‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තෙවැනි තරගය අද (24) හෝබාට්හි බෙලරිව් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය.
ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගය බැගින් ඉතිරිව තිබේ.
තරග පහකට සහභාගි වූ ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින අතර අද තරගයෙන් ජය ලැබුවහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඉන්දියාව තරග හයකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි.
පළමු තරග පහට සහභාගි වූ හිටපු නායක රිකි පොන්ටිං අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කරමින් එම ස්ථානයට ආබාධයකට ලක්ව සිටි ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වෝට්සන් කැඳවා තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර
ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ෂේන් වොට්සන් (උප නායක), ඬේවිඞ් වෝනර්, ඩෙනිල් ක‍්‍රිස්ටියන්, සේවියර් ඩුහටි, පීටස් ෆොරෙස්ට්, බෙන් හිල්ෆනවුස්, ජෝන් හොලන්ඞ්, මයික් හසී, ඬේවිඞ් හසී, බ්‍රෙට් ලී, ක්ලින්ට් මැකේ, මිචෙල් මාෂ්, රයාන් හැරිස් සහ මැතිව් වේඞ්.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා - ඕස්ටේ‍්‍රලියා තෙවැනි තරගය අද