IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය

ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ.

ෙඑහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් ලෙස මෙම සහය පළ වී තිබේ.‍

සිය පිලිපීන සංචාරයේ අවසන් දිනය වන අද (19) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්විය.


එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ  පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි ඔස්කාර් ඩී. අල්බයැල්ඩ් මහතා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති  කැටලිනෝ එස්. කයි යන මහත්වරුන් විසිනි.

අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා තිබෙන බවයි.

භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි  මෙහිදී සඳහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බවද පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගේ දුතෙර්තේ මහතා ගෙන යන ප්‍රබල සටන ඇගැයීමට ලක් කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ තම පිලිපීන සංචාරය සිදු වූයේ ද  එම සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී  පවතින විශාල ගැටලුවක් බව  කියා සිටියේය.

 

 

(36698)



අදහස් (32)

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය

Sapumal. Saturday, 19 January 2019 03:33 PM

ජනපති තුමාගේ උත්සාහය අගය කල යුතුයි. ඒත් මේ සහයෝගය පිලිපීනයෙන් ඉල්ලීම අප වැනි රටකට තරම් නොවන බවයි පේන්නේ. පිලිපීනය කියන්නේ මෙතරම් ඉහලින් පිදිය යුතු රටක් නොවෙයි. කේරල ගංජා අබිං වැනි දේ බොහොමයක්ම එන්නේ ඉන්දියාවෙන්. පිලිපීනයට වඩා ඉන්දියාවේ සහයෝගය ගැනීමයි සිදුවිය යුත්තේ. මේවාට දේශපාලකයන් සම්බන්ද බවත් කියවුනා.

:       617       808

abaranSaturday, 19 January 2019 10:36 PM

වැරදිකරුවන්ට දඬුවම් දෙන්න එක එකා පස්සෙන් යන්ට ඕන නැහැ. ලෝකෙට පෙන්නන්නට හදනවා විතරයි... තව රටවල් කීයද ඉතිරි වෙලා තියෙන්නේ රවුං ගහන්ට..?

:       0       0

NishanSaturday, 19 January 2019 11:18 PM

ඔබතුමා හාල්මැස්සන්ව අල්ලනවා.. තෝරු මෝරු එක්ක දේශපාලනය කරනවා.

:       0       0

Sapumal.Sunday, 20 January 2019 03:51 AM

ජනපතිතුමා මේ වැඩේ කරනවා ඇත්තේ හොඳ සිතින් බව පේනවා. ඒත් ජනවහරේ පවතින කියමනක් තියෙනවා... ' දුප්පත් ලෙඩෙක් අල්ලා ගන්න ඕනේ පොහොසත් දොස්තර කෙනෙක් ' කියලා. ඒ කියන්නේ දුප්පත් දොස්තරට අායුෂද මිලදී ගන්න මුදල් නැතිවුණාම ලෙඩා මැරෙනවා. අපටත් වඩා අසරණයන්ගෙන් උදව් පැතීම අන්න ඒ වගේ දෙයක්... මහින්ද මහතාත් ඒ කාලයේ මේ වගේ රටවල් සමග කටයුතු කරන්න බොහෝ වෙහෙසක් දරුවා. ඒ වුණාට එ්කෙන් වුනේ අපේ රටේ විශාල ධනස්කන්ධයක් නිරපරාදේ නාස්ති වෙච්ච එක විතරයි.

:       0       47

pathiranaSunday, 20 January 2019 05:12 AM

දැනට පිලිපීනයවත් පිළිගන්නවා. හෙට, අනිද්දා ඉතින් ලන්තයේ පිහිට තමයි...

:       0       11

Raveendra Saturday, 19 January 2019 04:16 PM

අවංකව වැඩේ කරනවානම් ලක්මවට කරනා ලොකුම සේවයක් මෙය.

:       9       557

Rata Perata Saturday, 19 January 2019 05:33 PM

පිලිපීනයේ මොකද කලේ කියල ලෝකෙම දන්නවා. ගේන අයයි, බොන අයයි ඔක්කොම මැරුවා. දැනට 20000 ක් විතර මරලා තියෙනවා. ඕකද මේ අපේ සල්ලි වියදම් කරගෙන ගිහිල්ල ගන්න යන උපදෙස? දයාන්ලාටත් කරන්න වැඩ නැතුවට කරන සෝබන වැඩ මේවා. හරියට අපේ පොලිසියට, හමුදාවට බලය දුන්නොත් ඕක මාස 6 න් ඉවර කරලා දායි. කුඩු ගේන මැති, ඇමතිවරු ටිකත් අල්ලලා හිරේ දායි. එ්ක කරන්නේ නැතුව නිකම් බයිලා කියවනවා.

:       42       275

chathuri Saturday, 19 January 2019 07:32 PM

මත් උවදුර ඉවරකරන්න අපේ අධිකරණයට පුළුවන්. කිසිම රටක් අවශ්‍ය නැහැ. නීතිය සැමටම එකවගේ නම්... මෙය සුළු දෙයක් ඇමතිට එකනීතියක්... ජනතාවට එක නීතියක්. ඇමතිගෙන් කුඩු අහුවුණාම එය අධිකරණයට පිළිගැනීමට ප්‍රධාන සාක්ෂි මදි කියනවා. පොඩි කුඩ්ඩෙක් අහුවුණොත් ළඟ තියන් හිටියා කියල සිර දඬුවම් දෙනවා එක මොහොතින් ලොක්කන්ට. ඇපත් සමග නිදහස පිලිපීනයෙන් එන අයට වැටුප් දෙන්නෙත් අපෙන්මද? කරුණාකර ඔය දේවල් නතර කර නිත්‍ය රජ කරවන්න. සැමටම එකසේ රැජින ආවත් වැඩක් නැහැ නීතියක් නැතිව...

:       0       6

Thushara Saturday, 19 January 2019 07:37 PM

දරුණු ත්‍රස්තවාදීන් මර්දනය කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මත්ද්‍රව්‍ය මැඩලීම මහලොකු දෙයක් නෙවෙයි. දේශපාලකයන්ගේ සහයෝගය සහ පූර්ණ ආශිර්වාදය ඇතිවයි ඕවා ක්‍රියාත්මක වෙන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මේ කරන්නේ තවත් දේශපලන නාටකයක් විතරයි.

:       0       2

Lal Saturday, 19 January 2019 08:03 PM

පිලිපීනය පාවිච්චි කරන තාක්ෂණික වැඩ පිළිවෙල ලෝකෙම දන්නා රහසක්. හැබැයි ඒක තමයි ප්‍රයෝගිකව සාර්ථක වුණු එකම ක්‍රමය.

:       0       0

kamil Saturday, 19 January 2019 09:32 PM

පිලිපීනයේ සහය නැතිනිසා වෙන්න ඇති මෙච්චර කල් මේ යහපාලන නායකයාට ... මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට බැරිවෙන්න ඇත්තේ ...ඇති යාන්තන් පිලිපිනේ පිහිටයි...!!

:       0       0

iron Saturday, 19 January 2019 09:33 PM

හෙට මේවා ඔක්කොම මතක නෑ කියයිද දන්නේ නෑ .

:       0       0

Nalaka Saturday, 19 January 2019 09:34 PM

ජනාදිපති දුතර්තේ ට වඩා හොඳ නැද්ද මහින්දගෙන් උපදෙස් ගත්තනම්? පිලිපීන ජනාධිපති එරටේ ආගමික නායකයින් හිරේ දාලා, විපක්ෂය හිරේ දාලා, නීතිය අව නීතිය කරලා, ලෝකෙන් කොන්වෙලා ඉන්න කෙනෙක්. එයාට එයාගේ අපරාධ කල්ලි රෑට තියන වෙඩි හඬ අසන්න කියන්න අගනුවරින් ඈතට ගිහින්. එහෙම කෙනෙක්ගෙන් ගන්න උපදෙස් වැදී බණ වගෙයි.

:       0       0

juliyan Saturday, 19 January 2019 09:35 PM

පිලිපීනයේ උදව් කරනවා කියලා කවුද කිව්වේ කියලා හෙට කියයිද..?

:       0       0

රාජේශ් ඛන්නා Saturday, 19 January 2019 10:33 PM

පිලිපීනය දුප්පතුන්ගෙන් පිරි රටකි. සදාචාරාත්මක බවින් අන්තයටම පිරිහෙමින් පවතින දියුණු නොවූ රටකි. කාන්තාවන් තම පවුල් අතහැර විදේශික ධනවත් සුදු මිනිසුන් සමග එකට වසමින් රටට මහත් විදේශ විනිමයක් ලබා දුන්නද තවමත් සදාචාරාත්මකව තම ආගම දහමට ගරුකරමින් ගෞරවාන්විතව දිවි ගෙවන අයද නැත්තේ නොවේ. මත් උවදුර තවමත් ඉහළින්ම වැජඹේ. ඕනෑම කනෙකු තම වියදමින් පිලිපීනයේ සංචාරය කිරමේ වරදක් නැත. කෙටියෙන් ම කියතොත් එවැනි රටකින් ලක්මවට ගත යුතු උදව්වක් ආදර්ශයක් නැත. ලැබුනොත් ලැබෙන්නේ පිළිලයක් පමණි. ලක් මව ට ඇති ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර අසනීපයක් නිට්ටාවටම සුවකිරීමට හැකි ලක් මවම බිහි කළ දෙස් විදෙස් උසස් දැනුම ඇති සුදුසුකම්ලත් බුද්ධිමත් ලක් දරුවන් එමටය. එම දේශීය මිනිස් බලයෙන් රටේ ප්‍රශ්න විසඳීමට තරම් බුද්ධියක් සහ අවශ්‍යතාවයක් ඇති, රටේ අනාගත නායකත්වය දැරීමට සුදුසු ඇත්තෙකු බිහි කරලීමට නම් ලක්මව අසමත් වී ඇත්තේ අපේම කරුමයකටයි.

:       0       20

ලුම්බිණි Saturday, 19 January 2019 11:44 PM

පිලිපීනය කරන්නේ කිසිම නඩු විභාගයක් නැතුව නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම කරන මිනිසුන් මරා දැමීමයි. මේ අතරේ අහිංසක මිනිසුන් හිටි වාර ගණන අප්‍රමාණයි. ලෝකයේ බොහෝ රටවල් පිලිපීන වැඩ පිළිවෙල හෙලා දකිනවා. එවැනි රටකින්ද අපි උපදෙස් ගන්න යන්නේ?

:       0       5

Sanju Sunday, 20 January 2019 12:58 AM

ලංකාවේ පොලීසිවල ඉන්න වැඩක් නැති අය ඉවත් කරලා නියම සුජාත මිනිසුන් පොලිසියට ගන්න. මේ ජාවාරම්වලට පොලිසියත් සම්බන්ධයි.

:       0       0

chandima Sunday, 20 January 2019 01:20 AM

එහෙන් මොනවා ඉගෙන ගන්නද? ඒ ගොල්ලොත් ආදරේට ගත්තේ අපිව. අර සුදු වෑන් කාරයෝ යැව්වා නම් ඉවරයි. එහෙන් ඉගෙනගන්න තියෙන්නේ පාලකයින්ට කොඳු ඇට පෙළක් බද්ධ කරගන්න විදිය විතරයි. ආයේ ඕකේ මහා ලොකු තාක්ෂණයක් නැහැ. අනේ අර ප්‍රේමදාස, උඩුගම්පොල මහත්තය උන්නා නම්, මේ ටෙලිෆෝන් කෝල් එකටත් කොන්ද දෙකට නමාගෙන එහෙමයි සර් කියන පොලිස් ලොක්කෝ වෙනුවට?

:       0       7

පෙරේරා Sunday, 20 January 2019 01:29 AM

තාක්ෂණ උපදේශන කිව්වේ ඩුවර්ටේ වගේ මිනීමරු කල්ලි දාල හෝල්සේල් මිනීමරණ එකද? දැන් 20000 මරල ඉවරයි. කුණු එකතුවෙන්නේ කුණුවලට තමා.

:       0       0

de silva Sunday, 20 January 2019 01:52 AM

කරනවා නම් හොඳ වැඩක්..., විධායක ජනාධිපතිකම තිබෙන්නේ මේවගේ තීරණ අරන් වැඩ කරන්න. නමුත් ඔබතුම පටන් ගත්ත හැම වැඩේම වගේ මේකත් නිකන් අර සෝඩා බෝතලය කැඩුව වගේ එක පාරටම සද්දේ දමාගෙන පටන් ගත්තට, ටික දවසක් යනකොට නිකන්ම සැර අඩුවෙලා ඔබතුමාට අමතක වෙලා යාවිද? , උදාහරණ ලෙස ග්ලයිෆොසේට් තහනම, ඇස්බැස්ටෝස් තහනම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට මරණ දඬුවම දීම වැනි දේවල්...

:       0       32

රවින්ද්‍ර Sunday, 20 January 2019 02:37 AM

ජනාධිපති වූ සැනින් ලන්සාව ආසන සංවිධායක කරලා, පාර්ලිමේන්තුවටත් අරන් ඇමැතිකමකුත් දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න ‌වෙන්න ඇති..

:       0       0

Shantha qatar Sunday, 20 January 2019 03:25 AM

විදෙස් රටක සේවය කරන අපි අන්න තරමින් පිලිපීනයේ නව ජනපතිතුමාට ඔවුන් දක්වන්නේ ඉමහත් ගරුත්වයක්... කෙසේ හෝ අපේ ජනාධිපතිතුමා ගන්නා මේ උත්සාහයත් ඔවුන් දැඩිලෙසම අගය කරනවා. පිලිපීනය යනු ඇමෙරිකානු ආභාෂය හොඳින්ම ලද, උපයූ ධනය සම්පූර්ණයෙන් වියදම් කරන කෙළිලොල් පිරිසක්...

:       0       0

Amila Sunday, 20 January 2019 03:44 AM

අර ලන්සා මහත්තයට සංවිධායකකම් දුන්නා වගේ එතුමව ඔය ව්‍යාපාරයෙත් ප්‍රධානියෙක් කරා නම් හරි. වංචා දූෂණ, බොන්ඩ් හොරකම, මත්කුඩු මර්දනය, මත්පැන් මර්දනය, එල්ලුම් ගහ, සමනල්ලු වගේ කයිවරු නම් තියෙනවා. බොන්ඩ් එක ගැන උදේ, හවස කෑ ගැහුවට කරපු දෙයක් නැත. ලංසාලාට කරපු දෙයක් නැත. බුකීකාරයන් ක්‍රිකට් විනාශ කරද්දී කරපු දෙයක් නැත. පොලිස්පතිව අයින් කරේ නෑ කියා ලොකු නාඩගමක් නැටුවේය. ඒත් එතුමා තවම එතැනය. රටේ ව්‍යාපාර කරන්න හොඳ වාතාවරණයක් හදාගන්න. රටට මුදල් එන ක්‍රම වැඩි කරගන්න. එතකොට ඉබේම රටේ රැකියාත් හැදෙනවා. එවිට ඔය වංචා, දූෂණ වගේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඉබේම නැතිවෙනවා.

:       0       1

ase Sunday, 20 January 2019 04:00 AM

ඔය රටේ ඔය ප්‍රශ්නය විසඳුවේ කුඩුකාරයන්ව වෙඩි තබා මරා දැමීමෙන්, අපේ ජනාධිපති පෙර දවසක කීවා නොවේ. එවැනි අය මරණිය දණ්ඩනය ලබා දෙන බව, කෝ එක කරාද? පෙර දිනවල කුඩු ගෙන්වන අයව බේරා ගැනීමට ඉදිරිපත් වුනේ... අපේ ජනාධිපති නිකන් කියවනවා. මට හිතෙන්නේ මේ ලොක්කා ඒ ලොක්කා ආණ්ඩුව වගේ නේද? අනේ අපේ දේශපාලකයන්ගේ අවංකකම, මොනවටද මගේ කට?

:       0       0

Hafeel Sunday, 20 January 2019 04:20 AM

මෙහෙ කුඩු එතනෝල් කාරයන්ට ඇමතිකම දීලා, එහෙන් ආධාර ඉල්ලනවා. දේශපාලන ඇඟිලි ගැසීම නැත්නං, අපේ පොලීසියට මේක ලොකු වැඩක් නොවේ...

:       0       1

sam Sunday, 20 January 2019 04:31 AM

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා වෙළෙන්දන් දුටු දුටු තැන මරාදමා මත්ද්‍රව්‍ය වුවදුර මැඩලීමට පිලිපීනය ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුළු මහත් ලෝකයම අප්‍රසාදය පලකරද්දී, බෞද්ධ යැයි කියා ගන්නා අපේ රටේ නායකයාට එරටින් ලබාගත හැකි සහය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නරක බවත්, ඒවා භාවිතා කරන්නන් එයින් මුදවා පුනරුත්ථාපනය කළයුතු බවත් වෙළෙන්දන්ට දඬුවම් කර ඒවා වෙළඳාම නැවැත්විය යුතු බවත් අවිවාදිතයි. බල්ලන්, බළලුන් වාගේ මිනිසුන් 12,000 කට වඩා මරා දැමු (එයින් 5000 කට වඩා පිරිසක් මත්ද්‍රව්‍ය වලට කිසිම සම්බන්ධයක් නැතියවුන් බවත් කියැවෙනවා) පිලිපීනයේ මිනීමරු රෙජීමයෙන් උපදෙස් ගැනීම සමාන කල හැක්කේ හිට්ලර්ගෙන් ලෝක සාමය ගැන උපදෙස් ලබා ගැනීම වැනි විහිලුවකටයි. අපේ ජනපතිතුමාට මේවා ගැන උපදෙස් දෙන්න ඉන්න උපදේශකයින් එතුමාට වැරදි උපදෙස් දී එතුමාව නැත්තටම නැති කරන්න උත්සාහ කරන බව හෝ, ජනපතිතුමා උපදේශකයන්ගේ උපදෙස් පිළිනොගෙන සියතින්ම ගෙල සිඳගන්නවා හෝ දෙකෙන් එකක් විය යුතුයි. හැබැයි දෙකේම ප්‍රතිඵලය එකයි.

:       0       0

sena Sunday, 20 January 2019 05:09 AM

පිලිපීනයේ ක්‍රමය ලංකාවට ගැලපෙන එකක් නැහැ.. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා හෝ විකුණනවා කියලා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ලංකාවේ බැහැ.

:       0       0

එරික් Sunday, 20 January 2019 06:20 AM

ඉක්මනට මොනවහරි කරල ලකුණු දාගන්න. මෙහෙම ගියොත් ඔබතුමාට ඡන්දෙ නෙමේ අපේක්ශකත්වයවත් ගන්න බැරිවෙන සයිස් එකක් තියෙන්නේ...

:       3       448

PandithSunday, 20 January 2019 11:26 AM

විපක්ෂ නායකතුමා මල්ලිට තමයි දෙන්නේ. ශුවර්ම තමයි. මොනවද ඔට්ටු?

:       0       8

මංජුල බිරැට් Sunday, 20 January 2019 06:22 AM

දේශපාලනයේ යෙදෙන අය සම්බන්ධයි කියලා ජනාධිපතිතුමා කිහිපවතාවක්ම කියලා තියනවා. එහෙම නම් මොකද එ් අයගේ නම් හෙළි කරන්න බය? මත්ද්‍රව්‍ය ගේන අයත් දන්නවා නම්, විකුණන අයත් දන්නවා නම් මොකටද කාගෙවත් සහයක් විධායක ජනාධිපති තම බලය පාවිච්චි කරලා වැඩ කරන්න බයයි. මොකද දේශපාලනයෙන් පරාදවන නිසා....? මලවිකාර...

:       0       257

ferna Sunday, 20 January 2019 10:15 AM

ජනාධිපති හුවමාරු කරන්න වෙනවා...

:       0       115

kudda Monday, 21 January 2019 02:58 AM

ඔය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ අල්ලන්න පිලිපිනේටම යන්න ඕනේ නැහැ , අන්න තංගල්ල පැත්තට සුද්දෙක් ඇවිත් තව කුඩුකාරයෝ , ඇතුළු නොයෙකුත් දහජර වැඩ කරන උන් ඇතුළු 5000 -6000 විතර එකතු කරගෙන දින 2-3 නොනවතින බිර්ච් පාර්ටි එකක් කරගෙන යනවලු , එක ඇතුලේ හෙරෝයින් , පෙති ඇතුළු හැම දෙයක්ම තිබෙනවාලු , පොලිසියට එලියට වෙලා එකට ආරක්ෂාව දෙනවලු . මොකද ගමේ මිනිස්සු ඇවිත් ගැහුවොත් කියල පුලුවන්නම් පොලිස් කණ්ඩායමක් යවල එක රෙඩ් කරලා පෙන්වන්න ,

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 10 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 4790 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1268 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1861 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1428 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 944 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 534 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site