IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ශ්‍රී ලංකාවේ ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් ජපානයත් කනස්සල්ලෙන්‘

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ‘‘ඒකපාර්ශවීය’’ තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ‘‘කනස්සල්ලට’’ පත්වන බවත් ජපානය ප්‍රකාශ කරයි.

නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර දින දෙකකට පසු ඊට ප්‍රතිචාර දක්වමින් ජපානය ඒ බව ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (3) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජපාන තානාපතිවරයා මෙලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු-ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට බවත් ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.

ඉකුත් දා පැවැති කැබිනට් හමුවෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘‘ජපාන රජය සවිස්තරාත්මකව විමසා බලන බව’’ නවදිල්ලි නුවර ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත.

‘‘ජපානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුවා’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමයේදී අත්සන් තැබුණු ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශවීය ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නිලධාරියා පවසා ඇත.

‘‘නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් ඒකපාර්ශවීය කැබිනට් තීරණය ඉතා කනගාටුදායක’’ යැයි ද හෙතෙම සඳහන් කර ඇත.
වරායේ වෘත්තීය සමිති සේවකයන් විරෝධතාවල නියැළීමත් සමඟ ඉන්දීය සහ ජපාන නියෝජිතයන් රාජපක්ෂ ආණ්ඩුව සමඟ පසුගිය මාස කිහිපයේදී සාකච්ඡා පැවැත්වීය. නැගෙනහිර පර්යන්තය තුළි කිසිදු විදේශීය පාලනයකට හෝ ආයෝජනයකට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති සේවකයෝ විරෝධතාවල නියැලුණහ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ජනවාරි 6 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබිණි. ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට බැඳී සිටිනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ඉන්දියාවේ අදානී සමාගම මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කරන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වරාය සේවකයන්ට දැනුම් දුන් අතර ශ්‍රී ලංකාව කිසිදු ජාතික වත්කමක් විකුණන හෝ බද්දට හෝ නොදෙන බව ද පැවැසීය. ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට අනුව ක්‍රියා කරන බවට එය සංඥාවක් වී යැයි ද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (2) පැවැති කැබිනට් හමුවේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට තීරණය කෙරුණි. ඒ අනුව කලින් සැලසුම් කළ පරිදි එය ඉන්දියාව සහ ජපානය සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක නොවන එයින් පෙනුණි. දැනට පවත්වා ඇති සාකච්ඡා අනුව ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය පුදුමයට පත්ව ඇතැයි ද ‘ද හින්දු’ වාර්තාවේ සඳහන් ය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හරහා කෙරෙන ප්‍රති නැව්ගත කිරීම්වලින් සියයට හැත්තෑවක්ම (70) ඉන්දියාවට සම්බන්ධ ය.

ජපානය ශ්‍රී ලංකාවට ලබා දී ඇති දායකත්වය ද සුළු පටු නොවේ. ජපානය ණය වශයෙන් ශ්‍රී ලංකාවට යෙන් ට්‍රිලියන 1.1ක් ලබා දී තිබෙන අතර මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ආධාර, ප්‍රදාන සහ තාක්ෂණික ආධාර වශයෙන් යෙන් බිලියන 300කට ආසන්න මුදලක් ලබා දී තිබේ. එවැනි තත්ත්වයක් තුළ ජපානය, ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය අපේක්ෂා නොකළ බව ද ජපාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

නැගෙනහිර පර්යන්තයට අනෙක් පස තිබෙන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේන්ර් ටර්මිනල් - සී.අයි.සී.ටී) ක්‍රියාත්මක වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති හවුල් ව්‍යාපාරයක් ලෙස ය.රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාවට සහ ජපානයට ද ඒ අයුරින් සලකනු ඇතැයි අපේක්ෂා කළ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

යම් වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙන් රාජපක්ෂ ආණ්ඩුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක ගිවිසුමකට ඉන්දියාවට සහ ජපානයට දීමට තීරණය කර ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කර නැතැයි වාර්තා වන අතර බටහිර පර්යන්තයට අදාළව කිසිදු යටිතල පහසුකම් විවෘත කර නොමැති අතර එය තවමත් යෝජනා මට්ටමේ පවතී. බටහිර පර්යන්තය නිසි පරිදි සංවර්ධනය කර හෝ නැගෙනහිර පර්යන්තය මෙන්ම උපායමාර්ගිකව වැදගත් නැතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව 2018 වසරේ දී ඉන්දියාවට බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්දියාව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ලිපියක් ලියමින් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.

ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන විකල්ප යෝජනාවක් සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇත් ද සහ රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ගේ තීරණය නැවත සලකා බලනු ඇත්ද යන්න සම්බන්ධයෙන් බලා සිටිය යුතු යැයි ද ‘ද හින්දු’ වාර්තාවේ තවදුරටත් දැක්වේ.
 
( ‘ද හින්දු’ ඇසුරිනි )
055



අදහස් (6)

‘ශ්‍රී ලංකාවේ ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් ජපානයත් කනස්සල්ලෙන්‘

lanka Thursday, 04 February 2021 12:37 PM

චීන්නු, ඉන්දියන් කල්ලතෝනි, ජෙප්පෝ ඔක්කොම අපේ රටෙන් එලවලාම දමන්න පෙළ ගැසෙව්..!!! අද අපේ නිදහස් දිනයයි.

:       1       7

narada Thursday, 04 February 2021 04:10 PM

එජාපය සහ ජවිපය නම් සතුටින් ඇති.

:       1       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 February 2021 03:25 AM

මේ රටේ වෘත්තීය සමිතිකාරයන්ට හා දේශපාලන සුදුසුකම් වලින් වරායට රිංගා ඇති හෙන්චයියන් නිසා වරාය පත්වී තිබෙන්නේ මහා අවාසනාවන්ත ඉරණමකට බව පෙනේ. මේ වෘත්තීය සමිති නිතර දෙවේලේ සටන් කරන්නේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පමණකි. ලේ රත්වෙන, සේවක සිත් වෛරයෙන් පිරීයන සටන්පාඨ බැහැරකොට සේවකයන්ගේ යුතුකම් හා වගකීම් හරිහැටි ඉටුකොට වැඩි වරප්‍රසාද ලබාගැනීමට ඔවුන් පෙළගස්වන්නේ නම්, මේරට කෙතරම් සුන්දර වේවිද? පුහු සටන්පාඨ හා ඇඟේ හයියෙන් දඟලන ඔවුන් දන්නා ව්‍යාපාරික නුවණක් තිබේද? මේ ප්‍රශ්නයේදී බුද්ධිමත්ව සිතාබලා මේ වෘත්තීය සමිති හා වරායට අරක් ගත් බොහෝ පක්ෂ දේශපාලන ගැත්තන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම්, මොනතරම් අගනේද? දැන් ඔවුන්ගේ සටන්පාඨ වලින් හා බුද්ධියෙන් වරාය දියුණුවන සැටි අප බලාහිඳිමු. වරාය නැමැති හොර ගුහාවේ හොර, මැරකම් එසේම පවතිනු ඇත. බොහෝ රජයන් විසින් දමන ලද දේශපාලන ගැත්තන් තවතවත් වරාය පිරිහීමට කටයුතු කරනු ඇත. සැබෑ යථාර්ථය එයයි.

:       2       18

RaveendraFriday, 05 February 2021 08:35 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි. කිසිදු වෘත්තීය සමිතියක නායකයන් අඩු වශයෙන් කියා තිබේද අපි අරගල දිනුවා දැන් අපි අපේ යුතුකම්, වගකීම් නිසි ලෙස ඉටුකරමු යන්න.. එමෙන්ම රතු චීත්තකාරයින්වත් එසේ කියා තිබේද සේවය කරන පිරිස් වලට ඔබලාගේ යුතුකම්, වගකීම් සහ සේවය අවංකව කරන්නේද කියා? ඔක්කොම අලංකාර සටන් පාඨ වලින් පෝස්ටර් ඇන්දා පමණි. නැගෙනහිර ජැටියේ දියුණුව දුප්පත් පුරවැසියන් වන අප හොඳින් බලා සිටින්නෙමු. මේ එකදු වෘත්තියකට හෝ කලුකුමාර ප්‍රමුඛ ඒ රතු හැට්ටකාරයින්ටද අප සඳහන් කරන්නේ තම අයිතිවාසිකම් ලබා ගැනුම සමගම තමන්ගෙන් ආයතනයට, රටට ඒ අවංකව සේවය ඉටුවෙනවාද යන්නයි..

:       3       9

සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 February 2021 04:08 PM

ස්තූතියි .. රවීන්ද්‍ර මහතාණෙනි...

:       1       5

kamal Friday, 05 February 2021 07:59 AM

දෙවියන්ට පහන පත්තු කරන්න ඕනෑ.. දීපු ණය ආයේ දෙන්න හිත දෙන්න එපා කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1325 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1559 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1106 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 248 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 676 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 494 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site