වෝන් - මුරලිදරන් කුසලාන වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට ඕස්ටේ‍්‍රලියානුවන් අභිබවා යාමට සමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (18 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 428 ක් ලබාගෙන සිටියේය. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටී. ශී‍්‍ර ලංකා පිල මෙම තත්ත්වයට ඔසවා තැබූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැය 5 කට වැඩි කාලයක් පුරා කඩුල්ලේ රැඳෙමින් පන්දු 207 කට මුහුණ දුන්නේය. හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කළ මැතිව්ස්, ඊයේ යැවුණු අවසන් ඕවර කිහිපයේදි තම සහායක පිතිකරුවා ආරක්‍ෂා කර ගනිමින්ද පන්දුවට පහර දුන් අතර ටෙස්ට් තරග 15 කදී සිය මංගල ශතකය සොයා යමින් සිටී. මීට පෙර අවස්ථා දෙකකදීම සහායක පිතිකරුවන් නොමැතිවීම නිසා ටෙස්ට් ශතක දෙකක් මැතිව්ස්ට අහිමි විය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් (83) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 85) දෙදෙනා ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ඉදිරියට ශී‍්‍ර ලංකා පිල තල්ලූකරගෙන ගියහ. ඩිල්ෂාන් - මැතිව්ස් සම්බන්ධතාවේ වැඩි බර කරගැසූ ඩිල්ෂාන් පැය තුනකට ආසන්න කාලයක් පුරා සිය කඩුල්ල රැකගනිමින් ශතකය සොයා ගිය නමුත් ලකුණු 83 ක් ලබාසිටියදී දැවී ගියේ උඩපන්දුව කඩුලූ රකින්නාගේ කලවයේ වැදී නැවතත් ඉහළට පැමිණ අත් ආවරණ අතරේ සිරවීමෙනි. ඒ වන විට පන්දු 131 කට මුහුණ දී තිබූ ඩිල්ෂාන් ඒවායින් 14 ක්ම හතරේ සීමාවට පිටත්කර හැරියේ පන්දු රකින්නන්ට හැරෙන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි. දිගු කලකට පසුව අංක 5 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් සිය ඉනිම ආරම්භයේදී ශී‍්‍ර ලාංකිකයන්ගේ හිසකෙස් කෙළින් සිටුවන පහර කිහිපයක් ගැසුවද, සිය පිත්තේ පළල මැනගැනීමෙන් පසු පීටර් සිඞ්ල්ට හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කළ ඩිල්ෂාන් එතැන් සිට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නේය. දෙවැනි නව පන්දුවේ ඇති දෘඩ ස්වභාවය නිසා ඇතිවූ අතිරේක ඉපිළීමෙන් සංගක්කාරගේ පිත්තේ ඉහළ දාරය සොයාගත් පීටර් සිඞ්ල්ගේ අතින් ගිළිහුණු පන්දුව, බ‍්‍රැඞ් හැඩින්ගේ අත් ආවරණ අතරේ සැගවී ගියේ සියවැනි තරගයේදී ලකුණු 100 ක් ලබාගත් පළමු ශී‍්‍ර ලාංකික පිතිකරුවා සියැසින් දැකගැනීමට එස්. එස්. සී. පිටියට රැුස්ව සිටි නරඹන්නන් තබා තිබූ බලාපොරොත්තු සී සී කඩ විසුරුවා දමමිනි. අලංකාර ලකුණු 79 ක් ලබාගත් සංගක්කරගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය. නිසි ඉලක්කයකට පන්දු යැවීම සහ පිටියේ පන්දු රැුකීම අතින් ඕස්ටේ‍්‍රලියානුවෝ ගව් ගණනක් ඉදිරියෙන් සිටියහ. කවර් ඩ‍්‍රයිව් සහ ඕන් ඩ‍්‍රයිව් පහර ගැසීමට රුචියක් දක්වන ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ පි‍්‍රයතම පහරවලින් ලකුණු ගලා ඒම වළක්වාලීම සඳහා ෂෝට් මිඞ් ඕන් සහ ෂෝට් මිඩි විකට් කලාපයන්හි පන්දු රකින්නන් රැඳවූ අතර වෙනදා හතරේ සීමාවට ඇදී යන පන්දු දෙකක් උඩපන්දු බවට පෙරළා ගැනීමටද ඔව්හු සමත් වූහ. අද තරගයේ සිවුවැනි දිනයයි.
මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය
නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවු
පාර්ලිමේන්තුව අද (17) රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම්
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබුණි .
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණෙයි