(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.
කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන් මහත්මිය ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවීමට උමා කුමාරන් මහත්මිය වාසනාවන්ත වූවාය.
ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.
එසේම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බවද ඇය පැවැසුවාය.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාවේ උමා එංගලන්ත පාර්ලිමේන්තුවට
රංබොඩ Friday, 05 July 2024 11:32 PM
ලංකාවෙ සම්භව කතාව කෙසේ වෙතත් කොටින්ට කඩේ නොයා හිටියොත් ලොකු දෙයක්...
Prabha Saturday, 06 July 2024 01:20 AM
19000ක් අරන් පාර්ලිමේන්තු කියන්නේ... යාපනයෙන් පාර්ලිමේන්තු ගිය අයට සමානයි.
Perera Saturday, 06 July 2024 02:51 AM
83 දී මහජාතිය ගහලා පන්නපු මිනිස්සු. මේ මිනිස්සුන්ට කරපු දේවල් අපිට අද ඵලදෙනවා.
kotiya Saturday, 06 July 2024 05:56 AM
අපි මේ හෙනට උඩ දාලා, ලාංකීය සම්භවයක් සහිත කිය කිය දැම්මාට කොටි පුල්ලිනේ. ලංකාවේද කියලා අහලා ඊළඟට අහන්නේ දෙමළද කියලා. සිංහල කිව්ව ගමන් මූණත් හංගගෙන යනවා යන්න.
dupul Saturday, 06 July 2024 05:56 AM
83 නේ ජාත්‍යාලය ගිය දුරක්...
LGPJ Saturday, 06 July 2024 06:32 AM
සුබපැතුම්...!
ආච්චි Saturday, 06 July 2024 09:01 AM
ඇයට සුබපැතුම්... හැබැයි එයාගෙන් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න එපා. එයා "ලංකාවේ සම්භවයක් මට තියෙනවා" කියලා ආඩම්බර වෙනවා කියලා මං නම් හිතන්නේ නෑ.. තමන්ගේ රටේ එයාලාගේ ප්‍රජාවට එයාලා වැඩ කරගනියි. මතකයිනේ රනිල් ජයවර්ධන කියලා කෙනෙකුත් ඔහොම තේරිලා පාර්ලිමේන්තු ගියා. ඒ් රනිලුත් තමන්ගේ අයට වැඩ කර ගනිමින් ඉන්නවා. අපි තාමත් එයා අපේ කිය කියා ඔජ වඩනවා. තවත් එකක්, මේ පංකාවෙ ඉඳලා නෙවෙයි... ඔය රනිල්ලා උමාලා ඔහෝම ජයග්‍රහණ අර ගත්තේ... එයාලාගේ දෙමව්පියෝ මෙහෙන් ගිය නිසා. බැණුම් අහ අහා හරි, දුක් විඳලා හරි, සරණාගතයින් වෙලා හරි වෙන රටකට ගිහින් පදිංචි වුණු නිසා. ඒ වගේම ඒ දරුවෝ හොඳට එහෙ ඉගෙන ගත්තු නිසා. මේකෙන් පැනලා ගිය අයගේ පසු පරම්පරාව හරි යමක් කරගනියි, ඒකට ඉඩ කඩ ඒ රටවල තියෙනවා. මෙහෙ උපාධියක් ගත්තා වුණත් අන්තිමට දරුවෝ අනාථයි. ඒ නිසා හැකියාවක් තරුණ අය මේ රට මගේ රට මා ඉපදුණු රට කිය කියා ඉන්නේ නැතුව පැනගන්න බලන්න දරුපැටවුත් එක්ක. මේක නම් හැදෙන රටක් නෙවෙයි. පස්සේ කාලෙක දරුවො ස්තුති කරයි එයාලට අනාගතයක් හදලා දුන්නු එකට...