ශ්රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා පිල මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී එංගලන්ත ලකුණු 19 කින් පරාජය කරමින් තරග තුනම ජය ලබා පළමු කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. ශ‍්‍රී ලංකා පිල එංගලන්තය පරාජය කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට පිවිසියේය. එංගලන්තය ලකුණු 170 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 13 කින් සම්පූර්ණ කළේ නම් ශ‍්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි. එංගලන්තය ඕවර 13 ට පසුව තරගය ජය ලැබුවේ නම් කොදෙව් පිල ඉවතට විසිවේ. ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 169 (තිලකරත්න ඩිල්ෂාන් 16, මහේල ජයවර්ධන 42, කුමාර් සංගක්කාර 13, ඇන්ජලෝ මැතිව්ස් 28, ජීවන් මෙන්ඩිස් 18, ළහිරු තිරිමාන්න 13, තිසර පෙරේරා නොදැවී 25, ගේ‍්‍රම් ස්වෝන් 24/2, ස්ටුවට් බ්‍රෝඞ් 32/3) එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 150 (ලූක් රයිට් 12, සමිට් පටෙල් 67, ගේ‍්‍රම් ස්වෝන් 34, ලසිත් මාලිංග 31/5, අකිල ධනංජය 26/2) ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කාණ්ඩය රට තරග ජය පරාජ වි/තො ප‍්‍ර/ල ශු/ල/වේ ශ‍්‍රී ලංකාව 3 3 0 0 6 0.998 බ.ඉ.කො. 3 2 1 0 4 -0.375 එංගලන්තය 3 1 2 0 2 - 0.397 නවසීලන්ත 3 0 3 0 0 -0.169
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති
යොහාන් Tuesday, 02 October 2012 02:24 PM
අකිල එන්ගලන්තයට ගැහුවේ හරියට පළපුරුදු ක්‍රීඩකයෙක් වගේ (නි)
ක්‍රිෂාන් Tuesday, 02 October 2012 10:39 AM
අපේ කොල්ලන්ට ජය..!(නු)
අරෝෂා Tuesday, 02 October 2012 10:51 AM
වෙනදා බනින අයට ඊයේ මාලිංගගේ අගය තේරෙන්න ඇති නේද ? (ස)
රාජා Tuesday, 02 October 2012 11:03 AM
ඔබ සැමට ජය පතමි. (ස)
කුරුවිට Tuesday, 02 October 2012 03:30 PM
අකිල එරංද පානදුර රජ බඩුවක් (ස)
අන්ෆාස් Thursday, 04 October 2012 09:57 AM
මේ පාර කප් එක ලංකාවට ලියලා දීලා ඉවරයි (ස)
සම්පත් Tuesday, 02 October 2012 11:17 AM
ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..!(නු)
සුජී Tuesday, 02 October 2012 12:49 AM
ලසිත්, ඔබට සුභ පතනවා. ලංකා කණ්ඩායමට ඔබ ලොකු ශක්තියක්. (නි)
සම්පත් Tuesday, 02 October 2012 01:19 AM
අපිත් නිවාඩු දාලා විනෝද වුණා. (නි)
සිතාරා Tuesday, 02 October 2012 01:18 AM
සිංහ පුතුනේ, කුසලානය මෙහෙට ගෙනෙමු. ජය නියතයි! (නි)
ජයී තිසර Tuesday, 02 October 2012 01:52 AM
මාලිංග තම හැකියාවන් බල පෙන්වා වෙඩි උණ්ඩයක් වාගේ පන්දුව යැවුවා නෙත් සිත් පිනවමින් දහසක් කෑගැහුවා අවසන් පූර්ව වටයේ මුලටම ආවා... (නි)
චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:49 PM
අකිල දනන්ජය , කොහෙන්ද හොයා ගත්තේ . මාර බුලට් එකක් ..අපේ ක්‍රිකට් අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ (ස)
බණ්ඩාර Tuesday, 02 October 2012 05:57 AM
ඔහොම යන්. අපේ කොල්ලන්ට ජය! (නි)
යොහාන් Tuesday, 02 October 2012 07:49 AM
ධනාත්මකව සිතන්න. අපි අනිවාර්යයෙන්ම කප් එක ගන්නවා. (නි)
විජේ Tuesday, 02 October 2012 08:52 AM
මාලිංග , දනන්ජය ඇතුළු සිංහ පැටවුන්ට මගේ සුබ පැතුම් (ස) ;
ඉසුරු Tuesday, 02 October 2012 08:57 AM
අපි දිනනවාමයි..මරු කොල්ලනේ මරු (ස)
මොහොමඩ් Tuesday, 02 October 2012 09:20 AM
ඉන්දියාවටත් ඔය විදියටම මාලිංග පන්දු යැව්වොත් අපි දිනනවා (ස)
නාරද Tuesday, 02 October 2012 09:36 AM
ඉන්දියාව අවසන් වටයට ඇවේ නැත්නම් , මන්මෝහන් ලොක්කා අපේ ලොක්කට කෝල් කරන එකක් නෑ නේද ? (ස)