IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න මිලානෝ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙති

( ෂමින් පණ්ඩිතරත්න මිලානෝ නගරයේ සිට)

මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන්  සංවිධානය කරන ලද "festival sri lanka 2023" ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone, Milano යන ස්ථානයේදී උදේ 10:00 සිට 08:00 රාත්‍රී දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම සංස්කෘතික උළෙල ශ්‍රී ලාංකීය උඩරට හා පහත රට නර්තන බෙර වාදන, ගායන, සංගීතය ශ්‍රී ලාංකික ආහාරපාන, දේශීය ආයුර්වේද ප්‍රතිකාර හා විවිධ සංස්කෘතික අංග වලින් සැදුම්ලත්ය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවන්,ශ්‍රී ලංකාවේ ගෝලීය වටිනාකම,එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය ඉතාලි ජාතිකයින් දැනුවත් කරමින් විශාල ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණවේ.

තවද නොමිලේ නැරඹිය හැකි මෙම විශේෂිත සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා හැකිතාක් පමණයි විදේශිකයින් සහභාගී කරවන ලෙස මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි විරකෝන් මහත්මිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් විශේෂ ඉල්ලීමක් ද කරයි.

 



අදහස් (10)

ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න මිලානෝ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙති

Leslie Friday, 27 October 2023 11:22 AM

ලක්වාසිනි. කුහකම්, ඉරිසියාව නැතිව එකතු වී රැකියා නැති අයට රැකියා සොයා දියවු. ඉතාලියට අලුතින් කෙනෙක් ආවිට නගරයට දුරින් අඩුවට ගෙයක් අරන් කලක් නැවතීමේ පහසුකම් හදන්න...

:       2       14

ලෙස්ලි Friday, 27 October 2023 11:28 AM

ලක්වැසියනි, ඉතාලියේ රැකියා නැති අයට රැකියා දෙන්න කුහකමක් නැතිව. අලුතින් ඉතාලියට ආ විට. නගරයට පිටින් අඩුවට ගෙයක් අරන් තියන්න... ලක්වාසීන්ට නවතින්න...

:       1       9

Rata Perata Friday, 27 October 2023 01:42 PM

අනේ ස්තුතියි...! තව ටිකක් ඕනෑ අපිට... රනිල් මැතිතුමාට තව විදේශ සංචාර ටිකකුත් තියෙනවා. ආවොත් එක්ක යන්න. ඉක්මණට එවන්න හොඳේ...

:       4       6

de silva berlin Friday, 27 October 2023 05:56 PM

ඉස්සර ඔබලාට ගෝඨාභයගේ ආණ්ඩුවෙන් ගහලා තිබුණු කොරෝනා බෝම්බ ලේබල් එක රනිල්ගේ ආණ්ඩුවෙන් ගලවලා නැවත රටවිරු ඇඳුම් අන්දවලා පෙරහරේ දක්කා ගෙන යන්න ඔය සැරසෙන්නේ? ලේබල් එක වෙනස් වුණත් ඕකේ ඇතුළේ තිබෙන්නේ පරණ වයින් බව සිතට ගන්න. ඔබට කොරෝනා වැනි කරදරයක් වුණොත්..., ඔබට හදිසි ලියකියවිල්ලක් ගන්න වුණොත් ඔය තානාපති කාර්යාලයෙන් ලැබුණු සහයෝගය ගැන දන්නේ මට වැඩිය ඉතාලියේ ජීවත්වන ඔබයි...

:       0       10

AKS aththanagoda Friday, 27 October 2023 07:28 PM

මේ පාරත් පොහොට්ටුවට ඡන්දය දාන්න එනවද ඉතාලියේ කානු හෝදන බුවාලා...!

:       3       11

බද්රානි Friday, 27 October 2023 10:13 PM

ලංකාවේ යන එන මන් නැතිව ඉතාලියට පැනගෙන, ඉතාලි ජාතිකයින්ට හා ඉතාලි රජයට පින්සිද්ධ වෙන්න ගොඩ ගිහින් දැන් ලංකාවේ මහලොකු සංස්කෘතිය ඉතාලි ජාතිකයින්ට පෙන්වන්න වගේ මේ දඟලන්නේ...ඔලු බක්කෝ නටලා ඉතාලි ජාතිකයින්ව අන්දන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඉතාලි ජාතිකයින් ගේ සංස්කෘතියට ගරු කරලා ඒ හා බද්දවී ඔවුන් සමග සුහදව ඔවුන් සමග එකට ජීවත් වෙන එක තමයි ඒ රටේදී කරන්න තියන හොඳමදේ.. "රෝමයට ආවා නම් රෝම වරයෙක් වගේ ජීවත් වෙනවා මිස" විගඩම් නොකර ඔබලාත් ඉතාලි ජාතිකයින් ලෙසම ඒ රටේ පුරවැසි භාවයත් අරගෙන වැදගත් ලෙස ජීවත් වෙන්න...ඉතාලි ජාතිකයින්ට ලෝකයා ගරු කරන විදිහ දැකලා ඇතිනේ...කොහෙද ඉතින් ලංකාවේ කුඩල්ලන්ව ඉතාලි කොට්ටවල තියන්නත් බැහැනේ නේද..? ලංකාවේ තක්කඩි පුජකයින් ඉතාලියට පැනගෙන මෝඩ ශ්‍රී ලාංකිකයින්ව හොඳ හැටි සුරාගෙන කනවා කියලත් ආරංචියි, ඒක ඇත්තද..?

:       0       1

Remal Saturday, 28 October 2023 12:18 AM

ඉතාලියේ රැකියාවක් කරන්න ඉතාලි රියදුරු බලපත්‍රය හදලා දෙන්න.. නවත්වලා අවුරුදු 2 යි

:       0       1

Dubai api Saturday, 28 October 2023 12:43 AM

දේශපාලකයන් සොරකම් කර විදේශවල ගොඩනගා ඇති සුවිසල් හෝටල් සංකීර්ණ නඩත්තුව සඳහා ඩොලර් අවශ්‍ය වී ඇත. මුදල් එවන්න හැකි ඉක්මණින්...

:       0       1

anton Saturday, 28 October 2023 01:07 AM

මොන ආණ්ඩුව යටතේ හරි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර්දිනල් තුමා පිළිගන්න සාධාරණ පරීක්ෂණයක් කරන තුරු, ඔය ලංකාවේ ආණ්ඩුව සම්බන්ධ වෙලා කරන ප්‍රවර්ධන වැඩ සටහන්, උත්සව වැනි දේවල් එකකටවත් සහභාගී වෙන්න කිතුණුවකුට සදාචාරාත්මකව බැහැ. අපි සංචාරක ව්‍යාපාර කරනවා. ඒවා වැඩි දියුණු කරගන්න ඕනේ... වැනි ආර්ථික වාසි, මම අර දේශපාලක පක්සේට කැමති, අර ඇමති මගේ හිතවත් වැනි පුද්ගලික මතිමතාන්තර මත තීන්දු ගන්න එපා... අර බෙර්ලින් සිල්වා කියන විදිහට ඔය හදන්නේ අපිව ගොනාට අන්දලා පෙරහරේ ගෙනිහින් එගොල්ලගේ වැඩ කරගන්න. රනිල් රාජපක්ෂ ආණ්ඩුව හදන්නේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න. අර ජෙර්මන් මධ්‍යවේදියා ඉස්සරහ රනිල් හැසුරුණු විදිහට බටහිර යුරෝපේ ඉඳලා සංචාරකයෝ ලංකාවට ඒවිද?

:       0       0

Dayananda Saturday, 28 October 2023 09:40 AM

පැනලා දුවන බලලාට උම්බලකඩ වලින් ගහනවා කියන්නේ මෙන්න මේවාට තමයි.. හොර කාලකන්නි ජනතාවගේ බදු මුදල් වලින් සුපිරි විදියට හොරකම් කරමින් සුපිරි ජීවිත ගෙවන්නේ ඡන්දේ විහිලුවට අරගෙන.. ලයිට් බිල් අහස උසට.. මිලානෝ වලින් ඔවුන්ට සල්ලි යවන්න දඟලන්නේ කොන්සල්ගේ පත්වීම දීර්ඝ කරගන්න වෙන්න ඇති.. මේ වෙලාවේ ඥාති අයට පමණක් අවශ්‍ය සුළු මුදලක් යවලා වැඩිපුර මුදල් ලංකාවට යවන්න එපා කියලා කීවාට අහපල්ලා.. මොංගල් වෙන්න එපා.. මේ කාලකන්නි පන්නන්න එකතුවෙලා වැඩකරමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 43 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 191 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 161 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 258 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 448 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 1928 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39735 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25836 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 51 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site