IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා ප්‍රකාශ කළේය.

එලෙස ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථා තත්වයට පත් විමේ සලකුණු පෙන්නුම් කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඔහු පැවසුවේය.

මෙරට ඇතිවූ අර්ථික අර්බුදයට මුල් වූ කරුණු ආමන්ත්‍රණය කිරීමටත් ආර්ථිකය ස්ථාවර කරමින් ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමටත් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව කුමාර් මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේදී සියයට 1.9 ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගනු ඇති බවත් ලබන වසරේදී එය සියයට 2.5 ක් දක්වා ඉහළ යනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා එළි දැක්වූ ආසියාවේ ආර්ථික දැක්ම ප්‍රකාශනයේ ඉහත පුරෝකථනයන් දැක්වේ.

එපමණක් නොව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණ ඇති බවත් මෙරට නිල සංචිත ඉහළ යමින් පවතින බවත් එම ප්‍රකාශනයේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකා රුපියලද මේ වනවිට ශක්තිමත් වී ඇති බවද එම ප්‍රකාශනයේ දැක්වේ.

 



අදහස් (1)

‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘

Rawana Saturday, 13 April 2024 06:56 AM

ආසියානු සංවර්ධන බැංකුවට තේරෙන සරල දේ මේ රටේ මෝඩ ජෙප්පන් ට නොතේරීම තමයි දුක

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 147 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1021 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 271 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 925 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site