IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස

විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී කඩුලූ 9 කින් ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගය පෙනෙන මානයට පැමිණීමට සමත් විය. මෙම තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පෙරේදා (29) රාත‍්‍රි පැවැත්විණ. ශ‍්‍රී ලංකාව මේ වන විට සුපිරි 8 වටයේදී තරග දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගය බැගින් ජය ගත් හෙයින්, ලබා ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටිති. ලකුණු 130 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 15.2 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීම නිසා ශ‍්‍රී ලංකා පිල ධන ශූද්ධ ලකුණු වේගයක් හිමිකරගෙන සිටියි. මහේල ජයවර්ධන (නොදැවී 65) සහ කුමාර් සංගක්කාර (නොදැවී 39) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 108 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය පහසු කළහ. මහේල පන්දු 49 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 65 ක් රැස්කළේය. කුමාර් සංගක්කාර මෙහිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී ලකුණු 1000 ක් සම්පූර්ණ කළ තෙවැනි ක‍්‍රීඩකයා බවට ද පත්විය. කොදෙව් නායක ඩැරන් සමී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ආරම්භයේ සිටම කොදෙව් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවන් පාලනය කිරීමට සමත් වූහ. මහේල ජයවර්ධන පස්වැනි  ඕවරය යැවීමට අජන්ත මෙන්ඩිස් කැඳවමින් පීඩනයට ලක්ව සිටි කොදෙව් පිතිකරු යුගළ දෙගිඩියාවට පත්කළේය. මහේලගේ තීරණය ප‍්‍රතිඵල ගෙනදෙමින් එම  ඕවරයේ පස්වැනි පන්දුවේදී ජොන්සන් චාල්ස් ස්ටම්ප් කිරීමට හසුව පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ආරම්භයේ සිටම නියමිත ස්ථානයේ පන්දුව පතිත කරමින් පන්දු යැවූ නුවන් කුලසේකර හයවැනි  ඕවරයේ පළමු පන්දුවේදී ලෝක විස්සයි-20 ක‍්‍රිකට් පිටියේ පිතිකරුවන් අතර ‘රජු’ බවට පත්ව සිටින ක‍්‍රිස් ගේල් පිටියෙන් ඉවත් කරමින් ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීය. ගේල් දවාගැනීමට කුමාර් සංගක්කාර සිය වම් පසට ඇදෙමින් විශිෂ්ට උඩ පන්දුවක් රැකගත්තේය. මාලන් සැමුවෙල්ස් සහ ඞ්වේන් බ‍්‍රාවෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 සම්බන්ධතාවක් පවත්වමින් කොදෙව් පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට උත්සාහ කළහ. ඞ්වේන් බ‍්‍රාවෝ පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මාලන් සැමුවෙල්ස් පන්දු 35 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැුස්කිරීමට සමත් විය. තිලකරත්න ඩිල්ෂාන්, ඞීප් මිඞ්  ඕන් කලාපයේ සිට දිවයමින් හතරේ සීමාව අසළදී රැකගත් උඩපන්දුව නොවන්නට සැමුවෙල්ස්ට තවදුරටත් කඩුල්ලේ රැදීසිටීමේ අවස්ථාව හිමිවේ. අජන්ත මෙන්ඩිස් ප‍්‍රබල කොදෙව් ඉනිම ලකුණු 129 කට සීමා කිරීමේ පුරෝගාමියා බවට පත්වෙමින් නිලකුණු  ඕවරයක් ද සමගින් ලකුණු 12 කට කඩුලූ දෙකක් දවාගත්තේය. අජන්ත මේ වන විට විස්සයි-20 අන්තර්ජාතික තරග 23 කදී කඩුලූ 49 ක් දවාගගෙන තිබේ. මෙම ලකුණු 129 පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ විස්සයි-20 තරගයකදී පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්ත පිලට එරෙහිව සුපිරි අට වටයේ පළමු තරගයට සහභාගි වූ අකිල ධනංජයගේ ස්ථානයට මෙම තරගයේදී රංගන හේරත් කැදවා තිබුණි. .  

ශී‍්‍ර ලංකාවට - එංගලන්තයට දඩ

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති ලෝක කුසලාන තරගයේදී නියමිත කාලය තුළ  ඕවර 20 ක් නොයැවීමට දඬුවම් වශයෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ තරග මුදලින් 10% ක දඩ වශයෙන් නියම කිරීමට ඉන්දීය ජාතික තරග තීරක ජවගල් ශී‍්‍රනාත් මහතා තීරණය කර තිබේ. නියමිත කාලය තුළදී යැවීමට අපොහොසත් වන  ඕවරයක් සඳහා තරග මුදලින් 10% ක් දඩ වශයෙන් නියම වන අතර කණ්ඩායමේ නායකයාට එමෙන් දෙගුණයක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. ශී‍්‍ර ලංකා පිලට මෙන්ම එංගලන්ත පිලේ කී‍්‍රඩකයන්ටද 10% ක දඩ මුදලක් ගෙවීමට සිදුව ඇති අතර දෙපිලේ නායකයන් වන මහේල ජයවර්ධන සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනාට සිය තරග මුදලින් 20% ක් දඩ ලෙස ගෙවීමට සිදුව තිබේ. සංගක්කාර සහ මහේල ලකුණක් කරා දිවයමින්...(ඡායාරූපය - ශාන්ත රත්නායක)



අදහස් (0)

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස

සුසන්ත Monday, 01 October 2012 01:35 PM

දිව්ව තරමට තමයි හති, සුබ පතනවා අපේ සිංහයින්ට , ජය වේවා ! (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:50 PM

ඇර සොයිසා...(ස)

:       0       0

යොහාන් Monday, 01 October 2012 12:56 PM

මොකද මේ අභියස කියන්නේ , අපි ඉන්නේ ඇතුලේ..ධනාත්මකව සිතන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 40 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 175 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 361 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 725 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 488 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site