(යොහාන් භාසුර)
නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට සීමා විය.
දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 3.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 78 ක් පමණක් රැස්කළ යුතුය.
කුසල් නේඩිස් පන්දු 30 කදී හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 19 ඉනිමේ පිතිකරුවකුගේ ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
මැද පෙළ පිතිකරුවන් වන නායක වනිඳු හසරංග (0), සදීර සමරවික්‍රම (0) සහ උප නායක චරිත් අසලංක (6) අසාර්ථක වීමෙන් ලකුණු 45 කට කඩුලු 6 ක් දැවී දෑමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.
දකුණු අප්‍රිකානු දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ට්ජ් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77
(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2)
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි
Siri Monday, 03 June 2024 11:59 PM
එලෙසම " තරඟාවලිය ජය ජයගැනීම පිලිබඳ බලාපොරොත්තුව සිහිනයකට පමණක් සීමාවෙයි"
Nimal Tuesday, 04 June 2024 08:25 AM
කමක් නෑ ඊළඟ එක ගහමු .ජයවේවා
Prabha Tuesday, 04 June 2024 02:26 PM
ගහයිද?
Kazi Shajahan Tuesday, 04 June 2024 03:33 PM
ගෙදර දැඟලුවාට ,පිට තැනකට ගියාම ලෙඩ්ඩු වගේ ඉන්නේ