ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි
Bamunuarachchchi Monday, 03 February 2020 11:59 AM
කපිල චන්ද්‍රසේනව යලිත් ශ්‍රී ලංකන් හිටපු විධායක ලෙස යලි පත් කලේ දින 56 රජයේ අගමැතිගේ පුතා නාමල් ගේ නියමයෙන් නොවේද?
BamunuarachchiMonday, 03 February 2020 01:24 PM
ඔව්, නාමල් කීවලු බාප්පේ මගේ යාලුවෙක් මේ හාදයා එයාව ශ්‍රී ලංකන් හිටපු විධායක ලෙස යලි පත්කරන්න කියලා. එතකොට බාප්පා කීවලු ඔව් පුතේ නුඹේ තාත්තාට බැහැ.. කීවත් නුඹට බැහැ කියන්න බැහැ.... ඒ නිසා මම පත් කරන්නම් කියලා පත් කෙරුවාලු. අනේ අපොයි මෙහෙමත් අදහස් බමුණුආරච්චි කෙනෙක් ලීවාම මටම පුදුමයි. අනුන්ගේ නම්වල එල්ලෙන්නේ නැතිව ටහමන්ගේ නමින් අදහස් දානවා නම් ඉවරනේ...
BamunuarachchchiMonday, 03 February 2020 02:43 PM
පවුල් සමාගමේ සාමාජිකයන් මෙම ගණුදෙනුවට හවුල්ද? දුෂණවලට සම්බන්ධ නෑදෑයන් සමග රට කරවිය හැකිද? ජනාධිපතිගේ තීරණය ලක්ෂ 69ම බලා සිටියි.
කැප්Monday, 03 February 2020 05:10 PM
වල පල්ලට යනකල් බලන් ඉන්න බමුණෝ...
NishanTuesday, 04 February 2020 12:07 PM
69 ලක්ෂයේ ඉන්නේ අන්ධයින්, බීරන් සහ මන්ද බුද්ධිකයින්නේ...
GalaparaTuesday, 04 February 2020 02:43 AM
කෝ දැන් මේ රට, දැය වෙනුවෙන් කතාකරපු හාමුදුරුවරු? දැන් ඉස්සරහට ඇවිල්ලා මේ ප්‍රකෝටි ගණන් හොරකම් ගැන වහාම හොයන්න කියන්නකෝ. 69 ලක්ෂයක් සුවහසක් ජනතාව දැන් බලාගෙන ඉන්නේ මේ සල්ලි ගිල්ලේ කවුද කියලා...
CIATuesday, 04 February 2020 02:45 AM
ආණ්ඩුවට මේ ඡන්දයෙන්ම ඇඩ්‍රස් නැතිවේවි වගේ...!!! මෙහෙම අයද 2/3 ඉල්ලන්නේ? මේ මාස 3න්ම ආණ්ඩුව ඉවරවේවි.
chinthakaWednesday, 05 February 2020 06:28 PM
අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්න ඕනා.
Nissanka Monday, 03 February 2020 12:03 PM
හොරු අල්ලන්න කියලා අපි ගෙනාව යහපාලන ආණ්ඩුවට මේවා හොයාගන්න බැරි වුණාද? මේ කාලේ සභාපති වෙලා හිටපු අපේ වත්මන් අගමැති ආර්යාවගේ සහෝදරයා මේවට වග කියන්න ඕන නැතිද?
pereraMonday, 03 February 2020 12:54 PM
මේක එළියට ආවේ ඇමරිකාව, එංගලන්තය හා ප්‍රංශයේ ඒකාබද්ධ අධිකරණ කටයුත්තකින්... මේ පිළිබඳව එයාර් බස් සමාගමට එළිකරන්න වූ නිසා. මෙම ගනුදෙණුවට මුළු අල්ලස ඩොලර් මිලියන් 16 ක්... එයින් ඩොලර් මිලියන් දෙකක් ගත්තා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව මේ ගනුදෙනුව ගැන සැක හිතලා එයාර් බස් 10 ගන්න එක 2015 නැවැත්තුවා. මතකද මන්දා මේ එක ප්ලේන් එකක් වෙන් කරේ මහින්ද මහත්තයට. මේකට කපිල චන්ද්‍රසේන අහු වුනාට මේක පිටිපස්සේ ආර්යාවගේ සහෝදරයා, තව චමල්ගේ පුතා ඇතුළු සෙට් එකක් ඉන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට පින් දෙන්න මේ මරාලෙන් ලංකාවට වෙන්න ගිය පාඩුව නවත්තුවට. ඊට පස්සේ දවස් 56 ආණ්ඩුව ඇවිල්ල අපහු මේ පුද්ගලයාව දාලා ඉතුරු මිලියන් 14 ගේම දෙන්න බැලුවා. රටේ වාසනාවට කරුලා කෙලින් හිටපු නිසා දෙවැනි පාරටත් රට බේරුණා.
BamunuarachchiMonday, 03 February 2020 05:27 PM
ඔබගේ කතාව 100%ක් නිවැරදිය. නාමල් සහ පොහොට්ටුවේ ගෝඨාභය පත්කරපු කණ්ඩායම කියන්නේ පසුගිය රජයෙන් අල්ලපු හොරෙක් නැතිබවයි. ඔන්න දැන් රාජපක්ෂ සමාගමේ හොරු රාජපක්ෂලාටම අල්ලා ගැනීමට අවස්ථාව පැමිණ තිබේ. ගෝඨා සිදුව තිබෙන්නේ රාජපක්ෂ පවුල රකිනවාද නොඑසේනම් රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නවද නොඑසේ නම් තුනෙන් දෙකක් ලබාගෙන අධිකරණය ගෝඨාට කැමති ආකාරයට තීන්දු දීමට සලස්වා ගන්නවද? තුනෙන් දෙක ඉල්ලන්නේ කුමටද කියා දැන් ජනතාවට හොඳින් තේරුම් යනු ඇත...
HudsonTuesday, 04 February 2020 12:56 AM
හරියට හරි. එ්ක තමයි ඇත්ත...
rtkTuesday, 04 February 2020 09:22 AM
නොවිසඳෙන දේවල් සුනාමි මුදල් වංචාව තාජුදීන් ඝාතනය, රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීම, සිරිලිය ගිණුම උඩ යවපු ගිය තැන දන්නේ නැති රොකට් එක... මල්වානේ ගෙදර පෙන්ත් හවුස් ගෙදර 2005 සිට බැඳුම්කර, වංචා ගුවන් යානා මිලදී ගැනීම් සහ UNP මීහරක් ඒ ගිවිසුම අවලංගු කිරීම... තව තියනවා ගොඩක්.. විහිලුවට වගේ මේ ටික මතක් කරේ ...
BamunuarachchiMonday, 03 February 2020 01:30 PM
හලෝ ගණන හදන්න ඉස්සෙල්ලා පොතේ උත්තරේ බලන්න එපා. මේ අත්අඩංගුවට ගෙන චෝදනා පත්‍ර ඉදිරිපත් වෙන හැටි බලලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. අගමැති ආර්යාවගේ සහෝදරයා මේවට වග කියන්න ඕනෑ කියන එකත් ඔහේ කොහෙන් හරි හොයා ගත්ත කාගේවත් අදහසක් මිස ඕවායේ ඇත්ත නැත්ත අපි දන්නේ නැත. ඉස්සර මේ වංචාවක් වුණා කියලා කතා වෙනකොට විධායක නිලධාරි බිරිඳ මෙයට සම්බන්ධයි කියා ඔබ දැනසිටියාද?
PereraMonday, 03 February 2020 10:12 PM
මේ අල්ලස දෙන්න ඒ වෙලාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙන භාර්යාවක් එයාර්බස් එකට හොයන්න බැරිවෙලා තියෙනවා. මොකද 2015දී ශ්‍රී ලන්කන් එකේ දූෂණ වලට ආර්යාවගේ මල්ලිට ජනාධිපති කොමිසමට එන්න සිතාසි දෙන්න ගියාම භාර්යාව කියලා තියෙනවා තමාගේ හස්බන්ඩ් අවුරුදු 3කින් දැක්කේ නෑ කියලා. පව් අහිංසක කපිල චන්ද්‍රසේන කුණු ගොඩකට කර ගැහුවා...
මහ රජ Monday, 03 February 2020 11:14 PM
බලාපල්ලකෝ... මෙයාගේ තියෙන වෙනස දැන්... පව්.. මේ අය බෙරිහන් දුන්නේ කොහොමද..?
kamaniTuesday, 04 February 2020 12:44 AM
නීත්‍යානුකූල නඩු විභාගයක් තිබ්බොත් සාටකකාරයින් ඔක්කොම බලුකූඩුවට යන එක නවත්වන්න කාටවත් බැහැ. ඒ වගේම ඒ දඬුවම මරණ දණ්ඩනයම වෙන්න ඕනෑ.. ඒ සමගම ඔවුන්ගේ අන්තේවාසික මෝඩ ගෝත්‍රික වහල්ලුන් රටෙන් පිටුවහල් කළයුතුයි. එසේ නැතිනම් ඔවුන්ගේ සියල්ලම රාජසන්තක කළයුතුයි.
siri Monday, 03 February 2020 12:04 PM
මේ හුටපටේට මේ දෙදෙනාට අමතරව වෙනත් බලවතුන්ද හවුල් බවට අන්තර් ජාලයේ පළවූ විස්තරයක සඳහන්ව තියෙනවා. එය මෙසේයි. "මේ තොරතුරු අනාවරණය වූයේ ඒ ගැන එයාර් බස් සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ අධිකරණයක් හමුවේ නඩු පැවරීමෙන් අනතුරුවය. 2013.3.29 වැනිදා මෙසේ එයාර් බස් A300 යානා 6ක් සහ A350 යානා 4ක් මිලදී ගැනීමටත් තවත් ගුවන් යානා 4ක් බදු පදනම මත ලබාගැනීමටත් ගිවිසුම් අත්සන් කර තිබුණු අතර 2015දී බලයට පැමිණි රජය විසින් එම ගිවිසුම අහෝසි කරන ලදී. කෙසේවෙතත් රුපියල් කෝටි 30කට අධික මෙම සම්පූර්ණ මුදල කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ විසින් පමණක් ලබාගත්තක් නොව, ඊට එහා යන හවුල්කරුවන් ගණනාවක් එකතු වී ලබාගත්තක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යමින් තිබේ. කපිල චන්ද්‍රසේන මහතා සම්පූර්ණ සිද්ධිය හෙළි කළහොත් තවත් ප්‍රබලයින් කිහිප දෙනෙකුම අමාරුවේ වැටීමට ඉඩ ඇති බවයි කියන්නේ. එසේම මෙය ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුද උත්සන්න කෙරෙන සිදුවීමක් වීමට ද බොහෝසෙයින් ඉඩ තිබෙන බවද කියනු ඇසෙයි." උපුටාගැනීම අවසන්.
Adiri Monday, 03 February 2020 12:07 PM
මහ බැංකු මහා හොරු අල්ලන්නේ කවදද ?
කමල් Monday, 03 February 2020 12:09 PM
කවුද කියන එක අදාළම නෑ. නීතිය නම් නීතිය වගේ. ඔබතුමාගෙ ඔය කොන්ද කෙලින් ගතිය ඉස්සරහට එන්න ඉන්න අයටත් ලොකු හයියක්. ඔබතුමා තනියම සටන් පෙරමුණු ගණනාවක සටන් කරන හින්දා කවුරුත් ඔබතුමා එක්ක තරහ ඇති. ඒ හින්දා පරිසමෙන්.
පිටිගල මිලානෝ Monday, 03 February 2020 12:12 PM
ගෝඨාභය මැතිතුමනි, රටේ දුෂණ පිටු දකින්න අපි මෙතනින් පටන් ගමු. නෑකම් නොබලා නීතිය ඉටු කරමු. දුෂණයෙන් තොර රටක් හදමු.
tit Monday, 03 February 2020 12:16 PM
තවත් නාටක එපා අනේ. දැන් ඇති. අපි එකතුවෙලා හදමු අපේ රට. අමතක කරලමු පැරණි කතා........... එක්වමු ජාතියේ දියුණ පතා. මිදෙමු අපි දේශපාලන වහල් බවන් ඉටුකරමු අපේ යුතුකම් රට වෙනුවන්.
සඳුන් Monday, 03 February 2020 12:31 PM
මේක අහඹු සිදුවීමක් වෙන්න බෑ.. තව හොරු පෝලිමක් පස්සේ ඉන්න ඕනෑ. මෙවර නීතිපතිතුමාගේ ඉරෙන දැලට තෝරු මෝරු කිහිප දෙනෙක්වත් අසුවේවා....!
Sunil Monday, 03 February 2020 12:36 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට...
Chsthuri Monday, 03 February 2020 12:44 PM
මේක බොරු රඟපෑමක් විතරයි, හැමදාම විරුද්ධ පක්ෂයේ... අත්අඩංගුවට ගන්න බැහැනේ මේ නඩු අහන්නේ මහින්ද රජ්ජුරුවෝ, අයියගේ පාලනයේදී සුනාමි මල්ලිට කොරෝනා... මේ දේවසාප දෙවියන් රවටනවට හරියට... නඩු ඇහුවා නම් මේ සේරටම රට කරපු එල්ලුම් ගහ නියම වෙන්න ඕනෑ පවුලේ අයත් සමග...
මුණසිංහMonday, 03 February 2020 01:19 PM
පිටිගලගේ අනික් පලුව...
විපරමා Monday, 03 February 2020 01:02 PM
මහපරිමාණයේ තක්කඩි, හොර, දූෂිත පවුල් පාලනේ අයට,.. දූෂිත දේශපාලුවන්ට මේ නීති කිසිවක් වලංගු නැතුවා...
damith Monday, 03 February 2020 01:46 PM
අපි මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ සෙට් එකට සහාය දක්වලා හොරු එළවමු.
deMonday, 03 February 2020 04:39 PM
ජනාධිපතිතුමාගේ සෙට් එක කියන්නේ? පවුලේ සෙට් එකද?
Don Kuru jim Monday, 03 February 2020 02:22 PM
යහපාලනයට විතරක් දොස්කියලා වැඩක් නැත. රාජපක්ෂ කල්ලියම මේවට හවුල් ජනාධිපතිතුමනි, ඉක්මණට මේවාට විසඳුම් හොයන්න. ඔබතුමා කොතරම් අවංක වුණත් කුරහන් සාටක පළඳින කට්ටිය අවංක නැහැ..
Jim kuru Monday, 03 February 2020 02:25 PM
කපිල කියලා කියන්නේ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටිය හොර දෙටුවෙකුත් හිටියනේ..
lanka Monday, 03 February 2020 02:31 PM
මේවා නාට්‍යයක් පමණි...
සෙනෙවිරත්න Monday, 03 February 2020 03:40 PM
ඇතුළට ගනීවි. චෝදනා පත්‍ර දේවි. පසුව චෝදනා පත්‍රවල අඩුපාඩු කියලා හෝදලා එළියට දාවි. මේ ඒ නාටකයේ ආරම්භයද? නීතිපතිතුමනි, දැන්වත් හරියට කරන්න.
Hafeel Monday, 03 February 2020 05:22 PM
අවසානයේ ඕක තමයි වෙන්නේ...
asela Monday, 03 February 2020 04:46 PM
නිව්ස් කියනකොට කපිල මහත්මා නයෝමි මහත්මිය කියලා තමයි කිව්වේ. ඇත්තටම මහත්තුරුද? එතකොට අපි කව්ද? පොඩි මිනිස්සු මේ පව් ගෙවන්න එපෑයෑ.
Mahesh Monday, 03 February 2020 06:28 PM
2015දී මහින්ද මහත්තයාව ගෙදර යැව්වේ මෙවැනි මහා පරිමාණ හොරකම් පවුලේ අයගෙන් සිදු වුණා කියන සැකයට, ආයෙත් පවුලේ කට්ටිය එළියට බැහැලද?. මහින්ද මහත්තයෝ විවෙක ගත්තොත් හොඳයි. ඊටත් වඩා ගොඨා මහත්තයාට රට ගොඩගන්න දෙන්නේ නැහැ.. කකුලෙන් අදිනවා.
Amula Tuesday, 04 February 2020 03:49 AM
රටට ආදරය තියෙන උගත් නායකයෙක් සහ උගත් පාර්ලිමේන්තුවක් කවදා බිහි වෙයිද දන්නේ නැහැ. මේ නාඩගම් විතරයි තියෙන්නේ...
Nimal Tuesday, 04 February 2020 09:47 AM
හත්වලාමයි! මෙයාලද පහුගිය දවස්වල සුදනන් වගේ කෑ මොර දුන්නේ දුෂිතයින් පලවා හරිමු කියලා. බොන්ඩ් කේස්, ගුවන් යානා අල්ලස් තව මොනවා හෙට, අනිද්දා එලිවේවිද? ඒ මොනවා වුණත් කට්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?
Nimal Tuesday, 04 February 2020 09:48 AM
කෝ මේ විමල්, ගම්මන්පිල මල්ලිලා ඇත්තටම, කොහාට වෙලාද?