IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට එයි

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමු වටයේ අවසන් තරගය ලෙස ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 20 කින්  ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 20 වැනිදා කාඩිෆ්හිදී ද, එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු අවසන් පූර්ව තරගය 19 වැනිදා ලන්ඩන්හිදී ද, පැවැත්වීමට නියමිතය.

එම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා පිල  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 164 කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළේ නම් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට ඒමේ අවස්ථාව තිබුණි.

මෙහිදී  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 29.1 කදී හෝ ඊට පෙර ජය ලැබුවේ නම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර  ඕස්ටේ‍්‍රලියාව ඊට පසුව හෝ ජය ලැබුවේ නම් ශ්‍රී ලංකාව ද තරගාවලියෙන් ඉවතට විසිවී නවසීලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි.

ක්ලින්ට් මැකේ (30) සහ සේවියර් ඩොහර්ටි (නොදැවී 15) 10 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 41 ක සම්බන්ධතාව පන්දු යැවූ තිලකරත්න ඩිල්ෂාන් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුවත් සමග අවසන් වීමෙන් ශ්‍රී ලංකාව අවධානමින් ගැලවුණි.

නුවන් කුලසේකර දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 42 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.  

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධන පන්දු 81 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 253 ක් දක්වා රැගෙන ඒමේ පුරෝගාමියා බවට පත්විය.

මෙහිදී මහේල ජයවර්ධන එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කළේය. මහේල මේ වන විට එක්දින තරග 394 කදී ලකුණු 11,022 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එයට ශතක 15 ක් සහ අර්ධ ශතක 69 ක් ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 ක් රැස්කළ තෙවැනි ක‍්‍රීඩකයා සහ ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 ක් රැස් කළ 8 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ඉතිහාසයට එක්විය. සනත් ජයසූරිය (13,430) සහ කුමාර් සංගක්කාර (11,237) මහේලට ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.

ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම එක්දින සහ ටෙස්ට් ලකුණු ලාභියා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එක්දින ලකුණු 18,426 ක් රැස්කර තිබේ.  

ළහිරු තිරිමාන්න සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක අගනා සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 58 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය.

ඕස්ටේ‍්‍රලියානු තාවකාලික නායක ජෝර්ජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත්, මිචෙල් ජොන්සන් යැවූ පළමු පන්දුවට අලංකාර පහරකින් ලකුණු 4 ක් ලබාගත්ත ද, තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරද හසුව දැවී ගියේය. එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කළ කුමාර් සංග්කකාර ලකුණු 3 ක් ලබා මුළු ලකුණු සංඛ්‍යාව 20 ක්ව තිබියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිල සසල විය.

ඕස්ටේ‍්‍රලියානු නිත්‍ය නායක මයිකල් ක්ලාක් ආබාධයකට ලක්ව සිටින නිසා මෙම තරගයෙන් ද ඉවත්ව සිටියේය.

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.   

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම

කුසල් ජනිත් - ක.මු.කළා ප. ජෝන්සන්    4
තිලකරත්න ඩිල්ශාන් - ඇ. වොට්සන් ප. ඩොහර්ටි    34
කුමාර් සංගක්කාර - ඇ. මැක්ස්වෙල් ප. මැකේ    3
ළහිරු තිරිමාන්න - ඇ. වොට්සන් ප. ජෝන්සන්    57
මහේල ජයවර්ධන - නොදැවී    84
ඇන්ජලෝ මැතිව්ස් - ප. ෆෝක්නර්    12
දිනේෂ් චන්දිමාල් - ඇ. හියුස් ප. ජෝන්සන්    31
නුවන් කුලසේකර - දුවද්දී දැවී ගියා    6
රංගන හේරත් - දුවද්දී දැවී ගියා    2
ලසිත් මාලිංග - නොදැවී    2
අතිරේක             18
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී    253

කඩුලු වැටීම:  
1-8, 2-20, 3-92, 4-128, 5-159, 6-224, 7-234, 8-244

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා: 

ශමින්ද එරංග

පන්දු යැවීම:
මිචෙල් ජෝන්සන් : 10-0-48-3, ක්ලින්ට් මැකේ : 10-1-51-1, ජේම්ස් ෆෝක්නර් : 9-0-60-1, ෂේන් වොට්සන් : 4-0-14-0, සේවියර් ඩොහර්ටි : 10-1-30-1, මිචෙල් මාර්ෂ් : 2-0-12-0, ග්ලෙන් මැක්ස්වෙල් : 5-0-26-0

 

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම

ෂේන් වොට්සන් - ප. කුලසේකර    5
පිලිප් හියුස් - ඇ. සංගක්කාර ප. කුලසේකර    13    
ග්ලෙන් මැක්ස්වෙල් - ප. මාලිංග    32    
ජෝර්ජ් බේලී - දුවද්දී දැවී ගියා    4
ඇඩම් වෝග් - ඇ. එරංග ප. හේරත්    49
මිචෙල් මාර්ෂ් - ප. මැතිව්ස්    4
මැතිව් වේඞ් - ඇ. ඩිල්ශාන් ප. කුලසේකර    31
ජේම්ස් ෆෝක්නර් - ඇ. සංගක්කාර ප. හේරත්    17
මිචෙල් ජෝන්සන් - ඇ. කුලසේකර ප. එරංග    4
ක්ලින්ට් මැකේ - ඇ. සහ ප. ඩිල්ශාන්    30
සේවියර් ඩොහර්ටි - නොදැවී    15
අතිරේක             29
එකතුව  ඕවර 42.3 කදී සියළු දෙනා දැවී    233

කඩුලු වැටීම:  
1-9, 2-45, 3-59, 4-69, 5-80, 6-127, 7-163, 8-168, 9-168, 10-233

පන්දු යැවීම:
ශමින්ද එරංග : 8-1-40-1, නුවන් කුලසේකර : 9-0-42-3, ලසිත් මාලිංග : 9-0-60-1, රංගන හේරත් : 10-0-48-2, ඇන්ජලෝ මැතිව්ස් : 3-0-21-1, තිලකරත්න ඩිල්ශාන් : 3.3-0-11-1

 

ළහිරු තිරිමාන්න පිතිහරඹයේ යෙදෙමින්...

 

 

 

    

 

 

 

 

 

 

 

 

 

නුවන් කුලසේකර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහේල ජයවර්ධන



අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට එයි

නිමල් පෙරේරා Tuesday, 18 June 2013 10:00 AM

අපේ කට්ටියගේ මානසික තත්වය දැන් ඉතා හොඳයි. එනිසා ඉන්දියාවත් එක්ක ගේමක් නැහැ. (නි)

:       0       0

ජීවා Tuesday, 18 June 2013 02:14 PM

අපි ගියා තරගය බලන්න. අපට හරි සතුටුයි. ක්‍රීඩාගාරය පුරාම හිටියේ ලංකාවේ අය. ඒ වගේම ලංකාවේ දෙමල අයත් ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ ඔක්කොමලා හොඳ සහයෝගයක් දුන්නේ අපේ කණ්ඩායමට. එතන කිසිම ජාති බේදයක් තිබුනේ නැහැ. හැමෝමටම තිබුනේ ලාංකිකයෝ කියන හැගීම. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:32 AM

අනේ කාට පැරදුනත් කමක් නැහැ ඉන්දියාවට නම් පරදින්න එපා. ඉතිරි තරඟ දිනන්න අපේ කණ්ඩායමට සුබ පතමි (නි)

:       0       0

චමි Tuesday, 18 June 2013 01:33 AM

මරු අපේ කොල්ලෝ. දැන් ඉන්දියන් කට්ටියත් ගෙදර අරිමු .අපේ කොල්ලන් ඉදිරියටම යේවා! (නි)

:       0       0

පහන් Tuesday, 18 June 2013 01:41 AM

චීනේ ,රුසියාව කප් එක ගෙනිච්චත් කමක් නැහැ ,ඉන්දියාව පැරදිලා. මට අර කෝලි කියන කෙනාව පෙන්නන්න බැහැ. (නි)

:       0       0

මහවැලි Tuesday, 18 June 2013 01:41 AM

ලෝක පුජිත ක්‍රිකට් කැන්ගරුවන්ගේ ජයග්‍රාහී ඔද තෙද සුනු විසුනු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

ප්‍රභා Tuesday, 18 June 2013 01:43 AM

කොහෙද අර හොදට පන්දු යවන සදරුවන්? (නි)

:       0       0

චමින්ද Tuesday, 18 June 2013 06:17 PM

අලුත් ටීම් එකක් ගැන හිතුවට තවම ජ්‍යෙෂ්ටයෝ නැතුව ගේමක් ගොඩ දාගන්න බැහැනේ (නි)

:       0       0

අනිල් Tuesday, 18 June 2013 02:09 AM

තිසරව අවසන් තරග වලට දාන්න. (නි)

:       0       0

චාමර Tuesday, 18 June 2013 02:45 PM

ජය වේවා අපේ කොල්ලනේ !!! මොනවා උනත් අල්ලපු රට භයයි අපිට. (දී)

:       0       0

නොයෙල් Tuesday, 18 June 2013 02:57 PM

කෝලි සහ රයිනා අපිට දර්ශනය වේවිද මෙදා පාරත් ?(නි)

:       0       0

යොහාන් Tuesday, 18 June 2013 11:03 AM

අපිට අනිත් කණ්ඩායම් සමග තරගයක් නැහැ,තරගේ තියෙන්නේ අල්ලපු රට සමග. මේ තියන තත්වය අනුව ඒකත් අපිට කරන්න පුළුවන්. ඔබලාට සුබ අනාගතයක්! ඇත්තටම ආසියාවේ ආශ්චර්යය කරලා එන්න වරම් ලැබේවා කියා පතමි (නි)

:       0       0

උපාලි Tuesday, 18 June 2013 05:08 AM

ඉන්දියාවටත් ඔය විදියටම ගහන්න ඕනෑ (නි)

:       0       0

දම් Tuesday, 18 June 2013 03:09 PM

අපිට මීට වඩා හොදට ඉන්දියාව සමග සෙල්ලම් කළ යුතුයි. දිනන්නට නම් සෑහෙන ලොකු තරගයක් දෙන්න වේවි. (නි)

:       0       0

සාලින්ද Tuesday, 18 June 2013 05:14 AM

අපේ කොල්ලෝ සුරයෝ. (නි)

:       0       0

විහග Tuesday, 18 June 2013 06:15 AM

මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සමිර් Tuesday, 18 June 2013 06:34 AM

සුභ පැතුම්!(නදී)

:       0       0

ලාල් Monday, 17 June 2013 08:22 PM

ලකුණු 250 ක් ගහල ඇතී වෙයිද මන්ද ? මහේල ගහන්න පටන් ගත්තොත් හොදා.....(අ)

:       0       0

සංජු Tuesday, 18 June 2013 06:40 AM

අපේ සුබ පැතුම්! මේදා පොටේ දෙනවා බැටේ. අපිට තමා කප් එක. ජය වේවා!(නදී)

:       0       0

චමින්ද Tuesday, 18 June 2013 07:04 AM

අපේ කොල්ලන්ට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

අතපත්තු Tuesday, 18 June 2013 11:41 AM

සිංහ පැටුන්ට ජයවේවා !! කණ්ඩායම හොඳ සමබරතාවයකින් ක්‍රීඩා කරනවා.ඉන්දියාව අපරාජිත කණ්ඩායමක් වශයෙන් ඉහල මානසික තත්වයක හිටියත්,අපි ගැන දෙපාරක් හිතනවා. අබිමානයෙන් රටට ගෞරවයක් ගෙනඒමට ශක්තිය අපේ කණ්ඩායමට ලැබේවා!!! (නි)

:       0       0

අජිත් Tuesday, 18 June 2013 08:05 PM

අපේ කොල්ලෝ ගින්දර වගේ.(නදී)

:       0       0

සරත්.සරත්. Tuesday, 18 June 2013 03:37 PM

ලෝකේම ඉන්නේ 8 දෙනයි එතැන අපේ අය 3යි. කාටද ආඩම්බර....... (ත)

:       0       0

පහන් Tuesday, 18 June 2013 11:53 AM

කෝලි කුට්ටු වලට සමාන නමක් ඇති ඉන්දියානු ක්‍රීඩකයා කවුද ? (නි)

:       0       0

අමායා Wednesday, 19 June 2013 09:42 AM

මහේලයි, කුලසේකරයි දෙන්නා තමයි කැන්ගරුවන් ගෙදර යවන්න ගොඩක්ම උදව් වුනේ.ඉන්දියානුවනුත් ගෙදර යවන්න සුබ පැතුම්! (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 18 June 2013 11:56 AM

අප්පේ දැන් තමයි අපට යන්තම් පණ ආවේ. මා හිතන්නේ මේ කුලේගේ ප්‍රවේගී හරඹය නිසා තමයි අප කණ්ඩායමට යම් රිද්මයක් එකතුවුනේ. අපි අවසන් පූර්වයේ පැරදුනත් කමක් නැහැ අපේ අල්ලපු ගෙදර කෙනාව ගෙදර යවලා. (නි)

:       0       0

සුජී Tuesday, 18 June 2013 03:46 PM

කුසල් පෙරේරා වෙනුවට තිසර පෙරේරා දිල්ෂාන් එක්ක පළමුව පන්දුවට පහර දෙන්න එව්වා නම්...(නි)

:       0       0

සිරි Tuesday, 18 June 2013 07:36 AM

ගියපාර වොර්ල්ඩ් චුප් එක වගේ මේපාරත් අනාගයිද දන්නේ නැ....(අ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 June 2013 12:03 PM

අවසන් තරඟය ලංකාව සහ එන්ගලන්තය අතර වේවි. සියළු දෙනාම පැමිනෙත්වා!(නි)

:       0       0

නදී Tuesday, 18 June 2013 12:08 PM

පසුගිය කාලය තුල ශ්‍රී ලංකාව බොහෝ අවසන් තරග වලදී ශුරයන්ට වඩා අනුශුරයන් වුන ප්‍රමාණය වැඩියි. එය වෙනස් කීරීමට කාලයයි මේ. (නි)

:       0       0

අවිෂ්ක Tuesday, 18 June 2013 07:50 AM

ඉන්දියවටත් ඔය විදිහටම දෙමු. කොල්ලනේ නියමයි (නි)

:       0       0

කුරුවිට Monday, 17 June 2013 09:33 PM

තිසර පෙරේරට මොකද වුණේ? (ත)

:       0       0

තිලක් Tuesday, 18 June 2013 08:23 AM

අපේ කොල්ලෝ! (නි)

:       0       0

රෝය් සිල්වා Tuesday, 18 June 2013 12:33 PM

මම හිතන්නේ මෙදා පාර කප් එක ඉන්දියාවට කියලා.ඔවුන්ගේ කණ්ඩායම සමබරයි. (නි)

:       0       0

ඇසළ Tuesday, 18 June 2013 08:30 AM

දෙපාරම දිනුවේ කුලසේකර නිසා. සුභ පැතුම් ඉතිරි තරග වලටත්. (නි)

:       0       0

සරත් Monday, 17 June 2013 10:06 PM

සුභපැතුම් ශ්‍රී ලංකා

:       0       0

කෙවින් Tuesday, 18 June 2013 09:02 AM

ස්වාසිලන්තේ දිනුවත් කමක් නැහැ ඉන්දියාව පරාද වෙලා. (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 18 June 2013 09:05 AM

අනිවාර්යෙන්ම අපි කප් එක ගේනවා ෂුවර්! සුබ පැතුම් ශ්‍රී ලංකා! (නි)

:       0       0

ඉෂාර Tuesday, 18 June 2013 09:18 AM

දැන් ඉතින් ගහපල්ලකෝ අසල්වැසියට. හිතද්දිත් මයිල් ස්මයිල් වෙනවා. (අ)

:       0       0

අශාන් Tuesday, 18 June 2013 09:18 AM

අවසන් තරගය පැරදුනත් කමක් නෑ ඉන්දියාවට ගහලා (අ)

:       0       0

තාරක Tuesday, 18 June 2013 09:29 AM

මගේ සුබ පැතුම් සිංහ පැටව්න්ට... කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න...(අ)

:       0       0

ක්‍රිකටර් බුවා Tuesday, 18 June 2013 09:31 AM

මෙහෙම සෙල්ලම් කලොත් නම් ඉන්දියාව අපට මතක හිටින්න ගහනවා. මට නම් හිතෙන්නෙ මැතිව්ස් තවම මේ නායකත්වයට මෝරලා මදි කියලා. මොනවහරි නොකොලොත් මැතිව්ස් ළමයා විනාස වෙනවා. ඉතාම හොදට සෙල්ලම් නොකොලොත් ඉන්දියාවට පරදිනවාමයි. "හොදට කරමු ළමයි..යි..යි (අ)"

:       0       0

නිල්මිණි Tuesday, 18 June 2013 01:46 PM

අපි දෙවැනි වතාවට බැට් කරනවා නම් ලකුණු කරා යන්න පුළුවන්. ඉන්දියාව පස්සේ ගැහුවොත් ගහනවාම තමා. කෝලි දෝනි නොගැහුවොත් හොදයි. ඕං නමෝ නමාමි... මතුරමු මන්තරයක් (නි)

:       0       0

මහින්දසිරි Tuesday, 18 June 2013 09:46 AM

අපේ සුබ පැතුම්! මෙදා පොටේ දෙනවා බැටේ. අපිට තමා කප් එක. ජය වේවා! (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 18 June 2013 01:14 AM

මොනවා වුනත් ලංකාවේ සිංහයෝනේ දිනුවත් පැරදුනත්. ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 124 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 335 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 156 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4079 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2135 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site