IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්‍ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
 
ඒ අතර මෙම සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක්ද නිකුත් කළේය.
 
මෙම සිද්ධියට අදාළව විමර්ශන කරන අතරතුර අදාළ සැකකරුවන් රටින් පිටවීමට ඉඩ ඇතැයි කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ට රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අවස්ථාවක නියෝගයක් නිකුත් කර තිබු අතර එම නියෝගය ඉවත දමන්නැයි සැකකරුවන්ගේ පාර්ශවයෙන් කර තිබු ඉල්ලීම ඉවත් කරගැනීම නිසා රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති නියෝගය බලාත්මක වේ.
 
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට ඇත්තේ මේ වන විට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට සිටින ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයතු කළ කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියටයි.
 
ප‍්‍රංශයේ Air Bus SAS සමාගම සමඟ 2013 මැයි මස 16 වැනිදා එළැඹි අවබෝධතා ගිවිසුමකට අනුව ශ‍්‍රී ලංකන් සමාගම ගුවන් සේවය ස`දහා A-330-900 ගුවන් යානා 04ක් සහ A-330-300 ගුවන් යානා 06ක් මිලදී ගැනීමේදී Air Bus SAS සමාගමේ මව් සමාගම වන EADS HQ - SSC FRANCE සමාගමෙන් ඇමරිකානු ඩෙලර් විසිලක්‍ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීට පෙර අවස්ථාවක රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කපිල චන්ද්‍රසේන මහතා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ 2011 අගොස්තු මස පළමුවැනිදාත් 2015 ජනවාරී මාසය දක්වාත් අතර කාලයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට හා මුදල් විශූද්ධිකරණය කල බව හෙළි වී ඇතැයි අධිකරණයට දැනුම්දී ඇති රහස් පොලිසිය අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක කළ නියෝගයට අනුව සැකකාර යුවළගේ ජාතික හැඳුනුම්පත් වලින් විවිධ බැංකුවල ආරම්භ කොට ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බවද දැනුම් දුන්නේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.



අදහස් (28)

ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ

sachith Tuesday, 04 February 2020 09:31 AM

මෙච්චර ගනුදෙණුවක් කරපු කට්ටිය ලංකාවේ ඇතුලේ බැංකු ගිණුම් පවත්වාගෙන යයි කියලා නම් හිතන්න අමාරුයි.

:       0       108

Nuwan Tuesday, 04 February 2020 09:33 AM

හිටපු සහ දැන් ඉන්න ප්‍රභූබිරිඳකගේ මල්ලි විධායක නිලධාරී වෙලා හිටියා නේද? මේ කාල වකවානුවේ... ඒ වගේම අලුත්ම ආරංචිය තමන්ගේ ලේලිලාගේ දෙමව්පියෝත් අධ්‍යක්ෂක තනතුරු වලට දමළලු...

:       0       153

පිටිගල මිලානෝ Tuesday, 04 February 2020 10:00 AM

ජනාධිපතිතුමනි, අප සියල්ල දන්නා පරිදි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන්සේවා වල හිටපු හොරු ඔක්කොම අල්ලන්න. කපිලව පත්කරන්න අනුබල දුන්න හොරදෙටුවාව අල්ලා දේශපාලනයෙන්ම ඉවත් කරන්න.

:       0       130

AjithTuesday, 04 February 2020 10:30 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා....

:       0       176

NuwanTuesday, 04 February 2020 10:55 AM

අනිවා ඕවා හරියට විමර්ශනය කරන්න ගියොත් රජ පවුල් පිටින් උසාවි ගෙනියන්න වෙනවා! මේ කපේදී වේවිද ඕවා?

:       0       221

SankaWednesday, 05 February 2020 04:22 AM

මේ ඡන්දෙ තව මාස දෙකකින් එන නිසා බොරුවක් කරලා ඇණයක් ගහල මහජනතාව අන්දවයි. ඡන්දෙන් පස්සේ නඩුවේ ලිපිගොනු වැරදියි කියලා ඔක්කොම ගෙදර යවයි. අපි ඉතින් කට ඇරගෙන බලාගෙන ඉන්නවා අද හොරු අල්ලයි, හෙට හොරු අල්ලයි කියලා. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක පුදුමයි.

:       0       150

BamunuarachchiTuesday, 04 February 2020 11:04 AM

පාසල් දරුවන්ගේ පෙළපොත් පිළිබඳව ලොකුවට කතා කරන හාමුදුරුවරුන්ට මෙවැනි දූෂකයින් සහ දූෂණ පිළිබඳව කතා නොකරන්නේ මන්ද? රන්ජන් හඬපට වලින් දූෂිතයින් පිළිබඳව හෙළිවෙද්දී පාරවල් ගානේ මාධ්‍ය සකච්ඡා තබමින් රන්ජන්ට බැනවැදුණු අයට සිදුවුයේ කුමක්ද? වර්තමන රාජපක්ෂ පාලනයේ දූෂිතයන් ගැන කතා නොකරන්නේ මන්ද? සමහරවිට දූෂිත ගනුදෙනුවලින් කොටසක් ඔවුන්ටත් ලැබී ඇති නිසා එ් පිළිබඳව කතා නොකරනවා වෙන්නට ඇත. මහජනයා සිතන්නේ එසේයි...

:       1       280

NishanTuesday, 04 February 2020 12:03 PM

බමුණුආරච්චි පිල් මාරු කරලා වගේ... අපි ඕවා කියන කොට අපිට ඔරවපු, ගොරවපු ගොඩක් දෙනාට දැන් ඇත්ත වැටහිලා තියෙනවා. ඔය කට්ටිය කුලියට කඩේ යන කුලීකාරයින් බව අපි කිව්වේ මීට අවුරුදු 10කට විතර කලින්...

:       0       100

pereraTuesday, 04 February 2020 11:25 AM

මේකට අවශ්‍ය කටයුතු කලේ යහපාලන ආණ්ඩුවෙන්. හිටපු අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල සිංගප්පූරුවෙන් මාස ගණනාවකට පෙර කරන ලද ඉල්ලීමට අනුව 2019 නොවැම්බර් 5 දා (එනම් ඡන්දෙට පෙර) සිංගප්පූරු ඇටෝනි දෙපාර්තමේන්තුව විසින් එයාර්බස් සමාගම චන්ද්‍රසේනට කරන ලද ගෙවීම් දැනුම් දී ඇත. මේ දක්වා ගෝඨලා මේක හංගගෙන ඉඳලා දැන් සිංහපාර්ට් දානවා. එංගලන්තයේ නඩු තීන්දුව ප්‍රසිද්ධ වුණාට පස්සේ. හංගගෙන ඉන්න හේතුව සභාපති නිශාන්ත මස්සිනයි, ශමීන්ද්‍ර බෑනයි.. ඔය කාලේ ශ්‍රී ලන්කන් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු නිසානේ... ඩොලර් බිලියන් 3ක ගනුදෙනුවක් කපිල චන්ද්‍රසේන වගේ කෙනෙක්ට තනියම කරන්න බැහැ.

:       4       181

NishanTuesday, 04 February 2020 12:05 PM

අල්ලයි මේන් කියලා. මේක ඇවිස්සුවේත් යහපාලනේ අයව මාට්ටු කරන්න හිතාගෙන. එ්ත් වුනේ නොහිතපු දෙයක්. දැන් යටගහන හැටියක් ගැන හිතනවා ඇති...

:       0       63

kamal Tuesday, 04 February 2020 10:08 AM

මේවාගේ මුදලක් මේ ගොල්ලන් ලංකාවේ බැංකුවක තැනපත් කරයි කියලා හිතන්න පුළුවන්ද?

:       0       9

siri Tuesday, 04 February 2020 10:19 AM

ඕක හොරකමක් නොවේ, පාඩුවක් විතරයි කියලා තර්ක කරන අයත් ඇති මගේ හිතේ. මෙම වංචාව සම්බන්ධ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත්තේ 2016 අගෝස්තු 05 වැනිදා කියලයි කියන්නේ. නමුත් කලක් යටගසා තිබුණු මෙම විමර්ශනය 2019 වසරේදී යළි කරළියට පැමිණීමේ හේතුව කුමක්ද කියලත් සමහරු ප්‍රශ්න කරනවා.

:       0       129

wedageTuesday, 04 February 2020 11:16 AM

එංගලන්තයේ නඩුවකින් එයාර් බස් සමාගමට ලොකු දඩයක් ගහලා ඒක නිසා තමයි මේ සේරම එළියට එන්නේ.

:       0       4

විජිත් Tuesday, 04 February 2020 11:02 AM

මේ දෙන්නව තවමත් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි...? රැවුලාට බයේද...? එහෙමත් නැතිනම් බේබිට බයේද...?

:       0       88

NuwanTuesday, 04 February 2020 11:41 AM

මේ මිනිස්සු ඉක්මණට අත්අඩංගුවට අරන්, උසාවි අරන් ගිහින් ඩීල් එකකට එනවා.. ඊට පස්සේ අවුරුද්දක්, දෙකක් ඇපපිට ඉඳලා නඩු ලිස්සල යනවා. උදාහරණ ඕනෑතරම් අපේ හාමුදුරුවනේ...!

:       0       44

Chathuri Tuesday, 04 February 2020 11:07 AM

අපේ ලංකාව හොරාකන්නේ ශ්‍රී ලන්කන්ස් නැතිව ඉන්දියන්ස් නොවෙයි... අපි පළමුව කරන්න ඕනෑ. රටේ නායකයා හොරකම් කෙරුවා නම් එයාට දඬුවම් දෙන්න ඕන එයාගේ කකුල ළඟට ගිහින් සැලියුට් ගහලා..., දාහක් දෙදාහක් නෙමේනේ හොරාකන්නේ... මෙයාලට වැඩිය ඉහළින් කතාවක් යන්න ඇති. ඒකයි මේ කුලප්පු වෙලා නාමල් බේබි යෝෂිත මේ කට්ටිය මොකද කරන්නේ මාමා ජනාධිපති නිසා හිරේ දමන්න ලැජ්ජයිද, බයයිද අනේ මේ කෝලන් වලට යන මුදල් එකතු කරලා. අවුරුදු පහෙන් විසඳන්න පුලුවන්නම් ලෝක පුදුමයක්... හොඳම දේ පන්සල් යන එක අඩු කරන්න හැමරටක්ම හොරට දඬුවම් දෙනවා. ලංකාවේ පිරිත් කියලා නූල් ගැට ගහනවා. වාසනාවන්ත මිනිස්සු...

:       0       169

NuwanTuesday, 04 February 2020 11:59 AM

අනිවා! අපේ රටේ ඉන්නේ බත් කන හරක්... රටේ තියෙන සම්පත් හොරා කාපු නැති කෙනෙක් 1948 පස්සේ රට කරවන තැන හිටියේ නැහැ කිව්වොත් ඒක මහ බොරුවක්...! නිල්, කොළ, රතු ඔය ඔක්කොම වලිකන්නේ අපිට රටට සේවය කරන්නද නැහැ. තමුන්ගේ නඩු වහගන්න තමුන්ගේ පවුල් ගොඩදා ගන්න. දරුවෝ රජ පුටුවල තියන්න. ඕවා තම ඒ ගොල්ලන්ගේ ඉලක්ක. කරුමෙටම අපේ වැදගත් කියන හාමුදුරුවොත් කඩේ යනවා...!

:       0       45

නන්නාදුනන හාදයාTuesday, 04 February 2020 02:56 PM

කඩේ යන හාමුදුරුවරු කොහොමද වැදගත් වෙන්නේ..? කඩේ යන දේවදත්ත හාමුදුරු සෙට් එක දැනටමත් " නිරයට " බුක් කරලා ඉවරයි. අවීචි මහා නරකාදියට. සිල්වත්, සුපේක්ෂකාමි හාමුදුරුවරු දේශපාලුවන් ඉන්න පැත්තකටවත් එන්නේ නැහැ. උන්වහන්සේලා බණභාවනා කිරීමෙන් එලොවට යමක් කරගන්න උත්සාහ කරනවා මිසක් ඔය දේවදත්තයින්ව අහලකටවත් ගන්නේ නැහැ.

:       0       85

විජිත් Tuesday, 04 February 2020 12:35 PM

ඇයි රෝහිත ආචාර්ය තුමාව චතුරිට අමතක වුණාද...?. අපේ කොළඹ විශ්ව විද්‍යාලය පමණයි ලෝක විශ්ව විද්‍යාල අතරේ තියෙන්නේ. එ්කත් 700වෙනි රෑන්ක් එකේ. නමුත් මේ අලුත් හොර ආචාර්යතුමා නිසා කොළඹ විශ්ව විද්‍යාලය වෙත තිබුණු පිළිගැනීමටත් මොනවා වේවිද..? දේශපාලුවන්ගේ දරුවන්ට ෆෙවර් කරන මහාචාර්යවරුන්ව නම් කරලා ඔවුන්ව විශ්ව විද්‍යාල පද්ධතියෙන් අයින් කරන ක්‍රමයක් රටට අවශ්‍යයි.

:       0       147

amarasiri perara - thangalla Tuesday, 04 February 2020 02:47 PM

ඔය අාචාරියා නේද කාලයකට ඉස්සර රොකට් එකක් යැව්වා කියලා කෝටි ගණක සල්ලි චීනත් එක්ක බෙදා ගත්තේ.. ඊට පස්සේ මිනිහා කිව්වා ගගන ගාමියෙක් වෙනවා කියලා...

:       0       45

කපුරුහාමි Tuesday, 04 February 2020 11:38 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමිද ඒ අමාරුව..?

:       0       25

sadun Tuesday, 04 February 2020 12:09 PM

කිසිම උගත්කමක් නැති ප්‍රභූබිරිඳකගේ මල්ලි කෙනෙක් විධායක නිලධාරි කරලා මහා විනාශයක් කළා. අපිට නම් මතකයි. ඒවාට සම්බන්ධ අය උදේ, හවා රූපවාහිනී වල ඉන්නවා දැක්කමත් හිරිකිතයි...!

:       0       44

විජිත් Tuesday, 04 February 2020 06:54 PM

සදුන් මල්ලි , ඔයාගේ අදහසට මම එකඟයි... එත් අර "...ප්‍රභූබිරිඳකගේ මල්ලි.." කියන කෑල්ලට මම එකඟ නැහැ.

:       15       25

sadunWednesday, 05 February 2020 06:56 AM

මොකද එකග නැත්තේ කතාව බොරු කියලද හිතන්නේ.

:       0       4

විජිත්Wednesday, 05 February 2020 10:06 AM

නැහැ නැහැ... එ්ක සම්පූර්ණ ඇත්ත.. එ්ත් ඔය කියන මිනිහාට ප්‍රභූ කියන කෑල්ල සුදුසු නැහැ. ඒ වෙනුවට අපි ආදේශ කරමු.."

:       0       12

Anura Nanayakkara Tuesday, 04 February 2020 12:42 PM

හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනු...!!

:       0       20

Vijitha Wednesday, 05 February 2020 12:22 AM

මේ ගනුදෙනුවේ ලොකුම කොටස යන්න ඇත්තේ මැදමුලන සහෝදර සහ පුත්‍ර සමාගමට වෙන්න ඇති

:       0       37

sharm warn Wednesday, 05 February 2020 06:42 AM

මේ ඔයාලා කට්ටියටම මම මේ කියන්නේ. මේකත් අර මහා බැංකුවේ බැදුම්කර වාර්තාව වගේ වුනේ නැතිනම් ඉතින් මේ ලංකාව නෙමෙයි. මහ මැතිවරණේ නිසා හපන්න මොකක් හරි චුවින්ගම් එකක් අපිට විසි කරන්නේ. ඕක හප හප ඉන්න එපා. වැඩක් නැහැ. මේකත් ෆොගේට් ෆයිල් එකට නොගියොත් ඉතින්. බලාගෙන ඉන්නකෝ වෙන්නේ මොනවද කියලා.......

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 487 0

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 702 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 405 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 603 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 945 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 673 1

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site