ශ්‍රී ලංකාව පිල දකුණු අපි‍්‍රකාවට එරෙහිව අද (29) ඩර්බන්හිදී හිමිකරගත් ලකුණු 208 ක ටෙස්ට් ජය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජය මෙන්ම දකුණු අප්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය. මෙය ශ්‍රී ලංකා පිල මව්බිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශියකදී ජය ලබා සිටියේය. මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු තරග ජය මෙය වේ.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාව මාස 17 කට පසු ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබයි
සුනිල් ක්‍රිෂාන් Thursday, 29 December 2011 11:51 PM
විශිෂ්ඨයි. ශ්‍රී ලංකාව අවතක්සේරු කළ කෙප්ලර්ට නියම පිළිතුරක්. සුබ පැතුම්
රන්දික Thursday, 29 December 2011 11:57 PM
අනර්ඝයි
ලෙස්ලි Friday, 30 December 2011 01:06 AM
ශ්‍රී ලංකා කණ්ඩායමට මගේ සුබ පැතුම්
සුමන මනන්දූව Friday, 30 December 2011 01:51 AM
අම්මෝ යන්තම් ඇති
ජයී Friday, 30 December 2011 03:35 AM
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ මෙවැනි ක්‍රිකට් බැලීම ඉතාමත් සතුට උපදවන්නකි. මගේ සුභ පැතුම්! 2012 වර්ෂයේ තරඟ වලට මෙය හොඳ ආරම්භයක්.
සමන්-kuweat Friday, 30 December 2011 03:37 AM
කියල වැඩක් නැහැ බොහොම හිතේ අමාරුවෙන් හිටියේ. අපේ කොල්ලන්ට ජයම වේවා
සාලිය Friday, 30 December 2011 07:13 AM
කලකට පස්සෙ ක්‍රිකට් ගැන ආසාවක් ඇතිවුණා. නියමයි ශ්‍රී ලංකා
දුමින්ද Friday, 30 December 2011 07:29 AM
ඉදිරියටම යන්න ලැබේවා!. ශ්‍රී ලංකාවට මගේ සුබ පැතුම්
අසේල සිරිවර්ධන Friday, 30 December 2011 07:57 AM
ඇත්තටම හොද ජයග්‍රහණයක් මේක. ඉදිරි තරගයත් හොදින් ක්‍රීඩා කරලා දිනන්න ලැබෙන්න ඕනා. එතකොට කෙප්ලර්ගේ කතාවත් බොරුවක් වෙනවා
ශිරන්ත Friday, 30 December 2011 08:35 AM
ශ්‍රී ලංකාවට මගේ සුබ පැතුම්
aaaaaaabc Friday, 30 December 2011 08:49 AM
සුබ පැතුම්
නිෂාන්ත Friday, 30 December 2011 09:00 AM
ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. ජයවේවා
රොහාන් ෆෙනෑන්ඩු Friday, 30 December 2011 09:16 AM
පරණ වාර්තා අනුව ඉතාමත් හොද ජයග්‍රහණයක්
නයනා Friday, 30 December 2011 09:37 AM
නියමයි කොල්ලනි
කෝෂිකා Friday, 30 December 2011 10:07 AM
අපේ ලංකා කණ්ඩායම හොද කණ්ඩායම් හැගීමකින් ක්‍රීඩා කළා
චමිල Friday, 30 December 2011 01:27 PM
ඔහෝම යං ඔහෝම යං
කනිෂ්ක Friday, 30 December 2011 02:19 PM
නියමයි
ශමිත් Friday, 30 December 2011 02:35 PM
නියමයි, ජයම වේවා!
nickson Friday, 30 December 2011 04:43 PM
යන්තම් ඇති. සුභපැතුම්
Roshan Friday, 30 December 2011 07:08 PM
ඇති යන්තම්.... ජය වේවා...
නාමල් Saturday, 31 December 2011 05:30 PM
නියමයි