IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ශ්‍රී ලංකාවේ කැණීම් කටයුතුවලට ජාත්‍යන්තර අවසරය අවශ්‍ය නැහැ


 (විනීතා එම් ගමගේ)
 
කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට ඒ සඳහා ස්වාධීනව තින්දු තීරණ ගත හැකි බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
 
එම කැණීම් කටයුතුවලදී යම් යම් අභියෝග පැමිණ ඇතැයි ද ඒවා අනවශ්‍ය අභියෝග ලෙස හැඳින්විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.
 
මහාචාර්ය මනතුංග මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දීය. උතුරේ සමහර දේශපාලඥයන් විසින් කුරින්දිමලේ කැණීම්වලට එරෙහිව කරන ප්‍රකාශ  පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
 
ස්වාධීන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට රටේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර අවසර ගත යුතු නොවන බව අවධාරණය කළ ඔහු කැණීම් කරන්නේ කොතැනද සංරක්ෂණය කරන්නේ කොතැන ද යන්න ගැන තීරණ ගන්නේ ශ්‍රී ලංකාව විසින් වන අතර ඒ සඳහා යුනෙස්කෝවෙන් හෝ වෙනත් තැනකින් අවසර අවශ්‍ය නොවන බව ද පැවැසීය. ඉකුත් ජනවාරි 18 දා එහි ඇරඹුණු කැණීම්වල දී මේ වනවිට පබ්බත වර්ගයේ විශාල ස්ථූපයක කොටස්, විශේෂයෙන් එම ස්ථූපයේ යූපස්ථම්භය හමුවූ බව ද හෙතෙම සඳහන් කළේය.
 
ඉපැරණි ස්ථූපයන්හි කොත් කැරුල්ලක් නොවූ අතර ඒවායේ පැවැතියේ අටපට්ටම් හැඩැති කුළුණක් බවත් එය යූපස්තම්භය යනුවෙන් හඳුන්වන අතර ස්ථූපයේ පූජනීයම කොටස වන්නේ එය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. ඒ පුරා විද්‍යාඥයන් වන තමන් කුරින්දිමලේ දෙස බලන්නේ මුන්නේෂ්වරම, නල්ලූර් කෝවිල හෝ අනෙක් ආගම්වල පුරා විද්‍යාස්ථාන දෙස බලන අන්දමින්ම බවත් එහි දී විද්‍යාත්මක අන්දමින් පුරා විද්‍යා ස්ථාන දෙස බලා තීරණයක් දීම තම වගකීම වන බවත් මනතුංග මහතා කීය. 

පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඉංග්‍රීසි නිලධාරින් පවා එය බෞද්ධ විහාරස්ථානයක් ලෙස හඳුන්වා තිබීම යැයි කී ඔහු එච්. සී. පී. බෙල් මහතා යටතේ කටයුතු කළ නිලධාරියෙකු වන ජෝන් ස්ටිල් මහතා පැහැදිලිව එය සඳහන් කර ඇතැයි ද කීය. ඔහු විසින් මුලතිව්හි ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය ලෙසින්  හඳුන්වා දී ඇති මෙම විහාරස්ථානයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීම බරපතලම ප්‍රශ්නයක්ව ඇතැයි ද කවුරු කැමති වුවත් අකමැතිවුවත් පිලිගත යුතු සත්‍යය වන්නේ උතුරු නැගෙනහිර ඇති පුරාවිද්‍යා ස්ථානවලින් අතිබහුතරය බෞද්ධ සිද්ධස්ථාන වීම බව ද පැවැසීය. උතුරු නැගෙනහිර ඇති පුරා විද්‍යාත්මක ස්මාරකවලින් වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි පෙන්වා දුන් මනතුංග මහතා ඒ යුද සමයේ ද නැද්ද යන්න ද සොයා බැලිය යුතු යැයි ද මේ  විනාශවී යන්නේ අපේ උරුමය පිළිබඳ සාක්ෂි යැයි ද කීය.
 
පුරා විද්‍යාත්මක ස්ථාන ඒ අන්දමින්ම තබා ගැනීමෙන් ඒවා තවදුරටත් විනාශ වී යයි ද නැද්ද යන්න ගැන සොයා බලා යම් යම් පියවර ගන්නා බවත් කුරුන්ඳිමලේ නටබුන් වල කැණිම් කර එහි ස්මාරක මතුකර ගතහොත් එහි වාසිය යන්නේ එම ප්‍රදේශයේ ජනතාවට බව ඔවුන් දන්නේ යැයි ද මහාචාර්ය මනතුංග කියා සිටියේය. සුළු පිරිසකගේ පෙළඹවීමෙන් මිස මහජනතාව කිසිසේත්ම මේවාට විරුද්ධ නොවන්නේ යැයි ද ඔහු කියාසිටියේය. කෙසේ වෙතත් තවදුරටත් කැණීම් පුළුල් කරන බවත් ඒ සඳහා විවිධ මට්ටම්වල විද්වතුන් මෙන්ම ජනතාව සහය කර ගන්නා බව ද යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලබා දෙන බවත් මනතුංග මහතා පැවැසුවේය. යුනෙස්කෝවෙහි උපකාර අවශ්‍ය වන්නේ මෙම ජාතික උරුමයන් මතුකරගෙන එය ලෝක උරුමයක් සේ ප්‍රකාශයට පත් කරන අවස්ථාවක යැයි ද කියා සිටියේය.



අදහස් (17)

ශ්‍රී ලංකාවේ කැණීම් කටයුතුවලට ජාත්‍යන්තර අවසරය අවශ්‍ය නැහැ

DM Friday, 05 February 2021 11:34 AM

ඔබ හරි. අපි ස්වාධීන රටක්. අපේ නායකයන්ගේ කොන්ද පණ නැතිකම නිසා හැමෝම අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා. බය නැතුව හරි දෙය කරන්න...

:       8       105

දුටුගැමුණු Friday, 05 February 2021 12:07 PM

බලපෑම් එන්නේ ජාත්‍යන්තරයෙන් නෙමෙයි මේ රට ඇතුලේම ඉන්න රාජකීය බක පණ්ඩිතයින්ගෙන්...

:       3       85

Raveendra Friday, 05 February 2021 01:04 PM

ඉතාමත්ම නිවැරදි අදහස් ගොන්නක්. අප රටේ කිනම් හෝ කැණීම් කිරීමට "කාගෙන්වත්" අවසර ගත යුතු නැති බව කුඩා දරුවෙකුට වුවද තේරෙන සත්‍යයකි. ඇත්තෙන්ම මේ ගැන කතාකිරීමත් නිෂ්ඵල වෑයමකි. කතාව කොහෙත්ම අවශ්‍ය නැත.

:       1       80

rocky Friday, 05 February 2021 01:06 PM

බණකතා කරනවද? මෙච්චර කාලයක් නිධන් හාරන්න යුනෙස්කෝ එකේ අවසර ගත්තේ නැහැනේ...!!! 

:       19       58

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 05 February 2021 01:23 PM

මෙන්න මේ ස්ථාවරය තමයි රජයක් සතුව තියෙන්න ඕනේ... නිවැරැදි දේ සෘජුව ගන්නවා නම් ඒකට කාගෙවත් අවසර ගන්න ඕනේ නෑ. මේක කාගෙවත් මානව හිමිකමක් උල්ලංඝනය කිරීමක් නෙමේ. මේ යටගියාව පිළිබඳ සත්‍ය තත්වය සොයා බැලීමක් විතරයි.

:       3       93

lankawe api Friday, 05 February 2021 01:24 PM

ඒකනේ කුරුණෑගල නගරයේ බුවනෙක රාජසභා මණ්ඩපය විනාශ කළේ...

:       44       41

janahitha Friday, 05 February 2021 03:39 PM

ලංකාවේ ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ වන අතර මුස්ලිම් ජනතාව සැමදා මුස්ලිම් වෙනවා. නමුත් සිංහල ජනතාව එහෙම නැහැ... පැවැත්ම තම දේශපාලන විශ්වාසය මත පමණි. 80% වුණ ජනතාව 60% කටත් අඩුවුණේ මෙම න්‍යාය නිසාය..

:       2       28

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 February 2021 03:51 PM

සත්‍ය වශයෙන්ම අපේ රටේ කැණීම් කරන්න... ඉතිහාසය ගැන තොරතුරු සොයන්න විදෙස් අනුමැතිය ඕනෑ නැහැ. මේ රටේ සුළු ජාතීන්ගේ කුතුහලය අවුස්සා ඔවුන්ගේ ඡන්ද ටික ලබාගන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදන ඇතැම් අන්තවාදී දේශපාලකයින්ගේ වැඩ තමයි මේ පුරාවිද්‍යා කැණීම් වලට බාධාවී තිබෙන්නේ. රටක රජයක්, පොදු නීතියක් කියා දේවල් තියෙනවා. ඒ රජයන් ඇතුලේ සිටින සැබෑ තතු නොදන්නා ඇතැම් අනුවණ කොටස් මේ අන්තවාදී දේශපාලන ගැත්තන් හුරතල් කරනු පෙනේ. රටේ විපක්ෂයද බොරදියේ මාළු බාන්නට මෙවන් අවස්ථා එනතෙක් බලාසිටිනා බව කිවමනාය. රටක එඩිතර සැබෑ නායකයෙකු තම වැඩදායී රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුත්තේය. ඔහු මඩේ සිටවූ ඉන්නක් මෙන් ඒ මේ අතට නොවැනී නිසි නිවැරදි තීන්දු තීරණ කලට වෙලාවට ගැනීම කළයුතුය. රටකට නායකයෙකු අවශ්‍ය වන්නේ එහෙයිනි. මේ සියලු අන්තවාදීන් රටේ,ජනතාවගේ නිදහසට බාධා දෙමින් ඩෙඟා නටන්නේ නායකයා කලට වේලාවට නිසි තීන්දු තීරණ නොගන්නා නිසාවෙනි. මේ නිසා මේ ප්‍රශ්නයේදී පුරාවිද්‍යා අංශද මේ අන්තවාදීන්ගේ තර්ජන හමුවේ අසරණව ඇතිබවක් පෙනේ. රටේ නායකයා තම වගකීම ඉටුකොට ඔවුන්හට ශක්තිය දීම මේ අවස්ථාවේ සිදුකළ යුතුය. අප හට අවැසි වන්නේ එවන් නායකයෙකි.

:       0       40

ravinFriday, 05 February 2021 06:37 PM

හොඳ අදහස් දැක්වීමක්... ඔබ කියන වර්ගයේ නායකයෙක් තවම අපේ රටේ බිහිවෙලා නැහැනේ. අද වෙනකම් බිහිවුන හැම නායකයෙක්ම හොරෙක්... නැත්නම් මිනීමරුවෙක්, නැතිනම් ස්ත්‍රී දුෂකයෙක්, නැතිනම් පගා මරුවෙක්.. කොටින්ම දැන් රට පාලනය කරන නායකයාටත් නඩු 35 ක් තියෙනවා.. හැබැයි මිනිහා කියකියා ඇවිදිනවා හොරු දුෂිතයින් අල්ලනවා කියලා...

:       3       16

PrasadSaturday, 06 February 2021 02:23 AM

වන ජීවී එකේ මහත්වරුන්ට මේ දවස්වල ශක්තිය දෙනවා වගේ...

:       6       1

Raveendra Friday, 05 February 2021 03:58 PM

බුවනෙක කියන්නේ හෝටලේ අයිතිකාරයගේ පුතාගේ නම.. ඔය ගොල්ලො වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. අපි හෑරිල්ල ගැන බලාගන්නම්..

:       16       24

Prabha Friday, 05 February 2021 04:06 PM

ඔබතුමාගේ අදහසට එකඟයි. නමුත් මේ කුණු දේශපාලකයෝ ඔබතුමාට කොතරම් කල් ඔය රාජකාරිය කරන්න දෙයිද දන්නේ නැහැ.

:       2       33

බද්රානි Friday, 05 February 2021 05:29 PM

කෞතුකාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ තිබුණු රාජසිංහ රජතුමාගේ කඩුවත් හොරකම් කළා. තක්කඩි ඉන්න රටේ සීගිරි කන්ද, රුවන්වැලි මහා සෑය, පමණක් නොවේ.. දළදා මාලිගාවත් ඔවුන්ට හිතුණොත් ඩෝසර් කරලා දාන්න. ආයේ සුද්දන්ගෙන් මොන අවසරයක්ද? අනික ඉතින් දඹුලු විහාරය වුණත්, දඹුල්ල වෙළඳ මධ්‍යස්ථානයකට අයිති තැනක් කියලා නාලිකාවකින් කිව්ව ගමන් විශ්වාස කරයි අපේ රටේ අම්බරුවන් රැල? හා, නැද්ද, "බුවනෙක පුතේ"?

:       67       32

NuwanFriday, 05 February 2021 11:16 PM

දේශපාලන වෛරය තමයි මේ කමෙන්ට් එකේ තියෙන්නේ... මේකට අදාල නැති දේවල් ඇදල ගන්න අය නියෝජනය කරන දේශපාලනය කවදා ජනගත වේද?

:       10       56

බද්රානිSaturday, 06 February 2021 08:59 AM

නුවන්ලාගේ වල්ගය පිළිබඳ ප්‍රශ්නය ගැන නෙමෙයි මම මෙතන ලියා තියෙන්නේ. අනික ඉතින් ඔයාලා වගේ වල්ගය උස්සගෙන කා සමගවත් දේශපාලන වෛරයක් පිරිමහ ගන්න මට තියන පිස්සුව මොකක්ද? දේශපාලනය දඩමීමා කරගෙන කරන තක්කඩි කම් හා පෞරාණික මෙන්ම පාරිසරික විනාශයන් ගැනයි මම කතා කකරන්නේ. වහල් මනසක් ඇති ලංකාවේ බහුතර නිවට මිනිස්සු දේශපාලකයින්ට ආවැඩුවාට මම කතා කරන්නේ රට ගැන පමණයි. සුද්දෝ පමණක් නොවෙයි, ත්‍රස්තවාදී ප්‍රභාකරනුත් රැකගත්ත දේවල් නේද? මේ ජාතිය දේශපාලන බලය යොදාගෙන මේ විනාශ කරන්නේ? මේ පින්බර භුමිය හිමිවිය යුත්තේ, වැදගත් ජාතියකටයි. එහෙම නැතිව හොර, අශිෂ්ඨ, අමන ජාතියකට නොවෙයි. එමනිසා ජාත්‍යන්තරයට වගකීමක් තියනවා මේ දේශය ආරක්ෂා කරලා දෙන්න.

:       42       9

kamal Saturday, 06 February 2021 05:41 AM

ජාත්‍යන්තරයෙන් අපිට පිනට සල්ලි ටිකක් දුන්නාම හොඳටම ඇති. අපි අපේ කැණීම් කරගන්නම්...

:       2       11

Deepal Nirosh Saturday, 06 February 2021 09:50 AM

නැහැ වැරදීමකින් ජාත්‍යන්තරයට හිතෙන්න ඇති අපි එම්සීසී අත්සන් කළා කියලා. නොකළ බව මතක් වුණා නම් බලපෑම් එන එකක් නැහැ.

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 56 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 89 0

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 231 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 201 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
2025 අප්‍රේල් මස 30 94 1

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.


මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 536 2

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 231 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 67 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1093 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site