ශ්රී ලංකා විවෘත අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක උපාලි රාජකරුණා සමත්විය. ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඩොලර් 10,000 ක (රුපියල් ලක්‍ෂ 13 කට ආසන්න) ත්‍යාග මුදලක් පිරිනැමුණ මෙම තරගාවලිය ඊයේ (25) කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී නිමාවට පත්විය. ජාතික රෝද පුටු ටෙනිස් ශූර උපාලි අවසන් මහා තරගයේදී දකුණු අප‍්‍රිකාවේ ඉවන් මරීෆා පරදවා (4/6, 6/3, 6/4) තරග වට 2/1 ක ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ සිටින අතර උපාලි සිටින්නේ එහි 75 වැනි ස්ථානයේය. අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක හමුවේ ජපානයේ යොෂිනොබි ෆොජිමොටෝ පරාජය වීම කැපී පෙනිණ. යොෂිනොබි අන්තර්ජාතික ටෙනිස් සම්මේලන රෝද පුටු (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. ගාමිණීට ලෝක ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 90 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියට චිලී රාජ්‍යය, දකුණු අප‍්‍රිකාව, ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, යුක්රේනය, යන රටවල් රැසකින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැුසක් සහභාගිවී සිටිති. එස්. එස්. සී. විවෘත රෝදපුටු තරගාවලිය හෙට (27) සිට මෙම 29 දක්වා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයීය (එස්. එස්. සී.) ටෙනිස් ක‍්‍රීඩා සංකීරණයේදී පැවැත්වෙන අතර එහි ත්‍යාග මුදල ඩොලර් 2000 කි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්රී ලංකා අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව උපාලි දිනා ගනියි