IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි

මගීන්  දෙසිය පනස් දෙදෙනෙකු  රැගෙන  ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා  කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 503 දරණ ගුවන් යානය අද අළුයම  හදිසියේ ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.

මෙරටින් පිටවුහල් කරනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු එම යානයේ ගමන් කර ඇති බවත්  ඉන් එක් අයෙකු තමන් ලග බෝම්බයක් ඇති බව කාර්‍ය මණ්ඩලයට පැවසීම නිසා මෙය  සිදුවූ බව එම ගුවන්සේවය කියයි.

පසුව ගුවන් නියමුවෝ මේ බව ලගම ඇති පාලන මධ්‍යස්ථානයට දන්වා ලැබුනු උපදෙස් මත ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට යානය ගොඩ බස්වා ඇත. 

බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින්  සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය හීතෘ ගුවන්තොටුපොළ බලා  යලි ගමන් අරඹා  ඇත.   බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින්  බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට  ඔවුන් දෙදෙනාගේද ආගමන විගමන කටයුතු පරීක්ෂා කරමින් පවතින බවත් අනතුරුව ඔවුන් දෙදෙනාද මුදා හැරීමට නියමිත බව වාර්ථා වෙයි.



අදහස් (0)

ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි

චින්තක Saturday, 21 September 2013 11:58 AM

ඇයි මේ අයට ගුවන් යානයක ගමනට බාධා කිරීම, ගුවන් යානයක ගමන් ගන්න මගීන් බිය ගැන්වීම කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ නැත්තේ? ගුවන් යානයේ ගමන් ගන්න අයගේ අයිතිවාසිකම් නැද්ද? (නි)

:       0       0

ධම්ම Saturday, 21 September 2013 12:11 PM

සුද්දොත් දැන් තුට්ටු දෙකේ වැඩ කරන්නේ. (නි)

:       0       0

සමන්ත Saturday, 21 September 2013 12:20 PM

විහිළුවට බර කොල්ලෝ දෙන්නෙක් (නි)

:       0       0

රෙමා Saturday, 21 September 2013 12:27 PM

බලාගෙන ගියාම එන්ගලන්ත ජාතිකයොත් ඉන්නවා ලංකාවේ වගේ අය. අපරාදේ නිදහස් කරන්නේ. අලාබය ගෙවන්න කියන්න ඕනෑ, මගීන්ට සිදුවුණ බය අපහසුතාවය කොපමණද? (නි)

:       0       0

උපාලි Saturday, 21 September 2013 12:34 PM

ඔව් ඔව් උන් දෙන්නව මුදා හරින්න. මගීන් රස්තියාදුවීම, ගුවන් ගමන ප්‍රමාදවීම, මගීන් සහ කාර්ය මණ්ඩලයට අනවශ්‍ය බියක් ඇතිකිරීම ආදිය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟයි නේ. (නදී)

:       0       0

රනිල් Saturday, 21 September 2013 12:36 PM

රඹුක්වැල්ල නෙවෙයි නම් කමක් නැහැ.(නදී)

:       0       0

සංජු Saturday, 21 September 2013 12:47 PM

දෙයියනේ! බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා හිනෙන්ද දන්නේ නැහැ කියලා තියන්නේ? (නි)

:       0       0

පුබුදු Saturday, 21 September 2013 01:12 PM

බ්‍රිතාන්‍ය ජාතිකයන් බව හොදටම විශ්වාසද ? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 21 September 2013 01:22 PM

මේ සඳහා වුණ කරදරයට මේ දෙන්නගෙන් අලාභය ගත යුතුයි. (අ)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 21 September 2013 02:37 PM

බෝම්බ? අපෝ අපිට නම් ඕව එපා. තිබුනත් එහෙමම දාලා එන්න.(නදී)

:       0       0

කුමාරණ Saturday, 21 September 2013 03:38 PM

අපේ එකෙක් ඕක කළා නම් ලෝකේ පුරාම නිව්ස් පල කරාවි. මානව හිමිකම් කොමිසමටත් යාවි, ගුවන් ගමන් සිමා කරාවි. බොහෝ අනතුරු ඇගවීම් නිකුත් කරාවි. අනේ මෙහෙමත් ලොවක්. කවුරු ,කවදා,කොහොම මේ අවනඩු අසාවිද?(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 21 September 2013 04:05 PM

යම් විදිහකින් ගුවන් යානයේ හදවත් රෝගියෙක් හිටියා නම්.? 250ක්වූ මගීන්ට ප්‍රාණ බිය ඇතිකළාට මේ අයට නීති ප්‍රකාරව කටයුතු කරන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රේමලතා Sunday, 13 October 2013 12:55 AM

මම හිටියා නම් 250 සමග එකතුවෙලා ඒ දෙන්න දානවා බෝම්බයත් එක්කම ඒකෙන් එළියට (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Saturday, 21 September 2013 05:27 PM

කෝ අර පත්තරයක් පත්තරයක් ගානේ ෆොටෝ දාගන්න සමිති කාරයෝ? මේකට විරුද්ධව නැගී හිටින්නේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5165 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3022 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site