සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගය අද (06) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් දෙක තරග දෙක බැගින් ජය ලබා තරගාවලිය 2-2 ක් ලෙස සම තත්ත්වයේ තිබීම නිසා අද තරගයෙන් ජය ලබන කණ්ඩායමට තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව ලැබේ. දඹුල්ලේදී පැවැති පළමු සහ දෙවැනි තරග එංගලන්ත පිල ජය ලැබූ අතර කුරුණෑගලදී සහ කොළඹදී පැවැති තෙවැනි සහ සිවුවැනි තරග ශ්‍රී ලංකා ‘ඒ’ පිල ජය ලැබීය. සිවුවැනි තරගය කඩුලූ හතරකින් ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පැවසුවේ තරගාවලිය සම කිරීම පිළිබඳව ගොඩක් සතුටු වන බවත් කණ්ඩායමක් හැටියට තම කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක සිටින බවයි. මෙම තරගාවලියේදී නවක පිතිකරුවන් රැුසක් දස්කම් දැක්වීම පිළිබඳව කළුවිතාරණ මහතා මෙසේ පැවසීය. ‘‘නවක ක්‍රීඩකයන් කීප දෙනෙක් හැකියාව පෙන්නුවා. නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණම, ලකුණු 30 ක් 40 ක් රැුස් කළාට මදී, තරග අවසන් කරන ක්‍රීඩකයෝ බවට පත්වෙන්න ඕනේ. පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරනවා නම් තරගයේ ජයග්‍රහණය දක්වා ගෙනයා යුතුයි’ සුරාජ් රන්දීව් සිවුවැනි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා වමතින් පා දඟ පන්දු යවන සජීව වීරකෝන් සංචිතයට කැඳවා තිබේ.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද