IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක්

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ''2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ''හිමිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා  කොමසාරිස් කාර්යාලය කියයි.

2021 අනාගත ප්‍රතිපත්ති සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවට හිමි සම්මානය හා වෙනත් ජයග්‍රාහී ප්‍රතිපත්ති සදහා සම්මාන පිරිනැමීම ලබන 6 වැනි දින අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරන වඩාත් ඵලදායී ප්‍රතිපත්ති මෙම සම්මාන ප්‍රදානයේදී සැලකිල්ලට ගෙන තිබේ.

ලොව මෙතෙක් අත්කර ගෙන ඇති සියදිවි නසාගැනීම් අනුපාතයෙහි විශාලතම අඩුවීමට ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් ප්‍රතිපත්ති දෙක හේතු වී ඇති අතර එමඟින් වසර 20 ක් තුළ එක් ජීවිතයක් සඳහා සෘජු රජයේ වියදම ඇමරිකානු ඩොලර් 50 ටත් අඩු මුදලකට ජීවිත 93,000 ක් පමණ බේරාගෙන ඇතැයි .

ලෝක අනාගත කවුන්සිලය  ප්‍රදානය කරනු ලබන මෙම ත්‍යාගය, මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන , ජාත්‍යන්තර රසායනික කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව, මයිකල් ඔටෝ පදනමේ සහ ජුවා පදනමේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලැබේ.

මෙම සම්මාන ප්‍රදාන උළෙලට සහභාගී වීමට සහ 2021 අනාගත ප්‍රතිපත්ති සම්මානය සඳහා වන ජයග්‍රාහී ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.worldfuturecouncil.org/chemicals වෙත පිවිසෙන්නැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

 



අදහස් (6)

ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක්

රෝහණ Friday, 02 July 2021 07:52 AM

ශ්‍රීලංකා කෘෂිකර්මාන්තය අවසන් කිරීමේ පලමු අන්තර්ජාතික වැඩපිලිවෙලේ පළමු සම්මානය ලබාදෙන ලදී. අපිට පිටරටින් ගෙනආහැකියි. අපි කළයුත්තේ පැරණි කෘෂි බෝග වැවීම ටිකින්ටික වර්ධනය කිරීම හා පළමුව නව ප්‍රභේද පර්යේෂණ කර හදුන්වාදීමයි.

:       0       0

narada Friday, 02 July 2021 08:24 AM

අන්තිමට හරි හොඳ පුවතක්...

:       0       0

dayasiri Friday, 02 July 2021 10:40 AM

ඔස්කාර් හම්බෙන්නේ ෆි්ම්වලට නේද

:       13       88

Sri Lanka Friday, 02 July 2021 12:56 PM

ඕවා දෙන්නෙත් සුද්දෝ, කොරෝනා වලට රටේ තිබුණු මුදල් ඔක්කොම ඇදලා දුන්නනේ... ඒක වෙන්නැති සම්මානවල් දුන්නේ... තවත් කොරෝනා ඉස්සරහට කරන් යන්න.

:       0       0

Dinesh Friday, 02 July 2021 01:33 PM

ඔස්කා හම්බෙයි

:       0       1

de silva Friday, 02 July 2021 04:22 PM

හොදම නාටකයට හිමි ඔස්ක සම්මානය

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 866 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1966 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1411 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 493 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1418 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 484 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site