(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම වැළැක්වීම සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේට්‍රෝ, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය සහ කැනඩාවේ අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් වීමට නියමිත යෝජනා කෙටුම්පතට රටවල් රැසක සහාය හිමිවන බවද පැවැසෙයි.
මෙම යෝජනා කෙටුම්පත මගින් ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපාරාධයක් සිදු කළා යැයි පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු යැයි මෙම යෝජනා කෙටුම්පත් මගින් නිර්දේශ කර ඇති යැයි පැවැසෙයි.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි
amila Wednesday, 14 September 2022 12:04 PM
රටට මේ කරපු විනාශයට නම් අනිවාර්යයෙන් අපරාධකාරයින්ට දඬුවම් හිමිවෙන්න ඕනෑ...
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණThursday, 15 September 2022 12:00 PM
අනිවාර්යෙන්. අර අහිංසල එල්ටීටීඊ එකේ උගත් බුද්ධිමත් දරුවො ටික මරපු එකේ පලිය නම් කොහොම හරි ගන්නම ඕනේ. එයාලා හිටිය නම් අද රට සුරපුරයක් නේ.
මුදියන්සේ..... Wednesday, 14 September 2022 12:21 PM
ශ්‍රී ලංකාවේ අපේම අයත් එම සමුළුවට ගිහින් රට තවතවත් ප්‍රපාතයට හෙලීමට කටයුතු කරන ආකාරයක් දක්නට ඇත. අනෙක් අය ගැන කවර කතාද?
yakaWednesday, 14 September 2022 01:04 PM
මු නම් පොහොට්ටුවෙක් ......
ගුරුන්නාන්සේThursday, 15 September 2022 01:42 PM
තමුන්නැහැ නම් අර ඇනොනිමස් විසින් රට බේරන විප්ලවයේ නායකයෙක් වගේ. මොනව කරන්නද ඉතින් ලංකාව කියන්නේ රාජපක්ෂ කියල හිතන් ඉන්න අයගේ බුද්ධි මහිමය තමයි.
ලුම්බිණි Wednesday, 14 September 2022 12:59 PM
ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කල යුතුමයි.
පිටිගල මිලානෝ Wednesday, 14 September 2022 01:40 PM
ආර්ථිකයම විනාශකළ මහා හොරා ඇතුලු සියල්ලන්ටම දඬුවම් කරමු...!
podi mole Wednesday, 14 September 2022 01:45 PM
මෙය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් නොව, ශ්‍රී ලංකාවට විනකරන අන්ත දූෂිත පාදඩ දේශපාලකයන්ට එරෙහි යෝජනාවකි...!
Biahan Wednesday, 14 September 2022 01:46 PM
මේක හොඳ යෝජනාවක්. දැන් තමන්ගේ ස්වාමියාට මේකෙන් නඩු වැටෙන අය ඩිස්ලයික් දායි.
Dewa Wednesday, 14 September 2022 02:12 PM
මේ වගේ යෝජනාවක් සම්මත වුණොත් පමණයි රටේ වින්දිතයාට සාධාරණයක් ඉටුවන්නේ...
ruwan Wednesday, 14 September 2022 02:13 PM
දැන්නම් මානව හිමිකම් එකේ අගය වැඩිවැඩියෙන් දැනෙනවා. මේ පාදඩ දේශපාලන ක්‍රමය අතුගාලාම දාන්න ඕනේ.
ගමගේ Thursday, 15 September 2022 07:57 AM
ඔබ දැක්කාද ඔබ දාපු comment එකට ඩිස්ලයික් දාපු අය 164 ලයික් 94 මේකෙන් ඔබට මොකක්ද තේරෙන්නෙ ?ලංකාවේ ඉන්නෙ වහල්ලු ඔකුන් කැමති නැහැ මේ පාදඩ දේශපාලන ක්‍රමය අතුගාලාම දාන්න. උන්ට ඔනේ දරුවාන්ට කන්න නැතත් වහල්ලු කම් කරන්න
ruwanThursday, 15 September 2022 12:57 PM
අනිවාර්යයෙන් සහොදරයා. මිනිස්සු තමන් කැමති දේශපාලක මොන පාදඩ වැඩේ කළත් අකැමැත්තක් නැහැ. මිනිස්සු තමන්ගේ දරුවට පවුලට වඩා ආදරේ තමන්ගේ දේශපාලන පක්ෂයටයි නායකයන්ටයි. මෙහෙම රටක් හැදෙයිද?
randil Wednesday, 14 September 2022 02:15 PM
විය යුතුම දෙයක් ඉක්මණින් සම්මත විය යුතුයි.
Hafeel Wednesday, 14 September 2022 02:16 PM
මේ මොහොතේ අපේ විමල් ආණ්ඩු පක්ෂයේ හිටියා නම්, මේ වෙනවිට කොළඹ කොටුව දුම්රිය පොළ අසල සහ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල දෙදරලා ඇති. ලොකු රථ වාහන තදබදයත් ඇති...
lanka janahanda Wednesday, 14 September 2022 02:19 PM
ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කළ යුතුමයි.
janahithThursday, 15 September 2022 09:04 AM
බයියන්ට 143 පැනල ඔන්න ඔකයි තත්වෙ
fairoos Wednesday, 14 September 2022 02:28 PM
බයියන්ට නම් දැන් රිදෙයි.
කිරි පුතා Wednesday, 14 September 2022 02:58 PM
කට්ටයම හිතාගෙන ඉන්නේ තමන් බදාගෙන ඉන්න පක්ෂයේ නොවන අනෙක් අයව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ එල්ලුම් ගස් යවන්න. ඒ සේරම පටු දේශපාලනික සංකල්ප... මෙතන තියෙන්නේ කොටි පරදවා රට නිදහස් කරගත්තු එකට විරුද්ධ නාඩගමක්. ඔය සේරම කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා..
senaWednesday, 14 September 2022 03:31 PM
මොන නාඩගමක් නටලා හරි, රට විනාශ කරපු අයට දඬුවම් දිය යුතුය. කවුරු හරි රට බේරගන්න දායක වුණා කියමුකෝ.. ඒකට හිලව්වට රට විනාශ කරන්න දෙන්න බැහැ.
BishanWednesday, 14 September 2022 05:14 PM
තුම්මුල්ලේ විමලාගේ ගෝලයෙක්ද කොහෙද?
BamunuWednesday, 14 September 2022 09:36 PM
කිරි පුතා කියන ගොන් පුතාගේ දැනුමේ හැටි තමයි.
නිමේෂ් Wednesday, 14 September 2022 03:04 PM
බොරුවට ප්‍රජාතන්ත්‍ර ලේබලය ඉස්සරහට ගහගෙන මයිනා රනිල් ආණ්ඩුව, මේ අරගෙන යන්නේ තනිකරම දුෂිත හමුදා පාලනයක්... මේ වෙලාවේ අපේ රටේ මිනිසුන්ට තියෙන්නේ ලෝකයේ පිළිසරණ විතරයි..!
Surain Wednesday, 14 September 2022 03:06 PM
ජනතාව පාගලා හොරාකාපු දේශපාලකයන්ට මෙමගින් හරි දඬුවම් ලැබෙයි නම්, අනේක වාරයක් මානව හිමිකම් කවුන්සිලයට ප්‍රශංසා වේවා...!
එස්.ඒ ටෝනි අජිත් Wednesday, 14 September 2022 03:27 PM
ලංකාවෙ ඉන්න මහ අය පුදුම විදිහේ ආත්මාර්තකාමී කොටසක්. අපේ රටට මේසා විනාශයක් සිදුවුනේ ඔය කියන පිරිසගේ පුද්ගලික බූදලයක් විදිහට රට පාලනය කළ නිසයි. ඒක අවිවාදිතයි. රාජපක්ෂලා විතරක් නොවේ, JRලත් එක්ක ඊට පස්සේ රට පාලනයට ආපු බහුතරයක් දෙනා කලේම පාවාදීම. ලංකාවේ නම් මොවුන්ට දඬුවම් කරන්නේ කවුද? මේ ගොල්ලන් යාලුවෝනේ. ගෙදරින් හැදෙන්නේ නැති පුතාලා රටෙන් හැදෙනවා කියල කතාවක් තියනවනේ.. බලමු ඉතින් රටෙන් හැදෙන්නේ නැති මේ පුතාලා ටික ලෝකයෙන්වත් හැදෙයිද කියලා... එහෙම වෙනවා නම් පීඩිත අයගෙ ඇස්වල කඳුළු වේලේවි...
සෙනෙවිරත්න Wednesday, 14 September 2022 03:55 PM
අපි එකඟයි, ඔය යෝජනා වලට, මානව හිමිකම් කැඩුවා නම් දඬුවම් විඳිය යුතුමයි. රට විනාශ කල අධමයින්ටත් දඬුවම් අවශ්‍යයි. ජයවේවා මානව හිමිකම් සමුළුවට...!
පල්ලි කාක්කාThursday, 15 September 2022 12:48 AM
සල්ලි දෙනව නම් රටට හෙන ගැහුවත් කමක් නෑ නේ. ඔහොම කුලියට කඩේ යනවට කීයක් හම්බුනාද..? ඔය මානව හිමිකම් කොමිසම නැති කරපු දූශිත දේශපාලුවන් ගැන අහල තියෙනවද? කොයි ලෝකෙද ජීවත් වෙන්නෙ?
ranjith Wednesday, 14 September 2022 04:33 PM
රට බංකොලොත් කරලා මේ රටේ මිලියන 22ක ජනතාව පාරට අද දැමූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කළ යුතුමයි. මේ තරම් අපරාධයක් කරලත් ඒ ගැන කතා කරන මිනිස්සු දඩයම් කරමින් තවත් බලේ ඉන්න හදන තක්කඩියන්ට කොහෙන් හරි උපරිම දඬුවම් ලබාදෙන්න..
siri Wednesday, 14 September 2022 04:37 PM
සදර්න ලෙස රට පාලනය කරන්නේ නැතුවාම රටේ මිනිස්සුන්ට විදෙස් රටවල සහාය පතන්න වෙලා.. රටට වින කරපු පාලකයින් හිතාගෙන ඉන්නේ රටේ ජනතාව හරක් කියලා...
ගමේ එකාලා Wednesday, 14 September 2022 04:37 PM
ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රටම කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ උදවියට සහ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව පියවර ගැනීම කළයුතුමයි. දූෂිත දේශපාලුවන්ගේ මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ නිසා අද අසරණ වෙලා ඉන්නේ, දුක් විඳින්නේ ඔවුන්ට ඡන්දෙ දීපු අසරණ මහජනතාවයි...
සෙනෙවිරත්න Wednesday, 14 September 2022 05:21 PM
මට පුදුම මේවට ඩිස්ලයික් දාන බත්කන හරක් ඉන්න එකයි.
ගිරිගෝරිස්Thursday, 15 September 2022 12:44 AM
අපෝ පුදුම වෙන්න එපා. ඇනොනිමස් ඇවිත් රට බේරගන්නා සේක්වා කියලා ප්‍රාර්ථනා කරපු ජීවිතේට බත් කෑවෙ නෑ වගේ හිටපු අය ඉඳිද්දි ඔව්ව සිම්පල්. ඒ හරක්ම තමා මානව හිමිකම් එකෙන් ඇවිත් දූශිත දේශපාලුවන්ට දඬුවම් කරයි කියල හිතන් ඉන්නේ. ඉරාකයේ ලක්ශ 10ක් මිනී මරපු ඇමරිකාවට නැති මානව හිමිකම් අපේ වගේ ගොන්නු ඉන්න නීච නිවට නියාලු රටවල් වලට විතරයි.
janahithaThursday, 15 September 2022 09:18 AM
සංවිඩානාත්මකව කරන වැඩක් නැති උන ජනතා ප්‍රසාදය නැවත ලබා ගැනිමට රජ පුතුන්ගෙ කල්ලිය ගෙන යන වැඩක්
Wije Wednesday, 14 September 2022 05:26 PM
මෙි රට කාපු අයට සහ ඉදිරියට පාලනය කරන අය වෙනුවෙන් රටට යහපත් යෝජනාවක්.
soma Wednesday, 14 September 2022 05:32 PM
ලෝකෙම තියෙන්නෙ ලංකාව විතරමද කියල හිතෙනව.
jayasekaraThursday, 15 September 2022 10:39 AM
මෙකෙ යටි විසාල අරමුණක් තියෙනව.....රාජපක්ශ පවුලට කඩෙ යනව නෙවේ.... එ ගොල්ලො වැරදි.. නමුත් ගෝට පන්නපු එකෙන් සහ අරගලය යන මතෘකා දෙකම ලොකු පන්නරයක් උනා එගොල්ලන්ට.. විශේශයෙන්ම යුරෝපයෙ හොදට රගන කොටි බලකායට..... ඒ සිද්ධි දෙකම එගොල්ලන්ගෙ අරමුන ඉටුකරගන්න ලොකු අත්වැලක් උනා..... සිංහල බෞඩ්ද නායකත්වය මුලින්ම උදුරල දාන එක තමා පලවෙනි සැලැස්ම... ජතියෙ අවාසනාවට එම බහුතර සිංහල බෞඩ්ද නායකත්වය රැකගන්න පත්වෙච්ච අයට බැරි උනා..... අපි නොදකින ලොකු ඇජෙන්ඩා එකක ප්ලනක් තමා....පහුගිය ටිකේ ක්‍රියත්මක උනෙ...
පුලස්ති Wednesday, 14 September 2022 06:13 PM
රට ආර්ථික ප්‍රපාතයට ඇද දැමූ කාලකණ්ණින් සියලුදෙනාම ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් වෙඩිතියලා බුලට් එකේ සල්ලිත් ඔවුන්ගෙන් අයකර ගන්න ඕනේ. හැමදෙයක්ම කැත ලැජ්ජාවක් නැතිව කරලා තව අගේට පුරාජේරු ගහන හැටි...!
nanda Wednesday, 14 September 2022 06:20 PM
රටට වින කරපු පාලකයින්ගේ බත්ගොට්ටන් තවම ඉන්න බව මේ කමෙන්ට්වලට විරුද්ධතාවය පෙන්නපු අතළොස්සෙන් පේනවා..
chandima Wednesday, 14 September 2022 06:30 PM
මට නම් අංජබජල් මේවා අහලා... එක පැත්තකින් මේ රටවල් අපේ යාලුවෝ කියලා අපට උදව් දෙන්න පස්සෙන් එනවා. අනික් පැත්තෙන් ගිහින් අපට විරුද්ධව යෝජනා ගේනවා. මට නම් පේන්නේ අඟේ ඉඳන් කනකනවා වගේ..!
pathiranaWednesday, 14 September 2022 07:40 PM
මොන්ගල්ද මන්දා...? එයාලා එන්නේ මහජනතාවට උදව් කරන්න. ජිනීවා වලදී කරන්නේ අපරාධකාර දේශපාලුවන්ට සහ නිලධාරීන්ට දඬුවම් කරන්න. සාමාන්‍ය මිනිස්සු, හොරු... මේ උදවිය හොඳට අඳුනනවා... ඔයාට තේරුණේ නැතුවාට.
විජිත් Wednesday, 14 September 2022 07:02 PM
මෙය අපේ රටේ ජනතාවත්, රටත් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය ඉදිරියේ අපේ රටේ "රජයට" විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ අවංකවම රටටත්, රටේ දුක් විඳින ජනතාවටත් හිතවත් ශ්‍රී ලාංකිකයින් බව අමතක කරන්න එපා. ඒ වගේමයි මානව හිමිකම් ආයතනයේ සේවය කරන්නෙත් පිස්සන් නොවන බව අමතක කරන්න එපා. ඔවුන් ලෝකයේ සෑම රටකම වාගේ මානව හිමිකම් ප්‍රශ්න හොඳින්ම අධ්‍යයනය කළ ඒවාට සාර්ථක විසඳුම් යෝජනාකොට, ප්‍රශ්න විසඳූ උගත් විනිශ්චය මණ්ඩලයක්... දැන් හෙට හෝ අනිද්දා අපේ රටේ විනාශයට මුල්වුණු "හොර පවුල" කහ ඇඳගත්තු බමුණන් ලවා මෙහෙම කියවන්න පුළුවනි. "රට බේරාගත් රාජපක්ෂලාව විදුලි පුටුවට දමන්න එන්.ජී.ඕ වලින් මුදල් ලබන දේශද්‍රෝහීන් ලැහැස්ති වෙනවා..." කියලා. රටේ මිනිස්සුන්ට දැන්වත් ඔවුන්ගෙන් අහන්න බුද්ධිය පහළවේවා... කුම්බලාමාලු කෑවානම් විඳවාපන් බළලෝ...'' කියලා කියමනක් අපේ ජනවහරේ තියෙනවා. අරගලයට ජය වේවා.!!!
BhanukaThursday, 15 September 2022 12:39 AM
"මානව හිමිකම් ආයතනයේ සේවය කරන්නෙත් පිස්සන් නොවන බව" අපි දැක්කා කුඩු රජවරු වෙනුවෙන් පෙනී ඉන්නකොට. හැබැයි කුඩු නඩු වලට විරුද්ධව සාක්ශි දුන්නු අහිංසකයන් වෙනුවෙන් කවදාවත් මානව හිමිකම් කමිටුව පෙනී හිටියෙ නෑ. උන් බල්ලො වගේ පාරවල් අයිනෙ වෙඩි කෑව විතරයි. අනිත් එක ඔය කොමිසමට අනුව කොටි ත්‍රස්ථයනුත් හරීම අහිංසක සත්ව කොට්ඨාශයක්ලුනෙ. අපි නොදන්න මොනරතැන්න.
බද්රානි Wednesday, 14 September 2022 07:15 PM
ඔබලාගේම මුදල් හොරාකාපු පාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහි වෙන්න තරම් පිට කොන්දක් නොමැති ඔබලා වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවවත් තේරුම් ගැනීමට ඔබගේ ටිකිරි මොලයට හැකියාවක් නැතිද චන්දිම? ඔබ වැනිම මොලේ අංජබජල් කාරයිත් මේ ව්‍යවසනයන්ට වගකිව යුතුයි. ඒත්, ඉතින් තම නැණ පමණ අනුවනේ නිගමනවලට එන්නේ. ඔබට කවදාවත් හිතිලා නැද්ද? අන්ත දුෂිත දේශපාලකයින් රැලක් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කන බව. ඒ හොරුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව. ඒ හොරුන්ව ආරක්ෂා කිරීමට සිටින අයට ඔබ හා මා ඇතුළු සියලු දෙනාගේ බදු මුදලින් වැටුප් ගෙවන බව. එසේ නොවැටහුණා නම්, ඔබගේ අධ්‍යාපනයේ හෝ ජානවල දුර්වල තත්වයකට මම ඔබට අනුකම්පා කරමි...
වයලට්Thursday, 15 September 2022 03:12 PM
මොළෙන් හිතාපං. වැරදිකරපු එවුන් මරන් කෑවත් අපිට කමක් නෑ. ඒ උනාට ඔය කොමිසන් කාරයින්ට ඕනෙ ඔහෙලට-අපිට වරද්දපු උන්ට දඬුවම් දෙන්න නෙවෙයි. උන්ට ඕන විදියට වැඩ නොකරන එවුන්ව එල්ලන්න. රටට තොන්ඩුව දාන්න. ඉරාකෙ නයකය හරි හෝ වැරදි, එල්ලන්න අමෙරිකාවට තිබෙන අයිතිය මොකකද? දැන් චෝදනා බොරු උනත්, ඒ මනුස්ස මැරිල ඉවරයි. දැන් අමෙරිකාවට දඬුවම මොකක්ද? මෙව්ව රස තවරපු වස ගුළි. පුලුවන්නම් උඩපැනල අත්පුඩි ගහල ගිලපල්ලා. වන්දිය ගෙවන්ඩ වෙන්නෙ හැමෝටම.
බද්රානිFriday, 16 September 2022 01:28 PM
වයලට්, සදාම් හුසේන් ගැන ගොඩක් දුකද? ඔය ටිකිරි මොලේට ඔච්චර දුක දෙන්න එපා... මෙච්චර සෞභාග්‍යෙයන් පිරුණු රටක ජොලියෙන් ඉන්න පුළුවන්නේ. අපරාදේ මේ වෙලාවේ සදාම් හුසේන් හිටියා නම්, ඇමරිකාවෙන් හිඟා නොකා ඉරාකෙන් නම්බුකාර විදිහට අතයටින් ගාණක් ඉල්ලා ගන්න තිබුණා. එක අතකට ඉතින් ඇමරිකන් කාරයින්ට විකාරද මන්දා ඔබලාගේ සල්ලි හොරකම් කළ එකට ඒ අය වදවෙන්නේ? බුද්ධිය වැඩිකමට අං දෙකත් මෝරලා තියන ඔබලාට ජාත්‍යන්තර උදව් මොකටද නේද...?
soma Wednesday, 14 September 2022 07:46 PM
එදා රට පාවා දුන්නේ අපේ අයමයි. එදත් එහෙමයි.. අදත් එහෙමයි. ඔය උඩ පනින කට්ටිය කොටි ගහන කොට හිටියේ ලංකාවේද? නැත්නම් හඳේද?
janahithaThursday, 15 September 2022 09:16 AM
කොටි ප්‍රශ්නය සහ සමාජ විරොදී දූශනය වන්චා සහ නීතිය අතට ගනිම සම්පුර්නයෙන් වෙනස් වන කරුනු දෙකක් ඔය දෙකම සිදු වනවිට අපි සිටියෙ ලංකාවෙ ඔබතුමා සිටියෙ එක කරුනක් පමණක් අවබෝද කරගෙන
JohanThursday, 15 September 2022 11:09 AM
අනේ සොම නගේ කොටින් ගෙන් රට බෙරා ගත්තෙ රටෙ ත්‍රිවිඩ හමුදාව - දැනට රට බෙර ගන්න වෙලා තියෙන්න රට බෙරාගත්තා කියලා බලයට ආපු හොරු රැලගෙන්. හිතලා බලන්න ඔයාගෙ දරුවෙක් බඩගින්නෙ අඩනකොට ඔයාට අැතිවන හැගීම.
මින්දදThursday, 15 September 2022 01:44 PM
අන්න ඒකම තමයි අපිත් කියන්නේ... ඔය චෝදනා ගේන්නේ රණවිරුවන්ට මිසක් දූශිත පාලකයින්ට නෙමේ කියන එකවත් තේරුම් ගන්න බැරි වුණාද තාම...?
chandima Wednesday, 14 September 2022 08:51 PM
ඉස්සරහට තර්ජනයක් වෙයි කියලා හිතෙන කට්ටිය යාලුවෝ දම්මලා බෙල්ලෙන් අල්ලා හිර කරවීමේ වැඩක්වත්ද?
Jagath Wednesday, 14 September 2022 09:34 PM
වැරදිකරලා තියෙන සියලුම දෙනාට බේරිලා යන්න ඉඩ නොතැබිය යුතුයි.ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මානව හිමිකම් කවුන්සිලය සමග එකඟයි.එය කෙසේවත් ශ්‍රී ලංකාවට ද්‍රෝහී වීමක් නොවේ.ශ්‍රී ලාංකික ජනතාවට දැන් මානව හිමිකම් කවුන්සලය හැර වෙනත් විකල්පයක් නැත.
Rohana Wednesday, 14 September 2022 09:53 PM
රට ආර්ථික අර්බුදයට ඇදලදැමීමට වගකිවයුතු සියළු දෙනාටම මානව හිමිකම් කොමිසමෙන් හෝ දඩුවම් දිය යුතුයි. මෙ රටින් නම් කවදාවත් යුක්තිය ඉටු නොවන අතර තවතවත් පැරණි වැඩපිලිවෙලම පෙරටත් වඩා හොදින් කිරීමට ආණඩුව සැරසෙන බව පෙන්. සමස්ථ රටේම ජනතාව දුක්විදින්නේ පාලකයින් ගත් වැරදි ප්‍රතිපත්ති නිසාය. දැන් කොහේවත් යන අරගලකරුවන්ට අධිකරනය පවා හෑල්ලුවට ලක්කරන චෝදනා දමා අරගලකරැවන්ගෙන් පලිගැනීමට මාන බලනවා.
Sunil Bandara Wednesday, 14 September 2022 10:27 PM
කරුණාකර එය කරන්න... ස්තුතියි.!
Perera Thursday, 15 September 2022 12:33 AM
ජාත්‍යන්තර මට්ටමින් පුළුවන් තරමට ආණ්ඩුවේ බොටුව තදකරන්න ඕනෑ. ආණ්ඩුව දේශීය මට්ටමින් ජනතාවගේ බොටුව තදකරන ආකාරයටම...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 September 2022 07:32 AM
රටේ මුදල් හා දේපළ මංකොල්ල කාලා රට විනාශ කළ දේශපාලුවන් හා ඔවුන් වටා එක්රොක් වී සිටි හෙන්චයියන් කොන්ත්‍රාත් ඇතුළු බොහෝ දේ වලින් හිටි හැටියේ ගජ පොසතුන් වුණා.ධනය ඇති සමහර දෙනා දේශපාලකයන් මාර්ගයෙන් අයුතු ලාභ ලැබුවා.සමහර රජයේ සේවකයන් ද එසේ වෙන්නට ඇති.කහ ඇඳගත් ඇතැම් දුසිල් බමුණන්ද එසේමයි.රටේ මුදල් හොරකම් කල ඕනෑම කෙනෙකු, ඔවුන්ගේ තරාතිරම ගැන නොසිතා ඔවුන්ට එරෙහිව නිසි පියවර ගෙන දේපල හා ලෝකයේ හංගා තිබෙන මුදල් හා දේපල රාජසන්තක කළ යුතුයි.හොරුන් වෙනුවෙන් පෙනී සිටින හා ඔවුන් වෙනුවෙන් ලියන කියනා අය අත්අඩංගුවට ගෙන නිසි තොරතුරු ලබා ගැනීම කළයුතුයි.මේ රටට මේ රටේ දේශපාලකයන් යුක්තිය ඉටු නොකරන්නේ නම්,විදෙස් සහයෝගයෙන් හෝ එසේ කිරීම වරදක් නොවේ.
Saman Thursday, 15 September 2022 08:03 AM
රට ගැන කරුනු පැහැදිලි කිරිමට යන්නෙත් කුට්ටිය බලාගෙන නිසා මෙ වගේ යොජනවක් සම්මත කරල හරි මුන්ට දඩුවන් දෙන්න ඔනෙ දැන් ඇගේ චු ගිහිල්ලද දන්නෑ
සමන්ත Thursday, 15 September 2022 08:34 AM
ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මේ යෝජනා වලට සහය දක්වා මේ අමන පාදඩ පාලකයින් අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුයි.
Rohana Thursday, 15 September 2022 08:54 AM
දේශීය සංවිධානවලින් සාධාරණයක් බලාපොරොත්තු නොවන නිසා ආර්ථික අර්බුදවලට වගකිවයුත්තන්ට මානව හිමිකම් කොමිසමෙන් හෝ දඬුවම් දිය යුතුයි.
janahitha Thursday, 15 September 2022 09:12 AM
රටෙ පවතින නීති සම්ප්‍රදාය දේශපාලනීකරනය වි අත. දූශන වංචා මිනිමරුම් පවා නීතියේ ස්වාදිපත්යෙන් එහා ගොස් යටපත් කර ඇත එම නිසා ජාත්යන්තරයේ බල පෑම නොමැතිව මෙය වෙනස් කල නොහැක ඩයස් පෝරාව යනු ලොකයෙම සිටින ඩ්‍රවිඩ ජනතාව නියොජනය වන පෙරමුනක්. ඔවුන් ලන්කවෙ අවසාන රජ පරපුර නියොජනය කරන අය සමජ අසාදාරනය තුල ඔවුන් වෙනම රජය සංකල්පයට යොමු උන දූශන විරොදී ජනතාව එක ජතියක් පෙරමුනක් නියොජනය නොවිය යුතුය. එය එකක් විය යුතුය.
Nayan Thursday, 15 September 2022 10:10 AM
මේ ප්‍රවෘත්තියට තිබෙන ප්‍රතිචාර වලින් පේනවා ලංකාවේ ජනතාව අපේ නිතිය ගැන කොතරම් කලකිරීමකින් ඉන්නවද කියලා . එක තේරුම් ගන්න බැරි බහුතරයක් ඉන්න බව පැහැදිලියි වැටිලා තියෙන ඩිස්ලයික් ගණන බැලුවම. අනිවාර්යයෙන්ම රටේ සම්පත් හොරා කෑ සියලු දෙනාටම මෙරට හෝ ජාත්‍යන්තර අධිකරණයක් මගින් දඬුවම් ලබාදී එම සොරාගත් ධනය නැවත අත්කර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
වයලට්Thursday, 15 September 2022 03:31 PM
ඒකට මරාගෙන මැරිල හරි, රට ඇතුලෙ යාන්ත්‍රණයක් හදා ගන්ඩෝනෙ. ඒ උනාට ඔය කොමිසන් කාරයින්ට ඕනෙ ඔහෙලට-අපිට වරද්දපු උන්ට දඬුවම් දෙන්න නෙවෙයි. උන්ට ඕන විදියට වැඩ නොකරන එවුන්ව එල්ලන්න. රටට තොන්ඩුව දාන්න. ඉරාකෙ නයකය හරි හෝ වැරදි, එල්ලන්න අමෙරිකාවට තිබෙන අයිතිය මොකකද? දැන් චෝදනා බොරු උනත්, ඒ මනුස්ස මැරිල ඉවරයි. දැන් අමෙරිකාව හරිද? දඬුවම මොකක්ද? මෙව්ව රස තවරපු වස ගුළි. වැරදිකරපු එවුන් මරන් කෑවත් අපිට කමක් නෑ.
බද්රානිFriday, 16 September 2022 06:19 PM
නම වෙනස් කර ගත්තට, වයලට් නම් ගව මඩුවට අලුතෙන් ආපු කෙනෙක් වෙන්න බැහැ. අලුත් ලාඩම නිසා සද්දේ ටිකක් වැඩියි. ඒත් එකම සද්දේ තමයි හැම තැනදීම පිටවෙන්නේ. අපෝ, ඉතින් අලුත් නමයි, සුන්දර අං දෙකයි, දිගු නැට්ටයි, පුන්නක්කුත් ලාභයි කියලා ඔහොම්ම නැට්ට උස්සලා ගසන්න එපා. කාබනික පොහොර හැම තැනකටම විසි වෙනවා. ඒ වුණාට මටත් පොඩි බයක් දැනෙනවා. අපේ මේ ගව සම්පත ඇමරිකන් කාරයින් ඩහැ ගනී කියලා... අනේ මන්දා...?
අබිලින් Thursday, 15 September 2022 12:27 PM
රාවණා රජතුමාගේ කාලයේ සිටම ලංකාව විනාශ කිරීමට විදෙස් බලවේග ක්‍රියාත්මක වුනා.නමුත් ඒවා සාර්ථක වීමට මෙරටේ පිරිසක් සම්බන්ධ වුන නිසා බොහෝවිට විදේශිකයන් ජයලබා ලංකාව අසාර්ථක රටක් වුනා .උදාහරණයක් හැටියට රාවණගේ මල්ලී විභීෂණ නිසා රාවණා පැරදුනා.මේ අවස්ථාවෙත් රටට වඩා පුද්ගලික වාසි බලන පිරිසක් උඩ බලාගෙන කෙල ගසනවා වගේ ජිනීවා ගොස් කටයුතු කරනවා.මෙහෙම තියෙද්දි කිසිදාක මෙරට ගොඩගන්න බැහැ බුදු දහම අදහන පිරිසක් සප්ත අපරිහානීය ධර්ම ගැන නොසලකා ජනතාව බෙදමින් පක්ෂ හදනවා එක පවුලක් නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව හැසිරෙනවා උන්දැලා හිතන්නේ නැහැ බෙදී ගියොත් සුන්වෙනවා කියලා එනිසා දැන්වත් නිර්පාක්ෂික පිරිස හෝ ලක්වාසී සැම එක මවගේ දරුවො වගේ සමගිකරන්න ඕන පුද්ගලික වාසිතකා කරන දේශපාලනය තහනම් කල යුතුය එහෙම නොකරනතාක් මේරට හදනවා බොරු
පි.ඒ ගුණ්දාස Thursday, 15 September 2022 08:53 PM
රාජ්‍ය පාලකයන් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. ජනතා පරමාදිප්ත්‍ය පිලිබද මුල්තැනදිය යුතුයි. රාජ්‍යය පාලනය බාරගත්තට මේරට තමන්ගෙ බූදලයක් නොවන බව වටහා ගත යුතුයි. කවුරු හෝ වරදක් කළානම් අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි.
Nishantha Thursday, 15 September 2022 09:41 PM
Should be taken the position for politician and superior in government.
Nelum Pushpasiri Friday, 16 September 2022 10:12 AM
මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කියලා බලය ලබාගෙන සමස්ත දේශයම වසර දෙකක් වැනි සුළු කාලයකදී ආර්ථික වශයෙන් අගාධයකට තල්ලු කළ සියල්ලන්ම ආර්ථික ඝාතකයින් බව පැහැදිලියි. නීතිය අවභාවිතා කරන දේශපාලන සංස්කෘතිය තුළ මේ රටේ නීතිය සක්‍රීය දායකත්වය සැක සහිත නිසා මේ අපරාධකරුවන් හට ජාත්‍යන්තර අධිකරණ වෙතින් දඬුවම් ලබාදීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.