IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘

(අජන්ත කුමාර අගලකඩ )

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක්  ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .

ඉන්දියාවෙන් හා  බංගලි දේශයෙන් ලබා ගැනෙන  ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .

ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර ,බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය .

චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල  දිගුකාලීන ණයක්  ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ  ආරංචි මාර්ග කියයි .

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .

විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්,  ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත .

 



අදහස් (48)

‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘

Raveendra Saturday, 03 July 2021 04:42 PM

හුරේ අපිට සල්ලි ලැබුණා... මට V8 එකක් ඕනේ හොඳේ... මටත් ඕනේ... හරි හරි ඔක්කෝටම දෙන්නම්... උම්බෑ ගාන්නේ නැතිව ඉඳහල්ලකෝ...!!! ඇයි අපි විපක්ෂ පට්ටියේ නිසා අපිට නැද්ද අපි පාරේ බස්වලද යන්න ඕනේ...?

:       28       644

sumuduSunday, 04 July 2021 04:23 AM

බලන්න එතනත් අපිට ලාබයි.. කෝටි 215ක් ලැබෙනවා. 100ක් ණය ගෙවනවා.. කෝටි 115ක් ලාබයි. දුන්න ඡන්දෙ ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ...

:       0       73

සිරිබිරිස් Saturday, 03 July 2021 04:43 PM

රාජපක්ෂලා එකතු වෙලා ලංකාව අනාථම කරලා දැම්මා...

:       1218       3332

69lakshayaSunday, 04 July 2021 01:13 AM

ඒ වුණාට අපිට රාජපක්ෂ සර්ලා හොඳයි. අපි ආයෙමත් ඡන්දෙ දෙනවා දෙනවාමයි.

:       84       46

මල්කැකුළාSunday, 04 July 2021 05:18 PM

කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්... අපිට වෙන මොන කෙන්ගෙඩියද තව ඕනෑ කරන්නේ...

:       0       31

මුණසිංහ Sunday, 04 July 2021 07:31 AM

මේක රාජපක්ෂලා පිට දාලා ඇඟ බේරාගන්න බැහැ. එයාලා විතරක්ම ගත්තු ණය නෙවෙයි. අනෙක වත්මන් ලෝකෙම ඇති ආර්ථික අර්බුදය සහ ලංකාවේ අපනයන අඩුවීමේ ප්‍රතිඵලය මේ වනවිට කාගේ ආණ්ඩුවක් තිබුණද දරාගන්න වෙනවා. නියම යථාර්ථය සියලු දෙනාම අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත්. විදෙස් ආධාර මතම යැපෙන මානසිකත්වය පසෙකලා වැඩ කළ යුතුයි. එවැනි රටවලට පැවැත්මක් නැති බව පේනවා...

:       377       27

aseSunday, 04 July 2021 09:02 AM

නියම වැඩ ඉදිරියේදී බලතැහැකි... නියම ගැහිලි ගහනකෙනා ආවම ඒකා කොරහ නොවේ, අපේ රටම විනාශකර ඔවුන්ගේ රට පනින විදිය...

:       1       240

සේන Saturday, 03 July 2021 04:46 PM

අනේ හොඳයි, ඔහොම නොලැබුණොත් සර්ලා කන්න නැතිවම මැරිලා යයි...!!!

:       24       430

Tharindu Perera Saturday, 03 July 2021 04:52 PM

කොහොමද, සෞභාග්‍යය දෝරේ ගලන හැටි පේනවා නේද? දැන් සැපද..?

:       18       1059

ලක්සිත පැරිසිය Saturday, 03 July 2021 04:59 PM

අවුරුදු 73ක් කාලා මේ අය දැන් බංගලියන්ගෙන් කන්න තැනට පත් කළා. මේ අයට හෙන ගහන්න ඕනේ...

:       21       1129

ලක්සිත පැරිස් Saturday, 03 July 2021 06:47 PM

මොකාද මට ඩිස්ලයික් දාන්නේ . මම බොරැද කියන්නෙ

:       0       97

වම්බොට්ටා 2 Sunday, 04 July 2021 10:25 PM

ඩිස්ලයික් එකක් නොවෙයි දාහක් දානවා. ඇයි බැරිද?, හලෝ අපි මැදමුලන කාරයින්ට කුලියට කහිනවා. අපිට හිතුණොත් ඔහෙලාවත් එක්කම මේ දූපත චිනාට ගානකට විකුණලා අපි රාජපක්ෂ මාමලාත් එක්ක හොන්කොන් යනවා. ශින්පින් මාමා කිව්වා එහෙන් ලොකු ඉඩමක් එක්ක ගෙයක් දෙන්නම් කියලා. මැරෙනකම් හොඳට කාලා බිලා ජොලියේ ඉන්න අපි මෙහෙන් හොරකම් කරගත්ත සල්ලි තියෙනවා.

:       0       0

Demuni Uduwara Sunday, 04 July 2021 03:00 AM

මමත් ඔබ සමග ඉන්නවා ඔවුන් විවේචනය කරන්න. අවුරුදු 73ක් නැතිව ඩී.එස්ලා, ඩඩ්ලිලා වගේ වසර 65කට අඩු කරන්න...

:       1       232

Viki Saturday, 03 July 2021 05:05 PM

ඕවා අපිට කියන්න එපා. ස්වයංපෝෂිත රටක් කරනවා කියලනේ ලොකුවට බාරගත්තේ.. දැන් වැඩ පෙන්නපල්ලා.

:       38       812

Dan Saturday, 03 July 2021 05:15 PM

රට විරුවන්ට මේ අය සැලකුවේ බල්ලන්ට වගේ... කිසිම පහසුකමක් දුන්නේ නැහැ. රට ඉඳලා එද්දී ගේන ඇපල් ගෙඩියත් උදුරාගත්තා.. දැන් සැපද?

:       47       1339

pradeepa Saturday, 03 July 2021 05:32 PM

අපේ අනාගත පරපුරට දෙයියන්ගේම පිහිටයි. ඔවුන් අපේ පාලකයින්ගේ සොහොනක්වත් තියන එකක් නැහැ... මේ කරන දේවල්වලට.

:       3       822

manju Saturday, 03 July 2021 05:51 PM

වැඩි ඈතක නැහැ. ටැක්ස් ගහන එක මිනිස්සුන්ට මොකද? බැසිලුත් ආවනේ...!!!

:       14       395

Ranji Saturday, 03 July 2021 05:54 PM

මැතිවරණයට කලින් අපේ රටේ ආර්ථිකය නඟා සිටුවන්නේ කොහොමද කියා මාධ්‍යවේදීන් මල්ලිගෙන් ඇහුවාම මල්ලි අයියා දිහා බැලුවා නේද? එතකොට අයියා පිටිපස්සේ හිටපු අද ඇමැතිවරයෙක් වෙලා ඉන්න කෙනා දිහා බලල‍ා පොඩ්ඩක් කසු කුසු ගාලා" අපි දන්නවා කරන හැටි... ඒක දැන් කියන්නේ නැහැ. අපට බලය දෙන්නකෝ.. එතකොට අපි කරලා පෙන්වන්නම්" කියලා කිව්වා මතකයිද? එදා අපි කවුරුවත් හිතුවෙ නෑ නේද බංගලාදේශය වගේ රටවල් වලින් අත මාරුවට ඩොලර් අරගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි, අරක්කු නිෂ්පාදනයට ලයිසන් දෙන එකයි... ඒ දන්නවා කියපු "ආර්ථිකය ගොඩගන්න සැලැස්ම" කියලා. ඒ වුණාට සමහර ඇමතිවරුන් පම්පෝරි ගහන්නේ "රටේ සංවර්ධනය කඩිනම් කරන්න ඕනෑපදන් සල්ලි අපට තියෙනවා" කියලයි.

:       65       1348

Vira Saturday, 03 July 2021 06:03 PM

මිරිහානේ ගෙදරක අද දහවල් භෝජනය රස මසවුලෙන් සප්පායම් වෙන අතරේ අයිය මලෝ තුන්දෙනෙක් එක්කෙනෙකුට දෙන්නේ මොනවද කියලා කතා බස් කළා කියන්නේ ඇත්තද? ඔන්න ඔහොමයි මේ දවස්වල රටේ මහජනතාවට අතිශයින් බලපාන තීන්දු තීරණ ගන්නේ...

:       30       755

Nimal Saturday, 03 July 2021 06:30 PM

ඊට පස්සෙ අපි බනිමු චීනයට ණය උගුලක පැටලෙව්වා කියලා.

:       0       194

Jude perera Saturday, 03 July 2021 06:35 PM

මේ මිනිසුගන නම් කියලා වැඩක් නැ

:       0       5

Ruhunu Saturday, 03 July 2021 07:00 PM

මොනවද මේ රටට වෙන්න‍ෙ

:       0       4

Don perera Saturday, 03 July 2021 07:02 PM

69 ලක්ෂයට ජයවේවා

:       0       146

Ruhunu Saturday, 03 July 2021 07:24 PM

දැන්නම් හරිම සැපයි.

:       0       8

Indika Saturday, 03 July 2021 08:05 PM

මේ හරක්ට තාම තේරෙන්නේ නෑනේ වහාම අනවශ්‍ය වියදම් කපා දැමිය යුතුයි කියන එක... උදා: රජයේ අනවශ්‍ය වියදම් - ජනාධිපති, මැති ඇමැති ඇතුළු ඉහල නිලධාරීන්ගේ වියදම්, අනවශ්‍ය විදියට තෙල්වලට යන වියදම්, බොරු සංවර්ධන කටයුතු සහ ගසා කෑම් මේවා ඉතිරි කළොත් සෑහෙන ඉතිරියක් වෙනවා ඉක්මණටම. ඊළඟට මැදි සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් අවශ්‍යයි රටේ නිෂ්පාදනය වැඩි කරන්න... මේ මූලික සංකල්පවලින් අයින්වෙලා එන්න එන්නම තව වලටයි යන්නේ.... බොරු බයිලා නම් ඉහටත් උඩින්. මාසෙන් මාසෙට ණය ගන්න වෙලා දැන්...

:       0       432

dumindaMonday, 05 July 2021 03:01 PM

මිනිස්සුන්ට ඇත්ත කිව්වා නම් හරි ... අර එතනෝල් ජොනී වගේ පම්පෝරි ගහන්නේ නැතිව...

:       0       1

සත්‍යා Saturday, 03 July 2021 08:31 PM

ආණඩු දෙක මාරුවෙන් මාරුවට පත්වීම් දීලා රජයේ සමහර ආයතනවල සේවකයන් සංඛ්‍යාව වැඩ කරවාගැනීමට එන අයටත් වැඩියෙන් ඉන්නවාලු. ඒ හැමෝගේම බර කරට අරගෙන හරි ආර්ථිකය නගා සිටුවීමට කුඩා පරිමාණයේ ව්‍යාපාරවල සිට අනෙක් සියලුම පෞද්ගලික අංශය පසුබට වන්නේ නැත්තේ දිගටම වැඩ කරමින් තම උපරිමය දීම ඔවුන්ට පුරුදු නිසයි. ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන එන්නතක් විධිමත් ක්‍රමයකට ණය වී හෝ ලබාදෙන්න. රජයේ ආයතන එන්නත් දීම සැලසුම්කරණයට අසමත් නම් පෞද්ගලික ස්වේච්ඡා ආයතන කැඳවන්න. ප්‍රබල එන්නතක් දීමට ණය වූවද එය ආයෝජනයක් බව සිතන්න.

:       0       267

kapila Saturday, 03 July 2021 08:42 PM

බය වෙන්න එපා. ඕවා ඔක්කොම හරියයි ළඟදීම "බැසිල් පැණිය" ආවාම...

:       0       22

Sri Lanka Saturday, 03 July 2021 09:30 PM

කොරෝනා වලට මුවා වෙල ගනන පුලුවන් හැමදේම අරගනනවා

:       0       26

pakeer Saturday, 03 July 2021 10:34 PM

ඇයි දැන් කිව්වේ අපිට සල්ලි ඔනි තරම් තියනවා කියලා

:       0       9

ලලිත් එම් Saturday, 03 July 2021 11:32 PM

ඉස්සර වෙලා කාල්ටන් එකෙන් පටන්ගෙන හම්බන්තොට වරාය, මත්තල වී ගබඩාව අර රැස්වීම් ශාලා, ක්‍රීඩා පිටි, අර ගම්පහ හදපු රැස්වීම් ශාලා, රටපුරා නාස්ති කළ සල්ලි... තව කොටස් වෙළඳපොළ හරහා ලබාගත් ධනය කොමිෂන් මේවා ඔක්කොම රාජපක්ෂ පවුලේ ජීවනෝපාය... අපි ණය ගෙවන්න ඕනෑ උන් කාපුවට...!!!!

:       0       648

Rata Perata Sunday, 04 July 2021 01:33 AM

මේ වගේ අසාර්ථක පාලකයෙක් ලංකාවේ කවදාවත් හිටියේ නෑ. මේ අය එලවලා දානකම් රටට සෙතක් නෑ.

:       0       543

ලක්ෂ්මි වික්‍රමසිංහ Sunday, 04 July 2021 05:58 AM

උදාර ලීලාවෙන් ගුවන් යානයෙන් බැහැලා ඇවිත් දණගහලා බිම ඉඹලා ගත්ත මව්බිම, අද චීනෙට ලියලා දෙන තැනට වැඩ කරනවා. ගැලවෙන්න බැරි ණය උගුලක හිර කරනවා. මම ජීවත්වෙන ජපානයේ නිතර නිතර ප්‍රවෘත්ති වැඩසටහන් වලට චීනයේ ණය උගුලට අහුවුණු රටවල් ගැන කියනවා. ඒ අතරේ හැමදාමත් උඩින්ම කියැවෙන රට තමයි අපේ රට. ඒ ණය තියාගෙනත් තව ණය ගන්නවා. අනුන්ට උකස් කරන්න හරි රටක් ඉතිරි කරලා රට වෙනුවෙන් මේ ලෝකේ ඇරලා ගිය, සදාකාලික ආබාධ වලට ලක්වුණු මිනිසුන්ගේ ජීවිතවලට, ගෞරවයක් දෙන්න. රට අනුන්ට විකුණන්න නම් ඇයි ඒ මිනිස්සු ජීවිත පූජාකරේ. රට වෙනුවෙන් දිවිපිදූ ඒ මිනිසුන් දැන් නිසැක වශයෙන්ම පසුතැවෙනවා ඇති.. චීනට රට අයිතිවෙනවට වඩා දෙමළ මිනිස්සුන්ට අයිති වුණානම් මීට වඩා හොඳයි කියලා. කොහොම වුණත් අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය, බෞද්ධ ධර්ම සහ රටේ අනාගතය අනතුරක බව නම් හොඳින්ම පේනවා. ඒ ගැන නම් විශාල කණගාටුවකුත්, බයකුත් දැනෙනවා.

:       0       672

Dhanushka Sunday, 04 July 2021 06:21 AM

මේවාට කියන්න වචන නැහැ. පව් අපේ රටේ මිනිස්සු...!!! 

:       0       308

නුවන් Sunday, 04 July 2021 06:33 AM

මේ රටේ අවුරුදු 20 ට කලින් කරන්න තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න යනකොට එදා රනිල්ට බැනපු අය එකෙකුට අයිතියක් නෑ අද මේ අහේනිය ගැන දොඩවන්න. නිකන් ඉන්න රාජ්‍ය සේවයට පඩි කපලා අහිංසක මිනිස්සුන්ට කන්න දෙන්න. පුද්ගලික අංශයට සහන දෙන්න. එහෙම නැතුව කොහොමද අපනයනය වැඩි කරන්නේ... ආණ්ඩුවේ තියන ඉඩම් පුද්ගලික අංශයට ලබාදෙන්න. ආණ්ඩුව හැම මගුලටම අතගහන එක නවත්තන්න. ගොවියන්ට සහන එපා පෝර සහ ඉඩම් දෙන්න. තාක්ෂණය භාවිතා කරලා ඉහළ අස්වැන්න ගන්න මහාපරිමාණ සමාගම් වලට ගොවිතැන දෙන්න. නිකන් කකා හිටපු කාලය ඉවරයි. වාමාංශික සංධාන ගෙදර යවන්න කාලය හරි.

:       4       43

ලුම්බිණි Sunday, 04 July 2021 06:52 AM

මහබැංකු අධිපතිතුමාගේ මොලේ තමයි මොලේ....

:       0       28

Rohana Sunday, 04 July 2021 10:12 AM

මේ ණයවලින් තාවකාලික සහනයක් මිස වෙන ඇති දෙයක් නැහැ. අවසානයේ වෙන්නේ ණය බර ඉහළ ගොස් ණය හා පොලී වාරිකවලට අනාගතයේ වැඩි මුදලක් අයවැයෙන් වෙන්කරන්න වීම පමණයි.

:       0       90

Ananda Sunday, 04 July 2021 10:38 AM

දැන් සැපද?

:       0       222

Prabha Sunday, 04 July 2021 01:46 PM

අමතක නොකර ඔය සල්ලිවලින් රට වටේට තව ජිම් ටිකක් හදන්න මයෙ පුතේ...

:       0       91

සෙනෙවිරත්න Sunday, 04 July 2021 03:59 PM

මේ පවුලම රට විනාශ කළා.

:       0       244

vikum Sunday, 04 July 2021 09:48 PM

උබලා 225 මේ රටට කරපු අපරාධවලට ප්‍රභාකරන් වගේ මනුස්සයෙක්ම ඉන්න ඔනි මරාගෙන මැරෙන්න...ජාතියක්ම ගිගන්නෝ කරපු උබලාට ආත්ම දහස් ගානක් මිනිස්සු වෛර කරාවි...

:       0       0

බද්රානි Monday, 05 July 2021 12:18 AM

ඇත්තම කියනවා නම්, ලංකාව ඇතුලේ ප්‍රෞඪ ජාතියක් කියලා බෙරිහන් දුන්නට, ලෝකයා ඉදිරියේ හිඟන ජාතියක් නේද? කාදට ආඩම්බර?

:       0       7

Chamil Monday, 05 July 2021 10:40 AM

ලංකාවට ලෙබනනයට වුණු දේම වෙනවා. දැන් මෙහේ ඩොලර් 1ක් රුපියල් 1700ක් පමණ වෙනවා ලංකාවේ මුදලින් තව ටික දවසකින් බැංකුවල තැන්පත් මුදල් පොඩි මිනිහට දෙන්නේ නෑ. බඩුමිල පාලනය රජයෙන් ගිලිහෙනවා. ප්‍රබල ව්‍යාපාරිකයන් තමයි මිල පාලනය කරන්නේ.. තෙල් මිල හිතාගන්නවත් බැරි විදිහට ඉහළ යනවා.. ගන්න ණයවලට රටෙන් කෑලි දෙන්න වෙනවා. ඔය අවුරුදු 72ක් රට පාලනය කරපු අයට ගැටලුවක් නෑ. කෙලවෙන්නේ අපිට...

:       0       5

Wasantha jayarathna. Monday, 05 July 2021 08:51 PM

පක්ෂ භේදයකින් තොරව බලයට එන අමන දේශපාලුවන් හිතුමතේ විදේශ නය ලබාගෙන ඉන් භාගයකට වඩා සොරකම් කර රටේ ජනතාව නය කරුවන් කරයි.අහෝ ශ්‍රිලංකා.

:       0       0

ගිජුලිහිණි සංදේශය Wednesday, 07 July 2021 04:37 PM

රටක ඇති සාරය - ගිලින අවතාරය , එහි මහ කොටාරය - සොරෙකුටම බාරය , වැසියනි දිවා රැය - නොකලොත් විචාරය , සිහියේ තබාගන් - අද මියන්මාරය……

:       0       9

Vithana Thursday, 08 July 2021 06:07 AM

මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් මාස තුනෙන් තුනට ණය ගන්නවා. මාස් පතා සල්ලි අච්චු ගහනවා රජයේ සේවකයන්ගේ පඩි, පැන්ෂන්, සමෘධි ගෙවන්න. මේක කරන්න ආණ්ඩුවක් ඕනෑද.. නේද විමල් ඇමැතිතුමෝ?

:       0       0

Asemden Thuvan Mafaz Thursday, 23 September 2021 04:45 AM

ලොකු අවශ්‍යතාවයක්

:       0       0

alice Saturday, 05 March 2022 06:22 PM

මිලදී ගෙන ඇති බරපතල ණයක් පිළිබඳ සාක්ෂිය, ඔහු මට ලබා දුන් යුරෝ 200,000 ක ණය සඳහා ඇලෙස්සැන්ඩ්‍රෝ ඇන්ටෝනියෝ මහතාට බොහෝම ස්තූතියි. ණයක් හෝ මූල්‍යකරණයක් අවශ්‍ය මා වටා සිටින පුද්ගලයින් සමඟ මම ඔබේ සේවාවන් ගැන කතා කරමි. ඔබ මට දුන් ණය ගැන මම සතුටු වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 124 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 281 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 455 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 505 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 582 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 202 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site