IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක්

(යොහාන් පෙරේරා)

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මරාදාන සුදුවැල්ලේ දී අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීය.


 “මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවිඩයක් රැගෙන ඉන්දියාවට යනවා.ඉන්දියානු අගමැති මෝදි මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.“

“ශ්‍රී ලංකාවේ නැගෙනහිර,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා ත්‍රෛපාර්ශික වැඩසටහනක් දියත් කිරීම මෙහි අරමුණයි.“යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.ත්‍රිකුණාමලය වරාය ඉතා ඉක්මනින් සංවර්ධිත වරායක් බවට පත්වනු ඇතැයි ද එහි සමහර ව්‍යාපෘති සඳහා ජපානය සහය දෙනු ඇතැයි ද ඒ මහතා කියයි.ඉන්දියාව එහි අනෙකුත් ව්‍යාපෘති සඳහා සහය දෙනු ඇතැයි ද ඒ මහතා පවසයි.

“ත්‍රිකුණාමලය වරායේ ව්‍යාපෘති කිහිපයක් සඳහා ඉන්දියාව හා ජපානය එක්ව සහය දීමට නියමිතයි.ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සිංගප්පූරුව සහය  ලබාදෙනු ඇත.ජපානය හා ඉන්දියාව කෙරවලපිටියේ ස්වභාවික ද්‍රව ගෑස් බලාගාර දෙකක් ඉදිකිරීමට අපිට සහය ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා.“යැයි  අගමැතිවරයා කියයි.

 “එමෙන්ම මුහුදේ පාවෙන ස්වභාවික ද්‍රව ගෑස් තටාකයක් ඉදිකිරීමට ඉන්දියාව හා ජපානය එක්ව ව්‍යාපෘතියක් කිරීමට නියමිතයි.“යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.මෙම ගිවිසුම් මගින් ජපානය හා ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වීම ධනාත්මක ලකුණක් බව අග්‍රාමාත්‍යවරයා කියයි.

මීතොටමුල්ල ගැන වාර්තාවක් ජපාන කණ්ඩායමක් විසින් ලබා දෙනු ඇතැයි ද කසළ කළමනාකරණය කිරීම සඳහා සහය ලබාදෙනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා පවසයි.

“අමාත්‍යවරු කිහිප දෙනකු සමග මම ජපානයේ සංචාරය කළා.දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවට සහය ලබාදුන් එකම රට ජපානයයි.අපිට ජපානයෙන් විශේෂ සහයක් ලැබිලා තියෙනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහය ලබාදෙන බවට ජපාන අගමැතිවරයා සහතික වුණා.“

“ආසියාවේ ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා සමාන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට හා ජපානයට තියෙනවා.මහනගර සංවර්ධන වැඩසටහන,අධිවේගී මාර්ග සංවර්ධනය හා කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානය අපට සහය ලබා දෙනු ඇත.“

“ජපානයේ පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ මහනගර සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘතිවලට ආයෝජනය කරනු ඇත.මහනුවර සංවර්ධනය කිරීමටත් අපිට සහය ලබාදෙනු ඇත.මේ සම්බන්ධයෙන් මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 මහනුවර සංවර්ධනය කිරීමට මෙන්ම රටේ සංවර්ධනය කටයුතු සඳහා බෞද්ධ ජාතියක් වන ජපානය සමග කටයුතු කරන ලෙස අස්ගිරි මල්වතු මහනායක හිමියන් උපදෙස් දුන් බවද අගමැතිවරයා කියයි.“ඒ නිසා අපි ජපානය සමග කටයුතු කරනවා“යැයි වික්‍රමසිංහ මහතා පවසයි.

චීනය සමග ද එක්ව කටයුතු කරන බවද පවසන අගමැතිවරයා මැයි මාසයේදී චීනයේ සංචාරයක යෙදෙන බවත් එහිදී ගිවිසුම් කිහිපයක කටයුතු අවසන් කරන බවත් කියයි.

මීතොටමුල්ල ඛේදවාචකය සිංහල අවුරුද්දේ කිසිසේත්ම අපේක්ෂා නොකළ බවත් වික්‍රමසිංහ මහතා කියයි. “එවන් දෙයක් නැවත ඇති නොවන බවට පැහැදිලි කරගත යුතුයි.ඒ වගේ දේවල් රටක සිද්ධ වෙනවා.ඒ සඳහා මුල් වුණු අඩුපාඩු අපි හඳුනාගත යුතුයි.එවන් ව්‍යවසන අනාගතයේදී සිදුවීම වළක්වාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීමක්“යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

(ඩේලිමිරර් ඇසුරෙනි-042)



අදහස් (12)

ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක්

nilmini-Japan Monday, 24 April 2017 05:45 AM

අගමැතිවරයාගෙන් කලකට පසුව ඉතාම හොඳ රාජ්‍ය තාන්ත්‍රික කතාවක්.

:       440       40

saumya Monday, 24 April 2017 06:14 AM

කොයි වෙලේ බැලුවත් පිටරටම තමයි, හැබැයි ගෙනා දෙයක්නම් නෑ

:       55       480

saman Monday, 24 April 2017 06:47 AM

කතාව දෝලාවෙන් ගමන බඩගාගෙන

:       27       296

da silva berlin Monday, 24 April 2017 06:59 AM

මොන ආණ්ඩුව ආවත් හැමෝම කතාකරන්නේ විදේශ ආයෝජකයෝ ගැන , දෙශීය මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ , දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පසුගිය කාලයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාකර නැත, ව්‍යාපාරික බැංකු ණය සදහා පොලි අනුපාතය 15% - 18 % අතරය එතකොට කවුද අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නේ ? තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කරන්නේ ? එතකොට රටේ අලුතෙන් රැකියා අවස්ථා ඇති වීමක්නොවේ , රටේ ආර්ථිකය වර්ධනය නොවෙන්නේ එම නිසාය ? ඔබතුමා යන ජපානය වැනි රටවල් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ විනාශ වෙලා තිබුන රටවල් ඉතා ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබුවේ , එම රටේ කම්කරුවා සහ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මහන්සිය සහ කැප වීම නිසාය ,

:       0       0

wilkin jayakody Monday, 24 April 2017 08:00 AM

මේක විශාල පිම්මක් වනු නියතයි...

:       165       4

akila Monday, 24 April 2017 08:22 AM

අගමැතිතුමා විදෙස් රටවල් වල කරන සංචාර ප්‍රමාණයයි, ගහනවයි කියන ගිවිසුම් ප්‍රමාණයයි අනුව බැලුවොත් හරිනම් මෙලහකට ලංකාව අයොජකයෝන්ගෙන් වැහි වහල තියෙන්න ඕනේ...

:       3       147

imesh Monday, 24 April 2017 08:41 AM

ඉන්දියාව මොකටද මේවට ගාව ගන්නේ? ලෝකෙටම විකුණනවා අපිව...

:       3       142

samanMonday, 24 April 2017 09:06 AM

ණයට අරන් කෑවනම් ඉතින් කරන්න දෙයක් නෑ. (ඔබතුමා ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දෙ දුන්න කෙනෙක්නම්)

:       0       0

චන්දා Monday, 24 April 2017 09:01 AM

මේක විශාල පිම්මක් වනු නියතයි... ලොකු වලකට...!

:       0       0

Saman Monday, 24 April 2017 09:10 AM

ප්‍රධාන පක්ෂ දෙකම කළේ එදා ඉඳන්ම ලෝකෙට ණයවෙලා ජනතාවට කන්න දුන්න එක. (එතුමලත් හොඳට කන ගමන්). ණයට කාපුවගෙ ප්‍රතිපල දැන් එන්න පටන් අරන්. ඒ පක්ෂ දෙකට ඡන්දෙ දෙන සමහරු මෙතන කමෙන්ට් දාන්නෙ නිකන් බෝධිසත්වයෝ වගේ.

:       0       0

sisira Monday, 24 April 2017 10:03 AM

මෙයා ඉතින් හැමදාම කරන සෙප්පටවිජ්ජාව තමයි ලෝකයේ රටවල් සමග ඒ අය‍ට වාසිවන අන්දමට ගිවිසුම් ගගහ ලෝකේ වටේ කරක්ගහන එක. මේ අවුරුදු පහත් ඔය සෙප්පටව්ජ්ජවෙන්ම ගත කරලා රටත් කාල යාවි. අනේ මෙහෙමත් පාලකයෝ.

:       0       157

vipula Monday, 24 April 2017 10:29 AM

මේ ඔක්කොම අවුරුදු උත්සවයකට ඇවිල්ලනේ කියල තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 939 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 209 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 384 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 397 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 477 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 840 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 430 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site