ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් නිසා සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 82 ක ජයක් ලැබුහ. ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156 කි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 92 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තාය. ශෂිකලා පන්දු යැවීමේදී ලකුණු 33 කට කඩුලූ 2 ක් බිද දැමීය. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (13) දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 238 (ඉනෝකා ගලගෙදර 25, චමරි අතපත්තු 48, සුවිනි ද අල්විස් 17, ශෂිකලා සිරිවර්ධන නොදැවී 53, සඳමාලි දොලවත්ත 19, දිලානි මනෝදරා 15, කඞ්සා ටුල් කුබ්රා 44/3) බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 156 (රුමානා අහ්මඞ් 35, ෆර්ජානා හුක් 17, සල්මා කාතූන් 31, ලටා මොන්දාල් 35, සුවිනි ද අල්විස් 22/3, ශෂිකලා සිරිවර්ධන 33/2)
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 82 ක ජයක්