IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශ‍්‍රී ලංකාව කඩුලු 5 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී අද (26) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.

ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 138 ජයග‍්‍රාහි ඉලක්කය පන්දු 7 ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 27 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කිරීමට සමත් විය. තිසර පෙරේරා ජයග‍්‍රහණය වේගවත් කරමින් පන්දු 12 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස් කළේය.

යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් විස්සයි20 අන්තර්ජාතික වරම් ලබමින් ආරම්භක පිතිකරු ලෙස පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් කැපී පෙනෙන ඉනිමක් ක‍්‍රීඩා කළේය.

ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 62 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලු3 ට 137 

(ඩේවිඩ් වෝනර් නොදැවී 90, ජෝජ් බේලි 11, ඇඩම් වෝජස් නොදැවී 25)

ශ‍්‍රී ලංකාව  ඕවර 18.5 කදී කඩුලු 5 ට 139

(කුසල් ජනිත් 33, තිලකරත්න ඩිල්ෂාන් 16, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 35, ළහිරු තිරිමාන්න 20, තිසර පෙරේරා නොදැවී 19, සේවියර් ඩොහර්ටි 21/2, ග්ලෙන් මැක්ස්වෙල් 15/2)

 



අදහස් (0)

ශ‍්‍රී ලංකාව කඩුලු 5 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි

තිලක් Sunday, 27 January 2013 01:22 AM

මහේලට නිගරු කරන්නේ ක්‍රිකට් කියලා හිතාගෙන එල්ලෙ ගහපු අයයි..!(නු)

:       0       0

තිලක් Sunday, 27 January 2013 01:32 AM

මධුසංක ක්‍රිකට් බල්න්න පෙර ක්‍රිකට් ගැන ඉගෙනගෙන එන්න පොඩි දරුවෙක්ගෙන් හරි..!(නු)

:       0       0

තිලක් Sunday, 27 January 2013 03:57 PM

කොහොමද ලංකාවේ කොල්ලෝ. කුසල් මල්ලි ඔබට ජය (දී)

:       0       0

දීපා Sunday, 27 January 2013 06:18 AM

ඔන්න ඔහොමනේ ගහන්න ඕනෑ. නියමයි. ටිකට් ගත්තට පාඩු නැහැ. (නි)

:       0       0

අසේල Sunday, 27 January 2013 07:06 AM

මධුසංඛ ලෝක පූජිතයි කිවුවේ කාටද? අපේ සංගාටද? (නි)

:       0       0

මේරි Sunday, 27 January 2013 04:08 PM

මධුසංකට කියන්න තියෙන්නේ මුල අමතක කිරීම අපේ ජන්මයෙන්ම එන ගතියක් කියලා විතරයි. (නි)

:       0       0

බෝපගේ Sunday, 27 January 2013 07:17 AM

හොද වෙලාවට මැතිව්ස් සහ තිසර අන්තිම වෙනකල් හිටියේ. (නි)

:       0       0

තිළිණ Sunday, 27 January 2013 07:35 AM

මහේලගේ නායකත්වය ඉතා හොදයි. (නි)

:       0       0

හරීන් Sunday, 27 January 2013 07:52 AM

පුදුමයි. (නි)

:       0       0

නාමල් Sunday, 27 January 2013 08:07 AM

මධුසංඛට වැරැද්දක් කියන්න බැහැ. මෝඩයෙකු වුණත් අදහසක් පළකරන්න අයිතියක් තියෙනවා. (නි)

:       0       0

නිලන්ත Sunday, 27 January 2013 08:42 AM

ඔහොම යමු. මහේල තමයි මේ ලෝකයේ හිටපු හොදම නායකයා. (නි)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 10:29 AM

මධුසංඛ සංගට එහෙම මුකුත් කියනවා නෙමෙයි. හොදද? (නි)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 10:34 AM

අපේ කොල්ලන්ට ජයවේවා (දී)

:       0       0

චතුරංග Saturday, 26 January 2013 06:25 PM

ටී29 අවසාන තරගයේදිත් මේ දේ තමයි වෙන්න තිබුණේ. (නි)

:       0       0

ලාරා Saturday, 26 January 2013 06:41 PM

ජය වේවා! අපිට ගැළපෙන්නේ 20 තමයි. (නි)

:       0       0

දිනුෂා Sunday, 27 January 2013 11:44 AM

හැමදාම අපි පරදින්නේත් නැහැ (දී)

:       0       0

මනෝජ් Saturday, 26 January 2013 07:09 PM

ලංකාවේ අනාගත ක්‍රිකට් නායකයාට සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Saturday, 26 January 2013 07:19 PM

මුලදී නම් වැඩ දාලා ගන්නවා. අන්තිමට අපිට ක්‍රිකට් එපාකරවනවා. (නි)

:       0       0

කමල් Sunday, 27 January 2013 12:10 PM

අදහස් දාන සමහර අය ලංකාවෙද කියලා හිතාගනක්නත් බැහැ.. අපේ වීරයන්ට ජය වේවා..!(නු)

:       0       0

සුසන්ත දෝහා කටාර් Sunday, 27 January 2013 12:16 PM

මධුසංක ඔය සැබෑවටම මොනවා කියනවාද? අපි ඔබලා සමගයි.. අපේ ක්‍රිකට් වීරවනේ ඔබලා අපට සම්පතකි.. නොසැලී ඉදිරියටම යමු සුභ පැතුම්..!(නු)

:       0       0

මහේෂ් මදුසංක Saturday, 26 January 2013 08:02 PM

දැක්කද තරුණ ජවය... ඔන්න ඕවයි ඕනා.. හොඳ වෙලාවට ලෝකේ හොඳම නායක මහේල ආරම්භක පිතිකරු ලෙස ආවේ නැ.. එහෙම වුනානම් අර අලුත් ක්‍රීඩකයා සනා වගේ ලස්සනට ගහපු පාරවල් බලාගන්නත් බැ.. නියමයි අද නම්..අර ලෝක පුජිත ක්‍රීඩකයාට එහෙම ඉරිසියා ඇති නේද අලුත් අය ගහනකොට... අනිත් තරගේත් ඔහොමම ගහමු... සුබවාදී බලාපොරොත්තු තියාගන්නත් පුළුවන්.. බලමු තව තරගත් එනවනේ...(නු)

:       0       0

උදාර සම්පත් Saturday, 26 January 2013 08:26 PM

මධුසංක ගැන හිතාගන්න පුළුවං.!(නු)

:       0       0

ගයාන් Sunday, 27 January 2013 12:41 PM

ටිකදෙනෙක් තාමත් ඉන්නව හොද කරනකොට හොදයි.. නිකං හරි පොඩි වරදක් උනොත් බනිනවා.. මහේල කියන්නේ රටට වටින නායකයෙක්.. ඉතාම හොදයි මහේල..!(නු)

:       0       0

සනත් Saturday, 26 January 2013 08:42 PM

මුලදී වැඩ දාලා ගහනවා , ෆයිනල් එකදි අනාගන්නවා..!(නු)

:       0       0

මනෝජ් Saturday, 26 January 2013 08:42 PM

තරුණ ජවය ලබා ගත යුතුයි...!(නු)

:       0       0

තත්සරණී Saturday, 26 January 2013 08:51 PM

මම නම් මධුසංකගේ අදහසට එකග නැහැ.. මොකද අපේ රට නියෝජනය කරන හැම කෙකෙනක්ම අපට වටිනවා.. අපි එයාලට ආදරෙයි.. එහෙම කියන එක වැරදියි..!(නු)

:       0       0

තත්සරණි Saturday, 26 January 2013 08:53 PM

නියමයි අපේ වීරයන්ට ජය. කුසල් ඔබ නියමයි. ඔබ බැට් කරද්දී මට පෙන්නෙම සංගාව. ඊළඟ තරගයත් දිනන්න ලැබේවා. (ස)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:12 PM

බලන්න අද තරගය මොන තරම් හොදට නිම කළාද කියාලා.. කවුරු කවුරුත් තම තමන්ගේ වගකීම හරියට ඉටුකරනවානම් අඩුම තරමින් පරදින ප්‍රතිශතයවත් අඩුකරගන්න පුළුවං..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:15 PM

අනෙක් තරගයත් දිනුවානම් තමයි අපිට අපේ ජාමෙ බේරගන්න පුළුවං වෙන්නේ..!(නු)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 09:19 PM

අද අපි තරගය දිනුවාට අපේ අසල්වැසි රටේ අය එතරම්ම කැමැත්තක් නැහැ වගේ.. එයාලා නිතරම අපිව විවේචනය කරනවා තරග පරදිනකොට..!(නු)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 09:19 PM

විස්සයි විස්ස කිව්වාම කෙටි වැඩියි ක්‍රීඩකයින්ට.. හතලිහයි හතලිහවත් තියෙනාවානම් හරිම අගෙයි.. දැනට පහහ තියෙන නිසා.!(නු)

:       0       0

නන්දන Sunday, 27 January 2013 01:24 PM

ජයවේවා (දී)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:21 PM

තරග පරදින එකටත් වඩා ඉවසාගෙන ඉන්න බැරි අල්ලපු රටේ අයගේ සමච්චලයයි.. අද මෙයාල සද්දයක්වත් නැහැ..!(නු)

:       0       0

කුරුවිට Saturday, 26 January 2013 09:58 PM

දිල්ශාන් එක පන්දු ඕවරයක්වත් දැම්මනම් හරිම අගෙයි.. අනිත් තරගයේදිවත් බලමු..!(නු)

:       0       0

සුජීවා Saturday, 26 January 2013 11:20 PM

අල්ලපු රටේ අයගේ සමච්චලේ දන්නේ රට ඉන්න අපි විතරයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 7 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1269 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2474 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 110 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2707 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site