IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශී‍්‍ර ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියාවේදී රිදී - ලෝකඩ පදක්කම්

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති ලී නින් අන්තර්ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සමත්වුහ. තරගාවලිය ඊයේ (6) කිංග්ස්වේ ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. තරගාවලියට සත්කාරක  ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ මැලේසියාව ආදී රටවල් රැසකින් 19 න් පහළ වයස් කාණ්ඩයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගිවුහ. ශ්‍රී ලංකාවේ ළහිරු අඹේගොඩ සහ පමෝද හෙට්ටිආරච්චි පිරිමි යුගල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔවුහු එහිදී රිදී පදක්කම හිමි කරගත්හ. ඉන්දුනීසියාවේ හෆීස් ෆයිසාල් සහ පුට්රා රහෝමා හමුවේ 21/7, 21/10 ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනා  පරාජය ලැබුහ. ඉන්දුනීසියනු කී‍්‍රඩකයෝ තරගාවලියේ යුගල ඉසව්වේ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටියහ. සුෂ්මිතා ඉලංගකෝන් කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. සුෂ්මිතා අවසන් පුර්ව තරගයේදී රන් පදක්කම දිනාගත් පිලිපීන කී‍්‍රඩිකා මල්විනී ඈන් හමුවේ 21/12, 21/11 ක් ලෙස පරාජය වුවාය. කාන්තා කේවළ ඉසව්වේදී සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් වු මධුෂිකා දිල්රුක්‍ෂි දෙවැනි වටයෙන් ද, සචිනි සමරසිංහ අර්ධ අවසන් පුර්ව වටයෙන් ද පරාජයට පත් වුහ. පිරිමි කේවළ ඉසව්වේදී දමිත් බණ්ඩාර, ළහිරු අඹේගොඩ, සෙනුර හපුආරච්චි, පමෝද හෙට්ටිආරච්චි, ලක්‍ෂිත මධුෂ තෙවැනි වටයේදී පරාජයට පත්වුහ. රවිඳු රණතුංග සහ සචින් ද සිල්වා දෙවැනි වටයේදී පරාජය ලැබුහ. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන මැලේසියානු ක‍්‍රීඩකයකු පරදවා ළහිරු අඹේගොඩ තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීම කැපී පෙනේ. මිශ‍්‍ර යුගල ඉසව්වේදී ළහිරු අඹේගොඩ සහ මධුෂිකා දිල්රුක්‍ෂි අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුහ. ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී (2011) දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් මෙම තරගාවලියට සහභාගිවුහ.



අදහස් (0)

ශී‍්‍ර ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියාවේදී රිදී - ලෝකඩ පදක්කම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 101 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1014 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 896 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2265 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site