ඉස්ලාම් බැංකු මූලධර්මවලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අමානා බැංකුව ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ප්‍රේෂණ සේවා සැපයීම සඳහා පසුගියදා අල් සමාන් එක්ස්චේන්ජ් සමඟ එකඟතාවයකට පැමිණියේය.
මෙම එකඟතාවය හරහා කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් විශ්වාසනීයත්වයෙන් පහසුවෙන් අමානා බැංකුවේ ඇති තම බැංකු ගිණුමට හෝ තම ඥාතීන්ගේ බැංකු ගිණුම්වලට මෙන්ම එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ වෙනත් බැංකුවකට රුපියල් හෝ ඇමෙරිකානු ඩොලර්වලින් මුදල් යැවීමට හැකියාව ලැබෙයි.
කටාර් හි ප්‍රමුඛ පෙළේ ප්‍රේෂණ ආයතනයක් වන අල් සමාන් එක්ස්චේන්ජ් ආයතනය සතුව මේ වනවිට ශාඛා 7 කින් යුතු ජාලයක් ඇති අතර ඒවා සතියේ දින 7 පුරාම විවෘතව පවතී. එම ශාඛා මගින් අල් සමාන් ආයතනයේ පුළුල් විදෙස් විනිමය අනුපාතවලට අනුව ඉතාමත් විශ්වාසනීයව සහ පහසුවෙන් මුදල් යැවීමට හැකියාව ඇත.
අමානා බැංකුවේ ශාඛා 26 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානවල පවත්වාගෙන යන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා බලයලත් වීසා සහ ඒටීම් යන්ත්‍ර 3500 ක් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇත. එසේම අමානා බැංකුවේ ගිණුම් හිමියන්ට සිය වීසා ඩෙබිට් කාඞ්පත උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව සහ ලොව පුරා විසිරී සිටින වෙළෙන්දන් 40,000 කට අධික පිරිසකගෙන් භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ පහසුව හිමිවෙයි.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාව වෙත ක්ෂණිකව මුදල් යවන්න අමානා බැංකුව-අල් සමාන් අත්වැල් බැඳ ගනී
ජෙෆ්රි Monday, 26 December 2016 03:08 PM
මම කොහොමද මේ බැංකුවේ සාමාජිකත්වය ලබාගන්නේ? (නි)