IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල - සංගක්කාර අත

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (18) කඩුලූ 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 328 ක් රැුස්කළ යුතුය. සිවුවැනි දිනය අවසන් වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 18 ක් සහ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 5 ක් ලබා සිටියහ. සිවුවැනි දිනය ආරම්භ වන විට කිිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබාසිටි  ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 278 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී රංගන හේරත් ලකුණු 96 කට කඩුලූ 5 ක් දවාගැනීම කැපී පෙනුණි. එඞ් කවන් (56) සහ ඬේවිඞ් වෝනර් (68) පළමු කඩුල්ල සඳහා ලකුණු 132 ක සම්බන්ධතාවක් පැවැත්විම නිසා  ඕස්ටේ‍්‍රලියානු පිල දිවා විවේකය වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 146 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. ක්ලාක් පිටියෙන් ඉවත් වන විට පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් ලබා සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය ලබා සිටියේය. මේලබන්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයට පත්ව ඇති අතර එසේ වුවහොත් ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.



අදහස් (0)

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මහේල - සංගක්කාර අත

තත්සරණි Sunday, 23 December 2012 05:01 PM

අපේ සංගයි මහේලයි නැත්නම් අපිට ක්‍රිකට් කියලා දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

යොහාන් Tuesday, 18 December 2012 05:02 PM

හොද තරුණ ජවසම්පන්න කොල්ලෝ ටිකක් ගත්තොත් හොද නැද්ද? (නි)

:       0       0

අසන්ක Tuesday, 18 December 2012 12:19 PM

නැහැ. මම නම් හිතන්නේ ඒක තියෙන්නේ හේරත්ගේ අතේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1225 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2179 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 442 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site