IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශී‍්‍ර ලංකාවට ලකුණු 161 ක අති විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඊයේ (2 වැනිදා) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී ලකුණු 161 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 348 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන්  ඕවර 44.5 කදී ඉන්දීය පිලට ලබාගත හැකිවූයේ සියලූ දෙනා දැවී ලකුණු 187 ක් පමණි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරග 4 ක් පරාජය වීමෙන් පසුවය. මෙම තරගයට පෙර, ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දියාව අවසන් වරට පරාජය කරන ලද්දේ පසුගිය වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදීය.

ලකුණු 349 ක ඉලක්කයක් සොයා ගිය ඉන්දීය පිලේ, නායක විරාට් කෝලිද ඇතුළුව, පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 32 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට නුවන් කුලසේකර, රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. ලකුණු 65 දී ලසිත් මාලිංග විසින් මුරලි විජේ දවාගනු ලැබීමත් සමගම ශී‍්‍ර ලංකාවට සටනක් දීමේ ඉන්දීය බලාපොරොත්තු බිඳී ගියේ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන මහේන්ද්‍ර සිං දෝනිද මෙම තරගයට කී‍්‍රඩා නොකළ බැවිනි.

දිනේෂ් කාර්තික් සහ සුරේෂ් රයිනා එක්ව ලකුණු සංඛ්‍යාව 118 දක්වා ඉහළ දැමූ නමුත් ඒ වන විට ඉතිරිව තිබූ අවසන්  ඕවර 22 දී ලකුණු 231 ක් තරම ලබාගත යුතු විය. එවන් තත්ත්වයකදී නොතිබූ ලකුණක් සොයා ගිය සුරේෂ් රයිනා ලකුණු 33 කට දවාගැනීමට ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ.

ඒ වන විටත් තරගයේ ඉරණම කුමක්ද යන්න ලියැවී අවසන්ව තිබුණු නමුත් එය නිවේදනය කිරීම කාලය මෙන්ම ඉන්දීය පිතිකරුවන්ගේ ධෛර්යය මතද රඳා පැවතිණ.

සුපුරුදු තැන්පත් විලාසයෙන් පන්දු යැවූ රංගන හේරත් වැඩි සද්දයක් නොකරම කඩුලූ 3 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 60 න් ලකුණු 37 ක් පමණක් ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර දෙමිනි. ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායකද කඩුලූ දෙකක් බැගින් දවාගත්හ.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 159 කදී නොදැවී, ලකුණු 174 ක් ලබාගත් අතර මහේල ජයවර්ධනද ලකුණු 107 ක් රැුස්කළේය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 213 කි.

ලකුණු 25 ක් ලබා සිටියදී මහේල ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් ලැබුණු උඩපන්දුවක් ෂෝට් තර්ඞ්මෑන් හි සිටි කී‍්‍රඩකයා අතින් ගිළිහී ගියේය. එයින් නිසි ප‍්‍රයෝජන ලබාගත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පන්දු 112 කට මුහුණ දෙමින් අලංකාර හයේ පහර දෙකක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කළේ ලෝකයේ විශිෂ්ටතම ශ්‍රේණියේ පිතිකරුවකු වශයෙන් තමන් සතු කුසලතාව මැනවින් ප‍්‍රදර්ශනය කරමිනි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වුවද තිලකරත්න ඩිල්ෂාන් තුවාල ලැබීම නිසා කොදෙව් සංචාරයට එක්වූ තරංග, සිය තරග 165 ක එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කරමින් පළමු වතාවට ලකුණු 150 සීමාව පසුකර ගියේය.
එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු 150 සීමාව පසුකර ඇත්තේ සනත් ජයසූරිය (සිවු වතාවක්), තිලකරත්න ඩිල්ෂාන් (දෙවරක්) සහ උපුල් තරංග පමණි. මෙම ඉනිමත් සමගින් කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටද හිමිකම් කී උපුල් තරංග සනත් ජයසූරියට (වසර 2000 දී ඉන්දියාවට එරෙහිව සාජාහිදී ලකුණු 189 යි) පසු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දෙවැනි හොඳම එක්දින ඉනිම කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා බවටද පත්විය.

මහේල පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසමිනි. උපුල් තරංග සහ මැතිව්ස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 135 ක සම්බන්ධතාව සඳහා වැයවූයේ පන්දු 66 ක් පමණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම

ශ‍්‍රී ලංකාව

උපුල් තරංග - නොදැවී   174
මහේල ජයවර්ධන - ඇ. යාදව් ප. අශ්වින් 107
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 44  
අතිරේක    23
එකතුව  ඕවර 50 කදී කඩුලූ 1ක් දැවී 348

කඩුලු වැටීම : 1-213

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, සචිත‍්‍ර සේනානායක

පන්දු යැවීම : ෂාමී අහමඞ් : 10-0-68-0, උමේෂ් යාදව් : 8-0-65-0, ඉෂාන්ත් ශර්මා : 9-0-68-0, රවින්ද්‍ර ජදේජා : 9-0-55-0, රවිචන්ද්‍රන් අශ්වින්  : 10-0-66-1, විරාට් කෝලි : 2-0-9-0, සුරේෂ් රයිනා : 2-0-10-0

ඉන්දිය කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ඇ. මැතිව්ස් ප. කුලසේකර    5
ශීකාර් ධාවන් - ඇ. තරංග  ප. හේරත්    24    
මුරලි විජේ - ප. මාලිංග     30        
විරාට් කෝලි - ඇ. මැතිව්ස් ප. මාලිංග    2
දිනේශ් කාර්තික් - ස්ට. සංගක්කාර ප. හේරත්    22
සුරේෂ් රයිනා -  දුවද්දී දැවී ගියා    33
රවින්ද්‍ර ජදේජා - නොදැවී    49
රවිචන්ද්‍රන් අශ්වින් - ඇ. මාලිංග ප. සේනානායක    4
ෂාමී අහමඞ් - ප. සේනානායක    0
ඉෂාන්ත් ශර්මා - ඇ. සංගක්කාර ප. හේරත්    2
උමේෂ් යාදව් - ප. මාලිංග    0
අතිරේක             16
එකතුව  ඕවර 44.5 කදී සියළු දෙනා දැවී    187

කඩුලු වැටීම:  1-12, 2-52, 3-57, 4-65, 5-118, 6-142, 7-153, 8-153, 9-166, 10-187

පන්දු යැවීම:
නුවන් කුලසේකර : 9-0-37-1, ඇන්ජලෝ මැතිව්ස් : 8-2-23-1, සචිත‍්‍ර සේනානායක : 10-0-46-2, රංගන හේරත් : 10-0-37-3, ලසිත් මාලිංග : 7.5-0-40-2

 



අදහස් (0)

ශී‍්‍ර ලංකාවට ලකුණු 161 ක අති විශිෂ්ට ජයක්

අන්ජන Wednesday, 03 July 2013 11:51 AM

ආයිත් ලංකාව ඉන්දියාවට පරාජය වෙන්නේ නැහැ. දැන් ඉතින් දිගටම ලංකාව හමුවේ ඔය ටික තමයි ඉන්දියාවට වෙන්නේ (නි)

:       0       0

කුරුවිට Wednesday, 03 July 2013 08:15 AM

ලංකා තරංග ඉන්දියා තරංගට වඩා ප්‍රභලයි (නි)

:       0       0

රුවන් Wednesday, 03 July 2013 11:54 AM

අනේ තරංග පළමු බෝලේටම දැවී ගියානම් මම සතුටුයි. දැන් ඉතින් අනිත් තරග වලටත් දමයි. මෙයා අන්තිමට ගැහුවට මුලදී හොඳට බෝල කනවා. තව මම හිතන්නේ ඉන්දියාව වුවමනාවෙන්ම මැච් එක පරාද වුනා කියලා. මොකද ඉන්දීය ටීම් එක ඇතුලේ ප්‍රශ්න ගොඩයි (නි)

:       0       0

රවී Wednesday, 03 July 2013 02:45 PM

රුවන් කියන තැනැත්තා ගැන කියන්න ලැජ්ජයි. හේතුව තමුන්ගේ මවු බිම ගොඩක් හෑල්ලුවට ලක්කරන ප්‍රතිචාර ඉදිරිපත් කරන නිසා. ඔය වගේ අයට කියන්න වචන තියනවා. රට නිතරම උතුම්, රටේ මිනිස්සුත් උතුම් කියලා හිතන්න. ලංකාවේ ඉදගෙන ලංකාවට නිගරු කරන්න එපා. අපේ කොල්ලෝ නිතරම මහන්සි වෙලා ක්‍රීඩා කරන්නේ. දිනුවත් පැරදුනත් අපේ කොල්ලෝ අපේ. ඒ නිසා ප්‍රතිචාර දානකොට රටේ නම්බුවත් රටවැසියන්ගේ නම්බුවත් ආරක්ෂා වෙන විදියට ප්‍රතිචාර කරන්න මනුස්සයෙකු විදියට.(නදී)

:       0       0

මලික් Wednesday, 03 July 2013 11:58 AM

එතකොට ICC කප් එක ඉන්දියාවට කීයටද වික්කේ? (දී)

:       0       0

දුමින්ද Wednesday, 03 July 2013 11:58 AM

අපේ කොල්ලන්ට සුභපතනවා

:       0       0

මිලින්ද Wednesday, 03 July 2013 11:58 AM

ජයවේවා අපේ කට්ටියට (දී)

:       0       0

මංගල Wednesday, 03 July 2013 08:21 AM

ඉන්දියාවට දුවන්න දුන්නා (නි)

:       0       0

රජිත Thursday, 04 July 2013 07:49 PM

හොද වැඩේ. ඒ ගොල්ලා දිනුවානම් වසලා හමාරයි මෙහෙ අපි.(නදී)

:       0       0

කුරුව්ට Wednesday, 03 July 2013 02:57 PM

රුවන් ඉන්දියාවට ආවඩන කෙනෙක්.(නදී)

:       0       0

නිමන්ත Tuesday, 02 July 2013 09:18 PM

2006 දී දැක්ක උපුල් තරංග නම් කාලෙකින් දැක්කේ න. දැන් ඉන්න තරංග නිකන් එලියට යන බෝලෙට බැට් එක දානවා විතරයි (අ)

:       0       0

නොයෙල් Wednesday, 03 July 2013 03:04 PM

අපේ සිංහයෝ ඉන්දියාවට දුන්නා අවුරුදු ගානකට අමතක නොවෙන්න. ඉතිරි තරග පැරදුනත් කමක් නැහැ සෝබන ඉන්දියාවට ගහලා (නි)

:       0       0

චමීර Wednesday, 03 July 2013 06:56 PM

දෝනි හිටියේ නැති එක අපිට වාසියක් වුණා. (ත)

:       0       0

ගුණවර්ධන Wednesday, 03 July 2013 08:33 AM

අපේ කොල්ලෝ දුන්නා ඉන්දියාවට දුවන්න (නි)

:       0       0

අමිල Wednesday, 03 July 2013 06:58 PM

මම උදේ තුනහමාර වෙනකන් හිටිය අපි ඉන්දියාව පරද්දනකන්. අපේ කොල්ලෝ දැන් පස්සට යන්න එපා. (ත)

:       0       0

ධම්මිකා Wednesday, 03 July 2013 08:46 AM

මහේල, තරංග ඇතුළු සමස්ත ශ්‍රී ලංකා පිළට මගේ උණුසුම් සුභ පැතුම්! කලාතුරකින් දකින විශිෂ්ට පිති හරඹයක්. (නි)

:       0       0

රාජී Wednesday, 03 July 2013 12:22 PM

ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්...! ඉදිරි තරග ජයගැනීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ගයි පෙරේරා Wednesday, 03 July 2013 07:22 PM

මේ ශක්තිය හැමදාම තියා ගන්න බලන්න ඔබට ජය වේවා!(නදී)

:       0       0

කිම් Wednesday, 03 July 2013 03:31 PM

මැච් දිනුවට පස්සෙත් අවලාද කියන අයනේ ඉන්නේ. සංගා 3 ට නොඑවිමත්, මාලිංග 2 ට පන්දු නොයැවීමත් ජයට වැඩිපුර හේතු වුනා. (නි)

:       0       0

නි-න ගමගේ Wednesday, 03 July 2013 09:02 AM

උපුල් තරංගට බැනපු අය අද ඔහුව අගයන්න එපා ලැජ්ජයි (දී)

:       0       0

අසංග Wednesday, 03 July 2013 12:36 PM

රුවන් ඔයා ලංකාවේද......? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 03 July 2013 03:38 PM

ඊලග මැච් එකේදී බඩ පූරා කන්න ලැබේවි. කලබල නැතුව ඉන්න ... (නි)

:       0       0

ජෙරී Wednesday, 03 July 2013 09:07 AM

සුපුරුදු තැන්පත් විලාශයෙන් පන්දු යැවූ රංගන හේරත් වැඩි සද්දයක් නොකරම කඩුලූ 3 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 60 න් ලකුණු 37 ක් පමණක් ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර දෙමිනි. ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායකද කඩුලූ දෙකක් බැගින් දවාගත්හ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 09:08 AM

එදා සංගා, තිරිමාන්න ක්‍රිකට් එපා කලා. අද උපුලුයි මහේලයි ආයෙත් අපිට ක්‍රිකෙට් ඕනෑ කෙරෙව්වා..ලංකාවට සුබ පැතුම්! බොරුවට කකුල් වෙව්ලවා ගන්නේ නැතුව බය නැතුව අත දිග ඇරලා ගහන්න, එදා සනත්ලා ගැහුවා වගේ..එහෙම ගහලා පරාද වුනත් කමක් නැහැ (නි)

:       0       0

ගයාන් සමීර Wednesday, 03 July 2013 09:10 AM

ගහන්නගහන්න දුවන එකා මෝඩයනේ, ආපහු හැරිලා අපේ උන් දුන්නා දුවන්නම (නි)

:       0       0

ලලිත් Wednesday, 03 July 2013 03:45 PM

අපට ඉන්දියාව පරදවන්න බැරි ඇයි කියලා හිතාගන්න බැහැ කියපු මැතිව්ස් දැන් මොකද කියන්නේ? මහේලව අයි සී සී තරඟ වලදීත් මුලින් නොඑවීම. මොකද මහේල කියන්නේ ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කල හැකි එඩිතර ක්‍රීඩකයෙක්.එය අද නැවත ඔප්පු කලා. ඉන්දියාව පරදවන්න පුලුවන් වුනානම් බටහිර ඉන්දියාව පරදන්න බැරි ඇයි කියලා මැතිව්ස් හිතුවොත් අපට ඒකත් දිනන්න පුළුවනි. (නි)

:       0       0

දිගන සුමුදු Wednesday, 03 July 2013 12:42 PM

නියමි කොල්ලෝ ඔහොම යන් අපේ උණුසුම් සුබ පතුම්. (ත)

:       0       0

ගයාන් Wednesday, 03 July 2013 08:16 PM

සනත් වැනි පිතිකරුවක් තාමත් නැ.උපුල් ඔබේවෑයම සර්තකයි නමුත් සනත් වැනි දැවන්තයෙක් විය නොහැකියි. සමාවන්න මට ඔබට ශක්තිය ලැබේවා (අ)

:       0       0

ගාමිණී Thursday, 04 July 2013 04:51 AM

එදා අයි සී සී පැරදුන වෙලාවෙත් කණ්ඩායම සමග හිටි අයකු ලෙස අපේ කණ්ඩායමට පළමුවෙන්ම ශුභ පැතුම්! අවසානයේදී මැතිව්ස් පැරදීමට හේතුව සොයාගෙන ඉන්දියාව පැරදුවා වගේම බටහිර ඉන්දියාවත් පරදන්න අද සිටම සැලසුම් කලොත් දින්නන්න පුළුවන් කියන ස්ථිර අධිෂ්ටානයෙන් ක්‍රියා කලොත් දිනන්න පුළුවන්. හැබැයි මේ දෙන්නා ඊලග එකෙත් මේ විදියටම ගහයි කියලා නොසිතා කණ්ඩායමේ අනෙක් අයත් තම යුතුකම විශේෂයෙන් නවකයන් ඉටු කලයුතුයි. අපි 96 ලෝක ශුරයෝ වෙද්දී එකොලොස් දෙනාම එකවගේ ක්‍රීඩා කලා කැපවීමෙන්. අද නවකයන්ට තම හැකියාව පෙන්වීමට මෙය හොඳම අවස්ථාවක් කර ගත යුතුමය. නැතිනම් සනත් ජයසුරියල, අර්ජුනලා, අරවින්දලා නැවත කැඳවන්න වෙයි මීළඟ ලෝක කුසලානෙට. (නි)

:       0       0

පහන් Wednesday, 03 July 2013 09:21 AM

අපේ කට්ටිය නම් හැදෙන්නේ නැහැ. ඉන්දියාව 348 ගහනකල් මැතිව්ස් ඔහේ බලාගෙන හිටියා. කෝලි 174 ගහනකල් මාලිංග පොල් ගෑවා .පිතිකරණ අංශය ඉතාම දුර්වලයි .අපි 187 ට ඉවරයි.ඉන්දියාව එක්ක අපිට නම් කවදාවත් දිනන්න බැහැ (දී)

:       0       0

අමිල Wednesday, 03 July 2013 09:21 AM

දෝනිගේ අඩුව හොදටම දැනුනා. කණ්ඩායමක් දිනන්න හොද නායකත්වයක් ඕනෑ. අපි ගොඩක් තරග පරදින්න හේතුවත් එයයි (නි)

:       0       0

කුමුදු Wednesday, 03 July 2013 09:25 AM

රට ගැන හිතුවම සතුටුයි. ඒත් තව අවුරුදු 2-3 එන වර්ල්ඩ් කප් එක ගැන හිතනකොට නම් කනගාටුයි. අපේ අය තම හිතන්නේ අද ගැන විතරයි. ඇයි අපිට බැරී ඉදිරි අවුරුදු 2-3 ගැන හිතලා තරුණ කණ්ඩායමක් හදන්න. (නි)

:       0       0

ටෙසාන් Wednesday, 03 July 2013 03:56 PM

අසංග, මම ඉන්නවා. මට තියන ප්‍රශ්නේ, මේ ගොල්ලෝ මේ විදිහට සෙල්ලම් කලේ නැත්තේ ඇයි කියලා. (නි)

:       0       0

ජනා Wednesday, 03 July 2013 09:32 AM

උපුල් තරංග නිශ්ශබ්ද දක්ෂයෙක් (නි)

:       0       0

කුමාර් Wednesday, 03 July 2013 04:07 PM

දිනපු එකට සුභ පැතුම්, ඒ වුනාට ඉදිරි දවස් ටිකේ ජීවිතය හරියට තියාගෙන හිටියොත් ඉතිරි තරඟ ටිකත් දිනාගන්න පුළුවන්, අර අපේ ඒ ටීම් එකේ අයවගේ බීල කාලා පිස්සු නටයිද දන්නේ නැහැ (නි)

:       0       0

සමින්ද Wednesday, 03 July 2013 04:09 PM

උපුල් තරංග සමග කුසල් ජනිත් ඕපන් කරලා මැතිව්ස් , සංගා,මහේල ,දිල්ෂාන් තිසර, කුලසේකර ,සචිත්‍ර,හේරත් .සහ මාලිංග ,කොහොමද?  මේ ටීම් එක එක් දින තරගය සදහා හොදනම් ජයසුරිය මහත්මයට අපි දෙමු ,තිරිමාන්න සහ චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමට විතරක් තියන්න ඕනා කියලා.(නදී)

:       0       0

අරුණ Wednesday, 03 July 2013 01:00 PM

ලංකා කණ්ඩායමට සුභපතනවා (දී)

:       0       0

චන්දන Thursday, 04 July 2013 06:57 AM

හොද තරගයක් බැලුවා කාලෙකින්.නියමයි. (නි)

:       0       0

සුරේශ් Wednesday, 03 July 2013 09:50 AM

ඉන්දියාවට කොච්චර පරාද වුණත් අපේ අය ගහන දවසට වාර්තා පිට වාර්තා තියලා තමයි ගහන්නේ (නි)

:       0       0

සුචින්ද්‍ර Wednesday, 03 July 2013 01:06 PM

අසංක ඔයා හරියට හරි. රුවන් නම් ලංකාවේ කෙනෙක් කියල මම හිතන්නේ නෑ. තරංග තමා හොදම ආරම්බක පිතිකරුවා. එයාගේ ක්‍රිකට් ඉතිහාසය බලන්න.(නදී)

:       0       0

චාමි Wednesday, 03 July 2013 12:04 AM

නිමන්ති ,2006 උපුල් තරංග අදවත් බලා ගන්න.174 නොට් අවුට්.ඔන්න දැන් තරංගට බැන්න උදවිය ඒවා අමතක ගානට අදහස් දේවි. ශූරයන්ගේ කුසලානේටත් තරංග ගියා නම් තත්වේ මීට වඩා වෙනස්. තරංග ගැන නොදන්නා කට්ටිය අද බලා ගන්න ඇති.මහේලත් දුන්නා උණ ගැනෙන්න. මම හිතනවා අපි අද දිනයි කියලා.ඒත් බලමු. අනාවැකි කියන්න බැහැනේ.අපේ කොල්ලන්ට වැටුන ඕනෑ වෙලාවක ඉක්මනට නැගිටින්න පුළුවන්. ඒක දැනට ඔප්පු කරලා ඉවරයි.අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 03 July 2013 01:09 PM

සුභපැතුම්

:       0       0

අනිල් Wednesday, 03 July 2013 12:06 AM

තරංග, තවත් ඉදිරියට යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ගයාන් Wednesday, 03 July 2013 10:04 AM

ශ්‍රී ලංකා කණ්ඩායමට අපි මුළු හදවතින්ම සුබ පතමු (නි)

:       0       0

ජයන්ත දිසානායක Wednesday, 03 July 2013 10:06 AM

ඉතා උසස් ගනයේ ජයග්‍රහණයක් ,ලෝකයේ සිටින ප්‍රබලම කණ්ඩායම අපේ කණ්ඩායමයි.ජයවේවා! (නි)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 01:12 PM

උපුල් තරංග අනිවාර්යයෙන් තරඟ සඳහා හිටිය යුතු ක්‍රීඩකයෙකි! දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට අත නොදා ඉන්නවනම් හොඳයි! (ත)

:       0       0

අසංග Wednesday, 03 July 2013 10:16 AM

කෝ දැන් අපේ කොල්ලන්ට දොස් කියපු අය. ඒක තමයි කියන්නේ ජය පැරදුම දෙකම බාරගන්න ඕනෑ කියලා.අසේල නිකන් බුරන්න එපා. අපේ කොල්ලෝ කවමදාවත් තරඟ පාවා දෙන්නේ නැහැ ඉන්දියාවේ ක්‍රීඩකයෝ වගේ. දෙයක් අගය කරන්න පුරුදුවෙන්න.අපේ කොල්ලන්ට ජයවේවා. (නි)

:       0       0

නස්මි Wednesday, 03 July 2013 10:17 AM

ඉන්දියාව සල්ලි අඩුවෙන් දීල තියෙන්නේ මේ පාර ....(අ)

:       0       0

ජාලිය Wednesday, 03 July 2013 01:17 PM

අනේ( රුවන්) ඔයා ක්‍රිකට් ගැන මොනාද දන්නේ ඉන්දියාව උවමනාවෙන් පැරදුනා කියන්නේ. ඔය හරියට ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු වගේ නේ. රුවන් කියලා නම තිබ්බට ඔයා ලංකාවට ආදරේ කෙනෙක් නෙමේ. ඔයා ඉන්දියාවට ආදරේ කෙනෙක්.(නදී)

:       0       0

නාරද Wednesday, 03 July 2013 10:24 AM

කට්ටිය මොකද කියන්නේ, ඊයේ මැච් එක අපි ගැහුවේ නියම විදියට (අ)

:       0       0

සරත් Wednesday, 03 July 2013 01:23 PM

මුල් පිතිකරුවන් දෙදෙනා ලකුණු අතරට ගියොත් අපේ කණ්ඩායම ගොඩක් වෙලාවට දිනනවා. එහෙම නුන දවසට පරාද වෙන පොඩි ලෙඩක් තියෙනවා. කලුවිතාරනලා වගේ කොල්ලෝ තව ඇති සොයල බලන්න. දේශපාලනය ක්‍රීඩාව එක්ක පටලන්නෙ නැතුව.(නදී)

:       0       0

සමීර Wednesday, 03 July 2013 04:48 PM

මෙයාලව වර්නනා කරන්න බැහැ. කපප් 1 ගන්නකම් වර්නනා කරන්න නරකයි. නැත්නම් මෙයාලා මානසිකව වැටෙනවා (නි)

:       0       0

අනුර Wednesday, 03 July 2013 04:50 PM

අපගේ සුබ පැතුම් ඉන්දික, ඔබ හරි (නි)

:       0       0

සනත් Wednesday, 03 July 2013 01:24 PM

කලින් තරග ටිකේ සෙල්ලම් කරපු විදිහ දැක්කම මැච් එපා වුනා (නි)

:       0       0

නදී Wednesday, 03 July 2013 01:52 AM

උපුල් තරංග කාලයක් හොදටම අසාර්ථක වුනා. දැන් ආයිත් හොදින් ක්‍රීඩා කරන ආකාරයයි පෙනෙන්නේ. (නි)

:       0       0

අසේල Wednesday, 03 July 2013 01:59 AM

එතකොට ICC කප් එක උඹලා ඉන්දියාවට කීයටද වික්කේ?(අ)

:       0       0

සරසි Wednesday, 10 July 2013 03:04 PM

ගාමිණී, ලංකා කණ්ඩායමත් සමග ICC පැරදුනු වෙලාවෙත් හිටියා කියන්නේ එයා එංගලන්තෙ කෙනෙක් ද (අ)

:       0       0

සංගීත් Wednesday, 03 July 2013 02:04 AM

උපුල් තරංග අයි.සී.සී ශුරයන්ගේ කුසලානයට දැම්මම නම් කියන අයට කියන්න තියෙන්නේ එකම දෙයයි.උපුල් තරංග ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් බව ඇත්ත. ඒත් තම දක්ෂතා එක දිගට තියාගන්න බැරි වුණාම, තරගවලදී දිගින් දිගින් දිගටම අසාර්ථක වෙනකොට තේරීම් කමිටුවටත් කරන්න දෙයක් නැහැ. ඔය දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් ජනිත්ලාටත් ඕක වෙන්න වැඩි කාලයක් නැහැ. (නි)

:       0       0

සදුනි Wednesday, 03 July 2013 02:06 AM

ඔය එක තරගයකදී දෙකකදී දක්ෂතා දක්වලා පුම්බගෙන ඉන්න අලුත් ක්‍රීඩකයන්ට මේවා හොද පාඩම්. (නි)

:       0       0

සංක Wednesday, 03 July 2013 02:11 AM

අපීට සනත් ජයසුරිය කොපී කැට් අවශෂ නැත, ඕනේ තමන්ගේම අනන්‍යතාවයක් ඇතී උපුල් තරංග වැනි ක්‍රීඩකයන් ය.(අ)

:       0       0

දර්ශන Wednesday, 03 July 2013 02:14 AM

උපුල් තරංග ඉතා දක්ෂ ලෙස තේරීම් කමිටුවට උත්තරයක් දුන්නා. මෙයයි සිදුවිය යුත්තේ.(අ)

:       0       0

සමන්ත Wednesday, 03 July 2013 02:17 AM

අපේ තරිඳු මැච් 1 බලනවද දන්නෙ නැහැ (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 03 July 2013 01:44 PM

අසේල ,නසමි, රුවන් ඔය ගොල්ලෝ ක්‍රිකට් තියා ඇට බෝලවත් සෙල්ලම් කාලද කියන්න මට නම් සැකයි. හොදම දේ නොදන්නා දේවල් ගැන කතා කරලා මෝඩ කම ලෝකයට පෙන්නන් නැතිව නිස්සබ්දව ඉන්න. අපේ කොල්ලෝ පැරදුන වෙලේ බලු බැනුම් බැන්නා මහදැන මුත්තලත් අද පූස් පැටව් වගේ. දැන්වත් දනාත්මකව හිතන්න.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 03 July 2013 10:58 AM

ඉන්දියාවේ අය දැන් කියාවි දෝනි නැති නිසා පැරදුනා කියලා..... (නි)

:       0       0

බසීක් Wednesday, 03 July 2013 03:17 AM

ඉන්දියාවට රිදෙන්න ගහපු එක නියමයි (නි)

:       0       0

සුජීව Wednesday, 03 July 2013 03:23 AM

මහේල ,තරංග, ඔබ දෙපලගේ ක්‍රීඩා ඉනිම නිසා ශ්‍රී ලංකාවට නිසැක ජය! (නි)

:       0       0

අසින්ත Wednesday, 03 July 2013 01:56 PM

රුවන් , ඔය කන්නේ පුන්නක්කුද?(නදී)

:       0       0

ඉන්දික Wednesday, 03 July 2013 11:14 AM

නියමයි (නි)

:       0       0

නිසල් Wednesday, 03 July 2013 05:34 AM

ඉන්දියාවට කාලෙකින් හොද තරගයක් (නි)

:       0       0

අරුණ Wednesday, 03 July 2013 11:17 AM

සෙමින් ඉපිලිනු කෙටි තරංග වලින් පසුව ඉපිලිනු ප්‍රචණ්ඩ තරංගයෙන් මුළු භාරතයටම බරපතල හානි ගෙන එන ලදී (නි).

:       0       0

රුෂාන් Wednesday, 03 July 2013 02:05 PM

මෙතන අදහස් දාන අය දිනනකොට හොදයි කියනවා, පරදිනකොට බනිනවා. මොලේ ඇතුව කතා කරන්නෙම නැහැ (නි)

:       0       0

අරුණ-දෝහා Wednesday, 03 July 2013 11:25 AM

උපුල් ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.(අ)

:       0       0

චනික Wednesday, 03 July 2013 02:06 PM

අපේ කොල්ලෝ වැඩකාරයෝ (නි)

:       0       0

මලික් Wednesday, 03 July 2013 11:29 AM

මේ දවස්ටිකේ මුන්ට තිබුණු විසේ...(අ)

:       0       0

සිතාරා Wednesday, 03 July 2013 02:16 PM

තරංග හා මහේල, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රකිත් Wednesday, 03 July 2013 07:26 AM

උපුල් තරංග දක්ෂ පිතිකරුවෙක්. ඒ බව ඔහු එක් දින තරඟවල ලබා තිබෙන ශතක 13න් ඔප්පු වෙනවා. කාලයක් ඔහු ලකුණු අතර නොසිටි බව ඇත්ත. නමුත්, නියම පිතිකරුවකුගේ ස්වභාවය විය යුත්තේ පිටියේ සැලකිය යුතු වෙලාවක් රැඳී සිටියේ නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමයි. නැතුව, පන්දු අපතේ යවමින් 30 ට 40 ට දැවී යාම නෙමෙයි. (නි)

:       0       0

ගයාන් Saturday, 06 July 2013 04:54 PM

අනේ මේ බොරු කියන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 700 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3615 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1299 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site