IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය වළකන වාරණ නියෝගයක් ඉල්ලයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පානදුර කි‍්‍රකට් සමාජයේ උප සභාපති ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා වග උත්තරකරුවන්ට මෙම මස 8 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

පානදුර කි‍්‍රකට් සමාජයේ උප සභාපති දේවප‍්‍රිය පි‍්‍රයන්ත සොයිසා මහතා විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව නම් කරනු ලැබ සිටිති.

පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

පැමිණිලිකරු මෙවර පැවැත්වෙන ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති තනතුර ස`දහා නාමයෝජනා භාර දී ඇත. මෙම අපේ‍්‍රල් 16 වන දිනට ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය අනුව නිලවරණය පැවැත්වීමට දින 14කට පෙර තරගකරුවන් සහ සාමාජිකයින් වෙත නාමයෝජනා පත‍්‍රය සහ නොතීසි එවිය යුතු වේ.
එම නියමිත කාලය ඉක්ම ගොස් ඇතත් පැමිණිලිකරුට මෙතෙක් නොතීසි හෝ නාම යෝජනා පත‍්‍ර ලැබී නොමැත. මෙය ඍජුවම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එබැවින් මෙම 16 වන දින පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ අනුරාධ සෙනරත් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ඉරුෂ කාලිදාස මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය වළකන වාරණ නියෝගයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 449 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 371 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 469 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 684 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site