(විමුක්ති එස් රොද්‍රිගූ)
දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.
ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.
අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි
ganegoda Monday, 12 September 2022 11:10 AM
එහෙත් රාජපක්ෂ පවුලේ දේපළ රාජසන්තක කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිද්ද වෙන්නේ නැහැනේ...!
කපුටාMonday, 12 September 2022 12:19 PM
මේ 'ගොඩයා' දැම්මොත් කමෙන්ට් එකක් රාජපක්ෂලට බැනලා තමයි දාන්නේ...! ඒවගේම තව එකෙක් තමයි 'සුදා' ක්‍රියේෂන් යූටියුබ් කරන එකා... ඌත් රාජපක්ෂලට බැනලා තමයි දාන්නේ...! වෙලාවක සුදා නම් නල්ලටම නෙලාගන්නවා ඒක හැමෝටම තේරිලා තියෙන්නේ! මේ ගොඩයටත් වළ ගොඩවෙයි,,!
GamunuMonday, 12 September 2022 05:36 PM
ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් ඇතැම් ඉහළ නිලධාරීන් (unions ඇතුළුව) වගකිවයුතුබව සමන්තා පවර්ට වැටහුණත් ලංකාවේ පුරවැසියන් මේ බව අවබෝධ කර නොගන්නේ මන්ද?
වෘෂනයා Tuesday, 13 September 2022 10:56 AM
කපුටෝ! උඹ අර බිත්තියේ සුදු හුණු ගගා ගොන් පාර්ට් දාපු නාමල් කියන ලජ්ජා නැති හොරා නේද?
mpTuesday, 13 September 2022 12:14 PM
ඒක නම් නියම සොයා ගැනීමක්. මේ නම් ඒකම තමා. මේ වල් සතාට තියෙන්නේ මිලියන හැට නමයි වෙළඳාමේ දාන එකමයි.
gameing07 Monday, 12 September 2022 11:17 AM
ලංකාවේ හොරුන් අද ඇමෙරිකාවට පැනගෙන හොඳින් ජීවත් වෙනවා. ඒත් ඇමෙරිකානු රජය ඊට විරුද්ධව කිසිම පියවරක් අරගෙන නැහැනේ...!
tikiraMonday, 12 September 2022 12:13 PM
කවුරු වුණත් මල්ලක් කර තියාගෙන, ඇමෙරිකාවට ගොඩබැස්සොත් ඇමෙරිකාව ආදරයෙන් පිළිගන්නවා. ඒත් දුප්පත් ලාංකිකයෙක් ඇමෙරිකාවට ගියොත්, මෙයා සරණාගතයෙක් කියලා එළවා දානවා.
සේනක ඉතාලියMonday, 12 September 2022 02:57 PM
කතාව සහතික ඇත්ත සහෝදරයා...!
පිටිගල මිලානෝ Monday, 12 September 2022 11:33 AM
වගකිව යුත්තේ මයිනන් සහ කපුටන්ය…..!
ලුම්බිණි Monday, 12 September 2022 11:34 AM
මේක අපි දැනගෙන බොහෝකල්. ඒත් අවාසනාවකට වගේ මේ රටේ බොහෝ දෙනෙක් තවමත් මේක තේරුම්ගෙන නැහැ....
anaMonday, 12 September 2022 12:30 PM
රජයේ නිළධාරියෙක් ලෙස මම ද ඔබගේ අදහසට එකග වෙමි.
පිටිගල මිලානෝMonday, 12 September 2022 12:43 PM
පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල් ගහගෙන හයිවේ එකක ට්‍රිප් යන්න තියෙනවනම් තවත් මොන ප්‍රශ්නද ලංකාවේ තියෙන්නේ.? මැඩගස්කරයේ ඉන්න හිටින්න තැනක් නැති ගෑණු වැඩියම වියදම් කරන්නේ සපත්තු සහ ඇදුම් වලටයි. ඒ නිසාම ඔවුන් පහසුවෙන් ඇග විකුනනවා….
MO77 Monday, 12 September 2022 11:41 AM
දේශපාලනඥයෝ හා ඉහළම රාජ්‍ය නිලධාරීන් විදේශ රටවල් වල ස්ථිර පදිංචි වී සහ පුරවැසි භාවයක් ලබා ගත්තා. ඉන්පසු ඔවුන් කළේ හොරකම් කරපු රුපියල් දොරටුව මාරු කරලා එම රටවල් වලට යැව්වා. එසේත් නොමැති නම් දෙවැනි පාර්ශ්වය රටකට යැව්වා එම රටවල් එම ආයෝජනය ලැබෙන මුදල් දියුණු රටක ගිණුම්වලට ගත්තා.
ravin Monday, 12 September 2022 11:54 AM
හරියට හරි. වුණෙත් ඒකයි... වෙන්නෙත් ඒකම තමයි. ලොකුම ප්රශ්නය ඔය ටික මෙරට මිනිසුන් හරිහැටි අවබෝධ කර නොගැනීම.
ranjith Monday, 12 September 2022 12:05 PM
පොහොර තහනමට උල්පන්දම් දුන්නු අය අද හෙමිහිට අනෙක් පැත්තට වෙලා රට විනාශ කරන්න දායක වුණේ මේ කට්ටියම තමයි.
NishanMonday, 12 September 2022 02:14 PM
පොහොර ගේන්න ඩොලර් නැති නිසා පොහොර නිකන් දෙනවා කියලා ගොවියන්ව රවටලා ඡන්ද ගත්තු මිනිහා පොහොර නැත්තටම නැතිකළා. ඒකට උඩ ගෙඩි දුන්නු අයටත් එකම දඬුවම දිය යුතුයි...
amila Monday, 12 September 2022 12:17 PM
කොච්චර හොරකම් කළත් තමන් කැමැති නායකයාට ඡන්දෙ දෙන ජනතාවත් මේකට වගකියන්න ඕනෑ. ඡන්ද දායකයන්ගේ මොලේ පෑදෙනකන් දූෂිත දේශපාලකයෝ රජ කරන එක නවත්වන්න බැහැ.
Hafeel Monday, 12 September 2022 12:29 PM
දැන් මෙතුමියට කියාවි කුමන්ත්රකරු කියල.
විපරමා Monday, 12 September 2022 12:31 PM
අපේ රට වලපල්ලටම වැටුනේ දූෂිත පවුල් පාලනේ සහ ඔවුන් වටේ හිටපු හොර දූෂිතයෝ නිසා. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ රකින පින් ජනපතියා කරන්නෙත් ඔවුන්ව රකින එක.
තමිල් ඉල්ලීමMonday, 12 September 2022 12:56 PM
අපි නම් කැමති අවුරුදු 70 ක් ලංකාව කාල දාපු සිංහළයා කියන දොඩමළු සිංහළයගෙන් රට ලබා ගෙන රට දියුණු කරන්න,,!
tikiribuwa Monday, 12 September 2022 01:41 PM
මගෙ අම්මෝ, මෙහෙමත් ආරාධනාවක්...!
mpTuesday, 13 September 2022 12:18 PM
මේ ලෝකයේම තියෙන අවලං පවුල...!
Sas Monday, 12 September 2022 12:35 PM
මේ බව තේරුම් නොගත් විශාල පිරිසක් ලංකාවේ සිටිති. මෙම ආර්ථික පුශ්න වලින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වී ඇත්තේ ද ඔවුන්ය.
de silva berlin Monday, 12 September 2022 12:53 PM
සම්පූර්ණයෙන් ඇත්ත නමුත් ලංකාව් විනාශ කල හොර කපුටො පැනල යන්නෙ ඇමරිකාවට, පවුල් පිටින් ජිවත් වෙන්නෙ ඇමරිකවෙ ,එහෙ ඔවුන්ගෙ ඩොලර් බිලියන ගනනක දේපල තිබෙනව, කරුනකර එහෙදි ඔවුන්ට විරුදව යම් කිසි පියවරක් අරගන්න , අඩුම තරමෙ දේපල සහ මුදල් අතඩන්ගුවට අරන් ලංකාවෙන්වෙන් අමරිකවට ගෙවිය යුතු ණය ටිකවත් කපා ගන්න. මෙ හොර ආණඩුව ඉදිරියට අවුරුදු 2 පමන තිබෙනව , ආදාර දුන්නට වැඩක් නැහැ ආදාර ඔවුන් බෙදන්නෙ තමන්ගෙ මිනිස්සුන්ට චන්ද ගන්න , මිනිසුන්න්ට කන්න නතිව ඉන්නකොට ඔවුන් නියොජ්‍ය අමතිවරු 37 පත්කරගෙන වාහන 3 බගින් අරගෙන , විදේශ ගත ශ්‍රී ලංකයො පවා මුදල් එවන්නෙ නැතතෙ , මොවුන් හොරකම් කරන නිො , ආදාර නැති වුනත් කමක් නැහැ , අමරිකව කරුනාකරල ජපානෙ සමග එකතුවෙලා ජත්‍යන්තර වශයෙන් අපෙ නය ප්‍රති වියුහ ගත කරන වැඩසටහනට සහය දෙන්න. ලන්කවෙ මිනිස්සු චීනට වැඩිය ඇමරිකාවට කවඩත් කැමතියි.
මෝMonday, 12 September 2022 08:20 PM
ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම ගැන හරිම කණගාටුයි. ඔවුන් හිතන්නේ ඇමරිකාවත් ලංකාව, වගේ කීයක් හරි පගාවක් දීලා ඕනෑ වැඩක් කරගන්න පුළුවන් රටක් කියලා. ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙක්ට තමන්ගේ රටින් හොරාකාලා ඇමරිකාවට, පැනලා ඒ හොරාකාපු සල්ලි බැංකුවේ දාලා සැපට ඉන්න පුළුවන් කියලයි ලංකාවේ අය හිතන්නේ. ඒත් ඇමරිකාවේ මූල්‍ය නීති හරි තදයි. ඩොලර් දහදාහකට වැඩි ගනුදෙණුවක් මුදල් වලින් කරපු ගමන් ඒ ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවට, දන්වන්න ඕනේ මුදල් ගත්තු පාර්ශවය. ඔවුන් සල්ලි වියදම් කළ කෙනා හොයාගෙන ඇවිත් සල්ලි ආපුහැටි ප්‍රශ්න කරනවා. ගෙයක් ගන්න ගියත් එහෙමයි. නීත්‍යානුකූලව රටට ආපු මුදල්ද කියා හොයනවා. ඇමරිකාව කලු සල්ලි එන එකට දැඩි නීති මගින් වැට බැඳ ඇති රටක් මිස හොරාකාපු සල්ලි ගේන්න ඉඩදී පරීක්ශණ කරන රටක් නොවේ...
නලින් Monday, 12 September 2022 01:48 PM
ඇමෙරිකාව ලංකාව කරපු කෙහෙල්මලක් නැහැ. හැමදාම කලේ ලංකාව දේශපාලන ඉත්තන් කරපු එක විතරයි. තමන්ගේ පැවැත්මට. ඔයතරම් කැක්කුමක් තියෙනවා නම් ඒවා කරපු අය කවුද කියලා පැහැදිලිව කියන්න. පොහොර තහනම් කරන්න ඕනෑ ඇමෙරිකාවෙන් අහලද? වීනය ලංකාවේ සංවර්ධනයට උදව් කරනවා. හැබැයි අභ්‍යන්තර ගැටලු වලට මැදිහත් වෙන්නේ නැහැ... මේ වගේ ප්‍රකාශ කරකර. මේක ඕපාදූප හොයනවා වගේ වැඩක්. වැදගත් විදිහට ඉන්න සමන්තා... ඔය USAID වලින් ආණ්ඩු මාරු කරන්නයි ලංකාවේ NGO කාරයන්ට හොරා කන්න සල්ලි එවනවා මිස දුප්පත් මිනිස්සු වෙනුවෙන් මුකුත් කරලා තියෙනවද?
සත්‍යයMonday, 12 September 2022 04:04 PM
චීනය ලංකාවේ මොන සංවර්ධනයටද උදව් කරලා තියෙන්නේ? සංවර්ධනය කියන්නේ අධික ණය බරද?
ජනිත්Tuesday, 13 September 2022 11:35 AM
BMICH, නෙලුම් පොකුණ රගහල ඇතුලු තවත් දේවල් තියෙනවා චීනයෙන් නිකන් දුන්නු. අධික ණය බර ඇති වෙලා තියෙන්නේ බැදුම්කර වලින් අධික පොලියට ණය ගැනීම නිසා. චීන ණය ලංකාවෙි සමස්ත ණය වලින් සියයට 10 යි. අපිට හදිසියකට හරි මෑතක් වෙන තුරු ණය දුන්නේ චීනය . රජයේ වැරදි ප්‍රතිපත්තිය නිසා චීනය අපිට අහිමි වුණා. විපක්ෂයේ තියෙන්නේ බොරු විරෝධයක්. අධිවේගී මාර්ග අපට ලැබුණේ චීන ණය නිසා. පණ යනකම් මහින්දට බැණ බැණ සමහරක් යන්නේම අධ්වේගයේ. නොරොච්චෝලේ නැත්නම් දැන් පැය 15 ක් විතර විදුලිය කපනවා. යුද්ධයෙන් පස්සේ වුණු සංවර්ධනයට ෙලොකුම දායකත්වය චීනයෙන්.
Nishan Monday, 12 September 2022 02:36 PM
පොහොර ගේන්න ඩොලර් නැතිනිසා පොහොර නිකන් දෙනවා කියලා ගොවියන්ව රවටලා ඡන්ද ගත්තු මිනිහා පොහොර නැත්තටම නැති කළා...
fairoos Monday, 12 September 2022 02:40 PM
බයියන්ට මේවා තේරෙන්නේ නැහැ.
නිහාල් Monday, 12 September 2022 02:53 PM
225ම ගෙදර යැව්වත් ලක්ෂ ගණනක දූෂිත රාජ්‍ය නිලධාරීන් ගෙදර යන්නේ නෑ. හොඳම දේ අපි මේ රට දාලා යන එක...!
සේනක Monday, 12 September 2022 02:55 PM
ඔබලා වැනි අමන වහල්ලු සිටිනතාක් කල් මේ රටට අඹ සරණයි. අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ පක්ෂ දේශපාලකයින්ට කඩේ ගිහිල්ලා මේ රටට කරපු විනාශයට ඔබලා වැනි අපතයිනුත් වගකිව යුතුයි.
Amara Monday, 12 September 2022 02:57 PM
මේකට සම්බන්ධ ඇමරිකාවේ ඉන්න අයට මොනවද වෙන්නේ..?
මැක්ස් Monday, 12 September 2022 03:10 PM
ඇවිල්ලා දවස් 2න් මේවගේ දේවල් හොයාගන්න පුළුවන්.. දක්ෂකමක් තියෙන මේ නෝනාට අනුර කුමාරගේ ෆයිල් ටිකත් දුන්නොත් නරකද?
පිටරැටියා Monday, 12 September 2022 03:22 PM
මේ විනාසෙට වගකිව යුත්තන් සිටින්නේ ඇමරිකාවේ. ඔවුන්ට නීතිමගින් දඬුවම් දිය යුතුයි. විදෙස්වල ජීවත්වෙන සියලුම ලාංකිකයින්ද ඊට එකඟ වෙනවා ඇති...
perera Monday, 12 September 2022 03:24 PM
ඩොලර් වලට කොටි නැහැ.. මේකෙ ඉන්නේ බූරුවන්...
susantha Monday, 12 September 2022 03:28 PM
තට්ටක් එල්ලන්න ගිහිල්ලා කපුටු පවුලටයි, ඒ වටේ ඉන්න හැතිකරේටයි එකපාරක් වුණා මතක නැද්ද? ආයෙත් මිනිස්සු එක්ක සෙල්ලම් කරලා හොර තක්කඩින් සහ අනෙක් ඔක්කෝටම වලපල්ලට යන්නයි වෙන්නේ.. මිනිස්සු පාරට බැස්ස දවසට..!
de silva berlin Monday, 12 September 2022 03:30 PM
ලෝකයේ පොහොසත් දියුණු රටක් වන ජර්මනියේත් කාබනික පොහොර යොදලා කරපු නිෂ්පාදන අලෙවිය තියෙන්නේ 15-20% අතර ප්‍රමාණයක්.. මේවා දැනගෙන ලංකාව කරගත්තු විනාශය හොඳටම ඇති...
Namaska Senanayake Monday, 12 September 2022 03:44 PM
සම්පූර්ණයෙන්ම එකඟයි.. වැරැදිකරුවන් සියල්ලන්ටම දඬුවම් දීමටත් එය වැදගත්...
පුරවැසියෙක්.... Monday, 12 September 2022 03:48 PM
මෙරට ඇතැම් දේශපාලනඥයින් පමණක් නොව ඉහළ නිලධාරින් බොහෝමයක්ද වංචා, දූෂණයට සම්බන්ධ බව සැබෑයි. දේශපාලකයින්ට හොරාකෑමට මග සකසා දෙනු ලබන්නේ දූෂිත ඉහළ නිලධාරින් බැවින් මේ සම්බන්ධයෙන් සොයාබලා දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ඉතා අවශ්‍ය වන නමුත් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට හැකිවේදැයි යන්න සැක සහිතයි.
විජේ Monday, 12 September 2022 03:52 PM
නිකං විකාර කරන්නේ නැතුව යන දේවාලෙක යන්න සමන්තා. ආයේ කුඹුරු වැඩ පටන්ගන්න කාලෙක කියන්නම්, ඇවිත් හාලා දෙන්න. මෙච්චරකල් ඔයාලගේ ජනාධිපතිලා කරලා දුන්නා වගේ...
ranjith Monday, 12 September 2022 05:57 PM
රටේ ලෝකෙ ඔක්කොම දැන් දන්නවා රට බංකොළොත් කරපු සෙට් එක ගැන තවම ලැජ්ජාවක් නැතිව නැවත බලේට එන්න බලන් ඉන්නවනේ... ඡන්දෙ ඉල්ලන්න ආවොත් ඉලපත සූදානම් කරගෙන තියාගන්න.
Deepal Nirosh Monday, 12 September 2022 08:29 PM
ඉතින් හිටපු ජනාධිපති, හිටපු මුදල් ඇමැති ඇමෙරිකාවේ හිටපු හා දැනටත් ඉන්න පුරවැසියන්... මේ අය ගැනද මෙයා මේ කටමැත දොඩවන්නේ..?
Amila Tuesday, 13 September 2022 02:18 PM
අපේ වැනි රටවල දේශපාලකයින් පත් කිරීමට දායක වන්නේද මොවුන් බැවින් ඒ සඳහා මොවුන්ද සෘජුවම වගකිව යුතුයි...
kamal Tuesday, 13 September 2022 02:48 PM
මදැයි, ඇමෙරිකාවෙන් ඇවිල්ලා කිව්වේ ඕකද? රට ප්‍රපාතෙට වැටුණේ මුදල් අමතිතුමාණෝ කිල්ලට අහුවුණු නිසා කියලා අපි 69 ලක්ෂයම හොඳින්ම දන්නවනේ...!
Rohana Wednesday, 14 September 2022 08:53 AM
ලංකාවේ ආර්ථික කඩාවැටීමට රාජපක්ෂලා, කබ්රාල්, ලක්ෂ්මන් සහ ජයසුන්දර වගකිව යුතුයි...!
sharm warn Wednesday, 14 September 2022 01:00 PM
කො මෙ බමුණ?? අයි එයා මෙතන නැත්තෙ? ලොකු අඩුවක් එයගෙ බයි කතාවක් නැති වුනාම..