ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් විසාකාපට්නම්හිදී පැවැති වයස 19 න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත්විය. ඊයේ (9) පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල පරදවා ඉන්දීය කී‍්‍රඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ඇරැුයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල සියලූ දෙනා දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 46.5 කදී ලබා ගත හැකි වුයේ ලකුණු 163 කි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ම දස්කම් දැක්වූ ළහිරු මධුෂංක ලකුණු 17 කට කඩුලූ 4 ක් ලබා ගත් අතර පන්දු 99 කදී හතරේ පහර පහක් සමග ලකුණු 63 ක්ද ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද විය. ඉන්දීය වයස 19 න් පහළ පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 168 (හනුමන් විහාරි 15, අක්ෂිදීප් නාත් 55, ස්මිත් පටෙල් 23, හාර්මිට් සිං 23, ළහිරු මධුෂංක 17/4, අමිල අපොන්සු 40/2) ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 163 (දිලූක තිස්සකුට්ටිගේ 29, ළහිරු මධුෂංක 63, පුලින තරංග 15, අමිල අපොන්සු 21, සන්දීප් ෂර්මා 23/4, රූෂ් කලාරියා 34/3)
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ශ්‍රී ලංකාව පරදවා ඉන්දීය පිල සිවුකොන් කි‍්‍රකට් ශූරතාව දිනයි