IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය චමත්කාරය වෙනුවෙන් 'ජිම් බීන්ස්' සහ 'අපාචේ ඉන්දියන්'

2016-10-19-ent-66

 

පසුගිය 13 වැනිදා ජනප්‍රිය "Empire" ටෙලි කතා මාලාවේ සංගීත අධ්‍යක්ෂ "ජිම් බීන්ස්" සහ "අපාචේ ඉන්දියන්" කොළඹ නගරය රැඟුමින් ගැයුමින් වසඟයට පත් කළහ.

2016-10-19-ent-68සිය මිශ්‍ර "Fusion" සංගීත ශෛලිය තුළින් ජනප්‍රියත්වයට පත් ඉංග්‍රීසි "Ragga" තරුවක් වන "අපාචේ ඉන්දියන්", Cinnamon Hotels Resorts හි සංකල්පයක් අනුව EGB සහ Litro Gas හි අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන 2016 Dulux Ambiance Miss Intercontinental රූ රැජින තරගාවලියේදී ග්‍රැමී සම්මාන නිර්දේශිත සංගීත අධ්‍යක්ෂ ජිම් බීන්ස් සමගින් තරු පිරි විනිශ්චය මණ්ඩලයකටද එක් වූ අතර, ඒ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ හිදී මෙවර මෙම රූ රැජින තරගාවලියේ 45 වැනි සංවත්සරය සමරමිනි.

රූ රැජින තරගාවලියෙන් අනතුරුව පැවති පසු සාදයකදීද "අපාචේ ඉන්දියන්" ගී ගැයූ මෙම තරගාවලියට රටවල් හැත්තෑවකට අධික ප්‍රමාණයකින් රූමතියන් ඉදිරිපත් වූ අතර, ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේදී සිය නවතම ගීත ඇල්බමයේ ගීත දෙකක් රූගත කිරීමටද නියමිතය. මෙම රූප රචනාවලට දකුණුදිග වෙරළ තීරයේ පවතින Cinnamon Resort හි HikkaTranz by Cinnamon ද පසුබිම් වන අතර, මෙම ගීත සඳහා ජනප්‍රිය ගායිකා "ඩෙස්ටිනි" ගායනයෙන් දායක වන අතර, ඒවායේ නිෂ්පාදනය ජිම් බීන්ස්ගෙනි.

ජිම් බීන්ස් සහ අපාචේ ඉන්දියන් විසින් මෙහෙයවනු ලැබූ සංගීත වැඩමුළුව සහ ප්‍රශ්නෝත්තර සැසියක්ද පසුගිය 15 වැනිදා පැවති මෙහිදී දැවැන්ත සංගීතවේදීන් සමග අදහස් හුවමාරුකර ගැනීමේ අවස්ථාවක්ද ශ්‍රී ලාංකික සංගීතලෝලීන් වෙත උදා විය. එහෙත් එම අවස්ථාව හිමි වූයේ ආරාධිතයන්ට පමණක් සහභාගි විය හැකි වැඩසටහනක් ලෙසින් වීම කැපී පෙනේ. එනම් ඒ සඳහා ක්ෂේත්‍රයේ සුපිරි තරු එක් වූ අතර Cinnamon Hotels Resorts මගින් සංවිධානය කරන ලද එම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට ජාත්‍යන්තර සංගීතය පිළිබඳ දැනුවත් කිරීම අපේක්ෂිත අරමුණ වී ඇත. ඒ අනුව එම අවස්ථාව සංවිධානය කරනු ලැබුවේ Western Music Association Sri Lanka, Yes Fm සහ Home Grown සහයෝගීතාවයෙන් යුතුවය.

බ්‍රිතාන්‍ය ගායක "අපාචේ ඉන්දියන්" සිය නැගෙනහිර ඉන්දියානු උරුමයෙන් එන "භන්ග්‍රා" ශෛලිය සමග Ragga සංගීත ආර මුසු කරමින් ගීත ගායනා කරන්නෙකු වන අතර, එක්සත් රාජධානියේ රඟහල්වල සිය සංගීතය ප්‍රචලිත කිරීමෙන් අනතුරුව ඔහු, අනූව දශකයේ මුල් භාගයේදී තනි ගීත නිකුත් කිරීම ඇරඹුවේය. මෙම තනි ගීතවලින් බොහොමයක් 1993 දී නිකුත් කෙරුණු ඔහුගේ පළමු ප්‍රධාන ලේබලයේ ඇතුළත් වන අතර එයට ඔහු වෙත නව අන්වර්ථ නාමයක් පටබැඳුණු "ඩොන් රාජා" ගීතයද ඇතුළත්ය.

මෝස්තර නිරූපණය,සංචාරක ඡායාරූප ශිල්පය, සූපශාස්ත්‍ර ආදී ‍විවිධ ක්ෂේත්‍ර අලලා සුවිශේෂී වැඩසටහන් සංවිධානය කරන Cinnamon හි මෙවර තෝරාගැනීම බවට පත් වී ඇත්තේ සංගීත ක්ෂේත්‍රය වන අතර, ග්‍රැමී සම්මානය සඳහා නිර්දේශිත ජිම් බීන්ස් සහ සිය "Boom-Shak-A-Lak" ගීතයෙන් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ "අපාචේ ඉන්දියන්" ශ්‍රී ලංකාවට කැඳවීම සිදුවන්නේ එවන් පසුබිමක් තුළයි.

එබැවින් මෙහි වැදගත්ම අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර ගායකයන්ගේ රූප රචනා හරහා ශ්‍රී ලංකාවේ චමත්කාරය ලොවට ප්‍රදර්ශය කිරීම බව Cinnamon Hotels Resort හි සන්නාම අලෙවි ප්‍රධානී දිලිප් මුද්දෙණිය මාධ්‍යවේදීන්ට පැවසුවේය.

 

සටහන - මාලන් විදානපතිරණ

 

2016-10-19-ent-69
2016-10-19-ent-67
2016-10-19-ent-65
2016-10-19-ent-64
2016-10-19-ent-63
2016-10-19-ent-62
2016-10-19-ent-61
2016-10-19-ent-60
2016-10-19-ent-59



අදහස් (0)

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය චමත්කාරය වෙනුවෙන් 'ජිම් බීන්ස්' සහ 'අපාචේ ඉන්දියන්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 354 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 609 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 931 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1547 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 526 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 991 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site