IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව ලොව 114 වැනි තැනට

ලෝකයේ වඩාත් සාමකාමී රට අයිස්ලන්තය බව 2015 ආර්ථික සහ සාමය පිළිබඳ ලාභ නොලබන ආයතනය පවසයි. අයිස්ලන්තය උතුරු අත්ලන්තික් සාගරයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි දිවයිනකි.

එම ආයතනය මගින් 2015 වර්ෂය සඳහා සම්පාදනය කැර ඇති වාර්තාවක් උපුටා දක්වන සීඑන්එන් පුත් සේවය පවසන්නේ ලෝකයේ රටවල් 162ක් එහිදී ඇගයීමට ලක්කැර ඇති බවයි.

සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට ලොව 114 වැනි තැන හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සාමාන්‍ය තරමේ සාමකාමී රටක් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව මේ ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය 2014 සමීක්ෂණයට වඩා ලකුණු 0.073ක් එක්කැර ගනිමිනි. එසේ වුව ද ශ්‍රී ලංකාව පසුගිය 2014 සිටි 105 වැනි ස්ථානයෙන් පියවර නමයක් පසුපසට පැමිණ ඇත්තේ අනෙක් රටවල් ශ්‍රී ලංකාවට වඩා සාමකාමී තත්ත්වයට පත්වීම හේතුවෙනි. ඒ ඒ රටවල ප්‍රචණ්ඩත්වය, අපරාධ, ගැටුම්වලට මැදිවීම සහ හමුදාව යෙදවීමේ තත්ත්වය ගැන දත්ත් උපයෝගී කරගනිමින් අදාල වාර්තාව සකස් කරයි.

අදාල දත්ත අනුව ලොව වඩාත් සාමකාමී රටවල් 10 අතරින් හයක් යුරෝපා රටවල්ය. සාමය වඩාත් වේගයෙන් පිරිහීගිය රට ලෙස හඳුන්වා ඇත්තේ සිරියාවයි.

මේ ලේඛණයේ ඇමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.

දකුණු ආසියා කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයට පත්ව සිටියි. ලෝකයේ සාමකාමි රටවල් අතර 18 වැනි ස්ථානයේ සිටින භූතානය දකුණු ආසියාවේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර නේපාලය දෙවැනි තැනටත්, බංග්ලාදේශය තුන්වැනි තැනටත් පත්ව සිටියි. දකුණු ආසියාවේ පස්වැනි තැන සිටින ඉන්දියාව ලෝකයේ 143 තැන සිටියි. පකිස්ථානය ලොව 154 වැනි ස්ථානයත් දකුණු ආසියාවේ හයවැනි තැනත් ලබා සිටින අතර දකුණු ආසියානු රටවල් අතර අවසන් ස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථානය ලෝකයේ 160 වැනි ස්ථානයට පත්ව සිටින්නේ ඉරාකයටත් සිරියාවටත් පමණක් ඉදිරියෙන් සිටිමිනි.



අදහස් (0)

ශ්‍රී ලංකාව ලොව 114 වැනි තැනට

රසික Monday, 29 June 2015 01:40 PM

ඇමරිකාවේ කලු සුදු වාර්ගික ප්‍රශ්න තදින් ම තියෙන්වා.ආයුධ සන්නද්ධ ඒක පුද්ගල හා කණ්ඩායම් කල්ලි ගැහිලා (ම)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 27 June 2015 04:40 PM

බංගලිදේශය අපේ රටට වඩා සාමකාමිලු? (නි)

:       0       0

සනත් Saturday, 27 June 2015 04:44 PM

මහින්ද මැතිතුමා තව අවුරුදු 10ක් බලයේ හිටියා නම් අපිටත් භූතානයට වගේ රජ පවුලකුත් ආසියාවේ පළමුවෙනි තැනත් ලබාගන්න තිබුනා. (නි)

:       0       0

නාමල් Saturday, 27 June 2015 05:28 PM

ඇමරිකාව සුදුද කලුද කියලැ දන්නෙ නැතුව සමහරු ඇමරිකාවට බනිනවා. ඇමරිකාව 1ට නැත්තේ අන්තවාදීන්ගෙන් ඇමරිකාවට තර්ජන ඇති නිසා. ඇමරිකානු හමුදාව මෙහෙයුම් කරන නිසා.එහෙම නැතුව ඇමරිකාව ඇතුළේ යුද්ධ තිබෙන නිසා නෙමෙයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 28 June 2015 12:21 AM

මම ඉන්න රට ආඩම්බරයි කියන්න, අංක 4 ලබල තියෙන්නේ ඔය ලැයිස්තුවේ. (නි)

:       0       0

දමින්ද Saturday, 27 June 2015 11:28 AM

බංගලාදේශය අපිට වඩා සාමකාමී වුණේ කොහොමද? මම ජීවත් වෙන්නේ බංගලාදේශයේ. (අ)

:       0       0

පියලාල් Saturday, 27 June 2015 11:36 AM

හැමෝගෙම වැරදි හොයන ඇමෙරිකාවට ඇයි පළමු තැනට එන්න බැරි.ඔන්න ඇමෙරිකාවේ කෙරුවාව.(අ)

:       0       0

ලාල් Saturday, 27 June 2015 11:36 AM

මං හිතාගෙන හිටියේ පලවෙනි රට සෝමාලියාව කියලයි. (අ)

:       0       0

හේවාවිතාරණ Saturday, 27 June 2015 11:47 AM

රටවල් වලට ලේබල් ගහන අයට තවම රට රටවල් ගැන හරි අවභෝදයක් නැතුව වගේ (නදී)

:       0       0

වල්ශා Saturday, 27 June 2015 11:50 AM

බොරු මේවා ! හිනායන වැඩ !(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 27 June 2015 12:20 PM

වල්ශා ඉන්නේ ඇමෙරිකාවේද ? දුකයි නේද? (නදී)

:       0       0

ගාමිණී Sunday, 28 June 2015 05:01 AM

මෙවන් තීරණ වලට ගන්න තොරතුරුවල, දත්තවල සැකයක් තිබෙනවා. උදාහරණය නම් බංගලා දේශය (නදී)

:       0       0

දීපාල්නිරෝෂ් Saturday, 27 June 2015 02:33 PM

හිනා සමීක්ෂණ, නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. හරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වගෙයි...(නදී)

:       0       0

ටිරෝන් Saturday, 27 June 2015 03:10 PM

අපේ රටේ දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම් නිසා තමා අපි මෙතන ඉන්නේ නැතිනම් අපිට මීට වඩා ඉහලට යන්න පුළුවන් රටේ මිනිසුන් කොහොමටත් සාමකාමියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 705 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1369 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 396 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 897 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2217 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 330 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site