IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලොවටම ආදර්ශයක්“

ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලෝකයට ආදර්ශයක් යැයිද එය රැක ගැනීමට ඕනෑම කැප කිරීමක් කරන්නේ යැයිද ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික තරුණියක වන මේනහා කන්දසාමි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ උද්ඝෝෂණයකදී පැවසුවාය.  ඕස්ටේ‍්‍රලියා රජය අධ්‍යපන හා වෘත්තීය පුහුණු ආයතන වලට ලබාදෙන පහසුකම් කප්පාදු කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්විණි. ලංකා වතු කම්කරුවන්ගේ (රතු කොඩි) කාන්තා පෙරමුණේ සභාපතිනිය වන ඈ පැවසූයේ   ශ‍්‍රී ලංකා රජය වතුකරයේ පාසල් නගාසිටුවීමට ලබාදෙන මුදල් ප‍්‍රතිපාදන නිසිලෙස වතුකරයේ ප‍්‍රධානීන්  ඊට  යොදවන්නේ නැති බවත්,  ඕස්ටේ‍්‍රලියා  රජයටද අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන නගාසිටුවීමට පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැති බවත්ය.



අදහස් (0)

‘‘ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලොවටම ආදර්ශයක්“

අකිල Friday, 12 October 2012 09:40 AM

මට නම් හිනා යනවා

:       0       0

ෆාරු Friday, 12 October 2012 09:52 AM

කෑ කෝ ගහනවට සල්ලි හම්බ වෙනවද ? (ස)

:       0       0

උපුල් Thursday, 11 October 2012 10:05 PM

බයිල තමයි. (අ)

:       0       0

උපාලි Thursday, 11 October 2012 10:15 PM

මට මොකවත් ඇහෙන්නේ නැහැ

:       0       0

ලාල් Saturday, 13 October 2012 12:35 PM

සුභපැතුම්

:       0       0

චින්තක Thursday, 11 October 2012 10:31 PM

මේ වගේ අධ්‍යාපනයක් ලෝකේ කොහෙවත් නැහැ

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:15 PM

කන්දසාමි මෙනෙවියට ස්තූතියි, අපේ රටේ අගය පිටරැටියන්ට පැහැදිලි කළාට. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 11 October 2012 10:36 PM

දෙමළ දරු දැරියන් වෙනුවෙන් පමණද උනන්දු වෙන්නේ? (නි)

:       0       0

ඇලෙක්ස් Thursday, 11 October 2012 10:45 PM

නිදහස් අධ්‍යාපනයෙන් උගත් හුගක් අය මේ වගේ කතාකරනවා. (නි)

:       0       0

ෆාතිමා Friday, 12 October 2012 10:52 AM

වෙන්න පුළුවන්.... ඉස්සරද

:       0       0

රොෂාන් Saturday, 13 October 2012 07:16 PM

නිදහස් අධ්‍යාපනයට ජය වේවා..!(නු)

:       0       0

sltk2004 Friday, 12 October 2012 11:05 AM

නිදහස් අධ්‍යාපනය (Free education ) කියන්නේ මිත්‍යාවක්. ඕකට රටේ මුළු ජනතාවම කරගහනවා නේ. දැන් තියෙන විදිහට ඉගෙනීමක් ඕනේ කියල හිතන, එපා කියල හිතන හැමෝම ඉගන ගන්නවා. සමහරු ඉගන ගත්තකියල ඇත්තටම රටට හෝ තමාට ප්‍රයෝජනයක් නැහැ. ඇත්තටම තිබියයුත්තේ ඕනේ කමක් තියෙන අයට පමණක් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක්. එහෙම ඉගෙනගන්න අයත් යම් කැපකිරීමක් කරන්න ඕනේ - ඉගෙනගන්න කාලයේම නොවුනත් ඉන් පසුව හෝ. (ස)

:       0       0

උපුල් Friday, 12 October 2012 12:11 AM

අපි කන හැටි අපි දනී කිවුවලු. මාසෙකට ළමයින්ගේ පන්ති වලට යන වියදම දන්නේ අපිනේ. (නි)

:       0       0

පුලස්ති Friday, 12 October 2012 12:24 AM

අපි දේශපාලන හේතූන් මත රජයට බණිනවා තමයි. ඒත් මගේ රත්තරන් රටට අපහාස කරන්න ‍එපා. මොනවද මෙයා මේ කියන කතා? (නි)

:       0       0

ප්‍රභාත් Friday, 12 October 2012 11:41 AM

සන්තෝසයි

:       0       0

කිවි Friday, 12 October 2012 04:20 PM

බුරුතු පිටින් ඕස්ට්‍රේලියාවේ සුද්දන් දැන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට එන්නේ ඕක නිසානේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 12 October 2012 12:50 AM

දහම් පාසල් අරින්න වෙයිද? (නි)

:       0       0

පිටිගල Friday, 12 October 2012 01:02 AM

ද්විත්ව පුරවැසිකමට වටිනාකමක් එක්කරගන්න දරන උත්සාහයක්වද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Friday, 12 October 2012 01:41 AM

වකුකරයෙන් ඡන්දය ඉල්ලනවත් බලාපොරොත්තුවක් තියෙනවද මන්දා? (නි)

:       0       0

සුභාෂිණි Friday, 12 October 2012 02:04 AM

ලංකානේ නිදහස් අධ්‍යාපනයේ රඟ ළමයෙක් පාසලකට දමන්න ගියහම, විභාගයක් කරන්න ගියහම, විශ්ව විද්‍යාලයකට‍ ගියහම අපිට පෙනෙනවා. (නි)

:       0       0

සිසිර Friday, 12 October 2012 02:48 AM

මොනවා වුණත් මේ නැගණියගේ වැඩේ හරි. කතාව ඇත්ත. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 12 October 2012 04:43 AM

කන්දසාමිලා කොන්ද කඩාගන්නමද මන්දා හදන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Friday, 12 October 2012 04:51 AM

මේ කතාව සම්පුර්ණ ඇත්ත. මොන රටේද විභාගේ පාස්වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් බලාගෙන ඉන්න ඕනෑ, විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඒකටත් නඩු කියලා සෑහෙන්න කරදර වෙලා. මේක මුළු ලෝකෙටම ආදර්ශයක් නොවේද? (නි)

:       0       0

සනා Friday, 12 October 2012 05:06 AM

කාඩ් බෝඩ් වීරයෝ (ස)

:       0       0

ගජබා Friday, 12 October 2012 06:47 AM

අනිත් රටවල් ගැන මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඕස්ට්ට්‍රේලියවෙ නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ගෙවිය යුතුයි. එය ණයක් ලෙස ලබා ගෙන පසුව රැකියාවක් කිරීමේදී ගෙවිය හැකියි. ලංකාවේ, පාසලේ සිට විශ්ව විද්‍යාලය අවසන් වන තුරුම නොමිලේ අධ්‍යපනය ලැබිය හැක. (නි)

:       0       0

දුමින්ද Friday, 12 October 2012 07:12 AM

අපගේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපේ යුතුකමයි. (නි)

:       0       0

පරාක්‍රම Friday, 12 October 2012 07:06 AM

ලංකාවේ, පාසලේ සිට විශ්ව විද්‍යාලය අවසන් වන තුරුම නොමිලේ අධ්‍යාපනය ලැබිය හැක. (නි)

:       0       0

ජිල් Friday, 12 October 2012 07:15 AM

ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිකම් දීම තමයි හෙණේ වෙලා තියන්නේ. (නි)

:       0       0

සුප්රා Friday, 12 October 2012 07:56 AM

ඇත්තටම කියනවා නම් නිදහස් අධ්‍යාපනය ගැන, ලංකාවේ තියෙන ටියුෂන් කඩ ටික වැහුවානම් බලාගන්න පුලුවන්. (නි)

:       0       0

නන්දලාල් Friday, 12 October 2012 06:04 PM

ඇගේ කතාව ඇත්ත. අපේ රටේ අධ්‍යාපනයේ අගය දැනෙන්න නම් පිටරටකට යන්නම ඕනෑ. (නි)

:       0       0

අසේල Friday, 12 October 2012 08:10 AM

අනේ අනේ මෙහෙමත් කතා? ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබාගෙන පිටරටට වෙලා ඉන්නේ රටට තියෙන ආරදය හින්දද? (නි)

:       0       0

හිරන්ත Thursday, 11 October 2012 07:45 PM

රටින් පිට ගියාම තමයි ලංකාවෙ අගේ තේරෙන්නේ.. (නු)

:       0       0

මනම්පේරි Friday, 12 October 2012 08:31 AM

මේ කතා සියල්ල ඇත්ත වුණත් කිසිවක් හරියට නොකෙරෙන එකයි තියෙන ප්‍රශ්නය. (නි)

:       0       0

ලුම්බිණි Friday, 12 October 2012 08:37 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන පිටරට ඉන්න එක ප්‍රශ්නයක් නොවෙයි. මේ අය බොහොම දෙනෙක් ලංකාවට සල්ලි (විදේශ විනිමය) එවනවා. ලංකාවට නිවාඩුවට එනවා. රටට බරක් නොවී ඉන්න එක නරක නැද්ද? මේ හැම දෙයක්ම රටට හොඳ දේවල්. ඒත් නිදහස් අධ්‍යාපනය ලබාගෙන රටේ ඉඳගෙන රට විනාශ කරන එක ඊට වඩා ලොකු වරදක් නොවේද? (ස)

:       0       0

වරුණ Friday, 12 October 2012 08:41 AM

ආදර්ශය බලාගන්න තිබුණා පෙරෙයිදා අපේ රටට ආවානම්... (නි)

:       0       0

සරත් Friday, 12 October 2012 08:58 AM

මමනම් කියන්නේ කන්නන්ගර මහත්තයා ඇතිකරපු දේ ඉදිරියටත් රැකගත යුතුමයි කියලා (ස)

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 08:17 PM

හොද හඩක්..!(නු)

:       0       0

කිර්ති Saturday, 13 October 2012 10:36 AM

ඒ කතාවනම් ඇත්ත

:       0       0

රෂ් Thursday, 11 October 2012 08:28 PM

මෙයාලා බොරුවට කෑ ගහනවා.. මුළු ලෝකෙම තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අපේ ලංකාවෙ නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද?(නු)

:       0       0

ලක්ෂ්මන් Friday, 12 October 2012 09:18 AM

ඉස්සරනම් එහෙමයි

:       0       0

ලක්ෂ්මන් Friday, 12 October 2012 09:23 AM

ඒ කතාවනම් සහතික ඇත්ත වෙන නැත්නම්

:       0       0

දුශ්ෂන්ත යක්ගහපිටිය Thursday, 11 October 2012 08:58 PM

සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් නිදහස් අධ්‍යාපනය ඉතා වටිනවා (අ)

:       0       0

අසේල Friday, 12 October 2012 09:36 AM

මට නිකන් පිස්සු වගේ

:       0       0

ක්‍රිෂාන් Saturday, 13 October 2012 11:36 AM

ලංකාවේ අධ්‍යාපනය ලොවටම විහිළුවක් වේගෙන යන පාටයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 5 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 58 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1865 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site