවුරුමක්ද ලබාදුන්නේය.


දැනට ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපිතවරයා ලෙසින් කටයුතු කරන ටෙනිසන් ද සිල්වා මහතා අලුතින් ස්ථාපිත කරන ලද උත්තරීතර කමිටුවේ පළමු සභාපතිවරයා ලෙසින් පත්කර කර ඇති අතර නිමල් තුඩාවේවත්ත, අමීරුදීන් මවුලානා, මහේෂ් අභයපාල, ලක්මාල් ඇහැළමල්පේ, රොෂාන් බාලසූරිය, ලෙනී ක්‍රැමර්, ධම්මික ජයසේන, ඒ. ආර්. එම්. මුස්තාක් සහ පැන්ටලියන් පෙරේරා යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරයි. 


කටාර් හි සහ අප මවුබිමේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යහපත සහ සුබසාධනය උදෙසා සිදුකර ප්‍රජා කටයුතුවලිදී උත්තරී කමිටුව සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

ශ්‍රී ලාංකික ප්‍රජා ක්‍රියාකාරකම් නිරීක්ෂණයට දස පුද්ගල උත්තරීතර කමිටුවක් පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 37 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1275 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 573 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 971 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 279 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 384 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site