IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට එති

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 16 කින් පාකිස්තානය පරාජය කළේය. ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්ව අනු ශූරයන් බවට පත්විය. පාකිස්තානයට අවසන්  ඕවරයට ලකුණු 23 ක් රැුස්කිරීමට සිදුවූ අතර නුවන් කුලසේකර යැවූ එම  ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. දෙවැනි අවසන් පූර්ව තරගය  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (5 වැනිදා) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ‍්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 4 ට 139 (මහේල ජයවර්ධන 42, තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 18, ජීවන් මෙන්ඩිස් 15, තිසර පෙරේරා නොදැවී 11, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 10) පාකිස්තානය  ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (මොහොමඞ් අෆීෂ් 42, ඉම්රාන් නසීර් 20, උමාර් අක්මාල් නොදැවී 29, අජන්ත මෙන්ඩිස් 27/2, ඇන්ජලෝ මැතිව්ස් 27/2, රංගන හේරත් 25/3)ඡායාරූප: ශාන්ත රත්නායක



අදහස් (0)

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට එති

අනුර Friday, 05 October 2012 10:09 AM

මට අනිත් අය ගැන දුකයි (ස)

:       0       0

අශාන් Friday, 05 October 2012 04:46 PM

මේ තරම් සෙල්ලම් කරපු එකේ අපි අනිවාර්යයෙන්ම කුසලානය ගන්නවා.. අනික ලංකාවෙ තිබෙන අවසන් තරග නිසා අපි කොහොමත් කුසලානය ගන්නවා.. ඔබ සැමට ජය වේවා.. මම ලංකාවට ආදරෙයි..!(නු)

:       0       0

ජෙරොමි Friday, 05 October 2012 10:11 AM

‍එල කොල්ලෝ ටිකක් , අනිවාර්‍යයෙන්ම ලංකාව කප් එක ගන්නවා. ජය වේවා (ස)

:       0       0

අරෝෂා Friday, 05 October 2012 10:11 AM

නියමයි ,ඒත් මාලිංගට මොකද උනේ කියලා දුකයි (ස)

:       0       0

මධු Friday, 05 October 2012 10:20 AM

මේ පාර කප් එක ගන්නේ අපි... සෙමි ෆයිනල් එකේ වගේ නැතුව හොඳින් පන්දු රැකලා ‍හොඳින් පහර දීලා කප් එක ගමු. ක්‍රිකට් ලෝකය දිනන්න අපේ විරුවන්ට හැකි වේවා..... (ස)

:       0       0

දිවංක Friday, 05 October 2012 10:32 AM

පකිස්තානේ ගැහුව එදා ඉන්දීයන්ස්ලට අපි ගැහුවා ඊයේ පාකිස්තාන්ලට ඕස්ට්‍රේලියා ගහයි ද බටහිර ඉන්දිය කොදෙව්ලට බටහිර ඉන්දිය කොදෙව් ගහයි ද ඕස්ට්‍රේලියාවට කාට කවුරු ගැහුවත් අපිට මොට අපි ගහනවා අනිද්දට... (ස) සිංහ පොතකයිනි ඔබට ජය!

:       0       0

ඩොනල්ඩ් හියුගෝ පෙර්රා Friday, 05 October 2012 05:33 PM

බොන්නට ක්‍රිකට් ලෝලින් හට ජය පාන නිගාගමු විසි-විසි ලෝ කුසලාන..!(නු)

:       0       0

නාරද Friday, 05 October 2012 10:33 AM

මේ පාරනම් කුසලානය අපට..!(නු)

:       0       0

මහේෂ් Friday, 05 October 2012 06:05 PM

නියමයි. අවසාන එකත් ඔහොමම යමු. (නි)

:       0       0

රියාස් Friday, 05 October 2012 11:01 AM

ජය ..ජය‍‍.....ජය නියමයි ශ්‍රී ලංකා (ස)

:       0       0

මොහොමඩ් නස්රීන් Friday, 05 October 2012 10:59 AM

සුභ පැතුම්. අවසන් තරගය දිනා ගැනීමට ලැබේවා..!(නු)

:       0       0

අශාන් Friday, 05 October 2012 06:39 PM

මගේ රටට මම ආදරෙයි.. අනිවාර්යයෙන්ම කුසලානය අපේ...!(නු)

:       0       0

රවී Friday, 05 October 2012 11:24 AM

ජය...ජය..ජය ශ්‍රී ලංකා (ස)

:       0       0

මලිනි Friday, 05 October 2012 11:19 AM

ලක් දෙරණට ජය නියතයි ,, අපේ සිංහයින්ට සුබ පතනවා (ස)

:       0       0

අනිල් Friday, 05 October 2012 11:24 AM

අපේ සිංහලයින්ට අවසන් තරගයේ ජය නියතයි. (නි)

:       0       0

චතුරංග සදරුවන් Friday, 05 October 2012 08:00 PM

ජයගන්නට මගේ සුභ පැතුම්.. මට හිතෙන්නේ ලහිරු තිරිමාන්න 4වන තැනට පන්දුවට පහරදීමට ආවොත් හොදයි කියලා.. පසුගිය තරගය පැරදුනානම් අපි දිල්ශාන්ටයි මාලිංගටයි බනින හැටි බලන්න තිබුණා.. එම තරගය හැරවුම් ලක්ෂය උනේ හෆීස් ගේ දැවී යාමයි.. රංගනගේ පන්දු යැවීම ඉතා හොදයි.. අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

ෂෙහාන් Friday, 05 October 2012 08:04 PM

පට්ට පට පට කප් එක නම් අපට බැටිං තරු පෙනෙන්නට බෝලිං පොලු ගැලවෙන්නට ජය පතන්නේ ලංකාවට..(නු)

:       0       0

රුක්ෂාන් Friday, 05 October 2012 08:09 PM

ඇස් වහක් කටවහක් නැහැ මේ පාර නම් ජය නියතයි..!(නු)

:       0       0

රුක්ෂාන් Friday, 05 October 2012 08:03 PM

අපේ රටට ජය නියතයි..!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 04 October 2012 10:49 PM

අවසන් තරඟයත් මේ වගේම ජය ගැනීමට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

රසිකා Thursday, 04 October 2012 10:43 PM

ජය වේවා අපේ සිංහ පැටවුන්ට! (නි)

:       0       0

නිරෝෂන් Friday, 05 October 2012 11:51 AM

උණුසුම් සුභ පැතුම්! අවසන් තරගයේදී නම් පන්දු රැකීම හොදට කරන්න ඕනෑ. (නි)

:       0       0

අරෝෂ් Thursday, 04 October 2012 10:52 PM

ජය අපිටයි ලංකාවේ! (නි)

:       0       0

සේනාධි Thursday, 04 October 2012 10:53 PM

ශ්‍රී ලංකා කොල්ලෝටික නියෙමෙට ක්‍රීඩා කරා, නායක මහේලගේ පරිණතබව අපි දැක්කා , අවසාන තරඟෙත් දිනන්න සුබ පතනවා සිංහ පැටවුනේ (ස)

:       0       0

ශාන් Friday, 05 October 2012 12:03 PM

අපේ අය මේ සැරේ කප් එක ගන්නවාමයි , ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

අනුර Thursday, 04 October 2012 10:47 PM

සුභ පැතුම් සිංහයිනි. (නි)

:       0       0

චන්දන Friday, 05 October 2012 12:03 PM

මෙදා පාර ඕස්ට්‍රේලියා සමග අවසන් තරගයේදී විශිෂ්ට ලෙස ජයගනු නියතයි (ස)

:       0       0

අමාලි Thursday, 04 October 2012 10:50 PM

අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් අවසාන මහා තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබන්න සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා (ස)

:       0       0

සරත් Thursday, 04 October 2012 10:59 PM

අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

නිමල් Thursday, 04 October 2012 11:00 PM

හොදයි හොදයි. (නි)

:       0       0

දිලන්ක Thursday, 04 October 2012 11:01 PM

සතුට දරාගන්න බැරුව මට වාතයකුත් ගියා. (නි)

:       0       0

ක්ලැරන්ස් Thursday, 04 October 2012 11:01 PM

අපි සිංහයින් බව ඔප්පු කර පෙන්විය යුතුයි. (නි)

:       0       0

අසින්ත Friday, 05 October 2012 12:17 PM

කුමාර, හැමදේම වෙන්නේ හොදටයි කියලා කතාක් තියෙනවානේ. ඒක නිසා අපි එහෙම හිතන්න පුරුදු වෙමු.. වැරදීම් කියන එක මේ වගේ පීඩනය වැඩි තරගවල සාමාන්‍ය දෙයක්. මාලිංග අපට තරග කීයක් නම් දිනවලා දීලා තියෙනවාද? ඒක නිසා අපි මාලිංගට බනින්න හොද නැහැ.. මොකද මාලිංග යවපු 47 සහ 49 ඕවර ලංකාවෙ ජයග්‍රහණයට ගොඩක් බලපෑවා කියලා මට හිතෙනවා.. දිල්ශානුත් එහෙම තමයි.. ඔහුත් රට වෙනුවෙන් ඔහුගේ විකට්ටුව ආරක්ෂාකරගෙන බොහොම ඉවසීමෙන් ක්‍රීඩා කළා. අපේ ලාංකික කණ්ඩායමේ සියළු දෙනාට මගේ සුභ පැතුම්.. කුසලානය ලංකාවට දිනාදීමට වාසනාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.. ඔවුන්ට දළදා සමිදු පිහිටයි.!(නු)

:       0       0

සුනිල් Thursday, 04 October 2012 11:03 PM

පපුව ගැහී ගැහී බලාගෙන හිටියේ. ජය වේවා! (නි)

:       0       0

සුනිල් Thursday, 04 October 2012 11:03 PM

පපුව ගැහී ගැහී බලාගෙන හිටියේ. අපේ කොල්ලෝ ටික කොහොම හරි වැඩේ දුන්නා. (නි)

:       0       0

ජනක Friday, 05 October 2012 12:14 PM

රිස්වාන්,ඕසන් සලාම්,රියාස්..මේ අප සියලු දෙනාගේම රටයි .අප සියලු දෙනා එකතුවී ඉරිදට ජය පැන් බොමු. (ස)

:       0       0

කෙල්වින් Thursday, 04 October 2012 11:06 PM

උණුසුම් සුබ පැතුම් , මේ පාර අවසන් තරඟේ දිනන්න සුබ පතනවා (ස)

:       0       0

නිලූක Thursday, 04 October 2012 11:17 PM

නියමයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

කුරේ නාවලගේ Thursday, 04 October 2012 11:33 PM

ඉදිරියට අපේ සිංහ පැටවු බටහිර ඉන්දීයන් සමග සටන් කරාවි. ජය වේවා! (නි)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 11:40 PM

අවසන් මහා තරඟයට කවුරු ආවත් කප් එක අපේ . මම කියන්නේ මට ලැබුණු දේව වර‍මින්..ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

සේනාධි Friday, 05 October 2012 12:43 PM

මහේලගේ නායකත්වය විශිෂ්ඨයි , අවසාන තරඟයත් ජයගන්න සිංහ පැටවුනට ශක්තිය ලැබේවා , නියමයි කොල්ලනේ (ස)

:       0       0

ජයන්ත Thursday, 04 October 2012 11:49 PM

ඊළග තරගයත් දිනමු. (නි)

:       0       0

නිශාන්ත Thursday, 04 October 2012 11:50 PM

හාද්දක් දෙන්න හිතෙනවා (ස)

:       0       0

තරිදු Friday, 05 October 2012 10:45 PM

මහේල, ඔයාගේ නායකත්වය නම් නියමයි. (නි)

:       0       0

ප්‍රබුද්ධ Thursday, 04 October 2012 11:58 PM

මම සුභ පතනවා අපේ කොල්ලන්ට, අවසන් තරගය දිනන්න​. (නි)

:       0       0

මොහොමඩ් Friday, 05 October 2012 12:02 AM

ඇත්තටම ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)

:       0       0

නලින් Friday, 05 October 2012 12:49 PM

මේ මැච් එක අපේ ටීම් එක පැරදුනා නම් පත්තර පිටු පුරොලා අපේ ටීම් එකට බනින්නේ....(ස)

:       0       0

නලින්ද Thursday, 04 October 2012 11:59 PM

මම ශ්‍රී ලංකාවට ආදරෙයි. (නි)

:       0       0

පාලි Friday, 05 October 2012 01:01 PM

ජයෙන් ජයම ලැබේවා .......සුබ පැතුම් (ස)

:       0       0

සුදේශ් Friday, 05 October 2012 01:01 PM

සමගිය බලය වේ (ස)

:       0       0

ලලිත් Friday, 05 October 2012 12:03 AM

මේ පාර නම් ජය නියතයි. (නි)

:       0       0

දිල්රුක් Friday, 05 October 2012 12:22 AM

සිංහ පුතුන්ට ජය වේවා! (නි)

:       0       0

අශාන් Friday, 05 October 2012 12:32 AM

ජය ජය වේ! (නි)

:       0       0

පහන් Friday, 05 October 2012 01:20 PM

ඉන්දියාව එලියටගිය එක අපි දින්න වගේ තමයි .එයාල හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ එයාගේ බුදලේ කියල, හැබයි ගංගුලි කිව්වා මෙතරම් පුංචි ලංකාව ගහන මේ ක්‍රිකට් විශිෂ්ඨයි කියල . (ස)

:       0       0

ශිවන්ත Friday, 05 October 2012 12:30 AM

අපේ සිංහයින්ට සුභ පැතුම්! (නි)

:       0       0

අතුල Friday, 05 October 2012 12:41 AM

බඩු මිළ වැඩිවෙයිද? (නි)

:       0       0

මොහොමඩ් Friday, 05 October 2012 01:30 PM

අපේ සිංහයින්ට සුභ පැතුම්! (නි)

:       0       0

අජිත් Friday, 05 October 2012 12:48 AM

ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

සේනානායක Friday, 05 October 2012 12:48 AM

මේ පාර කප් එක උස්සමු. (නි)

:       0       0

තත්සරණී Sunday, 07 October 2012 04:36 PM

අපේ සිංහ විරුවනේ ඔබලාගේ සිංහ සෙයියාව අපේ හදවතේ රිද්මයයි.. ඔබලාගේ සිංහ ගෝෂාව අපේ ජීවිතයයි.. ජයෙන් ජයම වේවා..!(නු)

:       0       0

අතපත්තු Friday, 05 October 2012 12:52 AM

සතුටු කදුලු වගුරන්න පුලුවන් තරගයක් නරඹන්න ලැබුණා. මහේල ඇතුලු කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 05 October 2012 01:39 PM

ජානක ඔයාට මාව අමතක උනාද? ඇත්තෙන්ම අපේ කණ්ඩායමට සුභ පතන්න මම ගොඩක් පරක්කු උනා. අපි පාන්දර වෙනකම්ම ජය පැන් බිව්වා..!(නු)

:       0       0

පහන් Friday, 05 October 2012 01:36 PM

සියලුම දේශපාලකයිනි, මැරෙනකම්ම ඡන්දය දෙන්නම්. අවසන් තරගය බලන්න ඛෙත්තාරාමෙට නම් යන්න එපා. කලින් ගිහිල්ල වෙච්ච දේ දැක්කනේ. (නි)

:       0       0

නිලන්ත Friday, 05 October 2012 01:37 PM

මහේල ඔයා නියමයි, ඔයා තමයි ලෝකේ විශිෂ්ඨම ක්‍රිකට් නායකයා (ස)

:       0       0

සිල්වා Friday, 05 October 2012 01:55 AM

ජය වේවා 20/20 කප් එක අපි‍ට (ස)

:       0       0

නිසංසලා Friday, 05 October 2012 01:46 PM

අපේ සිංහයන්ට සුභ පැතුම්! (නි)

:       0       0

රිචී Friday, 05 October 2012 01:56 AM

ජය වේවා ශ්‍රී ලංකා .............සුබ පැතුම් ලංකා (ස)

:       0       0

සම්පත් Friday, 05 October 2012 02:07 AM

ඇති යන්තම්. එක ගින්දරකින් මාව ‍බේරුණා. (නි)

:       0       0

නිමංක ඩුබායි Friday, 05 October 2012 01:55 PM

මාලිංගගේ පන්දු රැකිම සහ දිල්ශාන්ගේ පන්දුවට පහරදීම ගැන සතුටු වන්න බැහැ.. අවසන් තරගයේදී මේ අඩුපාඩු ඇතිවෙන්න දෙන්න එපා.. ජය වේවා..!(නු)

:       0       0

සරත් Friday, 05 October 2012 02:11 AM

අපිට තියෙනවා ශ්‍රේෂ්ඨ රටක් සහ දක්ෂ මිනිසුන්. නමුත් දේශපාලඥයින් මේ සියල්ල විනාශ කරනවා. (නි)

:       0       0

අමිල Friday, 05 October 2012 02:25 AM

නියමයි කොල්ලනේ මේකයි ශූරයින් වෙන්න අවස්ථාව (ස)

:       0       0

අසේල Friday, 05 October 2012 02:29 AM

නියමයි. කප් එක නිසැකවම අපිට. (නි)

:       0       0

සනත් Friday, 05 October 2012 02:35 AM

ජය වේවා (ස)

:       0       0

සම්පත් Friday, 05 October 2012 03:00 AM

නියමයි ශ්‍රී ලංකා කොල්ලනේ , අපිට ඔබලා ගැන ආඩම්බරයි, සුබ පැතුම් මගේ ආදරණීය සුබ පැතුම් (ස)

:       0       0

ජයී තිසර Friday, 05 October 2012 02:55 AM

එකසිය තිස් නමය දක්වා පිති පාර රැක්කා පන්දු පිටියේ අඟලක් නෑර හරි ලස්සනයි පෙන්වූ දස්කම් සූර කුසලානයත් ඔබ සැමටයි දැන් බාර ... (නි)

:       0       0

ලලිත් Friday, 05 October 2012 02:56 AM

අපි ලෝක ශුරයෝ වුණේ 1996දී විතරයි. ඊට පස්සේ අවස්ථා තුනක්ම අපි අවසන් මහ තරගය තෙක්ම අවා. මහේලගේ නායකත්ව ඉනිමකින් අපට යළි ලෝක ශුරයන් වීමට වාසනාව උදාවේවා! (නි)

:       0       0

සනත් Friday, 05 October 2012 06:51 AM

කවදත් අපි සිංහයෝ. ඔහොම යන් ශ්‍රී ලංකා! (නි)

:       0       0

සුනේත්‍රා Friday, 05 October 2012 06:57 AM

නියමයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

සුගන්දි Friday, 05 October 2012 02:33 PM

මගේ උණුසම් සුභ පැතුම් ලංකා කණ්ඩායමට තවතව ශක්තිය ලැබේවා ඔබලාට ජයෙන් ජය ලැබේවා තෙරුවන්සරණයි ....(ස)

:       0       0

චරිත් Friday, 05 October 2012 07:05 AM

නියමයි කොල්ලනේ. (නි)

:       0       0

ෆාතිමා Friday, 05 October 2012 07:29 AM

සුභ පැතුම්! ඉදිරියටම යන්න ශ්‍රී ලංකා! (නි)

:       0       0

ප්‍රියන්ගනී Friday, 05 October 2012 02:39 PM

අපේ සිංහයින්ට ජය වේවා !!!!!! (ස)

:       0       0

නස්රීන් Friday, 05 October 2012 08:14 AM

අපේ කොල්ලො දක්ෂයි, ජයවේවා (ස)

:       0       0

නලීන් Friday, 05 October 2012 08:23 AM

දිලන්ක සතුට දරාගන්න බැරුව මට වාතයකුත් ගියා. එහෙනම් වාත අමාරුවට බෙහෙත් ගන්න , නැත්නම් අවසාන් මහා තරඟය දවසට මොනව‍යින් මොනවා වෙයිද දන්නේ නෑ (ස)

:       0       0

සංජීව Friday, 05 October 2012 08:33 AM

ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 03:04 PM

ඉතාම අකර්මන්‍යශීලී තරඟයක් බැලුවේ (ස)

:       0       0

හර්ෂණ Friday, 05 October 2012 03:11 PM

ජය නියතයි ශ්‍රී ලංකා (ස)

:       0       0

මේනක Friday, 05 October 2012 08:46 AM

සුභ පැතුම්! ඉදිරියටම යන්න ශ්‍රී ලංකා! ජය වේවා (ස)

:       0       0

රන්දික Friday, 05 October 2012 03:15 PM

මගේ දිව හැපුනා සතුටට . මැහුමකුත් දාන්න උනා (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 08:55 AM

ජය අපිටයි ශ්‍රී ලංකා (ස)

:       0       0

නිර්මාල් Friday, 05 October 2012 08:56 AM

නියමයි , ඔහොමයන් (ස)

:       0       0

කුමාර Friday, 05 October 2012 09:02 AM

සුබ පැතුම් . ඒත් අවසාන තරඟෙදි මීට වඩා සැලකිලිමත් වෙන්න වෙයි .මාලිංගගේ පන්දු රැකීම ඉතාම දුර්වල උනා . දිල්ෂාන්ගේ පහරදීම් 20/20 ට ගැලපුනේ නෑ (ස)

:       0       0

ජයසිංහ Friday, 05 October 2012 09:01 AM

අවසන් තරඟය ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලාංකාව අතරයි (ස)

:       0       0

රන්මල් Friday, 05 October 2012 09:16 AM

සංගා ඔබ වීරයෙකි . අවසන් තරඟය දිනන්න සුබ පැතුම් අපේ කොල්ලනේ . (ස)

:       0       0

නිරාන් Friday, 05 October 2012 09:20 AM

ලාංකිකයා තමරම් දක්ෂ ‍අය වෙන කොහේවත් නෑ , මගේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

ගාමිණී Friday, 05 October 2012 03:38 PM

කපිල් දෙව් , සුනිල් ගවස්කාර් , අසරුදීන් , වගේම ගංගුලි නායකයන් වෙලා ඉන්න කාලේ අපි ඉන්දියානුවන්ට හරිම ආදරෙයි. හරිම සුහදයි. නමුත් දැන් ලංකාව අය කැමතිම නැහැ. එකටත් එක්ක ඉන්දියනුවොත් අපේ අයට කැමතියි . අපේ අය අගයනවා. මහේල අගයනවා. බලන්න නායකත්වයේ වෙනස.(ස)

:       0       0

මොහොමඩ් Friday, 05 October 2012 09:48 AM

මහේල මාලිංගට උපදෙස් දෙන්න මේ වගේ පන්දු රුකීමක් අවසන් තරගයට සුදුසු නැහැ.. අවසන් තරගය ජය වේවා..!(නු)

:       0       0

මතීස් Friday, 05 October 2012 03:59 PM

නියමයි ශ්‍රී ලංකා... ජය වේ ශ්‍රී ලංකා (ස)

:       0       0

මෙහොමඩ් Friday, 05 October 2012 10:01 AM

මහ ර‍ජ තුමණි, කරුණාකර නිල නිවසේ සිට අවසන් තරඟය ජය ගන්න‍‍‍ ....ඒක කෝකටත් ඇඟට ගුණයි (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Friday, 05 October 2012 10:05 AM

රංගන මේ අවස්ථාවේ නියම තේරීමක් ඔහුගේ වමත දග පන්දු යැවීම මේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල්වුණා ! ඉරිදාට අපි ජයපැන් බොමු....අපගේ ක්‍රීඩා විරුවන්ට අපගේ ප්‍රණාමය.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 707 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 896 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 485 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 282 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 313 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 585 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site