ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් 2012’ (එස්.එල්.පී.එල්.) විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ සම්බන්ධීකරණ ආයතනය වන සමර්සෙට් ආයතනය සමග ගිවිසුම් කාලය වසර 15 ක් දක්වා අඩුකළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. එස්.එල්.පී.එල්. තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (14) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍යහමුවේදී සභාපතිවරයා එසේ පැවසීය. සම්බන්ධීකරණ ආයතනය ලෙස ‘සමර්සෙට්’ ආයතනය සමග ගිවිසුමට එළඹීම පිළිබඳව ‘කෝප්’ කමිටුවෙන් චෝදනා එල්ල වී තිබූ බවට මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට සභාපතිවරයා මෙසේ පැවසීය. ‘‘අපි ඒ පිළිබඳව සාකච්ඡා කර, පරණ ගිවිසුමේ කරුණු නිවැරදි කර ඉදිරියට යන්න අවසර ලැබුණා. මීට පෙර වසර 25 ක කාලයකට එළඹ තිබූ ගිවිසුම වසර 15 ක් දක්වා අඩු කළා, මේ අවස්ථාවේදී ගිවිසුමේ සියලූම කරුණු ඉදිරිපත් කරන්න බෑ’’ යැයි සභාපතිවරයා පැවසීය. මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් වසරකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සමර්සෙට් ආයතනය ඩොලර් ලක්‍ෂ තුනක් ගෙවන අතර එය වසරින් වසර 10% කින් වැඩි වන බවත් ඊට අමතරව ආදායමෙන් 50% ක් ලැබෙන බවත් එහිදී ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීහු පැවසූහ.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා ක‍්‍රිකට් - සමර්සෙට් ගිවිසුම වසර 15 කට අඩු කරයි
පුංචා Tuesday, 15 May 2012 10:51 PM
මෙයාලා සාක්කු පුරවගන්න කරන වැඩ
පැට්‍රික් Monday, 14 May 2012 10:46 PM
කොමිස් ගන්න ක්‍රමේ තවම හොයාගන්න බැරිවෙලා වගේ.