IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොතලාවල පනතට විරුද්ධ වන හැඩ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය නොකර ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා  මාතරදී අද පැවසීය.

වරින් වර ඉදිරිපත් කළ පනත් කිහිපයක් වෙනුවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙනුවෙන් එක් පනතක් ඉදිරිපත් කරන බවත් එහි හොද මෙන්ම නරක ද තිබෙන බවත් ඒ මහතා සදහන් කළේය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන් එම පනතේ යම් යම් වගන්ති තුළින් බාධා එල්ල විය හැකි බවට තමා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නිගමනය වී තිබෙන බවත් එබැවින් අදාල පනත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා තිබෙන බවද වීරසිංහ මහතා සදහන් කළේය.

අදාල පනතට විරුද්ධව ඡන්දය දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස තව දුටත් ආණ්ඩුවේ සිටීම සදාචාර සම්පන්නදැයි මාධ්‍යවේදීන් විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල පනතට පමණක් විරුද්ධ වන බවත් එම තීරණය තම පක්ෂයේ තීරණයක් වන බවත්ය.

 



අදහස් (2)

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොතලාවල පනතට විරුද්ධ වන හැඩ

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:23 AM

කෝ මේ සවේන්ද්‍ර, මේ අයට පනතේ යහපත ගැන පහදලා දෙන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 10:37 AM

මේ පනත 2018 පැවැති ආණ්ඩුවත් ගෙනාවා. ජෙප්පන්ගේ විරුද්ධත්වය නිසා පළවෙනි වරට අකුලා ගත්තා. දැන් මේ රජයත් එම පනත ගෙනෙන්නේ මෙය රටට අවශ්‍ය පනතක් නිසයි. බලයට එන රජයන් මේ පනත ගෙනෙනවා. බලයට ඒමක් ගැන හිතන්න බැරි ගොබ්බ රැළ විරුද්ධ වෙනවා. ඒ පුරුද්දක් හැටියට හා අපිත් ඉන්නවා කියලා රටට කියන්න. වෙළෙන්දෙක් ආවාම ගෙයක කොහේදෝ මුල්ලක ඉන්න බල්ලෙක් මමත් ඉන්නවා කියන්න බුරනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 55 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1903 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1422 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 257 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3343 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1420 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site