IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවා ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබති

කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මුම්බායිහිදී අද (05) පැවැති දිවා/රාත‍්‍රි තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 138 කින් සත්කාරක ඉන්දීය පිල පරාජය කරමින් ඵෙතිහාසික ජයක් ලැබීය. ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.   

ලකුණු 283 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ප‍්‍රබල ඉන්දීය පිලට  ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි.
මෙම පරාජයත් සමග ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසිවිය. ‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ද, ‘බී’ කාණ්ඩයෙන් 

ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීය.
මෙම ලකුණු 282 ක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕනෑම රටකට එරෙහිව ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශ්‍රී ලංකා පිල 2011 වසරේ අපේ‍්‍රල් මස 28 වැනිදා අයර්ලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 251 මීට පෙර ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකාරියන් සිවුදෙනකු අර්ධ ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.

ඒෂානි ලොකුසූරිය නැවතත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැුස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වූවාය.  

ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය. ශ්‍රී ලංකා ඉහළතම බලාපොරොත්තුව වූ ආරම්භක පිතිකාරී චමරි අතපත්තු (04) පළමු පන්දුවට ගැසූ අලංකාර හතරේ පහරේ උණුසුම මැකී යන්නටත් පෙර පස්වැනි පන්දුවේදී දැවීගියාය.

පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලබමින් දීපිකා රසාංගිකා සහ යශෝධා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 117 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් වූහ. යශෝධා මෙන්ඩිස් පන්දු 80 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ලබාසිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූවාය.

දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84 ක් රැුස්කිරීමට සමත් වූවාය. දීපිකා රසාංගිකා සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 59 ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියාය.
ශ්‍

රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ජයග‍්‍රහණයෙන් පසුව පැවසුවේ දීපිකා රසාංගිකා අංක තුන ස්ථානයේ පන්දුවට පහරදීමට කණ්ඩායම් කළමණාකාරිත්වය ගත් තීරණය පළදැරූ බවයි.

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 5 ට 282 (යශෝධා මෙන්ඩිස් 55, දීපිකා රසාංගිකා 84, ශෂිකලා සිරිවර්ධන 59, ඒෂානි ලොකුසූරිය නොදැවී 56, ජුලාන් ගොස්වාමි 63/3)    

ඉන්දීය කාන්තා පිල  ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 144 (තිරුෂ් කාමිනි 22, මිතාලි රාජ් 20, රීමා මල්හෝත‍්‍රා 38, ජුලාන් ගොස්වාමි 22, චමනි සෙනෙවිරත්න 10/2, ශෂිකලා සිරිවර්ධන 20/2)

ඡායාරූප - අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වෙබ් අඩවිය අනුග‍්‍රහයෙන්



අදහස් (0)

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවා ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබති

මාතර ආතර Wednesday, 06 February 2013 11:21 AM

'කාන්තා අර්ජුන' කෙනෙක් බිහිවුන ලෙස, 'කාන්තා මුරලි' කෙනෙක් බිහි වෙවාය කියා පතමි (ස)

:       0       0

ලක්මාලි Tuesday, 05 February 2013 10:32 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සුභාෂිනී Wednesday, 06 February 2013 11:31 AM

මේ ක්‍රීඩිකාවන්ගේ සටන්කාමිත්වය හා එකමුතුකම ආදර්ශයක්. කියන්න වචන නැහැ. ඉතරු ටිකත් හොදින් ක්‍රීඩා කරන්න.(නදී)

:       0       0

රුක්ෂාන් Tuesday, 05 February 2013 11:08 PM

සුභ පැතුම් කෙල්ලනේ! (නි)

:       0       0

ධම්මිකා Tuesday, 05 February 2013 11:12 PM

හරිම සතුටුයි, ආඩම්බරයි අපේ ළමයි ටික ගැන. සුභ පැතුම් තරඟාවලියේ ඉදිරියටම යන්න! (නි)

:       0       0

නොයෙල් Tuesday, 05 February 2013 11:24 PM

ඔය රිදම් එකෙන්ම ඉස්සරහට යන්න. (නි)

:       0       0

නිහාල් Tuesday, 05 February 2013 11:29 PM

අපේ කෙලේලෝ කප් එක දිනුවොත් කොල්ලෝ ඉවරයි. (ත)

:       0       0

අනුර Wednesday, 06 February 2013 05:31 PM

හොදයි, හොදයි.(නදී)

:       0       0

සමන් Tuesday, 05 February 2013 11:58 PM

අවංක උණුසුම් සුබපැතුම්. ජයෙන් ජය. (ත)

:       0       0

තිලකගේ Wednesday, 06 February 2013 12:29 AM

පිරිමින්ගේ උසුළු විසුළු මැද හුදකලා සටනකින් කළ මේ දේ විශිෂ්ටයි. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 February 2013 12:36 AM

කුසලානය නැතත් කමක් නැහැ. ඉන්දියාවට ගහපු එක නම් නියමයි. (නි)

:       0       0

අනුර Wednesday, 06 February 2013 12:37 AM

කෙල්ලනේ, අවංකවම අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

චින්තා Wednesday, 06 February 2013 12:05 PM

පහුගිය දවස්වල කාන්තා ක්‍රිකට් බලලා එපා වෙලයි තිබුනේ. මෙහෙම ගියොත් දිනුම අතේ.(නදී)

:       0       0

සුරංජිත් Wednesday, 06 February 2013 12:48 AM

සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම ගැහැණියක් සිටී. (නි)

:       0       0

රාජ් කුමාර Wednesday, 06 February 2013 12:43 PM

මුස්ලිම් ජාතික යුවතියන්ටත් ක්‍රීඩා කරන්න ඉඩ දෙනවානම් ඔවුනුත් අපේ රට නියෝජනය කරාවි (ස) (ස)

:       0       0

අනුර Wednesday, 06 February 2013 12:55 PM

ඔබ සියලු දෙනාට අපේ ගෞරවය (දී)

:       0       0

ගයානි වෙදගේ Wednesday, 06 February 2013 06:34 PM

මගේ ප්‍රියතම සහ කරන එකම ක්‍රිඩාව ක්‍රිකට්. අපේ කෙල්ලො ටික මෙවර අනිවාර්යෙන් කප් එක ගේනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 03:47 AM

අපිට මේ කණ්ඩායම අපේ පිරිමි තරග වලටත් යවන්න බැරිද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 06 February 2013 04:00 AM

මගෙන් සුභ පැතුම්.(නදී)

:       0       0

ජයී තිසර Wednesday, 06 February 2013 04:03 AM

සමගිය බලය වේ. මගේ සුභ පැතුම්‍. මෙන්න ක‍්‍රිකට්! චමරී ඉක්මනින් දැවීගියත් අනිත් අය ඒ පාඩුව මකා තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියා. (නි)

:       0       0

මාතර ආතර Wednesday, 06 February 2013 04:56 AM

සුභ පැතුම්! අපේ ප්‍රභෝධනී කෙල්ලගේ ඉන් ස්වින්ග් පන්දුවෙන් හොඳට පන්දුවට නෙලමින් හිටි රාජ් බැමිනිව දවා ගැනීමත්, අපේ විකට් රකින කෙල්ල, ස්ලිප් ඉන්න තැනට ආපු වේග උඩ පන්දුව, හරහට උඩ පැනලා අල්ලපු හැටිත්, අපේ කවුශල්‍යා කෙල්ලගේගේ පන්දු 30 ට 6 පහරවල් 3ක් සමග නෙලපු 50 හැටිත්, නායකයා ඇතුළු අනිත් කෙල්ලෝ දෙන්නගේ 50ත් අපුරුයි. (නි)

:       0       0

තිස්ස උඩුවන Wednesday, 06 February 2013 06:01 AM

දියණියනි, තෙරුවන් සරණින් දිගු ගමණකට ශක්තිය ලැබේවා. (ත)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 06:28 AM

අපේ කෙල්ලො ටික අපේ කොල්ලන්ට දීලා තියෙන්නේ මාර අභියෝගයක්. (නි)

:       0       0

ජයන්ත Wednesday, 06 February 2013 06:47 AM

ගේන්න.. ගේන්න.. කප් එක ගේන්න. (ත)

:       0       0

අංජන Wednesday, 06 February 2013 06:54 AM

කප‍් එක ගන්න වාසනාව ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අංජන කේ Wednesday, 06 February 2013 06:54 AM

කප් එක ගන්න ශක්තිය වාසනාව ලැබේවා. (ත)

:       0       0

සනිජා Tuesday, 05 February 2013 07:18 PM

කෞශල්‍යා හරියට අපේ අරවින්දගේ නංගි වගෙයිනේ. කුසලානය කොහොමහරි ගේන්න. (නි)

:       0       0

අනුලා Wednesday, 06 February 2013 01:42 PM

ඔබ සැමට සුබ පැතුම් (දී)

:       0       0

සමන් Tuesday, 05 February 2013 07:24 PM

ඔබට සුබපැතුම්. (ත)

:       0       0

සංගීත් Wednesday, 06 February 2013 07:55 AM

අපිට ඔබලා ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ලක්මාලි Wednesday, 06 February 2013 07:54 PM

අපේ රටට ලෝක කුසලානය ගෙනඒමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඔබ සියලු දෙනාටම එකසේ ලැබේවා! (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 06 February 2013 01:44 PM

ජය වේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 08:03 AM

ආඩම්බරයි අප්පා අවංකවම ආඩම්බරයි ...ඔහොම යන් ....(ස)

:       0       0

පහන් Tuesday, 05 February 2013 07:35 PM

නියමා..යි. මේක නම් අපි දිනනවා. කප් එක ගේන්න කොහොමහරි සොයුරියනේ. (නි)

:       0       0

උදය Wednesday, 06 February 2013 08:42 AM

ඔබලාට ජය වේවා !! (ස)

:       0       0

චම්පික Wednesday, 06 February 2013 08:55 AM

මැච් එක බලන්න ජනාධිපතිතුමාත් යන්න එපායැ.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 February 2013 09:07 AM

ඕපන් ගැන්ග්නම් ස්ටයිල්. අපේ අක්කලාට ජයෙන් ජය.(නදී)

:       0       0

විමුක්ති Tuesday, 05 February 2013 08:27 PM

මේක නම් ඇත්තටම අගය කළ යුතුයි. ඉන්දියාව පරාජය කරන්න අපේ පිරිමි කට්ටියට අමාරුයි.(නදී)

:       0       0

චමී Wednesday, 06 February 2013 02:35 PM

ලංකාවේ කෙල්ලන්ට ජය වේවා ! (ස)

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 09:41 AM

නියමයි.(නදී)

:       0       0

ලාරා Wednesday, 06 February 2013 02:39 PM

කාන්තා ක්‍රිකට් මැච් බලද්දි හිත එහේ මෙහේ යනවා. එක දිගට බලන්න බෑ (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 09:09 PM

අම්මට සිරි අපේ කෙල්ලො ටිකට ගිය කල. දැන්නම් හොදටම පෝම් වෙලා වගේ. මට නම් පේන්නේ මේ පාර නම් කුසලානය අරගෙනම තමයි එන්නේ.(නදී)

:       0       0

ෂෙල්ටන් Wednesday, 06 February 2013 09:57 AM

අපේ සොයුරියනි, හරිම සතුටුයි. උණුසුම් සුබ පැතුම්. ඉදිරි මැච් වලටත් ශක්තිය හා ධෛර්‍යය (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 09:11 PM

දැන්නම් මැච් එක දිනුමි වගේ. මම පන්දුවෙන් පන්දුවට මැචි එක බලාගෙන ඉන්නේ. අපේ කෙල්ලෝ ටිකට සුභ අනාගතයක්.(නදී)

:       0       0

ජයසිංහ Wednesday, 06 February 2013 09:57 AM

නියමයි(ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 09:12 PM

හුරේ!, හුරේ! අපේ කෙල්ලො එහෙනම් ඉන්දියාවට දුන්න බැටේ. ඔන්න ඔහොම ලමයිනේ ඉන්න ඕනේ. අපිට තොචිචර ආඩමිබරද ඔයාලගේ වැඩ ගැන.(නදී)

:       0       0

ශාන්ත Tuesday, 05 February 2013 09:12 PM

මේ දවස් වල අපේ බිරියත් ගෙදර වැඩක් කරන්නෙම නැහැ. (නි)

:       0       0

තේනුවර Wednesday, 06 February 2013 10:16 AM

ඇත්තටම ඔය මැච් එක මමත් බැළුවා. අපේ කෙල්ලො ටික හොදට සෙල්ලම් කලා. මගෙන් සුභ පැතුම්.(නදී)

:       0       0

නිමන්ත Tuesday, 05 February 2013 09:36 PM

ඇත්තටම මේ ඉශානි කෞශල්‍යා දැරිවි අපේ පිරිමි කාණ්ඩායමටත් හොඳයි වගේ. (ත)

:       0       0

නිත්‍යා Wednesday, 06 February 2013 10:23 AM

ජය වේවා සහෝදරියනි (ස)

:       0       0

පෙරේරා Wednesday, 06 February 2013 10:29 AM

ඔබ සැමට සුබ පැතුම් (ස)

:       0       0

කුරැවිට Tuesday, 05 February 2013 09:55 PM

ලංකා පුතුන්ට කරන්න බැරි දේවල් අපේ වීර දරුවන් කලා. ඉතාම ආඩම්බරයි.(නදී)

:       0       0

චිත්‍රා Wednesday, 06 February 2013 10:38 AM

මුලු හදින්ම සුභපැතුම් අපේ ‍දයාබර ලක් දියණිවරුන්ට - (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1350 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2082 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 415 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site