(අංජුල මහික වීරරත්න)
ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වොෂින්ටන් ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයින්ඩන් මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන අතර ඔවුන්ට ස්තුතිය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකාවට අත දෙනවා
කිරි පුතා Wednesday, 15 June 2022 10:31 AM
අත දීලා ගස්සලා ඇදලා අත පන්නයි. ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි.
DonThursday, 16 June 2022 05:28 AM
හලෝ මෙක කියන්න ඔන රනිල් නෙමේ. මෙක කියන්න ඔන බයිඩන් හරි දවල මන්ඩිරය හරි. මුඋන් මෙච්චර විනශශයක් කරලත් තවම ජනතාවට බොරු කර කර දවසක් හරි බලයෙ ඉන්නයි හදන්නෙ.
Rakitha Wednesday, 15 June 2022 10:46 AM
ඇමෙරිකාව කවදාද ලංකාවට උදවු කලේ. මානව හිමිකම් එකෙනුත් ලංකාවට එරෙහිව තමයි හිටියේ. දැන් හදන්නේ එම් සී සී ගිවිසුම ගේන්න. ඇමෙරිකාව තරම් ලෝකයට වින කරපු රටක් තවත් නැහැ. හැබැයි එයාලා හොදින් ඉන්නවා.
Bandula Wednesday, 15 June 2022 03:57 PM
ඇමරිකාව තමයි අපේ ගාමන්ට් එක්ස්පෝර්ට් වලින් සීයට 70 ක් ගන්නේ. ඒවත් උදව් තමයි. මොකද අද රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය ඒක. MCC ගිවිසුම යටතේ අපිට ඩොලර් මිලියන 400 ක් ප්‍රධානයක් හැටියට දෙන්න හැදුවේ... කිසිම දෙයක් නොදැන එම ගිවිසුම ගැන බොරු බිල්ලෙක් මවා එය නවතා දැමීමෙන් අපිට චීනය, ඉන්දියාව වැනි රටවලට අතපාන්න සිදුවුණා. අද අපිට ඇමරිකාව, ජපානය වැනි රටවල්වල සහයෝගය අපේම මෝඩකම් නිසා නැතිවී තිබෙනවා...
chandimaWednesday, 15 June 2022 08:33 PM
කන්න නෑ, බේත් නෑ, වැලේ වැල් නෑ... මෙයා බයිලා කියවනවා..
Namal Wednesday, 15 June 2022 11:00 AM
උදවු කරනවා කියනවා .. අනේ මංදා මොන වගේ උදවුද කියල
රනෙ Wednesday, 15 June 2022 11:25 AM
දේවල් නිකම් දෙනකම් බලා ඉන්න ඕන නෑ... අපි මොනව හරි කරමු..
Rata Perata Wednesday, 15 June 2022 11:27 AM
ගිරව් වගෙ කියන කියන එක ලියන්න එපා. හරියට විස්තර අහල ලියන්න. මොනවද උදව්, කවදද දෙන්තෙ, කොහොමද වගෙ ප්‍රශ්න.
බද්රානි Wednesday, 15 June 2022 12:50 PM
චීන අසුචි පොහොර යොදා කල කාබනික වගාවෙන් රට සොයම්පෝෂිත වී ඇති වකවානුවක, ඉන්දියන් සහයෝගයෙන් ඉන්ධන, ඉතාම සහන මිලට ඕනෑතරම් ලබා ගත හැකි වාතාවරණයක් තුල, ලාංකික ජනතාව විදේශ සංචාර සඳහා වැඩි නැඹුරුවක් පවතින අවධියක, අපට මොකටද ඔය කොහෙවත් ඉන්න ඇමරිකන් කාරයින්ගෙන් ආධාර? අනික රනිල් වික්‍රමසිංහ මහත්තයට ගෙදර යන්න උනෙත් MCC ගිවිසුම නිසානේ. ඔයිට වඩා නම්බුකාර විදිහට අපිට ඉන්දියාවේ හිඟන මිතුරන් ආධාර කරනවා. බංගලාදේශ හිත මිතුරන් ගෙන් අපට ඕනෑම වෙලාවක හදිස්සියකට අතමාරුවක් කර ගන්න පුළුවන්. අපිට ඔය යුරෝපයෙන් වත්, ඇමරිකාවෙන් වත් පිනට කන්න ඕනා කමක් නැහැ. අපි නම්බුකාර ලෙස ලෝකයේ ඉහලින්ම ඉන්න ජාතියක් බව ඔවුන් දැන ගත්තොත් හොඳයි.
kamalWednesday, 15 June 2022 02:39 PM
බඩෙ කොස්ඇඇට පොත්ත නැතත් කටේ නරි වාඩම නම් අඩුවක් නහ. අපිට අදාර නොදුන්නා කියලා අමෙරිකන් කාරයට පාඩුවෙයි.
sugathWednesday, 15 June 2022 04:19 PM
මාන්නේ නම් ඉහටත් උඩින්...
බද්රානි Wednesday, 15 June 2022 06:43 PM
චීන අසූචි යොදලා කාබනික කොස්කොළ හා තණකොළ වගාවෙනුත් ස්වයංපෝෂිත වෙලා ඉන්න "කමල්ලාට"ත් ඇමරිකන් ආධාර අවශ්‍යයි කියලා මම දන්නේ දැන්නේ. ඒ වුණාට මම මෙතන බොරුවට බැන්නාට ඇමරිකන් කාරයින් හරිම ආදරෙයි. අං දෙක හොඳට වැඩිලා තියන ගවයින්ට සහ සුරතල් සතුන්ට. ඒ වුණාට ඉතින් චීන කාබනික ආහාර වළඳපු කමල්ලාට ඇමරිකන් කෑම ඇලජික් වෙයිද කියලයි මට තියන බය? මොනවා වුණත්, ඇමරිකන් කාරයින් ඔයාගේ කමෙන්ට් එක දැක්කා නම්, කමල් ගිය පාසලට ආධාර කරන එක නම්, ෂුවර්...
kamalFriday, 17 June 2022 12:31 PM
අසුචි පෝර දාලා කන චීනා අද ඉන්න තැනත් හෙළ කුල සිරිතට ඇල්හාලේ පුන්නක්කුම කන බද්රානි අද ඉන්න තැනත් අද අන්දයෙක්ටත් පෙනෙනවා. ඉන්දන පෝලිමේ ඉන්නකොට ඇඟට ගතියක් එන්න සසර වසන තුරු... නිවන් දකින තුරු.... සින්දුවත් ගහගෙනම ඉන්න.
Maha zen Wednesday, 15 June 2022 12:56 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීම වාර දෙකයි
සිල්වා Wednesday, 15 June 2022 02:50 PM
ඇමරිකාව යුද්ධයක් එහෙම තියෙනවා නම් හොඳටම උදවු කරාවි. බලපුවාම යුක්රේනයට කොපමණ උදව් කරනවා ද?.
නිරීක්ෂකයා Wednesday, 15 June 2022 03:07 PM
ඔව් ඉතින් යුක්රේනයටත් අතහිත දුන්නනේ...!
mahee Wednesday, 15 June 2022 03:09 PM
මේ බෑඩ් කමෙන්ට් කරන මහත්තුරු ඇමරිකාවට pr නෙමෙයි, නිකන් වීසා එකක් වැදුණොත් නොගිහින් ඉන්නවද? නැහැනේ. හොඳ හෝ නරක කෙසේවෙතත් අපේ වෙළඳ භාණ්ඩවලට ලොකුම වාසිය දෙන්නේ ඇමරිකාවෙන්. 1ට 200 ක්... මහලොකු ඉන්දියානු අසල්වැසියා අපෙන් 5ක් ගන්නකොට 100ක දේවල් අපිට විකුණලා...!
dasa Wednesday, 15 June 2022 03:36 PM
මෙයාගෙ ටොන් පච ,මෙව විස්වස කරන්න එපා ,රනිල් වැඩ කාරයෙක් කියල ගොතන පච.තව මාස පහ හයකින් මතකය අවදිකරල බලන්න, ආදාර ආවද කියල. පල් හොරු මිනිස්සු රවටනව.
Rohana Wednesday, 15 June 2022 04:02 PM
උදව් දෙනවා කිව්වට මොනවද උදව් කියලා සඳහන් කර නෑ. බැරිද යුක්රේනයට දෙන යුද්ධ අධාර සම්පූර්ණයෙන් නවත්වලා ඒ ටික ලංකාවට දෙන්න? එහෙම කරනවා නම් ලංකාවේ ආර්ථික අර්බුදය නැතිවෙලා යනවා...
wimal Wednesday, 15 June 2022 06:04 PM
අත මෙහෙ කුණු කූඩෙ තියෙන්නේ... දැන් තියෙන්නේ පොහොට්ටු ගාය...
Kanthi Wednesday, 15 June 2022 07:23 PM
රනිල් වික්‍රමසිංහ ලොකු උත්සාහයක් ගන්නවා.. එයා ජාත්‍යන්තරයේ ලොකු පොරක් කියලා පෙන්නන්න. අමු බොරුව දාගෙන ඉන්නේ. අපි දන්නවනේ මිනිහා කවුද කියලා. එයාගේ බලාපොරොත්තුව නන්දසේනවත් කපාගෙන ජනාධිපති වෙන්නයි.
chandima Wednesday, 15 June 2022 09:20 PM
මෙතෙක් කල් අපි හිතන් උන්නේ තිරිවාන ගලක් කියලා. නමුත් දැන් බලපුවාම නිල් මැණිකක්නේ...? අපරාදෙ කුණුගොඩට දාලා තිබුණේ...
Nihal Harischandra Wednesday, 15 June 2022 09:29 PM
රුසියාවෙන් උදව් ගනී කියලා බයට තමයි දැන් අමෙරිකාව උදව් දෙන්න ලෑස්ති වෙන්නේ. හැබැයි, ඇමෙරිකාව අතගහපු එක රටක් ගොඩ ආවේ නෑ. රුසියාවෙන් මොනතරම් උදව් තියෙනවාද? අපිට තියෙන ලොකුම ගැටළුව තෙල් සහ ගෑස්. කාලකණ්ණි කුමන්ත්‍රණකාරයින් නිසා, අඩුවට දෙන තෙල් ටිකවත් ගන්න බෑ.
SL Thursday, 16 June 2022 05:23 AM
පාර්ලිමේන්තුවට සැලස්මක් නැත.
මරිසිපාල Thursday, 16 June 2022 07:21 AM
ජෝ බයින්ඩන් ජනාධිපති තුමණි ලංකාවෙ පාලකයින්ට අත දෙන්න ඕන නැහැ පුළුවන් නම් ආර්ථිකය කළමනාකරණය කරන්න ඕන කොහොමද කියලා කියා දෙන්න. මොකද කිසිම ආදායමක් නැතුව කුලුනු හැදුවා පොකුණු හැදුවා පිට්ටනි හැදුවා පොහොර නැතුව වවන්න කිව්වා. මේනිසා රටම ප්‍රපාතයකට වැටුනා. මේ රටේ එකෙක් මෝඩ වැඩක් කරන්න සැලසුම් ඉදිරිපත් කලාම සාමුහිකත්වය කඩන්න බැහැ කියලා ආණ්ඩුවෙ හැම එකාම එහෙයි කිව්වා. ලංකාව මෙහෙම මෝඩ මොළ නැමැති කුණු වලින් වැහිලා තියෙන නිල් මැණිකක් වෙලා තියෙද්දි එම කුණු ඉවත් කර මැණික පාදා නොගෙන 2009 යුද්ධය අවසානයේ සිට අනවශ්‍ය දේවල් කලා ඒවායේ විපාක අපි විදිනවා ඒ නිසා ඔබතුමා කොහොම හරි මේ පාලකයො ඔක්කොගෙම ( පාර්ලිමේන්තුවේ 225 ජනාධිපති සහ ඉහළම නිළධාරින් සියලු දෙනාගේ) මොළ හදල තීරණ ගගතයුතු ආකාරය කියලා දෙන්න.
Perera Thursday, 16 June 2022 08:48 AM
අතක් දීල වැඩක් නැහැ. තෙල්, ගෑස්, බෙහෙත් ගන්න ඩොලර් කෝයක් දෙකක් දෙදෙ.
Surain Thursday, 16 June 2022 12:05 PM
තව ටික දවසකින් ජෝබයිඩ්න් මහතා කියයි එයා ඔයා කියන ප්‍රකාශ කරේ නැතිබවත් රනිල් ප්‍රකාශකරන්නෙ මනකල්පිත අදහසක් විතරම බවත්ය.