IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


“ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට බවට පත්කරනවා“

වසර 67ක් දෙස ආපසු හැරී බලා අනාගතයේ කළ යුතු නිවැරදි දේ කරමින් සියලු ජාතීන්ගේ සාමූහිකත්වයෙන් එක් ජාතියක්, එක් රටක් ලෙස නැගී සිට ජාත්‍යන්තර සහයෝගීතායක ඇතිකැර ගනිමින් අපේ මේ උතුම් මව් බිම ලෝකෙන් උතුම් රාජ්‍යයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියාකරන බවත් ඉදිරියේ දී ආදායම් ලැබීමේ පරතරය අඩුකරමින් දුප්පත් කම දුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවී ක්‍රියාකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර ජාතික නිදහස් දින සමරු උළෙලේ දී ජාතිය අමතමින් කියා සිටියේය.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

අද අපි ඉමහත් අභිමානයෙන් 67 වැනි ජාතික නිදහස් දිනය සමරන අවස්ථාව. විශේෂයෙන් ම ඓතිහාසික පදනමක් ඓතිහාසික වැදගත් කමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික පුරවරයේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔබ සැම අමතන්නට හැකිවීම ගැන මා ඉමහත් සතුටට පත්වනවා.

අපේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් සැමරීමට හැකිවීම මහත් වැදගත් දෙයක්. 1815 අපි සිහිපත් කරන්නේ මහත් ඛේදවාචකයක් වූ වසර හැටියටයි. 1818 හා 1848 වසර වල දී අපේ ජාතිය වෙනුවෙන් සටන් වැදුණු වීරයන්ගේ ලෙයින් ජාතිමාමකයන්ගේ ලෙයින් අපේ උතුම් මහ පොළොව තෙත් වුණා. ඒ කැරළිවලින් ඇතිවූ තත්ත්වයන් සමග අපට එය ජයග්‍රහණය කරන්න නොහැකි වූවා සේම එතැන් සිට 1948 දක්වා අපට නිදහසක් ලැබී තිබුණේ නැහැ. මේ කාලය තුළ එවකට සිටි අපේ ජාතික වීරයන් ඒ යුගයේ ජාතික සටන අරගෙන ගිය අපේ උතුම් විරුවන් තම වගකීම් හා යුතුකම් ඉටුකරමින් අපේ මුළු මහත් මාතෘ භූමිය නිදහස් කැර ගැනීම සඳහා අනවරත වූ අරගලයක් අරගෙන ගියා. ඒ අරගලය එක් පැත්තකින් නිදහස් සාමකාමී ස්වරූපයක් ගත්තා. විටෙක එය අවිහිංසාවාදී ස්වරූපයක් ගත්තා. විරෝධතා, වැඩවර්ජන, උද්ඝෝෂණ සමග යටත් විජිත පාලනයට එරෙහිව අපේ ජනතාව පෙළගැසී සිටියා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස ඩොනමෝර් කොමිෂන් සභා කෝල්බෘෘක් කොමිෂන් සභා ක්‍රියාත්මක වුනා,

ඩී.එස් සේනානායක, එෆ්.ආර් සේනානයක, පොන්නම්බලම් රාමනාදන්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, අනගාරික ධර්මපාල, රොබට් ගුණවර්ධන, ටී.බී.ජයා වැනි ජාතික වීරයන් සියලු දෙනා නමින් සඳහන් කළ නොහැකි වුව ද ඔවුන් දැඩි කැපවීමක් නිදහස දිනා ගැනීම වෙනුවෙන් කරනු ලැබුවා.

සාහිත්‍යධරයන් මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන වැනි සාහිත්‍ය කරුවන් තම පෑන් තුඩින් වගකීම උසස් ලෙස ඉටුකරණු ලබුවා. මේ කාලසීමාව සිහිපත් කරණවිට විශේෂයෙන් ම 1948 නිදහස ලැබිලා 1956 බිහි වූ පොදු ජන ආණ්ඩුවේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය ත්‍රිකුණාමලය වැනි කඳවුරු ඉවත් කළා. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1972 දී මේ රටේ පූර්ණ නිදහස ස්ථාපිත කළා. ඉන් පසු අගබාගයේ ඇතිවූ වසර 30ක ම්ලේච්ඡ යුද්ධය අපේ ජාතිය අපේ සංවර්ධනය ගැන ඛේදවාචකයක් වුණා. ඒ සම්බන්ධයෙන් සිදුවූ අලාභ පාඩු කොතෙක් දැයි තක්සේරු කළ නොහැකියි.

ලෝකය හමුවේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට මේ යුද්ධය අවහිරයක් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණවිරුවන් සමග එක්ව මේ යුද්ධය අවසන් කළා. අපේ වීරෝධාර රණවිරුවන්ගේ ජීවිත කැපවීමෙන්. අති මහත් පරිත්‍යාගයන්ගෙන් යුද්ධය අවසන් කළා. මේ කාලයේ අප රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමත් ඔවුන්ට ගෞරව කිරීමත් අපේ යුතුකමක් හා වගකීමක් වනවා.

2009 වනවිට කොටි ත්‍රස්තවාදය අවසන් කරලා රට සංවර්ධනය කරලා රට ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණත් උතුරේත් දකුණේත් ජනතාවගේ හිත් එකතුකරන්න හැකියාවක් ලැබුණේ නැහැ. භෞතික වශයෙන් යුද්ධය අවසන්වුණත් අපිට තියෙන විශාලම අභියෝගය තමයි ජාතික සංහිදියා පිළිවෙතක් තුළ ජාතික සංහිදියාවකින් මේ උතුරු දකුණු සිත් එකතු කරලා ජාතිය ඉදිරියට ගෙන යාමේ වැදගත් අවශ්‍යතාවක් තිබෙනවා.

67 වසරක නිදහස සමරණ මේ මොහොතේ අවංකවම අපට සතුටු විය හැකි ද අපි ආපසු හැරී බළලා මේ වසර 67 රට පාලනය  කළ සෑම පක්ෂයකට ම නායකයකට ම ඇගිල්ල දිගු කිරීමට සාධාරණය ද ? තම තමන් මේ ගැන සොයා බලා අනාගතය දෙස බැලිය යුතුයැයි මා විශ්වාස කරණවා. අපිට වැරදුණු තැන් සොයා බලා අනාගතය සැළසුම් කිරීම ඒ දෙස බැලීම සුදුසුයැයි මා සිතනවා.

මේ රටේ ජනතාව අතර තිබෙන ආදායම් පරතරය දුගී බව අපි ජයගත යුතු විශාල අභියෝගයක්. ඒ වගේ ම අප විසඳිය යුතු බරපතල ප්‍රශ්නයක්. අපි නව රජය බිහි කරද්දී ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වශයෙන් නව සමාජ පරිවර්ථනක් කරන බව. එයට ප්‍රවේශයක් ඇති කළා. දරිද්‍රතාව දර්ශකය සියයට 6.7ක් වනවා. මෙය අවම කිරීමට අප කැපවිය යුතුයි. මගේ ආදරණීය ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබමින් බිහි කළ මේ රජය දරිද්‍රතාව අඩු කිරීම කෙරෙහි කටයුතු කළ යුතුයි.

දැනට ඇති ආදායම් පරතරය අඩු කරමින් දුගී බව නැති කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි කිටයුතු කරනවා. විශේෂයෙන් ම කෘෂිකාර්මික රටක් ලෙස නව තාක්ෂණය, නවීන උපකරණ සමග ලෝකයේ දැනුම ලබාගනිමින් දේශීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න අපේක්ෂා කරනවා. නව තාක්ෂණය සමග කාර්මික ලෝකය අත්වැල් බැඳගෙන අප ප්‍රබුද්ධ රටක් හැටියට ඉදිරියට යාම අවශ්‍යයි. අපේ නව රජය මේ සඳහා කැපවී සිටිනවා.

රාජ්‍ය සේවය අපක්ෂපාතී කරමින්. සාධාරණ රටක් බිහිකරමින්. විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරිමන් රට සංවර්ධනයට අප කැපවී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවී සිටිනවා. ජාතික හා අන්තර්ජාතික ප්‍රශ්න විසඳමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ සියලු ජාතීන් සමග ලෝකයේ මග පෙන්වීම් ද උපයෝගී කරගෙන අපේ රට ජාතිය පුළුල් සංවර්ධනයකට ගෙන යාමට අපේක්ෂා කරනවා.

නව පරපුර ලෝකය සමග එක් කළ යුතුයි. නව තාක්ෂණය සමග ඉදිරයට ගෙන යා යුතුයි. ඒ නිසා නව පරපුරේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපි සැමවිටම ක්‍රියාකරණ බව ද කිව යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්තීන්ට අනුව ඒවා පිළිපදිමින් අපේ රට ලෝකයේ උතුම් රට බවට පත්කිරීමේ කාර්යය අප ඉටු කරණවා. 67 වැනි නිදහස සමරද්දී ආපසු හැරී බලන්නා සේම නව රටක් ලෙස නව ජාතියක් ලෙස ඉදිරියට ගෙන යාමට කැපවන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.



අදහස් (0)

“ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට බවට පත්කරනවා“

රොනි Wednesday, 04 February 2015 11:35 AM

ඒක කරන්න පුලුවන් නම් බොහෝම හොඳ දෙයක් ජනාධිපති තුමනි.(හේ)

:       0       0

අසංග Wednesday, 04 February 2015 04:33 AM

එ්කට ඔබතුමාට කරන්න දෙයක් නැහැ. මහින්ද මැතිතුමා එ්ක කරලා ඉවරයි. (නදී)

:       0       0

සමන් Wednesday, 04 February 2015 04:44 AM

ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඒත් ධනයට බලයට ගිජු වු නරුම මිනිසුන් නිසා තමයි අපේ රට පරදේසක්කාරයින් ඉදිරියේ හෑල්ලු උනේ (නදී)

:       0       0

නිමල් Wednesday, 04 February 2015 04:50 AM

මහින්ද මහත්තය කරපු හරිය මදිද? (නදී)

:       0       0

අජිත් Wednesday, 04 February 2015 05:02 AM

කියන එ්වා උනොත් හොඳයි (නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 04 February 2015 05:06 AM

මහින්ද මාමා නියමෙටම කෙරුවා අසංග (නදී)

:       0       0

මාලි Wednesday, 04 February 2015 05:22 AM

ඔව් ස්ටැන්ලි, එයා නියමෙට කළා තමයි. ඒකයි අපිට මෙහෙම හරි රටක් තියෙන්නේ (නදී)

:       0       0

රොෂාන් කටාර් Wednesday, 04 February 2015 05:32 AM

මේ නිදහස් දිනය තමයි අපි සන්තෝසෙන් සමරන්න ඕනේ. 1948 න් පස්සේ 2015 තමයි අපිට අායෙත් නිදහස ලැබුනේ. අපිටම කියල නැවුම් හොර බොරු නැති ජනාදිපතිතුමෙක් බිහි වෙලා ඉන්නවා අපිත් කැමතියි ලෝකේ අනිත් රටවල් වගේ දියුණුවෙන් දියුණු වෙලා ඉස්සරහට යන්න. ඒ උනත් අපිට බිහි වුන දේශපාලකන්ගෙන් සිදු වුන සමහර වැරදි නිසා නැවතත් අපේ රට අාගාදයෙන් අාගාදයටම තල්ලු වෙලා ගියා. ඇත්තටම අද වැනි දවසක අපි නිදහස දිනු නායකයින්ගේ නමට මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමාගේ නමත් ඉතිහාස ගත කරන්න ඕනේ. මොකද එතුමාගේ ප්‍රදානත්වයෙන් තමයි යුද්දේ ජයග්‍රහණය කළේ. එතුමාගේ වටේ ඉන්න පිරිස නිසා තමයි එතුමාට රට දියුණු කරන්න බැරි උනේ. එසේ නොවුනා නම් පුංචි සිංගප්පූරුවක් බවට පත් වෙන්න ඉඩ තිබුනා අපේ රට. කොහොම උනත් දැන් හොර බොරු නැති අවංක පාලකයෙක් අපිට බිහි වෙලා තියෙනවා. මේ පාර වත් මහජනයාගේ මුදල් විනාස කරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව රටේ දියුණුව වෙනුවෙන් වැඩ කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටට ලැබුන නිදහසට සුභ පතනවා (නදී)

:       0       0

විමුක්ති Wednesday, 04 February 2015 05:45 AM

රටේ අනාගතය ඔබේ අතේ.සියලු කටයුතු සිතන අයුරින් සාර්ථක වේවා ජයවේවා (දිල්)

:       0       0

ෂාම් Wednesday, 04 February 2015 05:49 AM

මේ සියලු දේ සිදු වනවානම් රට යහපත් තැනක් කරන්න පුළුවන් ජයවේවා.!(දිල්)

:       0       0

සුමන මානන්දුව Wednesday, 04 February 2015 05:54 AM

අසංග,පොඩ්ඩක් ඉන්න මහින්ද මැතිතුමා කරපු දේවල් තව ඉදිරියට බලා ගන්න පුළුවනි(දිල්)

:       0       0

නිරෝෂණ Wednesday, 04 February 2015 06:09 AM

වංචා දුෂණ මත් උවඳුර නැති කරා නම් මේ යන ගමනට ලොකු සහායක් වෙයි (දිල්)

:       0       0

පද්මසිරි Wednesday, 04 February 2015 06:11 AM

අපි අදහස් වශයෙන් පළකළ යුත්තේ දන්නා දේ සහ දුටු දේ විතරයි.අපහාස කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතුයි. මේ ලෝකේ දැනට ඉන්න පාළකයෝ කවුරුවත්ම දේවත්වයෙන් ජනතාවට සළකන්නේ නෑ (දිල්)

:       0       0

කල්හාරී Wednesday, 04 February 2015 06:45 AM

ඔබ ඡන්දයට පෙර කිවූ කුඩු කාරයෝ, එතනොල්කාරයෝ සහ දුෂිතයෝ ටික හිරේ දැම්ම දාට ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට බවට පත් වේවි . (දිල්)

:       0       0

පෙරේරා Wednesday, 04 February 2015 07:06 AM

හැබෑටම ඕක කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 04 February 2015 07:11 AM

ලංකා ඉතිහාසයේ බිහිවුන ජනපතිවරුන් අතර වර්තමාන ජනාධිපති තුමාගේ ක්‍රියා කලාපයන්, තීන්දු හා තීරණ පිලිබඳව ජනතාව අතර විශේෂ පිළිගැනීමක් තිබෙනවා. විශේෂයෙන්ම මුදල් නාස්තිය අවම කර නිහතමානී ලෙස එතුමන් ගෙන යන වැඩපිළිවෙල අතිශයින්ම දුප්පත් ජනතාවට සෙතක් වෙනවා කිසිම සැකයක් නැහැ. අපේ රට හා අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන අයුරින් රාජ්‍ය උළෙල හා වෙනත් ව්ශේෂ අවස්ථා සැමරීම ඉතාමත් ප්‍රසංෂනීයයි. මෙතුමා අවංකවම මේරට ගොඩ ගැනීමට ගන්න සියලු පියවරයන් අති සාර්ථක වේවා. අවංකවම මේ රට ලෝකෙන්ම උතුම් රටක් වෙනවා දකින්න අපි පෙරුම් පුරමින් සිටිනවා. සාමය හා සංහිදියාව සහ දූෂණ භීෂණ වලින් තොර හෙටක් අපිට උදා වේවා. ඒ සඳහා මුස්ලිම්, සිංහල, දමිල අපි සැවොම මේ රට වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අවංකවම සිදු කරන්න බලාපොරුත්තු වෙමු. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් රටේ ජනතාවටත් දෙවියන්ගේ රැකවරණය හා ආශිර්වාදය ලැබේවා. (නදී)

:       0       0

සුපුන් Wednesday, 04 February 2015 07:19 AM

ලෝකේ උතුම් රටක් කියන්නේ එක එක ජාතීන්ට රටේ කෑලි කඩල දෙන එක නෙවේ කියල මතක තියාගෙන වැඩ කරන්න ජනාධිපති තුමනි. ඔබට ජය. (නදී)

:       0       0

මිගිද Wednesday, 04 February 2015 08:03 AM

මහින්ද මහත්තයාගේ වැඩ කෙරුවාව තව දැක්කේ නැහැ. ඉස්සරහට පුළුවන් බලා ගන්න. (නදී)

:       0       0

ජගත් සමරසේකර කිරුලපන Wednesday, 04 February 2015 08:04 AM

දුප්පත්ම විදිහට සමරපු නිදහස් උත්සවය. මහින්දගේ අගය පෙනුනා. (නදී)

:       0       0

මිගිද Wednesday, 04 February 2015 08:43 AM

ජගත්-ගෙදරට මරගාතේ- ලෝකෙට පරකාසේ වෙන්න ඕනේ නැහැ. එ්කනේ අපිට කෙල උනේ. පොඩ්ඩක් හිතන්න අපේ සල්ලි ප්‍රකෝටි ගණන් නාස්ති කරපු බව. (නදී)

:       0       0

අශෝක Wednesday, 04 February 2015 09:39 AM

අනේ ඔව් මාලී, මහින්ද මාමා යුද්දෙට ගිහිල්ලානේ සේරම දින්නේ. අර අහිංසක ගම් වල කෙල්ලෝ කොල්ලෝ නිකන් විනෝදයට වගේ මැරෙන්න ඇති මම හිතන්නේ. මේ වගේ හරක් ඉන්න රටක් අම්මපා (නදී)

:       0       0

ලියොන් Wednesday, 04 February 2015 09:56 AM

කීප දෙනෙක්ම කියන්න වාගේ වත්මන් ජනපතිතුමා බොහොම සරළ බවක් පෙනෙනවා. ඒ එතුමාට ආවේනික ගති පැවතුම් නිසා විය යුතුයි. එය වෙනස් නො වීම අපි අගය කල යුතුය. නමුත් මා තුළ නැගුනු ප්‍රශ්නයක් තවමත් ඉතිරි වී ඇත. අද නිදහස් දිනයේදී එතුමාට මනාව ගැලපෙන පෞරුෂත්වයක් විද්‍යාමානවන ජාතික ඇඳුම වසා වෙනත් ඇඳුමක් ඇන්දේ කාගේ හෝ උපදෙසක් මතද.? මට නම් පෙනුනේ එතුමාගේ නිහතමානි බව ඉන් වැසි ගිය බවකි.(හේ)

:       0       0

මිගිද Wednesday, 04 February 2015 10:09 AM

මම හිතන්නේ නියම පූර්ණ නිදහස ලැබුනේ ගිය මාසේ කියලා. දැන් ලියන්න කියන්න නිදහස තියෙනවා. වැරදි දේ වැරදියි කියල කියන්න දැන් බය නැහැ. අපි හැමෝම මිනිස්සු. සිංහල ,දෙමල,මුස්ලිම් කියල බෙදාගන්න ඕනේ නැහැ. ජාතිවාදය තියෙන්නේ තිරිසනුන් අතර. රටක ස්වයිරී භාවය වගේම ආරක්ෂාවත් තියෙන්න ඕනේ. හැමකෙනාම එකමුතු උනොත් තමයි දේශයේ උන්නතිය ඇති වෙන්නේ. අන්තවාදීන් තුරන් කල යුතුමයි. අපට රජුන් අවශ්‍ය නැහැ. ගරු,අහිගරු,ගරුකටයුතු ආදී නම්බු නාම අනවශ්‍යයි. අපට හොද හැටි මානව සම්පත් තියෙනවා. අපි ඒවා මනා ලෙස යොදවා ගන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 167 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 178 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 258 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 234 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 239 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 164 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site