IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී සියලූම ධෛර්යය යොදා කණ්ඩායමේ අභිමානය වෙනුවෙන් සටන් වදින බව ශී‍්‍ර ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මහවැලි රීච් හෝටලයේදී අද (3 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මැතිව්ස් මේ බව පවසා සිටියේය. ”අප අපගේ අභිමානය වෙනුවෙන් සටන් වදිනවා” ”මේ තරගයේ ප‍්‍රතිඵලයෙන් තරගාවලියේ ඉරණම වෙනස් කරන්න බෑ කියලා අප දන්නවා තමයි. ඒත් කණ්ඩායමේ අභිමානය රැුකගන්නට මේ අවස්ථාව උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට අරගෙන තරගය ජයගන්න  ඕනෑ” යයිද මැතිව්ස් ඊයේ පැවසීය.



අදහස් (0)

ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී

අමිල Saturday, 04 August 2012 08:41 PM

අද තරඟයෙන් පස්සේ කස්ටියට මුණ වහගෙන තමා පාරේ යන්න වෙන්නෙහ්(නු)

:       0       0

ආනන්ද Saturday, 04 August 2012 08:49 PM

ඕකෙ ප්‍රතිපලේ හැමෝම දන්නවානෙ.. අමුතුවෙන් බලන්නෙ මොකටද?(නු)

:       0       0

ගුණරත්න Friday, 03 August 2012 08:45 PM

පැරදුණාට පස්සේ මොන අභිමානයක්ද? (නි)

:       0       0

සජී Friday, 03 August 2012 09:17 PM

ආන් අපි නම් දැන් ඔය පරදින තරග බලන එක නවත්තලයි තියෙන්නේ. (නි)

:       0       0

රංග Saturday, 04 August 2012 10:10 PM

ඇග බේරගන්න නායකයෝ ඉන්නකොට තව මොනවද කතා...?(නු)

:       0       0

අරුණ Friday, 03 August 2012 10:46 PM

මට නම් මෙයාලව පෙන්නන්න බැහැ. (නි)

:       0       0

බලංගොඩ Sunday, 05 August 2012 04:38 AM

තියන අභිමානෙත් නැති වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

සනත් ඉන්දික Sunday, 05 August 2012 04:45 AM

අයි මගේ කොමෙන්ට් කපන්නේ ? මම දාපු 5 ක්ම කැපුවේ. මම ලියනවා සැර වැඩිද?

:       0       0

උදේනි Friday, 03 August 2012 11:45 PM

ලංකාවේ අභිමානය නෙවෙයි, ඔයාලගේ ලැජ්ජාව නැති කරගන්න බලන්න. (ත)

:       0       0

සමන් Saturday, 04 August 2012 12:38 AM

හෙට අපිට අභිමානය ඇතිව දිනන්න පුළුවන්. (ත)

:       0       0

සමීර Saturday, 04 August 2012 07:00 AM

ලොවෙත් නෑ මැතිව්ස්.. (ත)

:       0       0

අමිල Saturday, 04 August 2012 07:06 AM

ජය වේවා! ජය වේවා! දිනුම පැරදුම මොකක් වුණත් අපේ කොල්ලොනේ ඉතිං. (නි)

:       0       0

සසන්ක Sunday, 05 August 2012 07:59 AM

අභිමානය සැබවින්ම රැක ගැනීමට නම් මීට වඩා හොඳින් ක්‍රීඩා කිරීම සිදු කළ යුතුය. (නි)

:       0       0

අතුල Saturday, 04 August 2012 08:50 AM

ජය පැරදුම දෙකම එකසේ දරාගත යුතුයි . ඔවුන් තරග දිනන විට විතරක් වීරයන් සේ සළකන්න අපේ අය පුරුදුවෙලා ඉන්නේ. 4 වන තරගයේ පරාජයට විනිසුරු තීරණයත් ගොඩක් බලපෑවා. ඔබගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා පතනවා. (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 04 August 2012 12:05 PM

ඔයා පැන්නේ බළලා මලලෙන් එළියට. ඒ කියන්නේ මෙයාලා කලින් රටේ අභිමානය ගැන හිතලා නැහැ කියන එකනේ. දැන්නම් මුළු රටම විනාසේටමයි යන්නේ. එහෙන් බාල ඩීසල්. පාර්ලිමේන්තුව පළාත් සභා, ප්‍රාදේශීය සභා, අමාත්‍යංශ වල ඉන්න දෙතුන් දාහක පිරිසක් මුළු රටේම ඉන්න කෝටි දෙකක ජනතාවගේ රීරි මාන්ශ උරාගෙන කනවා. කවදද මේ රටේ මිනිස්සු සැනසිල්ලේ හුස්මක් ගන්නේ? මේ හැම දෙයකටම මුල දේසපාලනේ. කමක් නැහැ. 2012/12/21 වැඩි ඇතක නෙමෙයිනේ. (නි)

:       0       0

සාමා Saturday, 04 August 2012 12:52 PM

ඇත්තටම පරදිනවා බලන ‍අපේ කාලයට කවුද ගෙවන්නෙ..! (නු)

:       0       0

දුමින්ද Saturday, 04 August 2012 02:13 PM

අද තරගයක් තියෙනවාද?(නු)

:       0       0

උපුල් Saturday, 04 August 2012 03:13 PM

අපේ ලංකාවෙ කොල්ලන්ට ජය.., දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා... වැටි වැටි නැගිටපු ඒකාලෙ.. ආයෙමත් ඒ වගේ කාලයක් නමුත් නැගිටින්න උත්සාහ කරමු.. අපි මුළු හදවතින්ම සුභ පැතුම්..!!(නු)

:       0       0

සිංහබාහු Saturday, 04 August 2012 04:36 PM

ක්‍රිකට් කියන්නේ තමුන්ගේ රස්සාව! ඉතින් තරගය තරගයක් විදිහට කරන එක තමුන්ගේ රාජකාරිය! ගහන හැම තරගයක්ම දිනන්න කියන තරමට ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයෝ කුහක නැහැ. පැරදුනත් කමක් නැහැ හොද තරගයක් දීලා. එකටයි අභිමානය කියන්නේ. (නු)

:       0       0

රවීනාත් Saturday, 04 August 2012 04:53 PM

මෙයත් දේශපාලයට යාවිද? මේ විදිහට කතා කරන්නෙ..(නු)

:       0       0

රුවන් Saturday, 04 August 2012 07:38 PM

සිංහබාහුගේ කතාව ඇත්ත. බය නැතිව ගහලා පැරදුණත් කමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6667 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4987 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 931 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1332 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3188 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4163 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40182 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site