සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) දකුණු අප්‍රිකානු පිල 258 ක විශිෂ්ට ජයක් ලැබීය. ලකුණු 302 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ සියලූ පිතිකරුවෝ ඕවර 20.1 කදී ලකුණු 43 කට දැවී ගියහ. එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයවන අතර 1986 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ලකුණු 55 කට දැවී ගොස් තිබිණ. අන්තර්ජාතික එක්දින තරගයක කණ්ඩායමක් ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. ශ්‍රී ලංකා ඉනිමේ කෝසල කුලසේකර ලබාගත් ලකුණු 19 හැරුණු විට සෙසු සියලූ පිතිකරුවෝ ලකුණු 6 සීමාව පසු කිරීමට අසමත්වුහ.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවේදී අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යති
ධනුෂ හිරෝෂන් Thursday, 12 January 2012 01:51 PM
ක්‍රිකට් වලට දේශපාලනය ඇතුල් කළාම වෙන දේ මේක තමයි. ඉතිහාසයේ ඉදන්ම අපේ ක්‍රිකට් මෙහෙමයි. ක්‍රීඩකයන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. අපේ රටේ ක්‍රිකට් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ ඒ අය නිසයි
දිල්ෂාන් Thursday, 12 January 2012 01:45 PM
අපරාදෙ අපේ කාලය
කමල් Thursday, 12 January 2012 02:49 PM
මේ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිත් පහළ වේවා. බලධාරීන්ටත් එසේම වේවා!!
තරංග Thursday, 12 January 2012 02:54 PM
ඉස්සර හිටපු අයමද ඉන්නෙ කියල හිතෙනවා
රංජිත් Thursday, 12 January 2012 03:40 PM
දිල්ෂාන්ගේ වාසනාවයි දක්ෂ කමයි තමයි එක දිගට අපි පරාදෙවෙන්නෙ.
sulu Thursday, 12 January 2012 04:16 PM
අයියෝ. දිල්හාර විකට් එකේ හිටියනම්, අජන්ත මැන්ඩිස් තරගය දිනවනවා.
ගිහාන් Thursday, 12 January 2012 04:41 PM
තිලාන්ව එක්දින කණඩායමටත් ඇතුළත් කල යුතුයි
සුනිමල් Thursday, 12 January 2012 04:46 PM
තිලාන්ව එක් දින සංචිතයට දාන්න. බලධාරීන්ගේ වැරැද්ද.
සුනිමල් Thursday, 12 January 2012 04:53 PM
තිලාන්ව එක්දින තරගවලට දාන්න ඕනේ. බලධාරීන්ගේ වැරැද්ද
sri lanka Thursday, 12 January 2012 05:00 PM
වැඩට යන්ඩ බෑ ලජ්ජයි. ක්‍රීඩා කරන්න බැරිනම් එන්ඩ.
මනෝජ් Thursday, 12 January 2012 05:53 PM
ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්. ජයසූරියල කළුවිතාරණල අප්‍රිකාවට ගැහුව්වේ එලව එලවා. ආයේ ක්‍රිකට් කවද දකින්න ලැබෙයි ද?
ඒකනායක Thursday, 12 January 2012 05:57 PM
මෙන ප්‍රශ්න ආවත් රට ගැන හිතන්න
සුනිල් Thursday, 12 January 2012 07:36 AM
ක්‍රීඩා බලධාරීන් බොරු කතා නොකියා නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී තියෙන තත්ත්වය සොයා බලා පිළියම් යෙදිය යුතුයි වහාම
හේමන්ත Thursday, 12 January 2012 08:12 AM
ගියදේ ගියාවේ. ලබන එකේ අපි දෙමුකො බැටේ
පුලස්ති Thursday, 12 January 2012 09:13 AM
ලංකාවේ ක්‍රිකට් වලට ගිය කලක්. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා ගෙන්න ගමුද?
ශ්‍රීනාත් දයානන්ද Thursday, 12 January 2012 09:15 AM
ලැජ්ජයි. විලි ලැජ්ජයි
කුමාර Thursday, 12 January 2012 10:01 AM
අපි යන්ඩද
සම්පත් Thursday, 12 January 2012 10:08 AM
කණ්ඩායම හොද මානසික මට්ටමකින් නෙමෙයි ක්‍රීඩා කරන්නේ
දිසා Thursday, 12 January 2012 10:07 AM
සී.එස්.එන් එකේ මැච් පෙන්නන්න ගත්තු දවසෙ ඉදලා තමයි මෙහෙම පරදින්නෙ. මැච් පෙන්නන එක රූපවාහිනියටම දුන්නනම් හොඳයි නේද?
චාමර Friday, 20 January 2012 03:06 PM
අපි උත්සාහ කරමු ඊළග තරගයෙන් ජය ලබාගන්න ජය ශ්‍රී
ලසන්ත පෙරේරා Thursday, 12 January 2012 10:21 AM
දැන් ඉතින් කියයි කණ්ඩායමේ මානසික මට්ටම පහතට වැටිලා කියලා. දේශපාලන හේතු නිසා තමයි මෙහෙම වුණේ. ඒත් ජාත්‍යන්තර මට්ටමේ ටීම් එකක් හැටියට මෙහෙමත් ලැජ්ජා වෙනවද?
ෆන් බෝයි Thursday, 12 January 2012 10:23 AM
මම කියන්නෙ අපේ කණ්ඩායම අයින් කරලා අලුත් ක්‍රීඩකයන්ගෙන් ටීම් එකක් හදන්න කියලයි. නැත්නම් අපට මේ ප්‍රශ්ණෙට මුහුණ දෙන්න වෙනවා
කමල් Thursday, 12 January 2012 12:01 PM
ලංකාව වගේ කණ්ඩායමක් මෙහෙම පරදිනවා කියන්නේ පුදුම අපහාසයක් මවුබිමට. කවුරුත් රට ගැන හිතලා නෙමෙයි ක්‍රීඩා කරන්නේ
ක්‍රිෂාන්ත [ පුස්සැල්ලාව ] Thursday, 12 January 2012 12:00 PM
මුළු රටක් ම නියෝජනය කරන කණ්ඩායමක් මෙහෙම තරග කිරීම ඉතාම සොචනියියි....අපි අභිමානවත් ජාතියක්....ක්‍රීඩකයන් ද? රට ද ? අප දැන් තීරණය කල යුතුය....
අරුණ Thursday, 12 January 2012 12:14 PM
දැන්වත් නිසි බලධාරීන් පත් කරනු
ssss Thursday, 12 January 2012 12:14 PM
වැරැදි හදාගෙන ඉදිරියට යමු. හැමදාම දිනන්න බැහැ. පරාජයේදීත් ශ්‍රී ලංකා ජනතාව ඔවුන් සමග බව පෙන්විය යුතුයි
මේනා Thursday, 12 January 2012 12:37 PM
කවුරු කොහොම කිව්වත් අපි දැන් පරාද වෙලා ඉවරයි. ක්‍රිකට් කියන්නෙ මෙහෙම තමා. ගණන් ගන්න එපා. අනිත් තරගය හොදට සෙල්ලම් කරන්න කියලා අපි සුබ පතමු.
රොෂාන් Thursday, 12 January 2012 12:38 PM
අමතක කරන්න එපා මේ ලෝක අනු ශුර කණ්ඩායම. හැකියාව නැති කම නෙවේ, මූලික හරියට නොකිරීම සහ උවමනාව නැති කම මේකට හේතුව. දැන් වත් තරුණ කණ්ඩායමක් දාල , මේක ඊලග ලෝක කුසලාන එකට වත් සැළසුම් කරන්න ඔනී
පුෂ්ප මධුශංක Thursday, 12 January 2012 01:07 PM
දේශපාලනේ ක්‍රීඩාවෙන් අහක් කරලා.... ක්‍රීඩකයන්ව මොන්ටිසෝරි යවලා කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනේ මෙලෝ රහක් නැ අඩුම තරමේ රට ගැන හිතලවත් සෙල්ලම් කරානම්
පුෂ්ප මධුශංක Thursday, 12 January 2012 01:00 PM
දේශපාලනේ ක්‍රීඩාවෙන් අහක් කරලා.... ක්‍රීඩකයන්ව මොන්ටිසෝරි යවලා කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනේ මෙලෝ රහක් නැ අඩුම තරමේ රට ගැන හිතලවත් සෙල්ලම් කරානම්
සමරසිංහ Thursday, 12 January 2012 01:01 PM
නොයෙක් අයගේ ඇඟිලි ගැසීම් ක්‍රිකට් විනාස කළා.
හාසික් Thursday, 12 January 2012 01:25 PM
මම හිතන්නේ දිල්ෂාන් ගේ නායකත්වය හරිම දුර්වලයි. අනිත් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් ඔහුට සහයෝගය දෙනවා අඩුයි, මන්දයත් ඔහු නායකත්වයට එතරම් සුදුස්සෙක් නොවෙයි. ඔහු ආරම්භක පිතිකරු තනතුර හරියට කරගෙන ගියානම් හරි නායකත්වය සංගක්කාරට හෝ මහේලට ලබා දීල. නැත්තම් අපේ ක්‍රිකට් විනාශයි. උපාලි ධර්මදාස වැඩ පටන් ගත්ත විතරනේ. ඔහුටත් දේශපාලනයටවත් දොස් කියන්න බෑ. කණ්ඩායමේ පුහුනුකරුටත් දොස් කියන්න බෑ. මේක කණ්ඩායමේ ප්‍රශ්නයක්. කණ්ඩායම් හැගීමක් නැතිකම තමයි මූලික ගැටලුව. දිනන වෙලාවට දිනයි කියල තමයි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දැන් බලන් ඉන්නේ.