IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට තේ මණ්ඩලයෙන් කෝටි 53 ක්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ විදෙස් තරග අනුග‍්‍රාහකයා වශයෙන් වසර තුනක කාලයක් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය එක`ග වී තිබේ. ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදල රුපියල් මිලියන 530 ක් හෙවත් රුපියල් කෝටි 53 කි.

මේ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම විදේශයන්හි සහභාගිවන සෑම තරගයකදීම ‘ලංකා තේ’ ලාංඡුනය කමිසයේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කෙරෙන අතර ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන සෑම තරගයකදීම ඉදිරි අතේ බාහුවේ ‘ලංකා තේ’ ලාංඡුනය ප‍්‍රදර්ශනය කෙරේ.

මෙම අනුග‍්‍රහයට අදාළ ගිවිසුම්පත් ඊයේ (12 වැනිදා) පෙරවරුවේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ  කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හුවමාරු කරගත්හ. මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සහාපතිනි ජානකී කුරුප්පු මහත්මිය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සහාපති ජයන්ත ධර්මදාස, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති අර්ල් ගුණසේකර සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුද සහභාගි වූහ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ මෙම මුදල රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබා නොගත් බවත් වසර දෙකක කාලයක සිට, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝවකින්ම (තේ අපනයන කරුවන්ගේ එක`ගතාව මත) ලැබෙන රුපියල් 3.50 ක මුදලින් එකතු වූ අරමුදලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මෙම මුදල ගෙවනු ලබන බවත්ය. එහි පළමු කාර්තුව වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාට ඊයේ පෙරවරුවේදී බාර දෙන ලදි.

”‘ලංකා තේ් කියන්නේ තවමත් ගුණාත්මක අගය අනුව ලෝකයේ ඉහළම තත්ත්වයේ තේ. තේ වෙන්දේසි කිරීම් වලදී තවමත් ලංකාවේ තේ සඳහා ඉහළ මිලක් ලැබෙනවා”

”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් එක්ක මේ ගමන යන්න අදහස් කළේ අපේ තේ තවදුරටත් ලෝකයේ හොඳම තේ බව ලෝකයා අතරේ ප‍්‍රචාරය කිරීමටයි. විශේෂයෙන් අපේ නිමි තේ නිෂ්පාදන අළෙවි කෙරෙන එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ මැදපෙරදිග රටවල් වල ‘ලංකා තේ’ ප‍්‍රචාරය කිරීමට මෙය හොඳ අවස්ථාවක් වෙනවා” යයිද ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

”ලංකාවේ තේ අළෙවි කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 1.5 ක් හෙවත් ඩොලර් කෝටි 150 ක ආදායමක් ශී‍්‍ර ලංකාවට ලැබෙනවා. මේ අනුග‍්‍රහයට සම්බන්ධවෙන්න අප තීරණය කළ දවසේ ඉඳලා කී‍්‍රඩා ඇමතිවරයාගෙන් අපට හොඳ සහයෝගයක් ලැබුණා” යයිද මහින්ද සමරසිංහ මහතා පැවසීය.

කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසා සිටියේ මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග සම්බන්ධ වූයේ පෞද්ගලික ආයතන හෙයින් බැබළුණේ එම ආයතන බවත් රාජ්‍ය අංශයේ ආයතනයක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය බවත්ය.

”ලංසු තැබීමේදී ලංකා තේ මණ්ඩලය හිටියේ අනෙක් අයට වඩා පහළින්. ඒත් අප මුදල් ගැනම බැලූවේ නෑ. අපි බැලූවේ රටක් හැටියට ලංකාවේ තේ විකිණීමට මෙය හොඳ අවස්ථාවක් කරගන්නයි”

”ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළාම ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා” යයිද මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

අදාළ ගිවිසුම මේ වන විටත් කි‍්‍රයාත්මකව පවතින නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් සංවිධානය කරනු ලබන තරගාවලි (දැන් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියද එවැන්නකි) සඳහා මෙම ගිවිසුම් අනුව සකස් කෙරන ඇගලූම් භාවිතා කළ නොහැක.


අනුග‍්‍රහයට අදාළ ගිවිසුම්පත් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ  කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හුවමාරු කරගත් අවස්ථාව. ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සහාපතිනි ජානකී කුරුප්පු මහත්මිය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සහාපති ජයන්ත ධර්මදාස, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති අර්ල් ගුණසේකර සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුද ඡුායාරූපයේ සිටිති.


අනුග‍්‍රාහක මුදලේ පළමු කාර්තුව වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාට බාර දෙන ලද අවස්ථාව

ඡයාරූප : ශාන්ත රත්නායක



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට තේ මණ්ඩලයෙන් කෝටි 53 ක්

ලසන්ත Tuesday, 25 June 2013 12:00 AM

හොද වගේම නරකත් තියෙනවා මම ක්‍රියාව සම්බන්ධයෙන්. (නි)

:       0       0

මහවැලි Wednesday, 12 June 2013 04:18 PM

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලොවට ප්‍රදර්ශනය කිරීමට යොදා ගත් මහගු උත්සාහයක්. උණුසුම් සුබපැතුම්. (ස)

:       0       0

ජගත් Thursday, 13 June 2013 05:33 AM

තේ දළු කඩන අයගේ පඩිය පොඩියට, සෙල්ලමට වගේ ටිකක් වැඩි කරලා දුන්නම ශ්‍රී ලංකා තේ තවත් රස වේවි (නි)

:       0       0

පූජිත Wednesday, 12 June 2013 09:01 PM

ඔය සල්ලි ව්‍යාපාරයට යොදවන්න ඒක ජාතික උපකාරයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 912 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site