IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකා කණ්ඩායම ශයිලොක්ලා වෙන්න හදති

ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්)  එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අද (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.

කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් ක්‍රීඩකයන්ට ගෙවිය යුතු බවත්යි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.

තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන එහි උසස් නිලධාරීයෙක්  පැවසීය.

අලුත්ම තත්ත්තවය සඳහා www.kelimandla.lk වෙබ් අඩවියට පිවිසෙන්න



අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම ශයිලොක්ලා වෙන්න හදති

තදුෂි Sunday, 16 March 2014 12:49 PM

ලංකා ක්‍රීඩකයින් අමාරුවෙන් සෙල්ලම් කරන නිසා ඔඋන්ට සලකන්න ඕනේ (දී)

:       0       0

උපුල් Sunday, 16 March 2014 12:57 PM

ක්‍රීඩකයන්ට 20% දීම කිසිසේත්ම අසාධාරන නැත. ක්‍රිකට් ආයතනය ක්‍රිකට් වලට කල විනාසයට නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීම සාධාරනය (දී)

:       0       0

නුවන් Sunday, 16 March 2014 01:01 PM

මේක හරිම අසාධාරණ කතාවක් නේ. කව්රුවත් කැමති නැහැ තමන්ගේ දක්ෂකම නිරපරාදේ වෙනවාට (දී)

:       0       0

චමත් Sunday, 16 March 2014 01:07 PM

12% කියන්නේ අසාධාරණ ඉල්ලීමක් නෙමේ. (දී)

:       0       0

ලක්මාල් Sunday, 16 March 2014 01:48 PM

අපි බංගලාදේශයේ ඉදන් ලෑස්ති වෙලා ඉන්නේ අපේ කොල්ලන්ට චීයර් කරන්න. එකම බලාපොරොත්තුව ටී 20 අපිටම ගන්න. මෙයාල මේ කරන වැඩ නිසා නම් බයෙත් බෑ.... (දී)

:       0       0

ජමුනි Sunday, 16 March 2014 02:35 PM

සල්ලි අයිති අයට දෙන්න කරුණාකරලා (දී)

:       0       0

නිර්මල Sunday, 16 March 2014 03:50 PM

මෙයාල සෙල්ලම් කරන්නේ අපේ රට වෙනුවෙන්. කරුණාකර ඒ ඒ අයට ලැබිය යුතු දේවල් ඒ විදිහට ලැබෙන්න සලස්වන්න (දී)

:       0       0

අතුල Saturday, 15 March 2014 06:31 PM

අයියෝ මෙයාල සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් නොවේද? (අ)

:       0       0

අජිත් Saturday, 15 March 2014 06:33 PM

එකටත්, දෙකටත්, තුනටත් මුදල් ඊට පස්සේ රට, රට පෙරට (අ)

:       0       0

රුවි Saturday, 15 March 2014 06:38 PM

මහන්සි වෙලා සල්ලි හොයල පිනට පුටු රත්කරන අයට වෙනවට වැඩ හොඳ මෙහෙම කරන එක (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 15 March 2014 06:49 PM

මෙයාල ඉල්ලන්නෙ රටේ සල්ලි නෙවෙයි..... අයිසිසි එකෙන් මෙයාල සෙල්ලම් කරනවට ලැබෙන සල්ලි.(අ)

:       0       0

බිනර Saturday, 15 March 2014 06:56 PM

මෙතෙක් කල් ගෙවාගෙන ආ පිළිවෙලටම ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකල යූතුය.ක්‍රීඩක ගෙවීම් වල යම්කිසි හෝ කප්පාදුවක් සිදුකරයි නම් එය අනුමත කරන්න බෑ.ක්‍රිකට් පාලක මණ්ඩලය මුල්‍ය අර්බුදයකට ලක්වූනේ පාලකයන්ගේ වරදින් මිස ක්‍රීඩකයන්ගේ වරදින් නොවේ.එමනිසා ක්‍රීඩකයන්ට දඩුවම් කිරීම අනුමත කරන්න බෑ. (අ)

:       0       0

ඉන්දික Saturday, 15 March 2014 07:07 PM

බැරි නම් නිකන් ඉන්න කියන්න. ඒගොල්ලෝ කරන්න දෙයක් නැතිකමට කරන වැඩක් නෙවේනේ. වෙන මිනිස්සු දුක්විඳලා හම්බකරන්නේ තුට්ටු දෙකයි, මේගොල්ලෝ ආසා හින්දනේ ක්‍රිකට් ගහන්න ගත්තේ.කම්පනියක වගේ බලෙන් ක්‍රිකට් ගස්සවනවා නෙවේනේ. එකටත් කොච්චර ගෙවනවද? අනිත් එක තව කොච්චර ක්‍රීඩකයෝ ඉන්නවද ටීම් එකට එන්න විදියක් නැතුව. (අ)

:       0       0

කාශ්‍යප Saturday, 15 March 2014 07:09 PM

අත පය කඩාගෙන සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයන්, ආදායම ආයතනේ හොරුන්ට. (අ)

:       0       0

අරුණ Saturday, 15 March 2014 07:36 PM

ඉස්සර අර්ජුනලා .මහානාම අරවින්දලා ගේ කලේ ඒ අය සෙල්ලම් කලේ රට වෙනුවෙන් සල්ලි ගැන බැලුවේ නැ.දැන් ඒකටත් එක්ක දැන් සල්ලි තමා මුලින්ම.ඔය පුරුද්ද ඇති උනේ අයි පි එල් එක හින්ද දැන් කවුරුත් රටගැන හිතන්නෑ.දේශපාලනෙත් ඒ වගේ. (දී)

:       0       0

නීල් Saturday, 15 March 2014 07:55 PM

ඔව්න්ගේ ඉල්ලීම් නිවැරදි ... මෙයාල රට වෙනුවෙන් වැඩක් කරනවා... ඇමතිලට වැඩිය ..(අ)

:       0       0

නිපුන Saturday, 15 March 2014 07:56 PM

මේ අය ඉල්ලන්නේ තමන් ට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් ලැබිය යුතු මුදල් ගැන. නැතුව රටේ ජනතාවගේ බදු මුදල් නෙමෙයි. ක්‍රිකට් ආයතනය බංකොලොත් වුනේ පාලක මණ්ඩලයේ වැරැද්දෙන්. එකට ක්‍රීඩකයන් පලි නැ. (අ)

:       0       0

ප්‍රසන්ත Saturday, 15 March 2014 07:57 PM

හැමෝම සිතිය යුතු කරුණ ක්‍රීඩකයෝ මහන්සිවෙලා උපයන මුදල ක්‍රීඩා නොකරන සල්ලි තියෙන මුදලාලිලා ක්‍රීඩකයෝ නිසා හොයන වනේද? (අ)

:       0       0

ෆාතිමා Saturday, 15 March 2014 09:18 PM

ලංකාවෙන් ක්‍රිකට් නැති කරන්න කල වැඩක්ද මන්දා (දී)

:       0       0

කලන Saturday, 15 March 2014 09:23 PM

ක්‍රිකට් විතරයි ලංකාවට තියෙන්නේ, ඒකත් කනවා (දී)

:       0       0

ද සිල්වා Saturday, 15 March 2014 09:32 PM

මේ ප්‍රශ්නය විසදන්නත් ජනාධිපති තුමාට ඉදරිපත් වෙන්න වේවි , (දී)

:       0       0

දමිත් Saturday, 15 March 2014 09:37 PM

මේ සල්ලි මෙතෙක් කල් ක්‍රීඩකයන්ට හම්බවනු මුදල් මිස ක්‍රීඩකයන් අලුතෙන් කරන ඉල්ලීමක් නොවේ. මේ සල්ලි ක්‍රීඩකයන්ට ලැබිය යුතුමය. මහා පරිමාණ මුදල් වංචා නිසා අද ක්‍රිකට් ආයතනය බංකොලොත් වී ඇත්තේ පරිපාලකයන්ගේ වැරදි වංචා නිසා වන අතර ක්‍රීඩකයන් මෙයට පලි නැත. (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 15 March 2014 09:42 PM

රට වෙනුවෙන් දෙගොල්ලොම එකතුවන්න.කලින් ආව කනට වඩා පසුව ආව අඟ ලොකු කරගන්න එපා. (දී)

:       0       0

නිසල් Saturday, 15 March 2014 09:50 PM

අනිත් රටවල් සමග බලද්දී අපේ ක්‍රීඩකයන් ලබන්නේ සාපේක්ෂව අඩු වැටුපක්. අපේ ක්‍රීඩකයෙක් ලබන වැටුප බංගලාදේශ් වැනි අපට බෙහෙවින් පල්ලහින් ඉන්න රටක අන්තර් සමාජ තරග ක්‍රීඩා කර උපයාගත හැක. මේ ක්‍රීඩකයන් මේ රට වෙනුවෙන් කරලා තියෙන දේ මෙතන අදහස් දල තියෙන මෝඩ පණ්ඩිත වහන්සේලාට තේරෙන්නේ නැ. බොරු දේශ ප්‍රේමියෝ...(දී)

:       0       0

නිරුත්තරා Saturday, 15 March 2014 10:17 PM

මෙයාලට කියන්න ගෙදරින් ක්‍රිකට් පුහුණු වෙලා එන්න කියල.(දී)

:       0       0

කුමාර Saturday, 15 March 2014 10:26 PM

ක්‍රීඩකයින්ට බදු මුදලින් ක්‍රීඩාගාර පිට්ටනි මාසික මුදල් ලබාදෙනවා නේද? මෙම අමතර අදායම් රට ජාතිය වෙනුවෙන් යෙදවිය යුතුයි. ඉදිරි ක්‍රිකට් ක්‍රීඩක පරපුරට, මෙන්ම වොලිබෝල් නෙට් බෝල් , සපත්තු ගන්න බැරි මලල ක්‍රීඩකයින් සදහා. අප ලෝකයේ දුප්පත් රටක්. ලෝකය දිනාගෙන ලබාගන්න මුදල් එම ක්‍රීඩකයින් අතරම බෙදාගෙන කෝටි පරෝකෝටි පතියන් වීමද රට ජාතිය වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ?(දී)

:       0       0

ලක්හඳ Saturday, 15 March 2014 10:37 PM

අපේ මිනිස්සු කවදද රට වෙනුවෙන් වැඩ කලේ. මේ සල්ලිවලින් කොටසක් ගමේ දුප්පත් ක්‍රීඩා සමග වලට යන්න ඕන. ඒවලින් ඇවිල්ල දැන් මෙයාල කෝටිගණන් සල්ලි හොයනවා. මේක වෙනස වෙන්න ඕන. (අ)

:       0       0

සන්දීප් Saturday, 15 March 2014 11:04 PM

ජනාධිපතිතුමන මෙයට නිසා පිළිතුරක් ලබා දෙන්නෙ අයිසිසි සල්ලි ක්‍රිකට් කණ්ඩායමට සාධාරණය කරන්න (අ)

:       0       0

තිලක් Sunday, 16 March 2014 12:01 AM

රටේ නියෝජනය කරනවානම් මුදල් එන්නේ රටට .මෙයාලට මාසික පඩියක් දෙන්න .. එකඟ නැත්නම් වෙනත් අය යවන්න . (අ)

:       0       0

මහී Sunday, 16 March 2014 12:34 AM

මේකට මැදිහත් වෙන්න අපේ රටේ කෙනෙක් නැද්ද අප්පේ.කට්ටිය චන්දෙ වැඩ වලට දුර ගිහින් වෙන්න ඇති මගේ හිතේ.මෙයාලට ඕවට මැදිහත් වෙන්න වෙලාවක් නැතුව ඇති.මොකද රටේ ඉන්න හැම නළු නිලියෙක්ගේම මගුල් ගෙවල් වලත් යන්න තියෙනවනේ නේද. (අ)

:       0       0

ගමාන් Monday, 17 March 2014 08:24 AM

ප්‍රස්නයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ජගත් Sunday, 16 March 2014 05:20 AM

'මාලි' ඉදිරියෙන්ම ඇති. (නදී)

:       0       0

ගයාන් Sunday, 16 March 2014 06:59 AM

ලංකාවේම ක්‍රිකට් ගහන්න පුළුවන් මේ අයට විතරද ? (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 16 March 2014 07:22 AM

ක්‍රීඩකයන් මුදල් සඳහාම ක්‍රීඩා කලයුතු නැහැ. නමුත් ඔවුන් බලවත් උත්සාහයකින් ලබන ජයග්‍රහණයන් නිසා වෙනත් පිරිසක් දිව්‍යමය සැප සම්පත් ලබන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම අසාදාරනත් නැහැ. (නදී)

:       0       0

රානා Sunday, 16 March 2014 08:34 AM

සෙල්ලම ලෙල්ලම වෙන්න දෙන්න එපා.(නදී)

:       0       0

තරංග Sunday, 16 March 2014 08:53 AM

මම නම් කියන්නේ ක්‍රීඩකයෝ විතරක් තියාගෙන ක්‍රිකට් ආයතනය විසුරුවන්න ක්‍රීඩකයෝ නැත්නම් ක්‍රිකට් ආයතනයෙනුත් ඇති වැඩක් නැනේ (දිල්)

:       0       0

මහේෂ් Sunday, 16 March 2014 09:08 AM

පේනවා නේද කරලා තියෙන දේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 141 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 490 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1353 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1619 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2130 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1081 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20344 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18156 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site