IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක්

(යොහාන් භාසුර, මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.16 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 358 ක් රැස් කළ යුතුය.
සුපිරි පිතිකරු ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 4 කට ඩිල්ෂාන් මධුසංඛ සීමා කිරීමෙන් පසු ෂුබ්මන් ගිල් (92) සහ විරාට් කෝලි (88) දෙවැනි කඩුල්ලට 189 ක සම්බන්ධතාව පැවැත්වූහ.

ගිල් සහ කෝලි ලකුණු 10 ක් රැස් කිරීමට පෙර දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩපන්දු ගිලිහී යාමෙන් මග හැරුණි.

යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 80 කට කඩුලු 5ක් දවා ගනිමින් සිය එක්දින දිවියේ ඉහළතම පන්දු යැවීමේ දක්ෂතාව වාර්තා කළේය.

ඉන්දීය පිල ඕවර 50 දී කඩුලු 8 ක් දැවී 357
(ෂුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, කේ. එල්. රාහුල් 21, ශියාස් අයිර් 82, රවීන්ද්‍ර ජඩේජා 35, ඩිල්ෂාන් මධුසංඛ 80/5)



අදහස් (3)

ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක්

බද්රානි Thursday, 02 November 2023 08:12 PM

අපිට ණයට සල්ලිත් දුන්නු නිසා ඉන්දියාවට ජයවේවා...! අනික ඉතින් ඉන්දියාව අපේ ලොකු අයියනේ...! 

:       0       0

මැක්ස් Thursday, 02 November 2023 08:12 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කාරයින්ට සිදු වූයේද අරගල රැලට සිදු වූ දේමයි. අවසානයේ තමන් හිටියාටත් වැඩි පහලට වැටීමයි. නීතිය යනු තමන් යයි සිතූ අරගල ගොබ්බයිනි, මේ තොප විසින් ඇතිකළ අරාජිකත්වයේ තවත් අතුරු ප්‍රතිඵලයකි...!

:       0       0

Perera Thursday, 02 November 2023 11:39 PM

පුදුමයි, ලංකාව ක්‍රිකට් ගහනවා බලන්න, ප්‍රේක්ෂකයෝ ඉතුරුවෙලා ඉන්න එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 50 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 262 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 67 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2227 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 104 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 3121 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1218 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site